ආයෙමත්.... වාසලගේ සටහන්...... උඹ පාගලාබිම දාලා ගියමගෙ හදමම හෝදලා මිරිකලාවේලෙන්න දැම්මා... ඒත් අමතක උනා මටවැස්සට කලින් අරගන්න...තෙතබරිතවෙලා බිමට වැටිලා ආයෙමත්...
මොනිටරයෙන් 3D ෆිල්ම් බැලීම වාසලගේ සටහන්...... දැන් අලුතෙන් එන ෆිල්ම් බොහොමයක් නවතම තාක්ශණය වෙන 3D තාක්ශණයත් එක්කනේ එන්නේ. ඉතින් අපට කොහෙන්ද 3D ටීවී, 3D මොනිටර. යාන්තන් ලංකාවේ පළවෙනි 3D ෆිල්ම් හෝල් එකත් ඊයෙද කොහෙදෝ මැජෙස්ටික් එකේ විවෘත කළේ. ඒත් ඉතින් මම හෝල් වලින් ෆිල්ම් බලනවා කියලයෑ. 3D ටීවී එකක් දැක්කෙත් BMICH එකේ තිබ්බ ප්‍රදර්ශණයකින්. එදා මාර ආසාවක් ඇති උනා ඒකටනම්. ඔය ගැන හිත හිතා ඉන්නකොටම ...
නුඹේ උණුහුම...... වාසලගේ සටහන්...... මතකද නුඹට අපේ හදවත් අපේ සිතුවිලි අපේ දෙතොල් එකට යා වුන මොහොත.... මට දැනුන උණුහුම නුඹටද දැනුන වග හැඟුනා නුඹේ දෙනෙතින් වැටුන කඳුලු බිඳු දැක.... පැවසුවේ නුඹ බියවුන බව නුපුරුදු නිසාවෙන් ඒ උණුහුම.... මගේ නහර දිගේ නම් සැරිසරනවා ඒ උණුහුම තවම....***නුඹේ....? ...
ඇවිත් යන්න එන්න.... වාසලගේ සටහන්...... හෙමින් හෙමින් මගේ ලඟට ටිකෙන් ටික දෝරේ ගලාවිත්සනහා මගේ ගත.... විටෙක බෝ කල් හමුවන්න නාවත්පමණටත් වැඩියෙන්මා ලඟ විටෙක දැවටුන.... මා ලඟින් සිටි සැමගේ රිදවා හදවත්තලා පොඩිකර යන්න ගිය ඔබ.... බලා ඉන්නවා තවමත්එනතුරු මගේ ලඟටවියැකෙන්නට හැරඒ අතීතය... කම්නෑ ආවාටනිරිත දිගින් හෝඊසාන දිගින්... ...
ආදරණීය ගුරුතුමනි...... වාසලගේ සටහන්...... දුකා,මලී,...ආදී තවත් සහෝදර බ්ලොග්කරුවන් ටිකදෙනෙකුගේ උත්තේජනය නිසා මමත් දැන් පොත් කියවන්නෙක් බවට පත්වේගන එනවා....ඉතිං මාසෙකට සැරයක්වත් පොතක් ගන්න උත්සාහ කරනවා දැන්... පහුගිය දවසක ගත්ත ඒවගේ පොතක් තමයි "ආදරණීය ගුරුතුමනි". බටහිර ඉන්දිය ජාතික රිකාඩෝ බ්‍රේත්වේට් ගේ ජාත්‍යන්තර කීර්තියට පත්වුන "To Sir, with Love" කෘතියේ,සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන විසින් සිංහලට පරිවර්ථිත පොත තමයි ඒ. මේ පොත ගත්තට ඒක කියවන්න අමතක වෙලා තිබුනේ.ඉතිං පහුගිය දවසක ගෙදර ගිය ...
ජීවිතය ගඟක්ලු.... වාසලගේ සටහන්...... ජීවිතය ගඟක් වගේලුකඳුහෙල් අතරින්වන තුරු මැදින්ගලනවා වගේලු... ඒක එහෙමයි කියමුකො... ඒත් ඉතිංනිදහසේ ගලාගෙන යන්නකොහෙද ඉඩක්වෙන උන් ඇවිත්බැමි බැඳලාඋමං හාරලාවෙන පැතිවලට හරවනවනේඒක උන්ගේ දෙයක් වගේ.... ඉතිං කොහොමදඔය කියන ගඟක ලස්සණජීවිතේ ඇතුලේ දකින්නේ.... ...
මගේ නොවන නිසාවෙන්... වාසලගේ සටහන්...... ආසයි මම රැකගන්න ඔබමගේ ලොව තුල...නුඹට අයිති ලොවමගේ සුරත නොවන වගදැන දැනම සිරකලත්...හැකිය නුඹහටපැමිණිවිට කාලයඉගිල යන්නට නුඹේ ලෝකෙට...
පරිස්සමින්...! වාසලගේ සටහන්...... ඉහලයන්නේ බලාගෙනයි ගුරුත්වය තියෙන්නේ පහළටයි... ගිලිහුණොත් අත්වැල මහ පොළව හරිම ගණකමයි... ඒක කිව්වේ උඹේම හොඳටයි...
ගහකොළ හා සංවර්ධනය.... වාසලගේ සටහන්...... ගහකොළ අපේ ජීවිත වලට කොච්චර සමීපද...? මට මේක එකපාරම මතක් උනේ සති අන්තේ ගෙදර යනකොට පාර දෙපැත්තේ ප්‍රාණය නිරුද්ධ වෙලා,වේලිලා, දරදඬුවෙලා ගිහිල්ලා තියන මහා රූස්ස ගස් සෑහෙන ප්‍රමාණයක් දකිනකොටයි... ලංකාව සංවර්ධනය විය යුතුයි. මංමාවත්, ගොඩනැගිලි ඉදිවෙන්න ඕනා තමා. ඒත් මෙහෙම.... ඒ විදියට වෙන්න ඕනා කියලා හිතන සංවර්ධන ක්‍රියාවලියක් නිසා සිදුවෙන විනාශයක් තමයි මම අර කිව්වේ.... පොඩිකාලේ ඉඳන්ම ලංකාවේ පාරවල් වලින් (ගිහිල්ලා තියන) මම ආසම ...
ඉගිල ගිය ඔබට..... වාසලගේ සටහන්...... නුඹඅහින්සක සමනළියකිමමඔහේ ඉගිල ගියමී මැස්සෙකි...එක මල් යායක දීහමු උනා මතකද අප... ලංවුනා අපඔබ මගේමා ඔබේ මැයි කියා... දනිමි මමනුඹ මටදමා නුඹටදපෙම්කල වගමුළු හදින්ම... ගෙවීගිය අපූරුව නොදැනීම සුන්දර වූ ඒ කාලය... සමනලියකටමී මැස්සෙකුනොපැහෙනා බවකියා නුඹ ගියා මවෙතින්හුදෙකලාව සහනයකැයි කියා... දෙසවනට වැටුනානුඹ පැතුවනුඹට ගැලපෙනසමනලයෙක්ම මුණගැහුන වගහිත පුරා ආදර කරන්නට... ඉතිං පතමි මම ඒ ලොවේ සතුට රැඳෙන්නජීවිතේ පුරාවට.... ...
නෙතේ කඳුලු මං නිසාද...? වාසලගේ සටහන්...... දුක් කඳුලැල් පිරුණ නෙතටතුටු කඳුලැල් ගෙනා නුඹට... සෝ සුසුමන් පිරුණ හදටපෙම් හැඟුමන් ගෙනා නුඹට... සොවින් පිරුණ මුහුණ මතටසිනා කැකුලු ගෙනා නුඹට... ඉතිරි කලේ කඳුලක් පමණිද මා නුඹේ නෙතට....? ...
මගේ පැතුම.... වාසලගේ සටහන්...... ඔබේ පැතුමන් රළක් උනෝතින්එපා කිසිදින විසිර යන්නට....ඔබේ සිනහව ගඟක් උනෝතින්එපා කිසිදින සිදී යන්නට....ඔබේ සෙනෙහස වලාවක් උනෝතින්එපා කිසිදින පාව යන්නට.... කඳුලු බිඳු වියැළිලාපතන පැතුමන් ඉටුවෙලාජය ගන්න නුඹෙ ලොව කිරුල දරලාමගේ හදින් පැතුමක් මතුවෙලා.... ...
අතරමං වෙලා මං.... වාසලගේ සටහන්...... මා සිත් අහසේ සඳ පායා තිබුනත් තරු කැටයක් වි නුඹ මසිත තවත් එළිය කලා... මහ මුහුදට මා හිමිකම් කීවත් පොද වැස්සක් වී නුඹ මා පවස නිවූවා... මල් යායක මා තනිවි සිටියත් නුඹ සුදු මලක් ව මා හිස සැරසූවා... මහමෙරක පෙමක් මගෙ සිත ...
ඒ අපි වෙනුවෙන් නේද.... වාසලගේ සටහන්...... මම සාමන්‍යයෙන් නිවාඩු දිනවලට,ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා වගේ දිනවල උදේ නැගිටින්නේ සෑහෙන්න පරක්කුවෙලා.වෙනදා පුරුද්දටම 6 විතර ඇහැරුනත් ඇඳෙන් බහින්නේ 8 පහුවෙලා.ඒ කම්මැලිකමටද ඒකට තියන ආසාවටද කියලා හිතාගන්න බෑ.කම්මැලිකම කියන්නේ ඒකට තමයි ඉතිං.... ඇඳේ දිගාවෙලා ඉන්න ඒ කාලය තුල හිත එක එක තැන්වල රිංඟනවා.විශේෂයෙන්ම ගෙවුන සුන්ඳර අතීතය,කඳුලු හෙලන වර්තමානය,අරමුණක් නැති අනාගතය ඔය එකී මෙකී නොකී බොහෝ තැන්වලට.ඒ අතරින් ඉතිං වැඩියෙන්ම සැරිසරන්නේ ලඟදීම ගෙවුන ...
අලුත් වැඩකට අතගැහුවා..... වාසලගේ සටහන්...... මමත් ෆිල්ම් බලන්න ඇබ්බැහි උන එකෙක් කිව්වොත් නිවැරදියි.කාර්යාලයේ වේගවත් අන්තර්ජාල සම්බන්ධයකුත් තියන නිසා ඒක තවත් වැඩිවෙනවා.මම වැඩිපුරම බලන්නේ නාට්‍යමය,ආදර කතා,true stories වගේ ඒවා තමයි.ගොඩාක් වෙලාවට ෆිල්ම් ගැන හොයන්නේ IMDb එකෙන්.ඉතිං ෆිල්ම් හොයන අතරේ true stories යටතේ 8.1/10 රේටින් ගත්ත චීන ෆිල්ම් එකක් හමුවුනා.Yip Man(2008)මේකේ විස්තර බලද්දි දැනගත්තා බෲස්ලීගේ එක් ගුරුවරයෙක් ගැන කතාවක් කියලා.බාගත්තා.බැලුවා....පස්සේ මට හිතුනා මේක අපේ සිංහල උපසිරැසි නිෂ්පාදකයා ...
ඇයි මම...... වාසලගේ සටහන්...... Arthur Robert Ashe.....ඇමරිකානු විවෘත ටෙනිස් සූරතාවය දිනූ පළමු කළු ජාතිකයා.....ඒවගේම 1975 දී විම්බල්ඩන් සූරතාවයද දිනා ඇති මේ මිනිසා 1983 දී ඒඩ්ස් රෝගයට ගොදුරු වෙනවා ශල්‍යකර්මයක් අතරතුරදී....මොහු මිය යනවා 1993 පෙබරවාරි 6 වනදා......ඔහු රෝගයෙන් පීඩා විඳිමින් සිටිනා අතරතුර ඔහුගේ ක්‍රීඩාලෝලියෙක් ලිපියකින් අසනවා මෙවැන්නක්..."ඇයි දෙවියන් වහන්සේ ඔබව තෝරාගත්තේ මේ දෙයට....." ආතර් පිළිතුරු ලිපියක් යවනවා මේ ලෙසට.... "මුළු ලෝකෙන්ම මිලියන 50ක් පමණ දෙනා ...
නොමිලේ,හොඳම එක...... වාසලගේ සටහන්...... නිදහස් මෘදුකාංග අතරින් ඔබට හොඳම මොනවද? නිදහස් මෘදුකාංග වලින් හොඳම ඒවා විදියට CNET විසින් ප්‍රකාශ කරන පළමු මෘදුකාංග 5 තමයි මේ. 5. GIMP 4. HandBrake 3. Firefox ...