:: පුනරාරම්භය :: වසන්තයේ අග..... රළ. වෙරළ මත වැදෙමින් තිබිණි. සෝදමින්. සේදූ වැලි යලි දමමින්. මැරුණු බෙල්ලන් මතු කරමින්. ඔහු. වෙරළෙහි වැතිර සිටියේය. උඩුකුරුව. ලිහිණියෙකු දෙස නෙතු යොමාගෙන. ඇය. දිය බේරෙමින් ආවාය. යටිකුරුව වැතිරුණාය. ඔහු අසලින්. ඉඟ හා දණහිස් මදක් එහෙමෙහෙ කලාය. උස්ව ආ සිය නිතඹ දෙස බැලුවාය. අනතුරුව ඔහු වෙත හැරුණාය.උස්වූ නිතඹ එලෙසම තබාගෙන. “ මං තාමත් ඒ වගේමද? “ලිහිණියා. ඔහුගේ ඇසින් මිදුණේය.“හ්ම්..! ටිකක් ...
:: හෙමින් යන බස් :: වසන්තයේ අග..... චන්ද්‍රසේන. බසය පිරෙන්නට සෙනඟ සිටියද, වේලා සටහන්කරු කිහිප විටක් නලාව පිම්බද, බසය ඉදිරියට නොගත්තේය. පණගැන්වූ රියෙහි සුක්කානම මත දෑත තබාගෙනම සිටියේය. ඉදිරිය බලාගෙන. දහදිය. බසය පිටත්වී නොතිබුණද ඇතුලෙහි සිටියවුන් දහදියෙන් පෙඟෙමින් තිබිණි. අව්රශ්මියෙන්ද, ශරීරතාපයෙන්ද උපන් උණුසුම දරාගත නොහී. ඊලඟ බස්රිය. චන්ද්‍රසේනගේ බස්රියෙහි ගෑවී නොගෑවී නතර කෙරිණි. සය වරක් නලාව හැඬවිණි. මහ හඬින්. රියදුරු කියූ අසැබි වදන් යටපත් කරමින්. චන්ද්‍රසේන. බසය ...
:: දෝ(මි)ණි :: වසන්තයේ අග..... දනිමි දැන්....ප්‍රේමයක් ඇති බවසඳ එළිය සේම පිවිතුරුසෙනෙහසක් ඇති බවඑතරම්ම මහරුදකිමි මම්දෙවඟනක් මිහිපිට...පෙර මතක හකුලාපරසක්වලෙහි ලනනේක මුදු තෙපුලුන්විසුළුබස් කරවනඑදා රූ සොඳුරන්වැඳිරි වෙස් ගන්වනවිඳිමි මම්ප්රේමයක් දෙව්මය....කටහඬට දිලෙනානෙත් දෙකක් අබියසපපුතුරේ සැඟවෙනාහිමිකමක් උරුමවසුසුමටත් සැලෙනාහදවතක වහලකුව ...
:: තාර මිනිසුන් :: වසන්තයේ අග..... පාරවල් වන් මිනිසුන්ද ඇත...!බොරළු ගල් සඟවානමටසිළුටු තාරයෙන් හිනැහෙන.ටයර පා රිදෙතැයි තව තවත් ගෙවී මුදුවෙන. පාරවල් වන් මිනිසුන්ද ඇත...!තුනී තනි වැස්මකින්පැරණි වලවල් වසාලන.කැඩී සුන්වී ගියද මඟ දමා දුර නොයන.පාරවල් වන් මිනිසුන්ද ඇත...!තැලී පොඩිවී වුවද ඉමක දුර රැගෙන යන.මඳහසක් වෙනුවටදුම් රැසින් තුති ලබන. ...
කඩදාසි(ය) වසන්තයේ අග..... නිශාන්ත රත්නායක විසිකල ගිනිකූර බිම පතිත වෙද්දීද් නිවී නොතිබුණ හෙයින්, ක්‍රිෂාන්ත ඒකනායකගේ ඇඳ යට තිබූ විසල් කඩදාසි ගොන්න ගිනි ගත්තේය.නිශාන්ත ගිනිකූර විසිකල සැනෙන් කාමරයෙන් නික්ම ගිය හෙයින්ද, ගින්න එකවරම ඇවිලී යනවා වෙනුවට, මුලින් සුළුවට ඇරඹී පසුව පැතිරී ගිය හෙයින්ද, සියල්ලටම වඩා ක්‍රිෂාන්ත ගින්න ඇවිල යද්දී ඒ දෙස බලාපොරොත්තුවෙන් බලා සිටි හෙයින්ද, එය බැරැක්කයෙන් අඩක් පුරා පැතිරෙන තුරු ගින්නට විරුද්ධව නිසි ...
හිස් වසන්තයේ අග..... එකම ඉරක්වත් නැති සුදුම සුදු කැන්වසයක්.එකම තරුවක්වත් නැති කළුම කළු අහසක්.එකම පැලයක්වත් නැති දිගම දිග බිම්කඩක්.මොනතරම් හිස්ද ?කැමති පැත්තට හැරෙන්නට හැකි - කැමති රුවකට ඇඳෙන්නට හැකි. කැමති තැනකට පෙනෙන්නට හැකි - කැමති සඳකට නැගෙන්නට හැකි.කැමති තැනකින් හිඳින්නට හැකි - කැමති ගසකට හැදෙන්නට හැකි.ඒ හිස්කම, මොනතරම් නිදහස්ද....?නෙක පැහැයෙන් සිත්තම් කර - හැඩට තැනක එල්ලුවාම.සහස් රටා පිරිවරාන - තාරපතිට රෑ පිදුවම.මේ ඉඩ ...
:: සාරුවා ( වගේ දේවල් - The 'things' like) Saaruwaa :: වසන්තයේ අග..... වගක් නැතිසේ ඉන්නෙ කොහොමද...?බලන් ජනගඟ රුකුල් දෙන මට.දන්නවද ඔබතුමා මං ගැන...?සියක් නැලවූ පුතයෙක්මි මම.දුවෙක් සිටිනා වයස විසිදෙකපෙමට ආ වුන් පස් දෙනෙක් විය.බැලුම් හෙලුයේ මගේ දුවණිටකඩා ලූයෙමි අත් කකුල් මම.ඔය කියන කෙල්ලන්පමණට වඩා වැඩුණෙන්ඉරුණු රෙදි ඇන්දෙන්තමයි සිදුවුණෙ මේ පරිද්දෙන්.මට මෙහෙම වූවොත්දුවට නෑ සරණක්.නිදොස් වෙන්නම බැරිනම්පිලිගනිමි දැඩි දඬුවමක්.මින් මනත අයි ඩී බලන්නම්වැඩී එනතුරු බලා ගන්නම්.ඇවැසි නම් මේ අහ එවන්නම්හතර පෝයට සිලුත් ගන්නම්.තුවක්කුව ...
:: වගකීමෙන් නිදහස් වීමේ නිවේදනය:: වසන්තයේ අග..... මරණය....!හරි... ඔට්ටුයිනිදහස් නම් ඔය කියන තරම්මසැපවත් නම් ඔය පෙනෙන තරම්මලෑස්තියි මං එන්න නුඹ කැටුවකට්ට කරුවල රෑක හුලං පොදක්වත් නැති වෙලාවකපට්ට කළු ඇඳුමක් ඇඳගෙනනිශාචරයන් නිදියන රෑකගේ පිටිපස්සෙ වැටෙන් පැනවා කවුළුවෙන් රිංගා ඇවිදින්සද්ද නොනැගෙන්න ඇහැරෙව්වොත් මාවලෑස්තියි මං එන්නහැබැයි....!එකම එක තරු එළියකටපෙනුනොතින් අපි අපිටපුංචිම පුංචි හුලං සැරකටදැනුනොතින් ඒ සුවඳහීනිම හීනි රැහැයි හඬකටඇහැරුණොත් ආ මඟ මතකඉස්සරහ තාප්පෙ සුදු එළියටදුටුවොතින් ඒ බැල්මනුඹ සළුවෙ වූඑකම සුදු ...
ඔබේ කවුරුත් නොවුණු පවට....! වසන්තයේ අග..... හාංදුනේ අපි..!කර මතින්ම ඉහලාගෙනඋදේ රැයින් ගහපු කතිරලක්ස ගණන් දීපු වගටකෙලෙහිගුණේ ඇති කියලයිදවස් ගණන් මාස ගණන්මේ ගිනි දිය බිබී උන්නෙහාවක් හූවක් නැතිවමසමාවෙන්න ගැත්තන් හටදෙවියන් වග සිහි නොවුණටකාසි මිසක වෙන පඬුරක් නැතිව දැකුම් ඉල්ලුවාටදේව අණින් තැනුන දෙයමනසනැයි යුක්තිය පැතුවටහාංදුනේ අපි..!සිහි කෙරුවේ ඔබ මහිමයඇඟ දාගෙන ගලන වතුරඅසාධාරණැයි සිතමින යුක්තියටම කැපවුණ ඔබකැමරාගෙන පෑනුත් ගෙනඅපේ පසින් හිඳ ගනිතැයිසමාවෙන්න ගැත්තන් හටවරුගාණක් පැයගානක් එයාටයිම් වෙන්කෙරුමටපිටු ගාණක් මුල් ...
:: විසාකා විලාස:: වසන්තයේ අග..... බලන්න තිබුණා අහන බැනුම් ටික අද උන්නා නම් විසාකා තෙම අඟර පාමින් ඇවිදින්ට ගොස් තෙතබරියම්ව මහ සෙනග මැඳ
:: අයිස්ක්‍රීම් :: වසන්තයේ අග..... දුර. ඇය කිලෝ මීටර් දෙකක් පයින්ද, විසි අටක් බසයෙන්ද පැමිණ දකුණු පස බස් නැවතුමට වී සිටියාය. ඔහු කිලෝ මීටර් එක හමාරක් යතුරුපැදියෙන් විත් ඇය ඉදිරිපස නැවතුණේය.ඔවුහු කිලෝමීටර් දහයක් එක්ව ගමන් කලෝය. යතුරු පැදියෙන්. ඔහු ඉදිරිපස. ඇය පසුපසින්. ඔහුගේ උරයට වාරුවී. බංකුව. පසු පසින් රූස්ස ගසකින්ද, වම් පසින් මල් වැටකින්ද, දකුණින් කුණු බක්කියකින්ද ආවරණයව තිබිණි. ඉදිරියෙන්. ගඟක් ගලා බැස්සේය. මීටර් දෙසීයක් ...
:: ලේ සහ කඳුළු :: වසන්තයේ අග..... කඳුළු....!මිණි කැටව බිම වැටිය යුතුමයස්නේහ පැතුමෙන් විලිබරව මිසගාසාහි මෙන් මර බියෙන් නොවඇස්....!විවර වී මඟ බැලිය යුතුමයමාපියන් මඟ එත්ද වග මිස අහස බිඳ එන ගිනි පුලිඟු නොවකඳුළු...!නෙතඟ දිලිසී තිබිය යුතුමය ප්‍රේම පහසින් ඔකඳවී මිසතල් ගසක් යට වෙව්ලමින් නොවදෙපා....!ජවය යොදමින් දිවිය යුතුමයවසත් සමයෙක කෙළිදෙලෙන් මිසක්රෑර අවියක ගිනි බියෙන් නොවකඳුළු...!කොපුල් රූරා ගැලිය යුතුමයපිය සම්පයෝ තුටින් මිස මැරුණු මවුපිය නැති සොවින් නොවලේ.....!නහර සූරා ගැලිය ...
ඔවුහු....! වසන්තයේ අග..... නොහඬව ශෝක නොකරව ස්ත්‍රී වර්ගයා එසේමය සැනෙන් තුටුවෙති දමා පැනයති යලිත් දිව එති අඩුම තරමින් හාද්දක වගක්වත් කියා දිව යති ශේෂ දුකකුත් මහා මෙරක් කොට දොඩා ලියවති ...
Untitled Post වසන්තයේ අග..... නන්ද කුමාර වස්තුව ...! (1)නන්දය...!නුඹ පෙම..තෘෂ්ණාව මුල්කොට ගත්තේයපෙරලා යමක් පතනේයසුළු දෙයෙහි බඳනේයඑහිම සෝ වඩනේයකාලයෙහි ගිලනේයනන්දය..!ඒ පෙම..කුතුහලයෙන් උපනේයආශයෙහි වැඩුණේයඅරමුණෙක් නැතියේයපර උයන් තෙරක වුවලද අවසර නැගුනේයනන්දය ....!නුඹ පෙම..දකින්නට පාසුයවඩන්නට පාසුයබිඳින්නට පාසුයයලි තනන්නදඑතරම්ම පාසුයනන්දය ...!ඒ පෙම..මසැස පිනවායවිටෙක හඬවායමනස රවටායවලෙක ලූ කලක මෙන්මංමුලා කොට යායනන්දය ..!නුඹ පෙම..අරමුණම අරමුණු කොටනසා සුන් කටයුතුය ඉඳින්.....!බලව අර දෙව්දුවවැඳිරියක අත දරන ...
:: සුදු සහ නිල් :: වසන්තයේ අග..... සුදු මල්. පාර දෙපස සිටුවා තිබූ වතුසුදු ගස්හි පිරී තිබිණි.නිල් මල්. වැසී ගිය කාණු අස්සෙන් මතුව ආ කටරොල් වැල් මත එල්ලී තිබිණි. සුදු කාරය. අතුරු පාරෙන් විත් ඉදිරියට හැරවීමට යත්න දරද්දීම නතරවිය. නිල් කාරයෙහි මඟ අවුරමින්. තිරිංගයන්හි ඵලයක් ලෙස. තදින් පෑගුණු පැඩලයකට යාවුණු.නිල් කාරය. ප්‍රධාන පාර මැද්දෙන් නතර විණි. එවැනිම යාන්ත්රණයකින් තදවුණ තිරිංගයන් හේතුවෙන්. සුදු කාරය පිටුපසට යනතුරු ඉදිරියට යා ...
Untitled Post වසන්තයේ අග..... ගැහැනු පිරිමි මල් පලතුරු | ඉසුරු චාමර සෝමවීර | ග්රන්ථ ඉසුරුගේ පොත කතාංග හතකින් යුතු ය. සිය මුල් කෙටිකතා පොතෙන් ඇරඹි භාෂාමය ලැසි ගමන වඩා ලාලිත්‍යයෙන් අලලවමින් ලියැවුණු. ඇතැම් තැනක ඉතා සරල අන්තර්ගතයක් තුල අපව තිගස්සවමින්. විටෙක උවමනාවටත් වඩා ඇදෙමින් යන තැන් කිහිපයකින් බාල වෙමින්. “ ගැහැනු පිරිමි මල් පලතුරු" සුලබ කවුරුත් දන්නා යෙදුමක් වන්නාක් මෙන්ම ඉසුරු තම කෙටිකතා ...
:: අරුම:: වසන්තයේ අග..... ප්‍රේමය අරුමයක්මයලෙහි හොවා නැලවෙනනෙත් අතර පැටලෙනමුදු සිනහ වැපිරෙනප්රේමය අරුමයක්මයඋණුසුමට ගුලිවනසත් බියෙන් අත්මිදෙනලොවම අතැඹුල කරනප්රේමය අරුමයක්මයනෙත කැළුම වත එලනවත සුවඳ සිත පුරනසිත සුසුම දසත ලනප්රේමය අරුමයක්මයනියත වියොවක්ම දැනඑහිම ගැලෙමින් ඇලෙනදිවිය ඒ මත වියෙන ...
නොදන්න මඟුලක් කරපු හදියක් හෙවත් ලිපියකට කැමතිවීම වෙනුවෙන් හේතු දැක්වීම.....! වසන්තයේ අග..... සිද්ධිය වෙන්නෙ හරියටම අද උදේ පාන්දර. මං පුරුද්දට වගේ අඹගහයටට ගිහින් බලනකොට සඳහනක් තිබුණා රියර් ගේට් ලියන චාමිගෙන්. අළුත් බ්ලොග් එකක් ගැන. ( ‘අඩුවකට තිබුණෙ ඔච්චරයි අප්පා‘ කියලත් මූ ලියල තිබුණා).ගියා බ්ලොග් එකට. තිබුණා ලිපි පහක් විතර. දිග එව්වා. නිකම්ම උඩින් ඇහැතියාගෙන මවුස් එකේ වීල් එක කරකද්දියි මේ ටික දැක්කෙ. ලිවියා – “පුදුමයි ඔබට අම්මා ගැන වෛරයක් ඇති වුණේ නැති ...
:: සුනාමි මතක :: වසන්තයේ අග..... සිඳු පතුල සැඟව ගියවැලි අතර පැතිර ගියරළ මතින් නැඟී එන අඳෝනා මැකී නැත කටු කම්බි ඇණී ගියමුල් වැදී ඉරී ගියදුවද්දී තැලී ගිය සිත් තවම ඔද්දල්යඑකුන් දස වස වුවද අද මෙන්ම මතක ඇතගිය උන්ද හිඳි උන්ද තලා ලූ මහ දියඹ පහන් පූජා නැතිය සෙත් කවිත් අද නැතියකාලයේ සුනාමියවසා ඇත ඒ මතකමුල් කඩා වීසි කොටපැතුම් මත රෝපිත ටකරමින් සෙවණ ලද පාවෙනා ජීවිත ...