ආකාස හීන 02 වසන්තයේ අග..... “ ඊර්සියා කරන්න බැරි මිනිහෙක් ආලය කරන්නෙ කොහොම ද?” සිය විරාගය කෘතියෙහි ලා මාර්ටින් වික්‍රමසිංහයන් මේ පැනය අසන්නේ එකදාස් නවසිය පනස් හයේ දී ය. මේනකාගේ මුවින්. අරවින්ද විසින් ප්‍රතික්ෂේප කරන ලද සරෝජිනී සිය සැමියා ද සමඟ නිවසට ආ දිනයේ දී. කාලය සමඟම ආලය යන වදන ආදරය හෝ ප්‍රේමය යන වඩා පුළුල් අරුත් දනවන වදන් වලින් විස්ථාපනයව සමාජ භාවිතයෙන් දුරස්වෙමින් කුණුහරුපයක් ...
ආකාස හීන - 01 වසන්තයේ අග..... ඉන්දික ගුණවර්ධන මිය ගියේ ය. ඔහු ගැන බොහෝ දේ ලියැවිණි. කියැවිණි. ඉදිරියේ ද කියැවෙනු ඇත. ලියැවෙනු ඇත. මේ සටහන ඔහු ගැන නොවේ. සිය මතකයන් පොත් තුලද හිත් තුලද රඳවා මැකී ගිය ඔහුගේ වියෝවෙන් දැනෙන කාංසාව හෝ පාළුව ගැන ද නොවේ. ඉන්දික ගුණවර්ධන නමින් දැන සිටි රූපකාය කොළඹ අතහැර ගියදා ජයරත්න මල්ශාලාවේදී කෙරුණු අතුරු කතාවක දිගුවකි. ඒ ඔස්සේ නැඟුණු ගෙතුණු මතක ...
CLASS M6 788 වසන්තයේ අග..... ගුරු ගීතය. ඔහු ඇයට තෑගි දුන් මුල්ම පොත විය. ඔහු ලියූ කවි පොත් දෙකක් තෑගි දුන් පසුව. පොත් බැඳීම. ඇගේ තුන්වෙනි රැකියාවේ එක් කාර්යයක් විය. නගරයට පාව ආ පසු ලැබුණු. උපන් තැනින් ද වැඩුණු තැනින් ද කිලෝමීටර් එකසිය අසූ නවයකට දුරින් වූ. ඔහු. විනෝදය පිණිස කවි ලිවීය. ලියූ කවි පොත් කළේ ය. මිතුරු මිතුරියන්ගේ ඉල්ලීමට අවනතව. පරිගණක පිටු සැකසුම. ඇගේ ...
:: රතු මල් :: වසන්තයේ අග..... චිත්ත සංනිවේදනය. සංකල්පයක්ව සිට මේ දක්වා යෝධ පිමි තුනක් පනිමින් පැමිණ තිබිණි. දශක දෙකහමාරක් මුළුල්ලේ. ජංගම දුරකථන හා වෙනත් සන්නිවේදන සේවාවන් අනුකුලක බවට පත් කරමින්. භාෂාවන් දෙවෙනි තැනට ඇද දමමින්. දින ගණනක් පුරා කථා කිරීමට තිබූ සංවාද නිමේශයන් කිහිපයකට සීමා කරමින්. වචන වලට වඩා හැඟීම් ඉතා වේගවත් වූ හෙයින්. මේ ගමන. කිසිසේත්ම පහසු වූවක් නොවූයේ ය. මුලින්ම චිත්ත තරංග හඳුනා ...
:: නිමි :: වසන්තයේ අග..... නුඹේ තොට අස නැඟුම් ලනු පෙර බොහෝ තොටුපළ පසුකලෙමි මම් විටෙක මුදු විය විටෙක සැඩ විය ඒ සියල් මඟ බිඳුණු තැන් සිතුවමක හිස් ඉඩ පිරී ඇතනේක වර්ණෙන් නොම වුවත් එකම එක පැන්සල් ඉරක් වුව බිඳ දමාලයි හද නිවන් යළි පාන්නට හෝ ලබන්නට අත ඉතිරි නැත ස්නේහයක් ඔරුව මා වෙමි සැඩෙන් ගැලවී සදා නුඹ අස සුව සොයම් ...
:: නම් නැති 15 :: වසන්තයේ අග..... වත වෙලී නික්ම ගියමුදු සුවඳ සුළං පොදනුඹට කිසි වරද නැත හිටිවන ම පිටවුම ට. දුන් දෙයම මිසඅන් යමක් ලැබී නැත. විරහව ද එලෙසම ය.
:: නම් නැති 14 :: වසන්තයේ අග..... කළු ගැහුණු පුළුන් පෙඳ සෝපාව මත දෙපැත්තක එකවනම ගිනිගත් අහඹු ගිනි පුපුරකින්.
:: නම් නැති 13 :: වසන්තයේ අග..... දැවී හළු වන්ට පෙර යන්තමින් හෝ සිඹිමැයි පොළොවටම එයි ඇතැම් තරු දිවෙනට වරම් නොමැතිව දිලෙමින් ම සැනහෙති නුබ ඉතිරි තව බොහෝ තරු
::හිත්:: වසන්තයේ අග..... ගිලිහුණත් පැටලෙති යලි යලිත් තව තවත් කාසිමොඩෝ තරම්ම කුදුවට එස්මෙරෙල්ඩා තරම් හැඩට දෙදෙනා විලසම තදට...!
::සත්තු:: වසන්තයේ අග..... වලාවක් ඇදුනා පහලින්මුවාකර උකුසුවෙසකිසිවක් නොදත් කිරලෙක්නැඟුණා වලෙක හිඳ ඉඳහිට වහන කපුටෙක් බින්දත් සමාධිය අව්වෙත් නිදති යහතින් අම්බරුන් නිහඬව
:: නම් නැති 11 :: වසන්තයේ අග..... ආ මඟ ම මෙහි බෝ දිගයි ඇණී පෑහුණු කටු බොහොයි වංකගිරිය ද මෙය යි තැබූ මං ඉඟි පැටලවෙයි මතකයේ ඉඩ හරි අඩුයි සිහිය සැම විට බොඳ කරයිමීදුමක සුව දෙන උදාසන සැඩ දවාලක් බව නොම කියයි ...
:: පද්ධති විශ්ලේශණය :: වසන්තයේ අග..... " ඔච්චර දෙන්න එපා !"අපට දකුණු පසින් ආසන තුනක් ඉදිරියෙන් ඇවිද ආ යදියාට දෙනු වස් මා ලඟ තිබූ අවම නෝට්ටුවට වඩා වැඩි නෝට්ටුවක් අතට ගනිද්දී ඔහු පැවසී ය. මගේ වම්පසින් හිඳගෙන. මම. ඔහු දෙස බැලී මි. "පිනට දුන්නට කමක් නෑ. හැබැයි ඔය මනුස්සයට ඔච්චර දෙන්න එපා. " ඔහු පිලිවදන් දුන්නේ ය. මගේ ප්‍රශ්නාර්ථ බැල්මට. සිනාසෙන දෙනෙතකින්. අඩු ස්වරයෙන්. ස්ථිරසාරව. මඳ ...
:: කාටු :: වසන්තයේ අග..... කපා ගෙන ගොස් කමත අතුරා හලාගෙන තම අග්‍ර සාරය අසුරවා ගැට ගසා මලු තුල රැගෙන යත් දී උදාරම් ලෙස වැලඳගෙන ඉපනැලින් බිම වට හීන් කඳුළැලි දිය බිඳිති කැළ අරෝවක් තරහක් නොමැතිවයි ඔහේ උන්නේ මහ ලියැදි පෙල අව් රැසින් වියළී බිඳී ගොස් සුළං රැළි හා හාද වී ගෙන යළිත් එන හැම පිදුරු කොටයම පාරවයි ඒ ලියැදි හදවත. ...
සමූහ මෝහනය වසන්තයේ අග..... හැන්ද. රිදියෙන් තනා තිබිණි. මුලු ශාලාවටම තිබූ එකම ලෝහමය ද්‍රව්‍යය එය පමණක් බවට පත්කරමින්. ආචාර්යතුමා. හැන්දෙහි බර කිරුවේ ය. තරාදියකින්. ජල උත්තෝලකයක පාවෙන ලී තැටියකින් තැනූ. මේසය මත වූ කඩදාසියක යමක් සටහන් කලේ ය. බැරෑරුම් මුහුණකින් යුතුව. කෝදුවක් ගත්තේ ය. ලීයෙන් තැනූ. සෙන්ටිමීටර තිස් හතරක් දකුණු දෙසට මැන්නේ ය. බිම සලකුණක් ඇඳී ය. ලී පුටුව ගත්තේ ය. සලකුණ මැදිවන සේ ...
:: අළුත් නැන්දා :: වසන්තයේ අග..... අළුත් නැන්දා හරිම දස්සයිපිඟානම බත් කවනවාඑයා ඇඳුමක් ගන්න ගානට මටත් ගවුමක් ලැබෙනවා තාත්තට දැං රෑට වැඩ නෑ කලින් ගෙදරට ඇදෙනවා හරිම පුදුමයි පරණ සුදු කෙස් එක සැරේ කළු ගැහෙනවා වගේ වග නෑ අපේ නංගිට නැන්දා තුරුලේ දැපෙනවා ඒත් අම්මේ රෑට මට නම් හුඟක් හීතල දැනෙනවා රාක්කෙට වැඩිවුණ පොටෝවක් මගේ කාමරෙ තියෙනවා අනේ අම්මේ රෑට හීනෙන් නුඹෙ රූපෙ පණ ගන්නවා ...
:: රැළි සහ ටියුලිප් :: වසන්තයේ අග..... " ඔයාව මීට කලින් කවුරුත් ම මෙහෙම ඉඹලා නැද්ද ? " ඔහු. මුද්ද ලූ ඇඟිල්ල ද ඇතුල්ව අනෙක් ඇඟිලි හතරම වමතේ ඇඟිලි හා පටලමින් තැනූ මන්දට ඈ සිර කරකර ගනිමින් ඇසී ය.ඇය. සිනාසුනාය. නෙත් පියා ගනිමින්. සිය ලවන් ඔහු නළල මත ඇතිරුවා ය. සිය වටොරෙහි බර ඔහු දෑත් මත පටවමින්. "ඉඹලා තියෙනවා " මුද්ද. අනෙක් අතෙහි මැඳගිල්ලත් වෙදැගිල්ලත් අතර තදින් ...
:: පැන්සල් හා බර :: වසන්තයේ අග..... කැඩෙන තරමට උල්වුණාම යි පැන්සලක් ඇනෙන්නේ ගැඹුර ටපෙනෙන මානෙට ලංවුනාම යි සැර දැනෙන්නේ වා කපොල්ල කහිස් වෙන්න මොහොතකට පෙරදි යි බෝ වටින්නේ බඳුන් ලූ මධු ශුන්‍යයට ඩිංගක් මෙහායින් පිහිටුවා ඇත බර වැඩිම තැන ...
Love and Revolution වසන්තයේ අග..... පැතුම් වෙනුවෙන් මියෙන හීනෙක දෙනෙත් බෝ විට අසරණ යි සහෝදර නෙත් හිසවැනූයෙන් තැලී මිලින වු මල් බොහොයිතව්තිසාවේ වුව වෙනස් නැතිව ම පිනෙන් අඩු දෙවිවරුන් බහුලයි මහේසක් දෙවිවරුන් පමණක් අරුත් දම් දෙක අර්ථ ගන්වයි බොහෝ බලි බිලි අත්වැර දි මිස ප්‍රශ්න කෙරුමට කැප නොවෙයි ප්‍රේමය ම පමණක් නොවේ සකි විප්ලවය වුව චපල වෙයි. .... ...
:: කුළු පොලු :: වසන්තයේ අග..... එදා ද විරෝධතාවයක් තිබිණි. උද්ඝෝෂකයෝ ද මඬින්නෝ ද සූදානම්ව සිටියෝය. එකිනෙකා කෙරෙහි හොරෙන් බලමින්. අහඹු ලෙස නෙතු පැටළුන විටෙක මළානික සිනා පාමින්. වරෙක සැකයෙන්. අනුකම්පාවෙන්. නොසැලකිල්ලෙන්. තරහෙන් පිලිකුලෙන්.විරෝධයට ලක්වන්නෝ ද අණ දෙන්නෝ ද දුරින් සිට බලා සිටියහ. පොළොවට මීටර් ගණනක් උසින්. වීදුරු තුලින්. ජනෙල්වල හෝ වීඩියෝ තිරයන්හි.යකඩ. ගල්. වතුර. රබර් හා ලී. විවිධාකාර හැඩයෙන් යුතුව තැන තැන තිබිණි. නිශ්චලව. නිශ්චිත ...