:: වැස්ස නම් එහෙම ය :: වසන්තයේ අග..... ගත නලෙන් සනහා වත පොදෙන් පිරිමැද නුබ නේක පැහැ මවා හෝස් ගා වටනේ ය සිරි සිරින් කන් පුරා සර සරින් බිම සරා දිය කඳුරු ඇලි තනා සයුරට ම අදනේ ය මඳ සිහිල් පිනි බිඳි ද වක ගැසුණු වල වල් ද හෙණ ගැසූ මහ ගස් ද එහෙම්ම ම තියෙද් දී ..... ' ඉතිං මට මහන්සියි.....! ' සැනින් කියා - වැරෙන් නික්ම ...
:: පොත් ඔත්තු :: වසන්තයේ අග..... මේ සටහන ලියන්නේ අදින් ඇරඹෙන පොත් ප්‍රදර්ශනය නිමිත්තෙනි. අගෝස්තු මාසයේ සිටම බොහෝ දෙනෙකු අසනා පැනය වන්නේ "මේ සැරේ ගන්න පොත් මොනවාද ? " යන්නයි. පොතක් විසින් මා ආකර්ශනය කරගන්නා සාධක කිහිපයක් ඇත.01. කතුවරයාගේ පෙර පොත් / නිර්මාණ කියවා තිබීම හා ඒවා දැනුනු පොත් වීම02. යමෙක් විසින් රෙකමදාරු කර තිබීම03. සම්මානයකට නිර්දේශ වී තිබීම04. කවරය05. මිතුරකුගේ / මිතුරියකගේ පොතක් වීම 06. ...
:: අරුම:: වසන්තයේ අග..... ප්‍රේමය අරුමයක්මයලෙහි හොවා නැලවෙනනෙත් අතර පැටලෙනමුදු සිනහ වැපිරෙනප්රේමය අරුමයක්මයඋණුසුමට ගුලිවනසත් බියෙන් අත්මිදෙනලොවම අතැඹුල කරනප්රේමය අරුමයක්මයනෙත කැළුම වත එලනවත සුවඳ සිත පුරනසිත සුසුම දසත ලනප්රේමය අරුමයක්මයනියත වියොවක්ම දැනඑහිම ගැලෙමින් ඇලෙනදිවිය ඒ මත වියෙන ...
:: බිලි :: වසන්තයේ අග..... අත්තා වැනි එකෙකි ඩයි ගෑ ට්‍රිම් කල රැවුලේදන්නා නැටුම් නැත බේරේ මඳ දෙකම්මුලේඅල්ලා ලුහුව නැටුවද ලඟ ලඟ ඉඳ මැඳ සාලේපුන්නා ගනු රිසින් නිති සොයනා ඇඳ සේලේ
:: නො නිවි :: වසන්තයේ අග..... සයුර මුසුවන මොහොතකට පෙර පළල් වී උඩ බලයි මඟ දිගට දිය කඳුරු ගිල දැමූ නදී තෙම වස්සානයකට මඟ හැරුණු හීන් වැහි පොඩිත්තක් හෝ පෙමින් විත් වෙලෙතැයි
නන්ද කුමාර වස්තුව ...! (2) වසන්තයේ අග..... නන්දය..!පෙමෙහි තව වෙසක් ඇත ගඟක් සේ ගලනු රිසිහිමි කරගනු නොරිසිකොටු කරගනු ඇවැතිපෙමින් පමණක්ම සරිපෙමෙහි තව වෙසක් ඇතනන්දය..!ගඟ දිය එසේ යැයිදිස්වුවද මතු පිටින්ගං දියට හෑරුණුගඟ පතුල හඳුනයිගඟ විඳින මහා දුකනන්දය...! ඒ පෙමද එලෙසමයගඟ පතුල දියමෙන්මනස කළඹා ලායගඟ මුදුන වත මෙන්ලොවම රවටා ලායඑහෙයින්ම...!උදාසන ගඟ දියෙහිදකින පිළිඹිබු මෙන්මාන වළා මඟහැරප්රේමයේ මුල සොයානසා කටයුතුමයඉඳින්..!බලව අර පඬුපුලශක්රයා නොරඳනනන්ද කුමාර වස්තුව ...! (1)http://wasnthayeaga.blogspot.com/2013/07/blog-post.html ...
:: කක්කුස්සි :: වසන්තයේ අග..... නෝනෙ ..! ඔහේට නෙවේඔයැයිගෙ පුතාඕක හැදුවෙ මට.බොරුනම් බලන්නපැලෑන් එකෙත් ඇතිසර්වන්ට් ටොයිලට් විදිහට.
:: ප්රේමාකෘති :: වසන්තයේ අග..... එම්බා ප්‍රේමය ..!මෙහි එව.නැත..!නොමරිසිය නුඹ දැහැන් අදමම මේ මෙතැන හොඳ සිහියෙන්මිඅද නම් කෙසේවත් මත් නොවෙමිඉඳින් ..!දැන් කියව ඒ රහසහතරැස් තුන් හුලස් වටකුරුද මතු නොවනාරි විලසක සැඟව ආවදකිසිදු වෙනසක් නැතිවමමුලින් මධු වී පසුව විස වෙන ...
:: ගිනි සිසිල :: වසන්තයේ අග..... ගිනි ගහන සිසිරයක වුව සිටිය නොහැකිද ලිහිණියෙක් බිඳුණු තටු පිරිමදින කුමරෙකුගෙ උර මත
:: තරු වැට :: වසන්තයේ අග..... බෝ කලකට පෙරනළලත සිඹනෙතින් දොවාගනසීරුවෙන් ගෙනදෙදෙනාම එක්වසඳට මඳක් එහායින්පරෙස්සමින් එල්ලුවකඳුළු තරු කැටය විස පතොක් කට්ට කණුඋල් තියුණු කටු කම්බිඉරී ගිය පටසේලබෙදා තරු වපසරියහරි මැදින් එක දිගටඔබේ අඩ මගේ අඩඅඩුත් නැත වැඩිත් නැත ...
:: තිත :: වසන්තයේ අග..... කම් නැතමගේ නම නොවුණාටදුක නැතකවරය තැලුණාටඅනැවැසියමල් ගෙත්තම් බැමිහැකිනම් එවන්නඑකම එක ඇරයුමක්නමද තැනද සටහන්කරවේලාව කළුයෙන් වසා දරන්නට නොහැකියි තවත්බලාපොරොත්තුවේ මේ මහාබර ...
:: ඩීල් :: වසන්තයේ අග..... ගම ! අනුරාධපුරේ මොනරාගලත් වෙන්න පුළුවන් ඇවිත් ! අවුරුද්දයි නැහැ ගියමාසෙ තාම අළුත් ඇයි ! රවට්ටලා ඒක නෙවෙයි මිනිහ බෙබේ බීල මලා. පව් ! ඔව් එහෙමයි පව් තමයි මොකට අහනවද ආ වැඩේ නොකර මහත්තයො! ඉඹින්නෙපා බෙල්ල විකුණන්නෑ ඒ හරිය. ...
:: සුදු සහ නිල් :: වසන්තයේ අග..... සුදු මල්. පාර දෙපස සිටුවා තිබූ වතුසුදු ගස්හි පිරී තිබිණි.නිල් මල්. වැසී ගිය කාණු අස්සෙන් මතුව ආ කටරොල් වැල් මත එල්ලී තිබිණි. සුදු කාරය. අතුරු පාරෙන් විත් ඉදිරියට හැරවීමට යත්න දරද්දීම නතරවිය. නිල් කාරයෙහි මඟ අවුරමින්. තිරිංගයන්හි ඵලයක් ලෙස. තදින් පෑගුණු පැඩලයකට යාවුණු.නිල් කාරය. ප්‍රධාන පාර මැද්දෙන් නතර විණි. එවැනිම යාන්ත්රණයකින් තදවුණ තිරිංගයන් හේතුවෙන්. සුදු කාරය පිටුපසට යනතුරු ඉදිරියට යා ...
:: සුනාමි මතක :: වසන්තයේ අග..... සිඳු පතුල සැඟව ගියවැලි අතර පැතිර ගියරළ මතින් නැඟී එන අඳෝනා මැකී නැත කටු කම්බි ඇණී ගියමුල් වැදී ඉරී ගියදුවද්දී තැලී ගිය සිත් තවම ඔද්දල්යඑකුන් දස වස වුවද අද මෙන්ම මතක ඇතගිය උන්ද හිඳි උන්ද තලා ලූ මහ දියඹ පහන් පූජා නැතිය සෙත් කවිත් අද නැතියකාලයේ සුනාමියවසා ඇත ඒ මතකමුල් කඩා වීසි කොටපැතුම් මත රෝපිත ටකරමින් සෙවණ ලද පාවෙනා ජීවිත ...
:: ඒ බරැති සිහිල් පුර :: වසන්තයේ අග..... මට සිලිටු මහවැලියවරදකාරී විරහවක් ගෙනනෙත් කෙවෙනි තදකරන මහ විසල් හන්තානආඩම්බර සැහැල්ලුවෙන්කෙස් අගිස් අවුස්සනනාය ගිය පැණිදෙනියවැටුණු ගල් කුලෙක හිඳතෙලොව දිනනට අසන මහා ලොකු මහනුවර තෙතැති බර හුස්මකින්හදෙහි පිටු කළු මදින ...
:: දළඹු :: වසන්තයේ අග..... ගෑවුණත් හිත කසනපලු දමා හද තවනසිතිවිලිම කා වැඩෙන දළඹුවන් වැනිමයදිස්න දෙන මතකයන්කෝෂයක මන රකිනසමනලෙකු වේ යැයිමිරිගුවෙක සුව සදනදළඹුවන් වැනිමයදිස්න දෙන මතකයන් ...
:: පරණ මරණ :: වසන්තයේ අග..... මැරුණයැයි හිතුවටහිත ගල් ගැහුණම එහෙමටත් මැරෙන්නෑලොකු හිතක් ඇති අයඉස්පිරිත්තු වලින් නොවඑකම එක බැල්මකටදියවෙලා වැගිරේවිආයෙමත් ඔය හිත
:: ආදරණීය ඉරිසියාව :: වසන්තයේ අග..... දුවෙක් ගැන වුවත්ඉරිසියා හිතෙන්නැද්දඇඳ විට්ටමක එල්ලී මේ කොනෙන් ඒ කොනටදුවන්නට හැකි කොටමහා සෙනගක් මැදඊටත් වඩා හයියෙන්කෑගාන්නට හැකි කොටකුරුල්ලන් මතුනොවහරකුන් සමඟින්දදොඩන්නට හැකි කොටහිතෙන හැමවිටකමආයාසයක් නැතිවමසැම හිනස්සනු හැකි කොටමට නොහැකි මා කැමතිසියල් දේ විසල් ලෙදරිසි විලස විඳින විට ...
:: අහඹු :: වසන්තයේ අග..... හිරි පිපෙන සිහිලසක්කිති කවන උණුහුමක්සමනල් පැහැ මියැසියක්වෙන කවුරු මවන්නද ..?දත් කැවෙන කෝලයක් මිට මෙලෙන ආශයක්නෙතු පුරන හීනයක්වෙන කොතැන තියෙන්නද ..?බිලිඳු නෙතු යුගකුත්බිය වැදුණු පෙමකුත් සෙනෙහෙබර පොතකුත්එකම තැන පිපුණු කල....! ...