ඉන්දියාවේ සුවිශේෂතම විශේෂ බලකාය (B.S.F) සත් සමුදුර ඔවුන් ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්ගේ සුවිශේෂතම විශේෂ බලකාය ලෙසද හදුන්වයි. පැය 24 පුරා වසරේ සියළු දිනකම සේවයේ නියුතු ඔවුන් දහඩිය වගුරුවන කාන්තාර දේශසීමාවේද, ශීතලෙන් හිරිගඬු පිපෙනා කාශ්මීරයේ අසීරු කඳුමතද සේවය කරති. තවත් අය වඟුරු බිම් වල සිය දේශයේ සීමාව ආරක්ෂා කරති. තවත් පිරිසක් මැසිමදුරුවන්, සර්පයන් සහ වෙනත් බියකරු සතුන් ගහණ වනන්තර තුලින් විහිදෙන දේශසීමාව රකිති. තවත් අය මුහුදු සීමාව රකිති. මෙම ...
19 - Cricket Bat, Cricket Ball මෙන්ම Pool Tables සහ Billiard Tables හැදෙන්නේ මෙහෙමයි... සත් සමුදුර වෙනදා වගේම තවත් දිග ලිපියක් ලියන අතරතුර ඔබ වඩාත් ප්‍රියකරන Cricket ක්‍රීඩාවේදී භාවිතයට ගැනෙන ක්‍රිකට් පිති සහ බෝල වගේම ඉහල සමාජයේ අය ගෘහස්ථව ක්‍රීඩා කරන පූල් සහ බිලියඩ් ක්‍රීඩාවට යොදා ගන්නා මේස හදන්නේ කොහොමදැයි සියැසින්ම දැකගනිමු. මේ ක්‍රිකට් බෝලය හදන විදිය තවත් වීඩියෝවකින් Pool Tables සහ Billiard Tables ...
18 - දම්වැල්, නයිලෝන් කඹ, ස්ප්‍රින්ග්, බෝල්ට් ඇන, කාන්දම්... සත් සමුදුර මේ මාතෘකාවේ කියා තිබෙන දේවල් විවිද කාර්යයන් සදහා අවශ්‍ය වෙනවා. අපි මේවා භාවිතා කළාට හදන්නේ කොහොමද කියන එක කවදාවත් හිතුවේ නැති නිසා දැන් ඒවා හදන හැටිත් දැන සිටිමු... ...
පළමු ලෝක යුද්ධයේ නාවුක සටන් සහ වර්ඩන් යුද ගැටුම්... සත් සමුදුර කලක පටන් යුරෝපය පුරා කැකැරී කැකැරී පැවති බල අරගලය, අධිරාජ්‍යය විශාල කරගැනීමේ උවමණාව වැනි කාරණා නිසා යුද බලය එකිනෙකාට හොරෙන් හෝ එළිපිටම වර්ධනය කර ගනිමින් පැවතුනා. බ්‍රිතාන්‍ය සිය පළමු Dreadnought කාණ්ඩයේ පළමු යුද නෞකාව වු HMS Dreadnought නෞකාව 1906 දී දියත් කළ කාලයේ පටන් ජර්මනියද නාවුක යුද බලය වර්ධනය කර ගනිමින් පැවතුනා. කෙසේවෙතත් යුද්ධයේ මුල් කාලයේ ගොඩබිම මිස මුහුදේ යුද ගැටුම් සිදු ...
17 - සුද්දෝ ලණු පාපිසි හදන්නේ මෙහෙමයි. ඒ එක්කම ගිනිකූරු, සෙලෝටේප්, බැට්රි කෑලි යනාදිය සහ තවත් දේවල් ගැනත්... සත් සමුදුර පළමු ලෝක යුද්ධය ගැන ඊලඟ ලිපිය ලියන අතරතුර කුඩා ලිපියක් ගෙන එන්නට සිතුනා නිපැයුම් කිහිපයක් පිළිබදව. මේ නිපයුම් එදිනෙදා ජීවිතයේදී අපට නිරතුරුවම අත්‍යවශ්‍ය වෙන දේවල්. අපි කවදාවත් හිතුවද සුද්දෝ කොහු ලණු වලින් පාපිසි හදාවි කියලා. ඔව් සුද්දෝ නිකම්ම නොවෙයි මහා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන පාපිසි හදනවා. ඒ විතරක්ද ගිනි දල්වන්න ඕන ගිනිකූරු යන්ත්‍ර සූත්‍ර ආධාර කරගෙන නිපදවූවත් ටිකක් හිතලා ...
16 - හවසට සූර් වෙන්න ඕන කරන අරක්කු, බියර්, විස්කි. රම්. චැම්පේන්, ටැකීලා, වයින් සහ සකේ යනාදී ඔක්කොම ගැන උදෙන්ම සංඛ්‍යාලේඛණද සමග... සත් සමුදුර මේ ඔක්කොම මධ්‍යසාර ලෙස සැලකෙන පානයන්. අමද්‍යප සංවිධානවල කටයුතු කරන අයනම් සමහර විට විරුද්ධ වේවිද කියලත් හිතෙනවා මේ වගේ ලිපියක් දැම්මටත්. කමක් නැහැ නොබොන කෙනෙක් වුනත් මේ "ගිනි වතුර" හදන විදිය ගැන දැන ගන්න අකමැති නැතුව ඇතියි කියා හිතෙනවා. අපි කොච්චර ආගමික වශයෙන් හෝ ආකල්පය වශයෙන් මත්පැන් ගැන අකමැත්ත පළ කළත් රෝම කාලය තරම් ඈත, සමහර විට ඊටත් කලින් ඉදන් ...
වැසිකිලි ගැන සැඟවුන කතා (The Toilet An unspoken History) සත් සමුදුර වැසිකිලි ගැන කතාවෙන්නේ අඩුවෙනි. නූතන ශිෂ්ඨාචාර ගත සමාජය ශරීර කෘත්‍යය විෂය අතිශයින්ම පෞද්ගලික කාරණයක් ලෙස සලකන අතර ශිෂ්ඨාචාර ගත වූ මිනිසුන් වුවද ඉන්දියාව, බංග්ලාදේශය වැනි අපේ අසල්වැසි රටවල සමහර දූගී ජනයාට තවමත් එය පෞද්ගලික කාරණයක් ලෙස සලකන්නට නොහැකිව ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන වශයෙන්ම දූගී භාවයයි. සෞඛ්යාරක්ෂිත ජල මුද්‍රිත වැසිකිලි භාවිතය නොමැතිවීම අවට පරිසරය දුෂිත වීම මෙන්ම ලෙඩරෝග පැතිරීමටද හේතුවකි. ...
15 - අැතැම් කාල වලදී කුණු වී අහක දමන ලූණු මේ ආකාරයට ප්‍රයෝජනයට ගන්නට ලංකාවෙත් මෙවැනි කර්මාන්ත ශාලාවක් ඇත්නම් කොතරම් අගනේද? එසේම හිතහොදින් කිරි දෙන එළදෙනුන්, හතු පිළිබදව මෙන්ම බිත්තර පිළිබදවත්. සත් සමුදුර ඔබත්, මම වගේම ඇතැම් අවස්ථාවල ලූණු අතිරික්තයක් හෝ සුදුසු මිලක් නොමැතිකමින් නිස්කාරණේ කුණු වී යාමට අහක දමනවා දැකලා ඇති. දඹුල්ල වැනි ආර්ථික මධ්‍යස්ථාන වල මෙන්ම ගොවීන් පවා බොහෝ දුක් මහන්සි වී, ණය වී වගා කරනා ලූණු මේ ආකාරයේ විවිද කාරණා නිසා අහක දමන්න සිදුවීම ඉතා කණගාටුදායකයි. එහෙත් පෞද්ගලික හෝ රාජ්‍ය අංශය මැදිහත්වීමෙන් මෙවැනි කර්මාන්ත ශාලායක් බිහිකරන්නට හැකිනම් නිකරුණේ ඉවතලණ ලූණු ...
14 - උදෙන්ම ඕන කරන සබන් සහ ශරීර කෘත්‍යයට ඇවැසි දෑ සත් සමුදුර අද උදෙන්ම පළ කරන්නේ අපි උදේ අවදිවුනාට පස්සේ අත්‍යාවශ්‍යම වන දෑ කිහිපයක් පිළිබදවයි. සුවඳ සබන් අත්‍යාවශ්‍යමයි. පෞද්ගලිකත්වය සෑම අතින්ම තිබිය යුතු ශරීර කෘත්‍යය පිළිබදව කතා කිරීමට අපි අකමැතිවුනත් ඊට ආධාරවන මෙවලම්, උපකරණ පිළිබදව දැන සිටීම ලැජ්ජා හිතෙන දෙයක් නොවේවි. සබන් ටොයිලට් කොල ඒ එක්කම Face Tissue හදන විදියත් බලමු Toilet Bowl හදන විදිය එක එක විදියට අඩුවෙන් කතා කරන දෙයක් ...
ගතවූ වසර කිහිපයේම වසරේ හොදම Uninstall මෘදුකාංගය ලෙස තේරුනේ මෙම මෘදුකාංගයයි... සත් සමුදුර මේ කියන්නට යන මෘදුකංගය තමයි වසර කිහිපයක්ම වසරේ හොදම මෘදුකාංගය ලෙස තේරුනේ. විවිද සඟරා සහ මෘදුකාංග පිළිබදව සන්සන්දනයන් කරනා සමාගම් විසින් පැවැත්වූ සමීක්ෂන් පර්යේෂන ආදියෙන් පසුව තමයි එය පවසා තිබුනේ. කෙසේනමුත් මෙම සඟරා හෝ ආයතන විසින් කියු පමණින් අපගේ භාවිතයන්ට අංක එක දිනුවත් ඇතැම් මෘදුකාංග කියන තරම් හරියන්නේ නැති අවස්ථා තිබෙනවා. මමත් ප්‍රායෝගිකව එවැනි අවස්ථාවන්ට මුහුණදීලත් තිබෙනවා. කොහොමනමුත් ...
13 - වාහනයේ රේඩියේටරය, එයාර් ෆිල්ටරය, හැලජන් හෙඩ් ලයිට් සමග ඔයිල් ෆිල්ටර් තනන්නේ මෙහෙමයි... සත් සමුදුර වාහන භාවිතා කරන අයට නම් මෙම ලිපියෙන් තමන්ගේ වාහනයේ ඇති රේඩියේටරය, යම් කාල සීමාවකට පසුව ඉවත් කර අළුතින් යොදන එයාර් ෆිල්ටරය හදන්නේ කොහොමද කියලා දැනගනීවි. මේ ඔයිල් ෆිල්ටර් වෙළඳ නාමය ගැන නම් මොනවත් දන්නේ නැහැ. හැබැයි මේ විඩියෝවේ තිබෙනවා ඔයිල් ෆිල්ටරයක් කොහොමද ක්‍රියාකරන්නේ කියන එක වගේම හොද ෆිල්ටරයක ගුණාංග. මේ වීඩියෝවෙත් අපි නොදන්නා දේවල් කිහිපයක්ම තිබෙනවා එයාර් ෆිල්ටර් ...
සතුට නොව කම්පනය ඇති කළ අශ්වයන්, බල්ලන්, පූසන්, එළදෙනුන් අතර සිදු වී ඇති විවාහයන් කිහිපයක් පිළිබදවයි (Shocking Human - Animal Relationships) සත් සමුදුර විවාහය කියන්නේ කෙනෙකුගේ දෙවැනි උපතයයි කතාවක් තිබේ. තවත් අතකින් ජීවිතාන්තය දක්වා හිරගෙදරට නියම වූවා යැයිද කෙනෙකුට කිව හැකිය. අළුතින් නෑසබඳකම් ඇතිවන හෝ ඇතැම්විට තිබෙන නෑදැකම්පවා ඇතිවීමට විවාහය හේතුවිය හැකිය. විවාහය පිළිබදව ඕනෑතරම් කාරණා කිවහැකිය. මේ ලිපිය ලියන්නට හේතුවූයේ විවාහය පිළිදව විවිද කතාකියන්නට නොව. ඇතැම් පිරිමි හෝ ගැහැණුන්, ගැහැණියක හෝ පිරිමියක කසාද බැදීමක් නොව සතුන් කසාද බැඳි අවස්ථාද ...
12 - දත් බෙහෙත්, දත්බුරුසු සහ මදුරු දඟර සත් සමුදුර එකිනෙකට සම්බන්ධ වගේම සම්බන්ධයක් නොවන දෙයක් නිෂ්පාදනයත් අද දවසේ පළමු ලිපියෙන් ගෙන එන්නටයි සූදානම. දන්ත වෛද්‍යවරුන්ට අනුව සෑම ප්‍රධාන කෑම වේලකට පසුවම දත් මැදීම තමයි සෞඛ්‍යමත් දත් පෙලක් පවත්වාගෙන යාටම නිර්දේශ කර තිබෙන්නේ. කොහොම වුනත් කාර්යය බහුල බවත් එක්ක දවල් කෑමෙන් පසුව දත් මදින්නට නොහැකිවුනත් අඩුම තරමින් උදේ සහ රාත්‍රී නින්දට යාමට පෙර දවසට දෙවරක් වශයෙන් දත් මැදීම කළ යුතුයි. ...
දෘඩ තැටියේ අස්ථාන ගතවූ ගොනු නැවත ස්ථාපනයට Recuva,;; සත් සමුදුර ගොඩක් කාලෙකට පස්සේ පරිගණක සම්බන්ධයෙනුත් කුඩා ලිපියක් ලියන්නට සිතුනා. අද මේ කියන්න යන්නේ Hard Disk එකේ කුමක් හෝ හේතුවක් නිසා අස්ථානගතවූ File නැවත Recovery කර ගන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි. මාතෘකාවේ තියෙන හැටියටම මේ මෘදුකාංගයේ නම Recuva. මෙන්න මේ අඩවිය තමයි ඔවුන්ගේ නිල වෙබ් අඩවිය. එහිදී අවශ්‍ය නම් නොමිලේ ලබා දෙන පිටපත ලබා ගැනීමට හෝ වඩාත් පහසුකම් තිබෙන Pro සංස්කරණයට මිලට ...
11 - ස්මාර්ට් ෆෝන් නොවන මොබයිල් ෆෝන් ගැන වගේම SD Card හදන කර්මාන්ත ශාලාවක් රෝහලකටත් වඩා සිය ගුණයකින් පිරිසිදු බව දැන සිටියාද? සත් සමුදුර මොබයිල් ෆෝන් ගැන විස්තර අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඒත් ඒවා හදන හැටි ගැන දැන සිටියාට පාඩුවක් නැහැ. අපි ලේසියට ඉලක්කම් ඔබ ඔබ කතා කළත් එය නිපදවීමේදී පසුකරන්නට තිබෙන කඩයිම් මෙහිදි දැකීමට පුළුවන්. ඒ වගේම විවිද දත්තයන් ගබඩා කර තබා ගන්නා SD Card නිෂ්පාදනය ඉතා සියුම්ව කළ යුතු කාර්යයක්. External Hard Disk හදන හැටිත් මේ එක්කම බලමු. අද පළ කළ අනෙකුත් ලිපි ...
මේ පින්තූර ඔබට කම්පනය, ත්‍රාසය, කුතුහලය, සහ ශෝකය මෙන්ම සතුටද ගෙනදෙනු ඇතැයි සිතමි... සත් සමුදුර කාලෙකට පස්සේ කැමතිම තේමාවක් වන කතාකරන රූප ටිකක් ගෙන එන්නට සිතුනා. මේ හාදයෝ සතුටින් ඉන්නේ වෙන මොකටවත් නෙමෙයි වසර ගණනක් ජපාන හමුදා අත්අඩංගුවේ සිට නිදහස ලබපුනිසයි. දෙවන ලෝක යුද සමයේදී සිංගප්පූරුවේ ජපාන හමුදා ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ මෙම ඕස්ට්‍රේලියානු සෙබළුන්ට උණු තේ කෝප්පයක් සමග පත්තරේ කියවමින් සැහැල්ලුවෙන් ඉන්නට ලැබීම දිව්‍යලෝකේ ගියා හා සමාන වෙන්නට ඇති. ළමයින් කියන්නේ හිස් කොලයක් ...
10 - ගෙදර ඉබ්බා හදන්නේ මෙහෙමයි... සත් සමුදුර ඊලඟ ලිපිය ලියමින් සිටින්නේ. හිතන විදියට තව පැයක් අතරතුර වගේ ඒ ලිපියත් මෙහි පළ කරන්නට පුළුවන් වේවි. එතකන් ගෙදර දොරට දාන ඉබ්බා හදන විදිය බලල සිටිමු. මේ ඉබ්බා හදන්න මෙතරම් වෙහෙසක් දරනවා කියලා කවදාවත් හිතුවේ නැහැ. ...
විසිවන සියවසේ ගිනි අවිය හෙවත් AK-47 සත් සමුදුර මේ ලිපිය මේ මොහොතේ ලියන්නට සිටි එකක් නෙමෙයි. ඒත් විචාරකගේ අසමි දකිමි සොයමි බ්ලොග් අඩවියේ AK-47 ගිනි අවියේ ක්‍රියාකාරීත්වය හා එම අවිය පිළිබදව පවසා තිබූ කාරණා සමග මම දැන සිටි යම් යම් සුළු කාරණා කිහිපයක් කියන්නට සිතුනා. ලුතිනන් ජනරාල් මිකායිල් කලාෂ්නිකොව් නිපදවූ AK-47 අවිය හෝ එය ඇසුරු කරගෙන නිපදවූ අනුකාරක ප්‍රහාරක රයිෆල් අවි රටවල් රැසක හමුදාවන් සේම ත්‍රස්ථවාදී කණ්ඩායම්, විමුක්තිකාමී ...
09 - ඉවත දමන ප්ලාස්ටික් බෝතල් වලින් ඔබට කළ හැකි දේ සහ චීනයේ කරන දේවල්... සත් සමුදුර දැන් බොහෝවිට පැණි බීම අපට වෙළඳ පොලේදී ලැබෙන්නේ ප්ලාස්ටික් බෝතල් වල. ඒ විතරක් නෙමෙයි මෑතක සිට ගොඩක් දෙනෙක් ගෙදරින් වතුර බෝතලයක් රැගෙන එනවාට වඩා ප්‍රිය කරන්නේ විකුණන්න තිබෙන ප්ලාස්ටික් බෝතල් වල තිබෙන පානීය ජලය පානයට. හැබැයි මේ ප්ලාස්ටික් බෝතල් ක්‍රමක්‍රමයෙන් පාරිසරික ගැටළුවක් බවට පත්වෙමින් තිබෙනවා. ඇතැම් දෙනෙක් (සමහර වෙලාවට මෙය ලියන මම පවා) මේ බෝතල් නැවත නැවත පානීය ජලය අප විසින්ම ...
කොකාකෝලා, මෝටර් රථ සහ බේස් බෝල් ගැන මිස යුද්ධයක උවමනාවක් නොතිබූ ඇමරිකානුවන්.... සත් සමුදුර විසිවන සියවසේ මුල් කාලය වන විට අළුයට ගිනිමෙන් යුරෝපයේ විවිද රාජ්‍යයන්ගේ අර්බුද, බලලෝභීත්වය, අනෙකා පරයමින් තමන් මුදුනාවෙන්නට තිබූ ඕනෑකමක් යනාදී බළුපොරයට එක්වීමට ඇමරිකානුවන්ට නොතිබුනි. ඔවුන්ගේ ආර්ථිකය වේගයෙන් ශක්තිමත් වෙමින් අනුන්ගෙන් යැපීමෙ අවශ්‍යතාවයක් නොතිබූ අතර 1914 වන විට ජනගහනයද 100,000,000 සීමාව ඉක්මවා තිබුනි. ඇමරිකානුවන් 1914 දී කිසිවකුගේ පැත්තක් ගෙන නොසිටි අතර බහුතර ඇමරිකානුවන්ගේ ජීවිතයේ ...