ඊට පස්සේ ඇත්තටම මොකද උනේ? වැප් සුපුරුදු පරිදි නිමාෂා කන්දහේන බස් නැවතුමට වී බලා සිටියේ කොළඔ බලා පිටත් වීමටයි. උදෑසන මද අඳුර නිසා බස් රථයේ පැමිණිම ඈත සිටම දුටු නිසා, පසෙකින් තබා තිබූ ගමන් මල්ල අතට ගත්තාය. වෙනදාට වඩා වේගයෙන් පැමිණ ක්ෂණිකයෙන් තිරිංගතද කිරීම නිසා ඇතීවූ ශබ්දය සමගම බසයට ගොඩ වූ ඇය හිස් අසුනක් බලා අසුන් ගත්තාය. උදෑසන කොළඔ බලා පිටත් වන පළමු බසය නිසා මගීන් ...
එදා මහ අමුතු දවසක් :D වැප් මේ බ්ලොග් අඩවිය පටන් ගත්ත කාලේ මතකද මං ලිව්වා බස් කතා වගයක්. එකක් තමයි කොන්දොස්තර හා මහත්තයා, ඕකට කලින් ලිව්වා බසයේ ගිය පුද්ගලික එෆ් එම් නාලිකා දෙක. ඔය කතා දෙකට අමතරව තවත් බොහෝ බස් සංවාද තිබුණත් දැඩ් කම්මැලි කම හින්දාම ලියන්න බැරි උනා. ඒත් මේ පහුගිය දොහක අපේ මාරයා මහත්තයා ඇහැව්වා කෝ බන් බස් කතා කියලා. ඕන් ඒපාර තමයි මට මතක් උනේ, බිබිසි එකේ ...
ගූගල් වල වෙබ් සයිට් හොස්ට් කිරිම වැප් මම සාමාන්‍යයෙන් මේ බ්ලොග් අඩවියේ ටෙක්නිකල් දේවල් ලියන්නේ නැහැ. ඒත් මේක නොලියත් බැහැ. ඒ හින්දා ඔන්න පියවරෙන් පියවර ලියන්න හදන්නේ නොමිලේ ගුගල් වල හොස්ටිං කරන හැටි. ගුගල් වල නොමිලේ හොස්ටිං කරන්න පුලුවන් කියලා දැන ගත්තේ දින 2009-11-13 ටත් කලින් ඒ කියන්නේ දැනට අවුරුද්දකටත් වැඩියි. මේ ක්‍රමය අහම්බෙන් දැන ගත්තේ ගූගල් වේව් හරහා. සමහර අයට මතක ඇති http://lankanrella.appspot.com/ ලින්ක් එක. [ කිහිප දෙනෙක්ම කමෙන්ට් දැම්ම බින්කු ...
ආදරය වැප් මාතෘකාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි හැමෝම අත්විඳින අත්දකින බොහෝම සොඳුරු අත්දැකීමක්. මේ ලඟකදි මම සහභාගි වූ ප්‍රියසම්භාෂනයකදි වෙනස් වූ අත්දෑකීමක් අත්දකින්න උනා. කෙටියෙන් තියෙන්නේ ඒ සිද්ධිය.දරුවාගේ වයස අවුරුදු 30 ක් විතර ඇති. ඔහු යම්කිසි මානසික වියවුලකින් පෙළෙනවා වගේම හැසීරිමත් අමුතුයි. ඒ අම්මටත් ටිකක් වයසයි. ඔබ දන්නවද ඒ අම්මා ඒ පුතාට කොච්චර ආදරයද කියනවා නම්. අනික් තරුණළමයි ඉන්න තැනකට ...
අපි ගයමු - මතු පරපුර උදෙසා - රන්වල පදනම වැප් සින්දු ගයන්නට දන්නේ නැත කියන්නට හැකිය. සංගීත භාණ්ඩයක් වාදනය නොහැකිය. එහෙත් ගීතයක් රස විඳින්ට හැකිය. එයිනුත් කටෝර සංගීතයට වඩා සරළ ගීයට වඩාත් කැමතිය. සංගීත සන්දර්ශණ නරඹා ඇත. එහිදි ඔවුහු ගයති. අපි අසා සිටින්නෙමු. නමුත් අපිත් ඔවුහුත් ගයනා සංදර්ශනයට ප්‍රථම වරට සහභාගි වුනෙමි. ඒනම් නෙත් FM මධ්‍ය සත්කාරයෙන්, Serenity සම අනුග්‍රහයෙන්, BMICH සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙස සෑම මසකම අවසන් සෙනසුරාදා සවස ...
මම කවුද? වැප් වෙනසක් තිබුනේ නැහැ ඒ බෙල් සද්දේ. එදත් ඒ සද්දෙටම පාන්දර නැගිටිනවා. අදත් එහෙමයි. වෙනසකට තියෙන්නේ අද ඉන්නේ මගේම ශක්තියෙන්. මේ ඇඳ සුවපහසු උනත් වෙලාවට හිතෙනවා දවස ගෙවන විදිහ නොතේරුනු ඒ දවස් කොච්චර සුන්දරද කියලා. උදේම හැමෝම එකතු වෙලා පන්සිල් ගත්තා දෙවනි බෙල් සද්දෙට කෑම මේසය ලඟ වාඩි උනා. කෑම කාලා ඉස්කෝලේ යන ඊලඟ බෙල් සද්දෙට කොහොමවත් කැමති උනේ නැහැ. ඒත් ...
පොළොන්නරුවෙන් ත්‍රිකුණාමලය බලා වැප් අනුරාධපුරය කියන්නේ මම කැමතිම නගරයක්. කවදා හරි දවසක පුලුවන් උනොත් අනුරාධපුරයෙන් ඉඩං කෑල්ලක් අරන් පොඩි කාමර කැල්ලක් ගහගන්නවා. නිවාඩුවට ගිහින් ඉන්නයි, නිවාඩුවට යන අයට දීලා කියක් හරි හොයා ගන්නයි. ඒතන තියෙන්නේ අරමුණු දෙකයි. ඒකක් මට ඉන්න අනික අතිරේක අාදායමක්. ඔය දෙකටම වඩා මම කැමති පොලොන්නරුවේ ගල්විහාරය බලන්න මහන්සි නැතිවි විවේකයක් ගන්න පුලුවන් අතරමැදි තැනක් ලෙස අනුරාධපුරය යොදාගන්න පුලුවන්වීම. ගල් විහාරයේ ...
මළ ගෙවල් දෙකක් වැප් මහ සද්දයක්, පාවෙලා යනවා දැනුනා, ඈතට ඈතට ගියා ..................................ළමයාගේ සපත්තු දෙක දාන්නේ අම්මා, කලිසම අන්දවන්නෙත්, බැග් එක උස්සන් යන්නෙත් ඇයමයි. නමින් මල්ලිකා. කවුරුත් කියන්නේ මල්ලිකා අක්කා කියලා. පවුලෙ එකම ලමයාට කවුරුත් කතා කලේ ලොකු ලමයා කියලා. ලොකු ලමයා ඉපදිලා ටික කාලෙකින්, ලමයින්ගේ තාත්තා වහ බිලා මැරුනා. මහ ලොකු දේපලක් නැතත් ජිවිතය ගෙවා ගන්න පූරුවේ වාසනාවකට ඇයටත් දරුවටත් පුලුවන් උනා. ලමයි ...
වැඩකට නැති විප්ලවවාදය වැප් මට සමාජයක් හදන්න ඔනේ නැහැ . වීරයෙක් වෙන්න කොහෙත්ම උවමනාවක් නැහැ. අහම්බෙන් පේන හීනයකටවත් අනුගාමිකයෝ අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ. මගේ අදහස් මගින් සමාජය උඩු යට්කුරු කරලා දාන්නත් මට බැහැ, පවතින සමාජය බලපෑම් කරන්න කිසිම උවමනාවක් නැහැ. සමාජය යන අතට යන්නත් මට බැහැ. එහෙම කියලා උඩුගං පීනලා තනි වෙන්නත් බැහැ. විප්ලයවක් කියලා කිහිපදෙනක් අතරමං කරලා දාන්න හිතෙන්නෙත් නැහැ. මගේ අදහස් වලට සමාජයක් හදන්න අඩුගානේ ...
තුන්මස පින්කම වැප් 2011 වර්ෂයේ නොවැම්බර් මස 13 දින සමුගත් මාගේ ආදරණිය පියාණන්ගේ තුන්මස පින්කම අප නිවසේදි සිදු කිරිමට නියමිතය. පෙබරවාරි දහතුන් වන දින රාත්‍රී 7:00 ට ධර්ම දේශනාවත් පසු දින එනම් පෙබරවාරි 14 වන දින දහවල් දානමය පුණ්‍ය කර්මයත් පැවැත්වෙයි. පින් කැමති සහෘද ඔබට ආරාධනා කරමිවැප් ...
සයිබර් සිහිණ උළෙල - 2013 වැප් කාලය කෙමෙන් කෙමෙන් ගෙවි යයි. කලෙක යුතුකම්ද, කලෙක වගකීම් ද, තවත් විටක කිසි අරමුණක් නොමැතිවද ගෙවීයන ජීවිතය තුල ආපසු හැරී බැලීමට සිදුවන දිනයක් ඔබද අත්විඳ ඇතිවාට කිසිම සැකයක් නැත. කාර්යබහුල රැකියාව, පුද්ගලික වැඩ, සමාජයේ වැඩ මේ විවධ වූ කාර්යයන් වල නිරත වෙමින් මදකට හෝ ඒ සියල්ලෙන්ම මිදී විනෝද වන්නට ලැබෙන්නේ බොහොම අතලොස්සක් වූ පිරිසකටය. එයද කලකට පසුවය. එවන් වූ සුන්දර ...
ජාතිය නැති කල හැකිද? නීතිය පොදු විය යුතුද? වැප් රුධිරය රතු පාට බව මම දනිමි. සෑම මිනිසේකුගේම ඇඟේ දුවන්නේ ලේ බවද දනිමි. තම ජිවිතයට වැඩිපුරම ආදරය කරන්නේ තමා පමණක් බවද දනිමි. නමුත් ලෝකය තුල විවිධ වූ බෙදීම් පවතී. මව් රටට ආදරය කිරීම එයට ගරු කිරිම සමාන්‍ය දෙයකි. එලෙසම තමා ජීවත් වන රට වෙනස් වූ පසු එයටද ගරු කිරිම පුරවැසියෙකුගේ යුතුකමකි. පුද්ගල කේනද්‍රියව ගත් කල රට හෝ මව් රට වෙනස් ...
Great Western - ග්‍රේට් වෙස්ටර්න් වැප් බතලේ ගල, බැරැන්ඩි රොක්, කඳු මුදුනට ගොස් ඇත. එතරම් දුෂ්කර නැතිව ග්‍රේට් වෙස්ටර්න් තරණය කළෙමු. එයට ප්‍රධාන හේතුව නම් වැසි රහිත කාලයක් වූ පසු ගිය සෙනසුරාදා දිනය( 2016/10/21 -22) ඒ සඳහා යොදාගත් බැවිනි. අපේ පුද්ගලික වාහන වල නොගොස් දුම්රියෙන් ග්‍රේට් වෙස්ටර්න් වලට යාම මුලින් තිරණය වි තිබුණි. නමුත් අවසාන මොහොතේ දුම්රිය ප්‍රවේශපත් ලබා ගත නොහැකි වූ නිසා නැවත පුද්ගලික වාහන ...
සිහින උලෙළේ අමතක නොවන සිදු වීම් වැප් මුලින්ම ස්තුති වන්ත වෙනවා සිංහල පරිවර්නයට උදව් කරපු හැමෝටම.සයිබර් සිහින බක් මහ උලෙළ මේවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය. වැඩි විස්තර බලන්න යන්න පුලුවන් ඉවෙන්ට් එකෙන්. 2011 වසරේ පටන් ගත්තු මේ වැඩේ ඔන්න හතර වෙනි පාරට තමයි 2014 පැවැත්වෙන්නේ. ආරංචියේ හැටියට නම් මේ පාර සරුයිලු. ඔය අවුරුදු උත්සවත් එක්ක මට වෙච්චි අකරතැබ්බි දෙකක්ම ...
රොවින්ටාර් රෙකෝඩ්බාර් වැප් කාලෙකට කලින් බොහොම කාලෙකට කලින්, ඔය එක එක කාලෙට එක එක පිස්සු එනවානේ, මේ කාලේ මට තිබ්බ පිස්සුව තමයි විදුලි පරිපථ හදන එක. සමහර විට මතක ඇති සෙනිත් කියලා පොත් සෙට් එකක්ම අවා. මගේ ගුරුවරයා උනේ අපේ ඉස්කෝලෙම උන්න දිම්මා. සතේ අතේ නැති කාලේ මට කොයින්ද පොතක් ගන්න සල්ලි මට මතක විදිහට ඒ කාලේ ඒ පොත රු 100 ක් උනෙත් ...
තමිළිනි දුටු යුද්ධය වැප් උපුටාගැනිමආයුධ බිම තබා යටත් වන මෙන් ලංකා ජනාධිපති කොටි සංවිධානයට විවෘත දැනුම්දීමක් කළේය (පිටුව 191)"ලංකා රජයේ ජනාධිපතිතුමා විසින් සියලුම ජනතාව පිළීගන්නා බවත් දිර්ඝ කාලිීන යුද්ධයකින් පසුව ජනතාව මුදා ගෙන අති බවත් මින් මතුවට කිසිම කරුණකට බියපත් විය යුතු නැති බවත්.......... (පිටුව 214) "උපුටා ගැනිම අවසන්මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොතට පෙර තමිළිනී මහත්මියගේ තියුණු අසිපත කියවීමට දැඩි ...
පිරිත සිංහලට හැරවීම මට හිතෙන හැටියට වැප් මම උපතින් බෞද්ධයෙක් වෙමි. මා උත්සාහ දරන්නේ බුදු දහමට අනුව ජීවත් වීමටයි. එහෙයින් බුදු දහමට නිගරු කොට තෘප්තියක් ලැබිමට මට කිසිම උවමනාවක් නැත. වසර 2600 ක් ගෙවී යන සම්බුද්ධ ජයන්තියේදි මේ සටහන තැබීමට මා සිතා සිටියේ මෙයට බොහෝ කලකට පෙරය. ඒ දවස අද උදා විය. වැඩි දුර කතා කිරිමට පෙර මූලික හැඳින්විමක් මෙසේ ඉදිරිපත් කරමි.නෙත් FM පටන් ගත් මුල් සමයයි. සියලු ජනමධ්‍ය ...
අන්තිම ලියුම ලිව්වා වැප් මේ කතා සිද්ධිය ගොඩ නැගෙන්නේ එකදාස් නමසිය බර ගනං වල සිද්ධීයක් විදිහට, සපුගස් කන්ද කණිෂ්ඨය හෙවත් වර්තමාන සෝභිත විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන බුද්ධීමත් ළමයෙක් වටා. මේ අති බිහිසුනු සිද්ධිය හෙවත් අවසන් ලියමන ලියන්න කියලා බල කරන්නේ එම වසරේ උගන්වපු පාසල් ගූරුතුමිය විසින් බව තමයි ආරංචිය. පහවසර කඩ ඉම් විභාගය හෙවත් ශීෂ්යත්වයට අදලා පැවරුමක් විදිහට පාසල් ගුරුතුමිය කියනවා පන්තියේ ළමයින්ට ...
සයිබර් සැණකෙලියේ සංවිධානය වැප් අප්‍රේයල් 3 වෙනිදා පැවැත්වුනු සයිබර් සැණකෙලිය පිළිබඳ ලිපියක් ලියන්න කියලා හිතාගෙන හිටියත් ඒක ඕන කමින්ම ටිකක් පහු කරලා අද තමයි ඒ ගැන ලියන්නේ. පහුකරන්න හේතුව උනේ මේ ගැන ලියවෙන සෑම ලිපියක්ම හා පින්තූර ගොන්නක්ම මේ ලිපියට දාන්න ඔනේ හින්දා. ගොඩක් අයගේ සහයෙන් ඒ ලිපි හා පින්තූර ටික බස් එකකට එකතු කරගත්තා.අභිත ගේ සිහිනයක් වෙච්ච සයිබර් සිහින උළෙල සාර්ථක කරගන්න රට වටේ ...
1817-2017 කැරැල්ල වැප් නිබන්දනය නිම කල යුතු දිනය 2099/09/09 ලෙස සටහන්වත තිබුණත්, එය කෙසේ අවසන් කරමිදැයි තවමත් නිශ්චිත වැඩ පිළිවෙලක් නැත. තව ඇත්තේ ඉතා සීමිත දින කිහිපයකි, බොහෝ කරුණු එක් රැස් කර ඇතත් පෙළ ගස්වන්නේ කෙසේද?. කේවල ව්‍යාපතීයක් ලෙස ප්‍රථම උපධිය සඳහා -පුරාතණ ශ්‍රී ලංකාවේ දාහතේ කැරැල්ල- මාතෘකව තොරාගනු ලැබීය. විටෙක එය වැරදි තෝරාගැනිමක් ලෙස පෙනී යයි. තව විටෙක ඉතිහාසය සොයා නිවැරදි නිගමනයකට ...