::රතු සියල්ල රෝස නොවෙන සඳ:: වසන්තයේ අග..... රොබරෝසියා මල් පිපේ තවමත්වියැකි නැත තව සියොත් නද වුවදොලේ දිය පෙම්කෙළී එලෙසම වළාකුල් වුව කළු පැහැම නැත සාද සිනහා නැසී ගොස් නැත හයට අටටම වැයේ මියැසිදනමුත් මා සිත අවසඟය මට ගොතා නිම නැත කිසි කවක් ලියන්නට සිත සිතන සැම විට මැවේ රත්පැහැ සිත්තමක්නොවේ ඒ රතු රෝස පොකුරක්උණ්ඩයක් හිල් කල හිසක්. ...
:: දේශ ද්‍රෝහියා:: වසන්තයේ අග..... සාජන් මහත්තයා. පසෙක වූ වීදුරුවෙන් අරක්කු ටිකක් වැඩිපුර මුවට හලා ගත්තේය. ඉදිරිපස පුටුවේ සිටි තැනැත්තා බිමට වැටෙන සේ පා පහරක් ගැසීය. වම් පාදයෙන්. දකුණු උරහිසට.“ උඹල වගේ උන්ට ගහන්න හිත දෙන්නෑ බං බිව්වෙ නැත්තං“රාලහාමි. බිම වැටුණ පුද්ගලයා යලි පුටුවේ ඉන්දවීය. අතකින් ඇද. අනතුරුව කිහිලි දෙකෙන් වාරුකොට.“ උඹ තනියෙන් ඔක කලා වෙන්න බෑ. කියපන් කවුද උඹට ඔය වැඩේ කරන්න උපදෙස් ...
::නිය - පිට-ගඟ:: වසන්තයේ අග..... මඟුල් උයන. කුරුල්ලෙකුටවත් අවසර නැතිව ඇතුල්වීම තහනම් වූ හෙයින් කිසිදු ප්රේමාලිංගනයකින් තොරවම නිද්‍රාවට පත්වෙමින් සිටියේය. මංගල හස්තිරාජයා. දුරබැහැර ගමනකින් ලද විඩාවෙන්ද, රජුගේ ලෝහමය පා ආවරණ වලින් ලද පීඩාවෙන්ද පෙලනු ලැබ තම හොඬය වඩවඩාත් අකුලා ගනිමින් යලි දිග හරිමින් සහනයක් සෙවීය. රාජකීය යහන් ගැබ. මංගල හස්තිරාජයා සිටි තැනට මඳක් දකුණින්ද මහල් දෙකක් ඉහලින්ද පිහිටා තිබිණි. මුරකරුවන් සය දෙනෙක්. රාජකීය යහන් ගැබට ...
:: මතක අමතක :: වසන්තයේ අග..... පරණ මතකඉඳහිටක අළුත්වනහොරෙන්ම හිනැහෙන අනෙකකු හා බෙදෙනකෙබරයක් තෙපරබා හිනැහෙනඉඳහිටක ඇත්තම කියවෙන රූ රටා පෙම් සුවඳ වියැකුණදෙපසෙහිම ඇලවෙන නොදන්නා සේ හිඳිනඅනුන් රවටා අපද රැවටෙනදකින්නත් ඇතැයි සිතමිනපෙම් කථාහරබරව වියමිනඑතරම්ම පෙමිනවෙනකකු හා බැඳෙමිනපැරණි ප්‍රේමය ඔපයට එල්ලනඋඩඟු බැල්මෙන් එ‘වග දොඩවන ...
:: කහ සහ ගෝවා:: වසන්තයේ අග..... කහ. අවුරුදු කුමරිය තරඟයදා ඇය හැඳ සිටියේ කහපැහැති තනපටකි.අයෝමය පුරුෂයා තරඟයට ඔහු ආවේ කහ පැහැති යට ඇඳුමකින් සැරසීය. ගෝවා. ඔහු දිනපතා බිව් සුප් කෝප්පයට ගෝවා දැමීම අකැප විය.ඇයගේ උදා ආහාරයට ගෝවා සලාදයක් අනිවාර්යය විය. දිග. එතරම් නොමේරූ.ඇය. ගෝවා වලට අමතරව කොල පැහැති එලවළුත් කහ පැහැති පලතුරුත් කෑවාය. මඳ පමණ. ශරීර හැඩය නොනසා.ඔහු. මස් ද මාළුද කෑවේය. තෙල්කෑම අඩුකලේය. ශක්ති ජනක ...
:: මට වඩා වැඩිමල් මල්ලී :: වසන්තයේ අග..... පියවරයන්.ඒ තැබූ අඩිවලට පියවර යැයි කිව නොහැක. ඒවා බර අඩිය.ඇතැම් අඩි නිරුවත් පාවලින් තැබිණි. උන් පුරුද්දට පාවහන් නොපැලඳි හෙයින් නොවේ. පාවහන් ගැන වගක් නොවූ හෙයිනි. ඇතැම් අඩි සෙරෙප්පු වලින් තැබිණි. බොරළුපාරේ ඇවිදීමෙන්. කාස්ටක නියර දිගේ යෑමෙන්. ගඟේ ගල්වලට මැඳීමෙන් මහපටැඟිල්ලත් විළුඹත් ලඟින් හිල්ව ගිය සෙරෙප්පු වලින් තැනී. ඇතැම් අඩි ඒ මේ අත ඇදී ගොස් තිබිණි. හිමියාට වාරු නැතිවූ හෙයින්. තවෙකකුට ...
:: පටාචාරා කථාව:: වසන්තයේ අග..... ඇය. වැහැරී ගොස් සිටියාය. ගඩා ගෙඩිම කෑ හෙයින්. දෙවසකට ලංවූ කාලයක් හිස. පසෙකට බරව තිබිණි. වාරුවූ උරහිස හිමියා නැතිව ගිය හෙයින්. සර්ප දළකට බිලිව.උදරය. තදින් ඇඳුණු මඩ පැල්ලම් දෙකකින් ගැවසිනි. වසරක් වයසැති විලුඹකින් කෙරුණු. සැඩ ගං දියක ගිලී යන්නට පෙර.දෙතන. වැහැරී ගියද කිරෙන් පිරී තිබිණි. උකුසකු ඩැහැගත් ලදරුවකුට උරුමවුණ. පෙර රැයේදී මව් කුසින් බිහිවූ. පටාචාරා. සැවැත් නුවරට පැමිණ සිටියාය. ...
::කොන්දේසි:: වසන්තයේ අග..... හරි,මං ආදරෙයි....!හැබැයි දෙකක්.එක.ගන්න බෑකිසිම උපහැරණක්අපේ ආදරේට...! දෙක. කියන්න බෑ ඉර හඳ තරුවලට අපි ආදරේ බව...! පුදුම වදයක් ඔය කෙහෙල්මල් .... දාල ගියදාට....!............................................................................................... ...
:: මල් සහ කටු :: වසන්තයේ අග..... මහ සද්දෙන් වැහි බේරුණුඅකුණු පැළුණු හැන්දෑවකඋතුරන කුණු ඇලක් ලඟමනුඹ හිටියා හිනැහීගෙනළඟට ඇවිත් හීන්සැරෙන් අතේ ඇඟිලි පැටලෙනකොට“ජබෝස්“ ලෙසින් සුබ පැතුවා මඩ වතුරක් හරි අගේටඑදා ඉඳන් මේ වෙනකල්වැහිකුණාටු බෝ ආවත්නොලිහී ගිය ඇඟිලි නමටමේ ඩිංගත් ඔහොම ඉඳිමුකැත්තයි පොල්ලයි විලසට ...
:: පී :: වසන්තයේ අග..... “හරි, ඔයා කැමතිම අකුර ඇඟිල්ලෙන් මෙතන ලියන්න. මට කියවන්න පුළුවන් වුණොත් මං දිනුම්“සිය පිටෙහි වූ දූපත් හැඩැති ලපයක් චන්දරේ වෙත පාමින් මොනර කිරිල්ල කීවාය. කැමති. අකමැති. අකුරු. ඇඟිලි. චන්දරේට අකුරක් සිහි නොවිනි. ඒ වෙනුවට ඔහු ඈ පෑ ලපයේ දාර දිගේ දබරැඟිල්ල දිවවූවා පමණි. “මොකක්ද අනේ...?““හරි, අද හවස කියන්නම්...!“කමිසය. සිය වතෙහි දවටාගත් චන්දරේ වහා දිවවිත් බසයට නැංගේය. අසුනකට බර වුණේය. දකින ...
:: මල් සහ තේ :: වසන්තයේ අග..... චතුරංග. සිය සිරුරේ වූ සියළු අංග අතුරින් දකුණතෙහි මුදුගිල්ල හා උරණව සිටියේය. සියල්ල සත්‍යයය. මෝස්තරය. තමා එකඟ වූවකි. ප්‍රමාණය. දෙවරක්ම මැන්නායින් පසුව හෝ තමාට ගැලපෙන්නට සැකසූවකි. මුලින්ම අත්තිකාරම්ද පසුව මුළු මුදලද ගෙවූයේ තමන්මය. එහෙයින් මුද්ද හා උරණ වී පලක් නැත. උරණ විය යුත්තේ ඇඟිල්ල සමඟය. ඇඟිල්ල. නොතිබුණා නම් අද මුද්ද පැලඳීමට සිදු නොවන්නනේය. ********************************************** අටපෙතියා මල. රතු සහ කළු ...
:: මාලය :: වසන්තයේ අග..... “සමාජ ප්රගමනය උදෙසා කාන්තාවගේ මැදිහත්වීම“. පිරිමි දහසය දෙනෙක්ද ගැහැණු තුනහමාරක්ද සහභාගිවූ රැස්වීම අවසන් වූයේ මඳ වැස්සක් වැටෙමින් තිබියදීය. වැස්ස. කොළඹ වූ සියළු නවාතැන්හල් තෙමමින් ඇද හැළුණි. අපි. පිටත මහ වැසි වසිද්දී, බත්තරමුල්ලෙහි වූ හතර හය ප්‍රමාණයේ නාන කාමරයකින් දහදිය සෝදා හලෙමු. “ ආ.....!“ මේසය මත තිබූ මාලය ගත් ඇ මා වෙත පෑවාය. කොණ්ඩ කටුවක් දත් අතර තිබියදීම. “මොකටද....?“ “ අරන් ...
::නිය-පිට-ගඟ:: වසන්තයේ අග..... මඟුල් උයන. කුරුල්ලෙකුටවත් අවසර නැතිව ඇතුල්වීම තහනම් වූ හෙයින් කිසිදු ප්රේමාලිංගනයකින් තොරවම නිද්‍රාවට පත්වෙමින් සිටියේය. මංගල හස්තිරාජයා. දුරබැහැර ගමනකින් ලද විඩාවෙන්ද, රජුගේ ලෝහමය පා ආවරණ වලින් ලද පීඩාවෙන්ද පෙලනු ලැබ තම හොඬය වඩවඩාත් අකුලා ගනිමින් යලි දිග හරිමින් සහනයක් සෙවීය. රාජකීය යහන් ගැබ. මංගල හස්තිරාජයා සිටි තැනට මඳක් දකුණින්ද මහල් දෙකක් ඉහලින්ද පිහිටා තිබිණි. මුරකරුවන් සය දෙනෙක්. රාජකීය යහන් ගැබට ...
:: සත් මරණ :: වසන්තයේ අග..... මම. ඇගේ නලලට හාද්දක් දීමි. දහබිඳු පිසීමට යත්න නොදරාම.ඇය. නැගිටගත්තාය. සිනාසුනාය. පාරට මුහුණලා වූ ජනේලය විවරකලාය. මා වලකන්නට පෙර.ආපසු ආවාය. මට නැඟිටින්නැයි සන් කලාය. මම. නැඟිටගත්තෙමි. ඇය සේම. නිරුවතින්. ඇය. දෙදණ ඔබා වැන්දාය. නිරුවත් මට. නිරුවතින්ම. අනතුරුව. දිවගොස් ජනේලයෙන් පැන්නාය. මිය ගියාය. ***********************************************************************************ඊටපෙර.ඇය. දෝත විහිදා මා වැලඳ ගත්තාය. අත නොහැරම එල්ලී සිටියාය.මම. ඇය එලෙසම සිටිද්දී දොර වසා දැමුවෙමි. ඉඟෙන් අල්ලා ...
:: ප්‍රේම මරුවාගේ කටඋත්තරය :: වසන්තයේ අග..... ප්රියාවියනුඹේ ලවනත මතක ඇත මටඑ‘ලවනින්ම ආ බැගෑ වදන් හැරප්රියාවියනුඹේ දෙනයන දිලෙනු මතකයකඳුළු බිඳු ගැන වගක් නැති වුවප්රියාවියනුඹේ ලැම විල සිහි ඇත තවමඑතුල ගිලෙමින් දෙඩූ දෑ හැරප්රියාවියතරුවකට දැමූ නම අමතකව නැතතරුව දිවුරා දුන් වදන් මිසප්රියාවියපෙම් කලේ යැයි දැනේ ඉඳහිටනුඹෙම වන්නෙමි කියූ වග හැරප්රියාවියඉඳින් මා නිවැරදිකරුයවැරදි කිසිවක් මතක නැති සඳ ...
"Challengers" හා "Bommarillu" හෙවත් ජෝක්ස් හා පොරටෝක් වසන්තයේ අග..... උදයකාන්ත වර්ණසූරිය මහතාගේ නවතම චිත්‍රපටය "චැලෙන්ජර්ස්" දැන් තිරගතවේ.අද (11) ලංකාදීප පුවත්පත හා සාකච්ඡාවකට එක්වන ඔහු සිය චිත්‍රපටය පිලිබඳ මෙවැන්නක් කියයි.ලංකාදීප: ඔබ මීට පෙර කල නිර්මාණ, සමහර විදේශීය චිත්‍රපටවල අනුකරණ බවට විචාරකයන් බවට පහර ගසා තිබුණා. "චැලෙන්ජස්" චිත්‍රපටයත් විදේශීය චිත්‍රපටයක අනුකරණයක්ද?වර්ණසූරිය මහතා: "චැලෙන්ජස්" චිත්‍රපටයට පාදක වන්නේ පියපුතු සබඳතාවයක් ගැනයි. මේ පියපුතු සබඳතාවය ගැන විවිධ නිර්මාණ ලෝකයේ බිහිවී තිබෙනවා. එම කාරණය සදාතනික ...
:: පැති පෙනුම :: වසන්තයේ අග..... කැමරාව. කාලවර්ණ කවරය තුලට වී නිසලව තිබිණි. කවරය. ඇගේ වම් අතෙහි දබරැඟිල්ලෙහි එතුණු හුයකින් ඇය හා බැඳී තිබිණි. ඇගේ දකුණත. සිය සැමියාගේ වමතෙහි එතී, ඔහුගේ ඇඟිලි අතර තෙරපෙමින් තිබුණේය. ඔවුහු උද්‍යානයේ ඈත කෙලවරක් දක්වාම වැඩක් ඇති, වැඩක් නැති බොහෝ දේ දොඩමින් ඇවිද ගියහ. තවත් මඳ දුරක් ගිය ඕ කථාව නැවතුවාය. අත නිදහස් කරගත්තීය. සිය සැමියාගෙන්. “ අපි ෆොටෝ එකක් ගමු“ ...
:: Chest Vs Breast :: වසන්තයේ අග..... ඇය. අඳුරු පැහැ තරප්පුවෙන් බැස ආවාය. අළු පැහැති බ්ලව්සයක් වීදුරු පැහැ පටි දෙකකින් රඳවාගෙන. සෙනෙහසින් සිනාසුනාය. මගේ දකුණින් හිඳ ගත්තාය. සිය වමතෙහි ඇඟිලි මගේ දකුණතෙහි සැඟවූවාය. වීදුරු නෙත් දෙකින් මාදෙස බැලුවාය. මම. සිත තදකොට සිරකලෙමි.“ඔයාට කියන්න දෙයක් තියෙනව“ඇය. හිස ඇලකොට මාදෙස බැලුවාය. වීදුරු දෙනෙතින්. කියන්නැයි සන්කලාය.ගලක්. උගුරෙහි සිරවෙනු දැනුනි. “මට ඔයාව බඳින්න බැහැ....!“මම. උගුරෙහි වූ ගල පුපුරා ලූයෙමි. එහි හඬින් ...
ගෝල්ෆේස් ප්‍රේමය වසන්තයේ අග..... පොඩි උන්. එහේ මෙහේ දුවමින් සිත්සේ දඟලමින් උන්හ.උන්ගේ මාපිය බාරකාරයන්. දරුවන් නැතිවෙතැයි යන බියද උන් වැටෙතැයි සැකයද උරමත දරනට වන් හෙයින්, සූර්යයාගේ මඳ හිරු රැසින්වත්, මුහුදු සුලඟින්වත්, ලද නිදහසින්වත් තුටුවිය නොහී දරුවන් පසුපසම දුවමින් හුන්නෝය. වෙළෙන්දෝ. සාමාන්‍යයෙන් පැමිණෙනවාට වඩා සෙනඟ ආ දිනක් හෙයින් වෙනදාට වඩා යුහුසුළුව සිය වෙළදාම කෙරෙහි උනන්දුව සිටියෝය.කුරුල්ලෝ. සෙනඟ කෙරෙහි බියක් නැති වුවද, තමන්ට වැසීමට බිම ඉඩකඩ ...
:: මුදු සහ කෙස් :: වසන්තයේ අග..... බස් රිය. බොහෝ වලගොඩැලි මතින් උඩ පනිමින් ගමනාන්තය කරා දුවමින් තිබුණේය. වලවල් වැසිදාට වැසි දියෙන්ද, අව්දාට හිරු රැසින්ද දිනපතා රෝදයන්ගෙන්ද පහර කමින් තම වපසරිය පුළුල් කරගනිමින් සිටියේය. රියදුරු. එකවනම බසයේ තිරිංග තදකලේය. ඉක්මනින් හා තදින්.ඇය. මගේ මඟුල් මුදුවේ පැටලී ගිය කෙහෙරොදක වාරුවෙන් නොවැටී සිටියාය. අනතුරුව සිනාසී යලි සිට ගත්තාය. මුද්ද. කෙහෙරොද අතනොහැර අල්ලාගෙනම සිටියේය. නැත. කෙහෙරොදට මුද්දෙන් ගැලවීමට අනැවැසිව තිබිණි. ...