:: නම් නැති 10 :: වසන්තයේ අග..... රටක් කියන්නේ පස් ගොඩක් වැටෙන තුරු උණු ඩා බිඳක්හිතක් කියන්නේ දිය පිටක් වදින තුරු සුුසුමක සරක්
:: නම් නැති 09 :: වසන්තයේ අග..... තිර මාත්‍රා නැති දෙකකි පෙම හා වැහි යනු වරෙක සෑහේ ඇබින්දත් වරෙක මඳ වේ අනෝරාවත්
:: වැලන්ටයින් :: වසන්තයේ අග..... ඇය. බොහෝ ලස්සන නොවූවා ය. කොහෙත්ම කැතනොවූවා ය. එතරම් කථා නොකලා ය. බොහෝ සිහින දුටුවා ය. ඒ සියල්ල වම් කෝෂිකාවට යටින් තැන්පත් කර ගත්තා ය. අනායාසයෙන් ම. ඇයටත් නොදැනී. ඔහු. අඩි පහයි අඟල් නවය හමාරක් උස වූයේ ය. රෙඩි මේඩ් කමිස ඇන්දේ ය. එහෙයින් පපුව හා උදරයේ මිමි නොදත්තේ ය. ඔවුහු. වර්ණයෙන් තළෙලු වූහ. වීර කථාවක් අවසානයේ පෙම්වතුන් වූහ. බස් ...
:: සංජානන :: වසන්තයේ අග..... ස්නායු. මිනිස් සිරුරේ සියළු සංජානනයන් සිදුකරන සන්නිවේදන ජාලය වන්නේ ය. සංවේදක ඉන්ද්රියයන්ගෙන් ග්‍රහණය කරගන්නා දැනීම් හැඟීම් හා සසඳා දක්වන ප්‍රතිචාරය ප්රකාශනය කිරීම දක්වා ක්රියාවලියෙහි අතරමැදි දූතයා වන්නේ ය. සමරජීව මහතා. මේ ගැන තව තවත් විස්තර කලේ ය. සිය ගැබ්බර බිරිඳට. මිනිසුන්. ඉපදෙන විට සහස් සංඛ්‍යාත ස්නායූන්ට හිමිකම් කීවත්, ලදරු විය ඉක්මවත් දී ඒ බොහෝ ස්නායූන් මැකී යන්නේ ඒවා නිසි පරිදි ...
:: නම් නැති 08 :: වසන්තයේ අග..... සිවුරු පොරවා අහසට වළාවන් දුම් පැහැ කොට බැසගොසිනි දිනකර සිව් දෙසින් එකවර
:: සබන් කොල :: වසන්තයේ අග..... රාත්‍රිය. පැය දෙක හමාරකට පෙර ගෙවීගොස් තිබිණි. දෙපා. තටු සහසක් ආවද පැන යා නොහෙන සේ කොට්ටයක් තෙරපාගෙන සිටියෝය. උඩින් හා යටින්. ඇය. වළාකුලකින් බැසවිත් ඇහැරුණාය. කොහු හා රබර් මිශ්‍රිත මෙට්ටයක් මත.කම්මැලිව පෙරලුනාය. බිත්ති ඔරලෝසුවෙහි වේලාව දැක්කාය. ඇඳෙන් පැන්නාය. මඳක් තෙත වූ තුවාය ගත්තාය. විවර ලැම වටා ඔතා ගත්තාය. කලිසම කකුල් වලින් පන්නා දැමුවාය. කොමුපිලිද සමඟම. එකකින් පාගා අනෙකද, අනෙකින් පාගා ...
:: නම් නැති 07:: වසන්තයේ අග..... මතකයිද ඉස්සර ආදරේද මොනතරම් තේකක් උනත් හදනවා රසට මනරම් අමතකද දැන් දැන් ඉවසුවද මොනතරම් දත් ඇලෙන කහටත් නිතර බිව්වා රසකරන්
:: නම් නැති 06 :: වසන්තයේ අග..... තරු තාරපතීන් කොතෙක් සිටියත් දිනකරුන් විශ්වය පුරා දිලුනත් කැරපොත්තෙකුට වුවත් තිබෙනවා උගෙම ගමනක්.....!!!
Untitled Post වසන්තයේ අග..... සාහිත්‍යය. බොහෝ නිර්වචනයන් ඇති වදනක් වුවද, ඇසූ සැනින් සිතෙහි මැවෙන්නේ ලිවීමකි. නවකථා කෙටි කථා සඳැස් නිසඳැස් වැනි වර්ගීකරණයන්ට යටත් වුවද සාහිත්‍යය යනු පොදුවේ ගත්කල ලිවීමක් වන්නේය. ලියන්නා හා කියවන්නා අතර ගණුදෙනුවක් වන්නේ ය. ඊ-සාහිත්‍යය. පසුගිය දශක දෙකක පමණ කාලයක් තුලදී ලෝකය පුරාත් එහි අවසාන අඩ තුලදී ලංකාවේත් බෙහෙවින් ප්‍රචලිතව ආ අංකිත ලිවීම් වලම දිගුවකි. ඊ-සාහිත්‍යය යන්න විසි එක්වන ශතවර්ෂයේ ප්‍රචලිතව ...
:: ප්‍රේමාතුර:: වසන්තයේ අග..... මිතුරනි මිතුරියනිසඳ ඇති රැයක උමතුවෙන් අහස බලද් දී' ඇගේ වත සඳ මෙන් දැ' යි නාසන්න ඇගේ වත සිහි නොමැත මට දැන් මඳ සුලඟකින් සැලෙන නා පත් සිඹිද් දී 'නා දළු වන් ලවන් දැ' යි නාසන්නබෝහෝ තොල් සිඹ හමාරය දැන් මාවුලාවක් තුරුළු කොට බස් දොඩද් දී'පියයුරු කොතෙක් මෙලෙක දැ' යි නාසන්නමෙලෙක උස්මුරුත්තාවූවෙක් මි දැන්මා හදිසියේ ම කල්පනාවට වැටෙන විට'ඇය ලස්සන දැ' ...
:: මුවා කී කව :: වසන්තයේ අග..... පාළුයි රජතුමණි අලසයි රජතුමණි නුඹ නොමැති වනයෙහි උනුන් හා ගැටෙන්නෙමු අඹන්නට එකෙකු නැතියෙන් කන ලඟින් ඇදී යනඑකම එක හීයකට සින්න කොට දෙනු රිසිමිදරාගත නොහෙන මේ විසල් නිදහස ...
:: අත් සහ මාංචු :: වසන්තයේ අග..... සභාපති තුමා. ත්‍රී වීල් චන්දරේට පයින් ගසා ඇති බවත්, ඔහුගේ දකුණු උරහිස සපා කෑ බවත් කීවේ රන්සිරි මාමා ය. ඕඅයිසී මහත්තයා. යකෙකුටවත් බයනැති බවත්, කෙලින් වැඩකරන බවත් ඒ නිසා කෙලින්ම ගොස් සභාපති තුමාව කුදලාගෙන ගොස් කූඩු කර ඇති බව නලින් අයියා කීවේය. ඒ සතියේම. චන්දන සමන් සමඟ පැටළුනේය. එහි ප්‍රතිඵලයක් ලෙස මූණ දම් වෙන්නට ගුටි කෑවේ ය. කමිසය ඉරාගත්තේ ය. ...
::අඹ මල් සහ බෝට්ටු :: වසන්තයේ අග..... සොඳුර,ඒ මහා වැස්සට අඹ මල් බොහෝ වට බව සැබෑය. නමුත්,ගස නොකපනා තාක් තව බොහෝ මල් පිපෙනු ඇත. ඉඳින්, කඳුළු පිසදා එන්න රැඳි දිය කඩිති මත කඩදාසි පා කරමු.
:: අපේ සල්ලි..!! :: වසන්තයේ අග..... සර්පයා. ෆේස්බුක් හි පිංතූරයක් බෙදාගෙන තිබිණි. උදයෙහි. අටත් නවයත් අතර. තනිරූල් කොළයක. කළු අත් අකුරින් ලියූ. ෆුඩ් සිටි බිලක්. රුක්ෂාන් ගේ අතෙහි විය. ඒ පිංතූරයෙහි වූ අකුරු පිටපත් කල. නිල් පෑනකින්. නිය ආලේපන ලූ ඇඟිලි අගින් අල්ලා. ඉලක්කම් නැති පැත්තෙහි.රුක්ෂාන්. කඩදාසිය දිග හැර බැලුවේ ය. අනතුරුව ඇය දෙස බැලුවේය. දෙවුර නැටෙව්වේය. " පිස්සුවක්..!!"ඇය. දෙතොල උල් කලාය. ඇස් පියමින්. " අපි ...