හොද මී පැණි හඳුනා ගැනීම. වෙද ගෙදර පසුගිය ලිපියේ අපි කතා කළේ මී පැණි සහ සුදුලූණු පිළිබඳව. අද මා සාකච්ඡා කරන්න සිතා සිටියේ වෙනත් මාතෘකාවක්. නමුත් අපේ පහුගිය ලිපියට ලැබුණු ප්‍රතිචාර අතර බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වී තිබුණා හොද මී පැණි සොයා ගැනීම පිළිවඳව. ඒ ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරලාත් තිබූ බව ඔබට මතක ඇති. අන්න ඒ නිසා අද මම සිතා ගත්තා මේ අයට යම් දැනුමක් ලබා ගත ...
පරමාණුක වාදය, සෛලීය වාදය, ත්‍රිදෝෂ වාදය, සහ පංචභූත වාදය. වෙද ගෙදර පරමාණුක වාදය යනුවෙන් හැදින්වෙන්නේ පරමාණුවක පැවැත්ම තහවුරු කරන වාදයයි. බටහිර දී ඩිමොක්රීටස් මුලින්ම පරමාණුවක පැවැත්ම පිළිබඳ අදහස ලෝකයට ලබා දුන්හ. තේල්ස් නම් දාර්ශනිකයාද යම් අදහසක් මේ ගැන ලබා දුන්නද ඩිමෝක්රිට්ස්ගෙන් ඇරබෙන පරමාණුක වාදය 1800 දී පමණ ජෝන් ඩොල්ටන්ගේ පැමිණීමත් සමග නවීන මත දක්වා දියුණු විය.පරම + අණුව යනුවෙන් කියවෙන්නේ යම් ද්‍රව්‍යයක් බෙදිය හැකි කුඩාම කොටස යන්නයි. පරමාණුවක ඇති පරමාණුක අංශු, ...
චිත්ත, මන සහ විඤ්ඤාණ. ඔබේම මනස තේරුම් ගැනීමට.... වෙද ගෙදර ඇත්තෙන්ම සමාව ඉල්ලනවා ඔබ හැමගෙන් සති ගණනාවකින් කිසිවක් නොලිව්වට. සති ගාණකින් ලියන්න ආවේ ඔන්න කරන්ට් එක ගියා. අද 17 ඉරිදා මම දැන් සිටින්නෙ මාතර. එහෙනම් හෙට මේක සම්පූර්ණ කර හෙට හෝ අනිද්දා පළ කරන්නම්. ඒකෙත් හැටි අද 22 ඔන්න අද තමයි නැවත් මේ පැත්ත මතක් වුණේ. බොහෝ දින ගණනක් මම මෙය නොලියා සිටියේ මට පහුගිය සතිවල අතපසු නොකළ යුතු රාජකාරී ...
නව තාක්ෂණය අනුව ආයූර්වේද ඖෂධ නිපදවීමට හැකිද? වෙද ගෙදර අද වන විට ලෝකය විශාල වෙනස්කම් වලට භාජනය වෙමින් තියෙන්නේ. ඒ වෙනස්කම් හැම විටම යහපත්ම කියලා කියන්න අමාරුයි. සමහර වෙනස්කම් තිබෙනවා යහපත්. තවත් සමහර වෙනස්කම් තිබෙනවා අයහපත්. ඒක එහෙම වෙන්න ඕනෙ, මොකද මේ සමාජේ ජීවත් වෙන අය විවිධ නිසා. හැම විටම අපේ තෝරා ගැන
සත්ව පරිණාමීය ක්‍රියාවලිය. වෙද ගෙදර මගේ බ්ලොග් සදහා ගත කරන කාලය මේ ටිකේ ටිකක් අඩු වුනා. නමුත් මේ බ්ලොග් ලෙඩේ හැදිලා තියන කෙනෙකුට ආයිත් ඉතිං මේකෙන් ගැලවෙනවය කියන්නේ ......මේකත් හරියට අබිං කෑව වගේ තමයි. මොනවා හරි කුරුටු ගාන්නමයි හිත. ඒත් මේ දිනවල ඇති වැඩත් එක්කම බොහෝම අඩුයි කාල වේලාව. මගේ සුපුරුදු බ්ලොග් කීපෙකටම කමෙන්ට් නම් දැම්මා. දැන් කාලෙකට පස්සෙ ඇවිත් වැදගත් දෙයක් කියන්නයි මේ සැරසෙන්නේ. ...
අනාගතයෙන් පැතිකඩක්. වෙද ගෙදර සෑහෙන කාලෙකින් කෙටි සටහනක්වත් ලියා ගන්න බැරි වුනා. ජීවිතයේ කිසිම දිනක නොලබපු අත්දැකීම් සමූහයකට මේ දිනවල මුහුණ දෙනවා. මේවා ගැන සිතන්න සිතන්න බොහෝම දරුණු විදියට සිත කලකිරීමක් ඇති වෙනවා. මගේ ජීවිත මතකයන් එක්ක ගත්තම මට මතක ඈතම සිද්ධිය තමයි මගේ පියා ලෙඩ වෙලා සිටීම හා ඇවිදගන්න බැරිව සිටි පියාට ඇදටම හැම දෙයක්ම ලබා දීම. හදිසි වාහන අනතුරක් නිසා පාදය දරුණු ...
ඔබ සැමට, මාගේ දිවියේ ඉතාමත් අපහසු අවස්ථාවක මට ඔබ ලබා දුන් දිරිය ඉතාමත් ස්තුති පූර්වකව භාරගනිමි. වෙද ගෙදර මගේ පියා මට මව තරම් සමීප පුද්ගලයකු නොවූ නිසා මට මෙතරම් ඔහුගේ වියෝව දැනේ යැයි මම මොහොතකටවත් නොසිතුවෙමි. නමුත් අද මට එය එසේ නොවේ. "පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ" යන බුදු වදන මට දැන් හොදින් වැටහේ. මගේ පියා ඉතාමත් උන්නතිකාමී පුද්ගලයෙක් වූවත් මව ඉතාමත් අවංක ගුණ ගරුක කාන්තාවක් වූවාය. උපතින්ම ඤාතීන් වූ ඔවුන් වසර 1966 දී විවාහ වී ඇත්තේ තම තනි කැමැත්තටයි.නමුත් ...
පියානෙණි ඔබට නිවන් සුව!!!!!!!! වෙද ගෙදර මම පසුගිය දිනවල බ්ලොග් අවකාශයේ වැඩිය පෙනී සිටියේ නැහැ. ඉතාමත් හදිසියෙන් ලියන නිසා කෙටියෙන් ලියන්නම්. දැනට වසර ගනනාවක සිට මගේ පියා සිටියේ අසනීපයෙන්. ඒත් ගිය සෙනසුරාදා පාන්දර යාමේ ඔහු අපෙන් සමු ගත්තා. ගිය සදුදා උදේ අසනීප වෙලා රෝහල්ගත කලා. නමුත් මගේ පියාට ජීවිතය උරුම වෙලා තිබුනේ සෙනසුරාදා පාන්දර යාමය වනතෙක් පමණයි. ඔහුගේ දැන් කාලයක සිටම දැඩි ඉල්ලීම වෙලා තිබුනේ මියගොස් ...
විශ්වාරම්භය තුන ප්‍රකෘති සහ පුරුෂ………. වෙද ගෙදර බොහෝ දිනක් අපි අපේ සුපුරුදු මාතෘකා වලින් බැහැරව සිටියා. ඒ මගේ පුද්ගලික දිවියේ ඇති වූ වෙනස් කමක් නිසා බව ඔබ සැම දන්නවා. විශ්වාරම්භය පිළිබඳ බටහිර මත ගැන දැන සිටි ඔබට මම පෙරදිග මතයන් ගැන යම් අගැයීමක්, දැණුමක ලබා දෙන්නයි උතසාහ ගත්තේ. නමුත් මේ අනපේක්ෂිත තත්ත්වය නිසා එහි යම් බිඳ වැටීමක් සිදු වුනා. ඒ ගැන මගේ කනගාටුව.මේ පෙරදිග දර්ශනය පිළිබඳව මා ...
101. දිවා ගුහාව සහ කණ්ඨමාරී යකින්නගේ කතාව. 02 කොටස. වෙද ගෙදර මේ දෙවනි කොටස. පළමු කොටස නොකියවූ අය ගිහිල්ලා ඒක බලලම ආවොත් වැඩේට ලේසියි. මිථ්‍යාව පතුරවනව කියලා කියපු ඇනෝලත් මේ කොටස කියවන්නකො........අද තාම සිකුරාදා මේකෙ පළවෙනි කොටස පල කරන්නෙත් සදුදා. සදුදා මිත්‍රයෙක්ගේ වැඩක් නිසා මේ වැඩය කර ගන්න කාලයක් ලැබුණේ නැහැ. දැන් දෙවනි කොටසත් ලියලම තමයි පළමු කොටසත් පළ කිරීමට සිතාගෙන සිටින්නේ. කවදත් මට හදිසියක් නැහැනේ. අපි මේ කතාව ගැන යම් ...
දිව ඔසු අංක 01 සුදුලූනු වෙද ගෙදර පසුගිය සති දෙක ඉතාම වැඩ අධික කාලයක්. ඒත් ඉදිරියට කාලයත් එහෙමයි වගේ. වැඩ යෙදෙන්නේ ඒ පැත්තට බව මට දැන් ටික ටික පේනවා. මගේ දින චරියාව ආරම්භ වෙන්නේ 5.30 ඉදලා. නැවත නින්දට යන්නේ බොහෝ වෙලාවට 12- 12.30 විතර වෙලා. අනික මම නිවාඩු ගන්නේ මාසයකට දිනයයි. ඒ පෝයට විතරයි. ඉතිං දැන් මේක මගේ ජීවිතේ වෙලා. දැන් අවුරුදු ගානක්ම කරලා ඇගට පත්තියන් වෙලා ...
ශ්‍රී ලංකාවතුල ආයූර්වේදයේ අනාගතය සරුවෙයිද? වෙද ගෙදර මම අද ලියන්නේ වෙනත් දෙයක් ගැන. නමුත් සතියකට සැරයක් ගානේ විශ්වාරම්භය ගැන ලිපිය දමනවා………….මම ආයුර්වේදයෙන් ඉගෙන ගත්ත ඉතාම වටිනා පාඩම ගැන තමයි ඔබට කියන්න සිතුවේ. 1988 මහා භීෂණයක් රටේ තිබෙන වෙලාවෙ තමයි මම මුලින්ම ආයුර්වේදෙට අවේ. එතනත් අවුල් බොහෝමයි ඒ කාලේ.....අයූර්වේද විද්‍යාව තියා ඔය ගැන කිසිම දෙයක් මම දැනන් උන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට ආයුර්වේද විද්‍යාව, බුදු දහම වගේ විෂයන් ...
අද අද එයි මරු පිංකර ගන්නෙ වෙද ගෙදර ඔබ කවුරුත් දන්නා පරිදි මම දේහපාලනය උගත්තෙක් මි. දේශපාලනය මට ආගන්තුක ය. ඒ පිළිබඳ ඇසූ දුටු කියවූ දෑ හැර අන් යමක් මම නොදනිමි. නමුත් මගේ බුද්ධි මානයට පිටින් වුවත් යමක හොද නරක මිනුම් කිරීමට සරි බුද්ධිය ක් මට ඇතැයි මම දනිමි. දශක කීපයක් ලැබූ ජීවන පරිචය ම ඊට ප්‍රමාණවත් ය. දැනට මෙසිරිලක වාසස්ථානය කොටැති මම නොයෙක් විට ලැබූ විදෙස් අත්දැකීම් ...
ඩිම්භ කෝෂවල අඩංගුවන සජීවී සහ ක්‍රියාකාරී ඩිම්භ සංඛ්‍යාව සරුභාවය සදහා බලපාන ආකාරය සහ ඒ පිළිබඳව ඇති ආයූර්වේද ප්‍රතිකාර ක්‍රම. වෙද ගෙදර මේ ලිපිය මම ලියන්න හිතුවේ ඉතාමත් වටිනා දැනුමක් මින් ලබාගත හැකි නිසයි. මොකද මම දන්නා තරමින් මේ මාතෘකාව පිළිබඳ සිංහල භාෂාවෙන් ලිපි ලියවී නැහැ. අන්න ඒ අඩුව පිරවීමට මට හැකි දායකත්වයක් මම කැමතිම මාධ්‍ය වන බ්ලොග් කලාව හරහා ලබා දීමයි මගේ අරමුණ වූයේ.මේ ලිපියේ හරය ඉතාමත් වැදගත් වන්නේ කාන්තාවන්ට සහ විවාහයන්ට. නමුත් මේ බ්ලොග් අවකාශයේ සිටින බොහෝ දෙනා මේ සීමාවට ...
මාතර බසේ අපූරුව. වෙද ගෙදර අද මම ඔබට මගේ බ්ලොග් ඉතිහාසයේ පළමු වතාවට වෙනත් අයෙක්ගේ ලිපියක් එතුමාගේ අවසරය ඇතිව පලකිරීමටයි සූදානම. මේ ලිපිය ලියන්න මූලාශ්‍ර ලබා ගත්තේ සමරසිංහ ගුණසේකර මැතිතුමා විසින් ලියන ලද "අපේ ගම මාතර" නම් කෘතියෙනි. එම මුළු කෘතියම ඉතා රසවත් ග්රන්ථයක් වන අතර ඔබට මාතර රාහුල පාරේ නො.97 ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම ලිපියේ අඩංගු "මාතර වචන" වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ එතුමාගේ ...
ඌෂ්ණය නිසා ස්ත්‍රි සහ පුරුෂ සරුභාවයට ඇති කරන අහිතකර බලපෑම. වෙද ගෙදර කලින් ලිපි කීපයකම අපි කතා කළා මඳසරුභාවය කියන මාතෘකාව. මම බ්ලොග් ලෝකයට පැමිණි විගස මේ පිළිබඳ සඳවට රන් තරු නමින් ලිපි කීපයක්ම ලියුවා මතකයි. ඊට පසුත් ලිපි කීපයක්ම මේ පිළිබඳ ලියූ බව මතකයි.ඒ සියල්ලේ ලින්ක්ස් මෙහි පිළිවෙළින් දමන්නම්. 1.ලිපිය 2. ලිපිය 3.ලිපිය 4.ලිපිය 5.ලිපිය පුරුෂ මඳ සරුභාවය/ එයට ප්‍රතිකාර/ආයූර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ඉන් මිදීමට ඇති මාර්ගය පිළිබඳ ඉතා වැදගත් කරුණු මෙහිදී ...
102. සිනාසී තර වෙන්න, තර වී ලෙඩ වෙන්න. වෙද ගෙදර ඉතිහාස කතා, හොල්මන් කතා, බෞද්ධ කතා, මේ හැමටම වඩා මට වටින්නේ ආයූර්වේද කතා. එහෙනම් පොරොන්දු පරිදි අද ඔන්න ආයූර්වේද කතා. මේකෙදි මට මතක් කළ යුතුම දෙන්නෙක් ඉන්නවා. ඒ දෙදෙනාගේ ඉල්ලීමට තමයි මේක ලියන්නේ. හැබැයි එයාලගේ නම් ඕනෙ නැහැනෙ. අද මම ලියන්න යන්නේ ඉතාම වටිනා දෙයක් ගැන. නවීන ලෝකෙ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක්. එනම්………….…………………... තරබාරුව.ඇත්තටම අද ලෝකයේ එක් කට්ටියක් බඩගින්නේ දුක් විදිද්දී ...
කථා දෙකක්, අඬන්නද? හිනා වෙන්නද? වෙද ගෙදර මම අද මේ කියන කථාව මම සාමාන්‍යයෙන් මෙතෙක් නොකී ජාතියේ එකක්. හැබැයි මම මේක කියන්නේ ඔබව පිනවන්න නෙමෙයි. මේ කථාවේ යටින් තිබෙන මහා ඛේදවාචකය ගැන හිතන්න. නමුත් මින් විනෝදයකුත් ලැබෙනවා.අපි බොහෝ විට අන්ධ මනුෂ්‍යයෙක්, කොර පුද්ගලයෙක් එහෙමත් නැත්නම් ආබාධිතයෙක් දැක්කම අනේ අපොයි කියලා හිතනවා. හැබැයි අපිට හිතෙනවද මේ මිනිසාටත් අපි වගේම අයිතිවාසිකම් තිබෙනවා කියලා?කොටින්ම පවුලක් වෙලා දරුවන් හදාගෙන ජීවත් වීමේ ...
104. තරබාරුව මට්ටු කරන උපක්‍රම. වෙද ගෙදර මේ ලිපියේ තුන් වැනි කොටස තමා මේ. මුලින්ම පටන් ගනිද්දී නම් ඒ තරම් කොටස් කරන්න හිතුවෙ නැහැ. ඒත් ලියාගෙන යත්දි වැඩි වුණා. අදනම් අවසානයි.ඔන්න භාෂාව බොහොම සරලව දෙන්න උත්සාහ කරනවා. ආයූර්වේදයේ භාෂාව ටිකක් සංකීර්ණයි. ඒකට හේතුව නවීන විද්‍යාව සිංහලෙන් විස්තර කිරීමට මේ ආයූර්වේද වචන යොදා ගැනීම. දැන් ඒවා ඇත්ත වචන වෙලා ආයූර්වේද වචනවල අර්ථ යට ගිහින්. ඕකට තමා කියන්නේ කලින් ...
සුඛාන්ත රතිය සහ සුරතාන්තය!! වෙද ගෙදර මේ මගේ සිතේ ලියැවී තිබූ මාතෘකාවක්…………නමුත් එය පසුවට කල් දමමින් සිටියේ…………... අපේ දේශකයාගේ පසුගිය ලිපිය හේතුවෙන් ඒ ලිවිය යුතු යි කියා මට සිතුණා. ඒ සදහා මගේ හිතේ පෙලැබීමක් ඇති කළ තවත් දෙදෙනෙක් සිටිනවා. ඒ මාතලන් සහ හිරු. ඔබ තිදෙනාට ම මගේ ස්තුතිය.මෙම ලිපියේදී බුදු දහම, ආයූර්වේදය, සහ සාමාජීය වශයෙන් මෙන් ම වෛද්‍යවරයෙක් ලෙසත් මගේ අත්දැකීම් මෙන් ම නිගමන ද ඉදිරිපත් ...