ගුරුත්වාකර්ෂණය, පොළොවේ අරය පරිධිය සමඟ ශුක්‍රාණු. වෙද ගෙදර ඉතාමත් දිගු කලක් බ්ලොග් එක ලියන්න බැරිවුනා. ඒකට හේතු වුනේ පසුගිය මාසයේ සිට මට, විශ්ව විද්‍යාලයේ විශාල වැඩ කොටසක් නැවතත් කරන්න වෙන එක. ඒවා මඟ හරින්න බැරි විදියටම මගේ කරමත වැටුනා. මේ කාලයේදී බ්ලොග් මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් මා ගැන සොයා බැලුවා. ඒ හැමටම ස්තුතියි.අද මේ කාලෙකට පස්සේ මම වැදගත් දෙයක් ඔබ හා බෙදා ගන්න සූදානම් වෙන්නේ. ඔබ වැඩි දෙනෙක් ...
දුවේ ඔබ මගේ ප්‍රාණයයි. වෙද ගෙදර මේ ලිපිය ඔබට ලියන්නට මම වසර 11 වැඩි කාලයක් බලා සිටියෙමි. මගේ දියණිය, ඔබ නොදන්නා අමිහිරි අතීතයක තතු අද මා ඔබට පවසන්නම්. මේ ලිපිය මගේ මිතුරු මිතුරියන් හා බෙදාගත්තත්, දනිමි ඔබ මගේ "වෙදගෙදර" රසිකාවියක් බව. ඔබ මෙලොවට බිහි වූයේ ඔබේ මවත් මමත් නිසිකලට ඔබ වැනි අයෙක් අපට සිටියොත් යෙහෙකැයි සිතාගත් නිසාය. ඒ 1999 කාලයයි. එසේ ඔබ මෙලොවට ගෙනෙන්නට සිතා ඉතා ...
සිරිපා අඩවියේ ප්‍රවීණ විද්‍යා ආචාර්යවරියකගේ අත්දැකීමක් වෙද ගෙදර මෙම කතාව ඔබට එක සිතින් පිළිගන්න යැයි මම නො කියමි. මෙහි ඇත්තේ එසේ පිළිගත හැකි කතාවක් නොවේ. මෙම කතාවේ විශේෂය මෙයට මුහුණ දුන් පාත්‍ර වර්ගයා යි. ඇය ලංකාවේ ප්‍රකට විද්‍යා ආචාර්යවරියකි. සියල්ලේ ම විද්‍යාත්මක පදනම මැනවින් සොයන්නියකි. මනසේ ඒකාග්‍රතාව ඉතා හොඳින් පවත්වාගෙන යන බව ඇය හා නිතර ආගිය තොරතුරු, දේශපාලනය, ආගම, ආයුර්වේදය මෙන් ම නූතන විද්‍යාව පිළිබඳ සංවාදයේ යෙදෙන මම ...
කළු නික. වෙද ගෙදර මගේ කලින් ලිපි වලට ලැබුනු කමෙන්ට් වලින් මම ලිපි කීපයක් ලියනවා. ඒවා ඉවර වෙනකන් මේ ගැන හිතන්න................................ පසුගිය ලිපි කීපය නිසා අලුතෙන් ලියන්න හොඳ මාතෘකා කීපයක්ම ලැබුනා. මුලින්ම වෙනසකටත් එක්ක, ඒත් අපේ මිත්‍රයෙක් ඉල්ලා තිබූ නිසා හිතුවා ශාකයක් ගැන ලියන්න. ඒත් තෝරා ගත්තේ එසේ මෙසේ ශාකයක් නෙමෙයි. ඔබ මම කවුරුත් දන්නෙ නැති, ඒත් ඕනෙවටත් වඩා අහලා තියන ශාකයක් මේ. අපි සාමාන්‍යයෙන් ...
දහ අට සන්නිය සමඟ කෝල කුමර පුරාණය, 01 වෙද ගෙදර දහඅට සන්නිය නමින් සුපතල මේ පුරාණ සම්ප්‍රධායික නැටුම සම්ප්‍රධායේ අඩංගුවන දෑ ගැන යම් සොයා බැලීමක් මම මීට වසර කිහිපයකට කලින් කලා. එම සොයා බැලීමේදී මගේ අරමුණ වූයේ මෙහි සත්‍යාසත්‍යතාවය බැලීම නෙමේ. මෙයින් අදට යමක් ගන්න පුළුවන්ද කියන එකයි. ඇත්තටම එහිදී මට තේරුම් ගිය කාරණා මම වෙදගෙදරට ගෙන්න හිතුවා. කාට හරි හිතෙනවනම් මේ තරම් දියුණු ලෝකෙක මොනවටද මෙවැනි දේ කියලා. මම ...
පුනරාගමනය, ............ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!!!!!!!! වෙද ගෙදර 2013 සිට අතහැර දැමුණු මගේ බ්ලොගය නව වසරේ නැවත ක්‍රියාකාරී කරන්නට උත්සාහ කරනවා. මේ ඒකට ලෑස්ති වීම. මම බ්ලොග්වලට ආවේ 2012 විතර. ඒකට බලපෑවෙ මාරයා සහ කතන්දරකාරයාගේ බ්ලොග් තව ද ලාස්ට් රෝ තමයි මම මුලින් ම කියවූ බ්ලොගය. මේ බ්ලොග් කෙරුවාව නිසා මා හඳුනාගත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉන් පළමු හිතවතා අභීත, සහ ඕනයා. ඉන් පස්සෙ මගේ අද මට ඉන්න හොඳම ...
ඔබට ස්තුතියි,!!!!!!!!!! දහ අට සන්නිය සමඟ සන්නි කවි. 02 වෙද ගෙදර දැන් ලියන්න යන්නේ පොඩි පම්පෝරියක්. මොකද මම මේ බ්ලොග් එක පටන් අරන් අගෝතු 14 වෙනිදාට මාස 04 යි දින 12 වෙනවා. මේ හරියටම 50 වැනි පෝස්ට් එක. මට මෙතැනදි ස්තුති කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා. මගේ බ්ලොගර් සටහන් අනුව පේනවා දැන් හරියටම ලිපි 49 ලියලා කියලා. ඒ අනුව මේ 50. මම ලියපු පලමු ඉතාම කෙටි සටහනකට පලමුවෙන් කමෙන්ට් ...
මස් මාංශ අනුභවය හා ශ්‍රී ලංකාව වෙද ගෙදර මස් මාංශ පරිභෝජනය පිළිබඳ නොයෙක් කතා බහ ලංකාව තුළ මේ වන විට ඇතිවෙමින් පවතින සමයකි. මේ සටහනෙන් අදහස් කරන්නේ ලංකාවේ මස් පරිභෝජනයේ ක්රමික වෙනස්කම් පිළිබඳ ඔබ දැනුම්වත් කිරීම විනා මස් පරිභෝජනයේ හොඳ නරක පිළිබඳ කතිකාවතක් ඇති කිරීම නොවේ. ඉදිරියේදී එවැනි සාකච්ඡාවක් කරන්නට බලාපොරොත්තු වන්නෙමු. ඒ සඳහා වන ලිපිය තව ටික දිනකින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. අද සටහන ...
ඔන්න එහෙනම් දියබත………………… වෙද ගෙදර අද මම බොහෝ සතුටුවන දවසක්. කාලයක සිටම බලාපොරොත්තු වූ මගේ බලාපොරොත්තුවක් ඉටු වුනා. එනම් සිංහල බ්ලොග් කියවනයේ මගේ වෙද ගෙදර පල කරවා ගැනීම. කෙසේ හෝ මට ඊයේ කාලිංග දන්වා තිබුනා වෙද ගෙදර ඇතුලත් කල බව. ඔබට ස්තුතියි!ඊලඟට මම ලියන්න හිටියේ පොඩි කෑමක් ගැන. නමුත් බෝධි පූජා ගැනත් ලියන්න හිතුනා චතුර විජේකෝන් අපේ වටිනා මිත්‍රයා නිසා. එහෙනම් අද ලියන්නේ අපේ පාරම්පාරික ...
මනෝ චිකිත්සාවට ධ්‍යාන අංග උපයෝගී කර ගැනීම. වෙද ගෙදර මම මේ ටිකේ නැවතත් ටිකක් වැඩ. ඒත් ලිපි ලියනවා. දැන් සති දෙකක් බෞද්ධ ලිපියක් දැම්මේ නැහැ. ඒ නිසා අද මම ලියන්නේ බෞද්ධ ලිපියක් හැබැයි මේක ලිව්වේ අද නෙමෙයි. දැන් ටික කාලෙකට කලින් ඒත් මේක ඉතාමත් වැදගත් අපේ දැණුමට. ඒනිසා මම දැන් ඔබට ලබා දෙනවා.ධ්‍යාන අංග පිලිබඳ මට හැකි ලෙස පොඩි දැණුමක්. මේවා කාට හෝ එක අයෙක්ටවත් යම් ප්‍රයෝජනයක් ලැබුනොත් මට ...
යක්ෂ කථාවක් සමඟ ආදීවසීන්. වෙද ගෙදර මේක ලියන්න හිටියේ ඊයෙ. නමුත් අර ගොවිතැනයි මගේ වැඩයි එක්ක ටිකක් බැරි වුනා. මේක බොහොම කෙටි ලිපියක්. මට තියන්නේ පොඩි ප්‍රශ්නයක්.ලංකාවේ ආදීවාසී දිනය වෙන්නේ ඊයේ 31, ජූලි. එහෙම නම් ආදීවාසීන් කියන්නේ කවුද?එතකොට මේ ආදීවාසී දිනය කියලා සමරන්නේ කාවද?ඔන්න ප්‍රශ්න. දැන් මේ ආදීවාසී දිනයෙදී වැඩියෙන්ම රඟපාන්නේ අපේ වන්නියැලැත්තෝයි එයාගේ කට්ටියයිනේ. අපි බලමු ඇත්තටම මේක හරිද කියලා. මම නම් හිතන්නේ වැරදි. ඇයි ...
වැට දඬු බැඳ අටු කොටු පුරවමු! වෙද ගෙදර මුලින්ම කියන්න ඔනෙ මම මේ දෙවල් ලියන්නේ අපි හෙට ඉඳලා මේවා කලොත් එන අවුරුද්දේ කිරි ඉතිරෙනවා කියන හැගීමෙන් නෙමේ. මම කියන්නේ මේ දෙවල් අපේ විද්‍යාව. අපි මේවා නවීන විද්‍යාවට අනුව හැඩ ගස්සගමු. අඩු ගානේ තව අවුරුදු 10 - 20 අතර කාලෙකදි අපේ දරුවෝ ලෝකයේ දෙපයින් නැඟී සිටියි එතකොට. අපි කාටවත් ණය නැති, බර නැති කෙලින් රටක් වෙයි. ඔය මොන ජගතටවත් ...
"අපේ කෘෂිකර්මයේදී භාවිතා කල දේශීය දැණුම" වෙද ගෙදර ජනගහනය වැඩි වීම ලෝකයට දරාගත හැකිද? "පූර්විකාව"මේ අදහස මට කියවන්න ලැබුනේ මහාචාර්යය ගුනපාල ධර්මසිරි මැතිතුමා විසින් ලියන ලද "The Nature of Medicine" ග්‍රන්තයෙන්. මෙතුමා මම කලක් ලගින්ම ආශ්‍රය කල ඉතාමත් නිහතමානී පුද්ගලයෙක්. දැන් මෙතුමාව සම්බන්ධ කර ගන්න හරිම අමාරුයි. ඉතාම අප්රකටව ජීවත් වෙනවා. විශාල සේවයක් කල උතුම් මිනිසෙක් ලෙස මම සලකනවා. පුළුවන් නම හොයාගෙන කියවන්න වටින පොතක් එහිම සිංහල ...
ඔබගේ ස්වභාවය තේරුම් ගන්න. වෙද ගෙදර මම කවදත් බොහෝ ආශාකල දෙයක් තමයි බුදුරජානන් වහන්සේගේ දේශනයේ යම් ඉගෙනීමක් ලබන එක. මගේ අධික කාර්ය බහුලත්වය නිසා නැතිවන මානසික සමබර බව නැවත ලබා ගන්නේ මේ විෂයට තිබෙන කැමැත්ත නිසා. ඒ අවස්ථාවල මගේ පහසුවට සාදා ගන්නා සටහන් මෙහෙම වෙලාවෙන් වෙලාව ඉඩ තිබෙන හැටියට ඔබට ලබා දෙන්න මම කැමතියි. කාට හෝ ප්‍රයෝජනයක් ලැබෙතැයි සිතනවා. මේ සටහන් වල යම් දෝෂයක් ඇතොත් මට ...
ආසනික් මාරයා වෙදගෙදරටත්....... වෙද ගෙදර අද වෙනකොට රසායන විද්‍යාඥ්ඥයන්ට පමණක් නෙමෙයි මහජනතාවත් ආසනික් කියන ද්‍රව්‍ය ගැන සෑහෙන කුතුහලයකින් ඉන්න බව පේනවා. මොනවද මේ ආසනික් කියන කාරනය ආයුර්වේද විදියට කියන්න තමයි සූදානම. අපි වගේ ගොඩ වෙද්දුත් මේවා දන්නවා, ඒකනේ මේ ලියන්නේ. අපේ රටට වුන විනාසෙට සුද්දට බැනලා වැඩක් නැහැ. අපිම ඇන ගන්න ඕනෙ හොද ටොක්කක් කවුරුත් බලන්නේ තමන්ගේ දේ වැඩියෙන් ප්‍රචාරය කරන්න. සුද්දත් එහෙමයි. අපිත් ...
නැවතත් වෙදගෙදරට.................... වෙද ගෙදර ජූලි 05 පස්සේ මට ඔබට ලියන්න බැරි වුනා. ඒකට හේතු වුනේ ආයුර්වේද ක්ෂේත්රයේ ප්රගමනයට හේතු වන ආයුර්වේද එක්ස්පෝ 2011 ප්‍රදර්ශනය නිසයි. එහි ප්රචාරක කටයුතු කීපයක්ම කලා. දැන් ඒක ඉවරයි. නමුත් බොහෝ අත්දැකීම් ලබාගත්තා. විශේෂයෙන්ම රටවල් 20 පමන සහභාගි වුන නිසා විශාල පිරිසකට අපි අපේ රටේ ආයුර්වේද විද්‍යාවේ තත්වය පෙන්නුවා. බොහෝ සුභවාදී අරමුණු අපිට තිබුනා. ඒ හැමදෙයක්ම 100% නොවුනත් යම් ප්‍රමාණයකට ...
17 වැනිදායින් පසු හමුවෙමු!!!! වෙද ගෙදර ඉතාම හදිසි වැඩ කටයුතු කීපයක් යෙදී ඇති බැවින් මේ මස මම බ්ලොග් අවකාශයේ වැඩිපුර නොසිටිනු ඇත. නමුත් 17 වැනිදායින් පසුව නැවතත්, සුපුරුදු ලෙස මගේ අල්ප දැණුම ඔබ සමඟ බෙදා ගැනීමට යලි පැමිණෙමි. ඒ අතර මගේ තවත් හිතවතෙකු ලඟදීම ඔබට වැදගත් මාතෘකාවක් සමඟ ඔබ වෙත ඒමට සැලසුම් කරමින් සිටින බවද සතුටින් දන්වමි. මගේ අධික වැඩ අතරද ඉඳ හිට හෝ මෙවැනිම කෙටි ...
සත්වයාගේ උපත හා විඤ්ඤාණයේ ක්‍රියාව. වෙද ගෙදර බොහෝ දෙනෙක් මේ විඤ්ඤාණය ගැන කථා කරනවා. මට මගේ පසුගිය ලිපිවලදී මේ ප්‍රශ්නෙට මුහුන දෙන්න වුනා. ඒ නිසා මම කල්පනා කලා. මම බොහොම නිස්කලංකව මේ ගැන දීර්ග කාලයක් අරගෙන ලියූ ලියවිල්ලක් තිබෙනවා. ඒත් ඒක මම බොහොම හොඳට හිතලා පොත් පත් බලලා ලියූවක් නිසා මගේ බ්ලොග් ශෛලිය නැතිව ඇති. කාට හෝ ඒක ගන්න වුවත් අවසර තියනවා. ඔනෙ කෙනෙක් ගන්න. ඔය දීල ...
සඳවට රන් තරු...... අංක 3 (මඳසරුභාවයේ කථාව.) වෙද ගෙදර දැන් අපි මේ මාතෘකාවේ ටිකක් දුරට ගිහින් ඉන්නේ. අපිට දැන් හිතාගන්න පුළුවන් යම් පුරුෂයෙක්ගේ සරුභාවය ගැන.ඇවිල්ලා තියන කමෙන්ට් අතරේ මම දැක්කා ඉතා වැදගත් ප්‍රශ්න කීපයක්ම තියනවා. මම ඒ හැම එකකටම පිළිතුරු දෙන්නම්. හැබැයි මම කෙලින්ම කමෙන්ට් විදියට නැතුව ලිපියේ අන්තර්ගතය තුලින් මේ පිළිතුරුදීම කරන්න හිතාගෙන ඉන්නේ. මොකද මේ හැමදේම, මම දන්නවා ඉතා වැදගත් කියලා. ඒ නිසා ඔබට අවශ්‍ය ලෙසයි මේ ...
සඳවට රන් තරු...... අංක 02 (මඳසරුභාවයේ කථාව.) වෙද ගෙදර මගේ කලින් ලිපියේ දෙවනි කොටස අද ඔබට දෙනවා.දැන් මට මේ ආපු කමෙන්ට් ටික මම ගොඩක් අගය කරනවා. හැමෝටම ස්තුතියි. බලපු ඔබත් මගේ ධෛර්ය්ය වැඩි කලා. ඔබට යමක් දෙන්න ලැබුනා නම් මට ඒ ඇති.ඇත්තටම ගත්තොත් මම මේ ඉන්නේ මෙහෙම බ්ලොග් ලියන්න පුළුවන් වෙලාවක නෙමෙයි. මම තව වසර දෙකකින් මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරනවා. දැනටත් එක වසරක් ගෙවිලා ඉවරයි. ඉතිරි වසර ...