කටු සටහන් -02 සුන්දර දවස් ලිහිණි සර සේයා රූ - සුජීව අබේණායකජීවිතයේ බොහෝ අසුන්දර මතකයන් අතරින් පෙරි විත් මුවමදහාස නංවන අති සුන්දර දවස් වෙත කිමිදෙමි. අතීතෙයන් එන ඒ සොඳුරු මතකයන් සිහිවන සෑම මොහොතක්ම මා සිත රමණීය මිහිරියාවකින් ඇළලේ. එදවස, අම්මාට රැකියාව ලැබී නොතිබිණි, වානේ සංස්ථාවේ සේවය කළ තාත්තා සිය සේවා මුරය නිමාකොට ගෙදර එනතෙක් අවදිව බලාසිටින්නට අයියාත් මමත් අපමණ උත්සාහ දැරීමු, එළඹ ...
අතීතය ලිහිණි සර මූණ මල් පිපී ඉවුරතඇල දියට වැටී හිමිහිට තාලයට නටා දියරැලි අතර ගිලෙනවාහීන් පුසුබ පමණක් පවනතේ රැදෙනවා.ගල් බොරළු ඇනුුනු දෙපතුලඋදැසන පිනි බින්දු තවමින් අකුරු කරන්නට ආ මඟ හිතේ ඇදෙනවාමුණ මල් සුවඳ ඉවකර ගෙවී ගිය අතීතය වෙත හිත ඉගිලෙනවා...ලදුදෙනි වැට කඩොලූ මැදින් අකුරට මම ගිය කාලේමල් සුවදත් නෑ, පොඩි මාළුත් නෑදිය හවරිය පදුරුත් හොරු ගෙනිහිල්ලා... ...
කටු සටහන් -01 ලිහිණි සර උපන්දා සිට මියෙන තුරාවට දිනෙන් දින මොහොතින් මොහොත අලූත්වන ජීවිත සටහන් පොතේ කටු ගෑ යළි යළිදු ලියු බොහෝ සටහන් මා මනසේ චි‍්‍රතණය වෙයි. ඉනිදු බොහොමයක් කාලය විසින් ගිලගෙන මතකයෙන් ඈත්කර තැබූවද, දුළන අදුරෙහි පිපෙන සිහිනි තරු කනිණිකා සේ ක්ෂණයකින් ජීවය ලබා නැවත උපදී...විටක සිනහව ද, තවත් විටෙක කඳුළ ද, සතුටද, වේදනාවද දැවටුන මේ කටු සටහන් අකුරු ලෙස ...
දිදුළන අන්ධකාරය ලිහිණි සර සිහිනයක මල් පිපීරා්රතිය ඇස් හරීතරු කිනිති පරවෙලාමඟ සොයන්නට බැරිකනාමැදිරියො නැතීඅන්ධකාරය දිදුළයිමඟ කියනු කිසිවෙක් නැතීමඟ අසන්නට රිසිනැතී දිදුළන අන්ධකාරය වැයෙනා හද ස්වරයයි කළුවරට පෙම්බැදීමල් සුවද විදගමිසිහිනයක කිමිදෙනාකොපුළතක දවටමිඅදුර තූළ වැතිරෙමිහිරුට දහවල දෙමිදුලන අදුරම වෙමි එළියේ සැඟවී ගමි2011- 02- 09 ...
ජීවිතය අන්තැනක ලිහිණි සර ජීවිතය අන්තැනකය එසේවුව ලෙහී විසිරෙයි සිනහව සඟවා පපුතුර කොනිතිලන රිදවුම... නොහැක්කේ මන්ද මට වසා දමනට කරදරකාර කරාමය හැකි සෑම විටකම කඳුළු වතුරම වගුරන... පස් මහ බැලූම් නැතිවම ගුලිකොට දමමි ඉවතට ...
ධම්පල් සිසු දරු දැරියන්ගේ සෞන්දර්ය පෙළහර ලිහිණි සර ‘‘අප රට අර බල...ආන්තරාවක...ඇදි ඇදි යන සැටි...ඈතින් ඈතට...’’රටක අනාගතය වන්නේ එ රට දුවා දරුවන්ය. ඔවුන් දැනුමෙන් හැඟුමෙන් පිරිපුන් මිනිසුන් වන දිනෙක ලෝකය වඩා යහපත් වන බව අප විස්වාස කරමු. ඒ අනාගතය වර්තමානයේ බිහිවෙමින් පවතින අයුරු පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය භූමියේදී මා නෙත ගැටිනි.‘‘සංකලන’’ ධර්මපාල දු පුතුන්ගේ හද රිද්මයය සනිටුහන් කෙරෙන ගායනයෙන්, වාදනයෙන් නර්තනයෙන් හැඩගැන්වූ සෞන්දර්ය පෙළහරයි. එළඹෙන නොවැම්බර් මස 03 වැනි ...
විමසුම් ලිහිණි සර කොහිවෙදඒ පැරණි ලිහිණිය,බොහෝ විමසුම් සුසුම්සවනත අසය.තැපැල් මල්ලේය...සහෝදර දැත්වල සීතලට නොවඋණුහුමටහීගඩු පිපේ,මහා කුනාටුවකට පසුවඇතිවන මාරාන්තික නිහඬතාවයදරාගමි...මේ එයට මොහොතයි,දරාගැනීමේ මොහොතයි.....බලා හිදිමි...නොදන්නාදිනයක් වකවානුවක් දෙසඇමතුමඑයට රිසි මොහොතකඑළබෙන.... ...
කවිමල් ලිහිණි සර කවිමල්සත්තකයි මටනුඹ අලුත් කවියක්හීන පැතුමක් පුබුදලාමලක්සේ පෙති විහිදුවාදිලෙන ඔයනෙතුඉරත් මමයැයි, සඳත් මමයැයිකියනවා මට හැඟෙනවා.....පියැසි සිදුරෙන් හොරෙන් ඇවිදින්ගෙබිම මතමුදු රටා මවනාසදෙන් බිදුවක් වගේහැඟේ සෙනෙහස ඔබේ.... ...
ආදරණීය අම්මේ....... ලිහිණි සර ආදරණීය අම්මේහුගක් පැහැබර දවසක රෝස පාට සාරියක් ඇදල, ඇස්වල සතුටත්, දුකත් දරාගෙන හිටිය ඔයාව මම දැක්ක ගමන් අදුරගත්ත. දුරින් අඩිය තියල දුරකට වෙලා හිටිය අම්මගේ ඇස්වල කඳුළු දිලිසෙනව මම බලාගෙන හිටිය. මම ඔලුව උස්සල අම්ම දිහා බැලුව. ඇහැට ඇහැ හමුවුණාම ඔලුව චුට්ටක් නමල ඔයා මගෙත් එක්ක හිනා වුනා. හරියට හුග කාලෙක ඉදල දන්නව වගේ. අලුත් ජීවිතයක අලුත් බලාපොරොත්තු එක්ක ...
අවබෝදාත්මක සහෝදරත්වයක් අවශ්‍යව තිබේ. ලිහිණි සර මේ යතාර්ථය අපි පිළිගන්න ලෑස්තිද? අඩුම වශයෙන් පිටස්තරයාගේ මේ ලියවිල්ල තවදුරටත් බෝ කරමු. සිංහල දෙමළ සහෝදරත්වයේ නාමයෙන් කරන පුංචි ඉල්ලීමක්http://pitastharayablog.blogspot.com/2010/04/blog-post.htmlමේ පොඩි ලිපිය ලියන්න හිතුවේ මා දැනට සිටිනා විශ්වවිද්‍යාලයේම වැඩිදුර අධ්‍යාපනය ලබන යාපනයේ දෙමළ සහෝදරවරුන් කිහිප දෙනෙකු සමග දින කිහිපයක් තිස්සේ වරින් වර ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියටයි. අද යාපනයේ වැසියන් විශාල ලෙස පීඩාවට පත්ව සිටිනවා විශාල සංඛ්‍යා වශයෙන් ...
ආදරේ සලපතල මළුවක්...... ලිහිණි සර කිසියම් අත්දැකීමක් පද පේලියක් වුනාට පස්සෙ ඒක ගීතයක් කරනව කියන්නෙ වෙනම වැඩක්. එතනදි රචකයාට හැමෝම දන්න බොහොම ප්‍රසිද්ද නමක් තියෙනවනම්. එත් නැත්නම් මූල්‍යමය හැකියාව තියෙනවනම් , ඒ දෙකම නැතිවත් අහවලාට කියල ලියා ගත්තොත් ෂුවර් හිටි එකක් තමයි රාවයක් තියෙනව නම් ගැටවක් නෑ. නමුත් මේ කිසිම දෙයක් නැතිව ගීතයක් නිර්මාණය වෙද්දි ඒකෙ බරපැණ දරන්නට ඉදිරිපත්වෙන පාර්ශවයඅනුව බොහෝ දේ තීරණය වෙනව.ගීතයක් ලියවෙද්දි ...
ආදරණීය ප්‍රගීත් අන්කල් ලිහිණි සර අපි හැමෝම මේ ලියමන අපේ බ්ලෝග් වලට එකතු කරගමු. නිරංජි වෙනුවෙන්. නැතිවේගෙන මැරිගෙන යන මනුස්සකම වෙනුවෙන් මේක ඉල්ලීමක් - ලිහිණි' ආදරණිය ප්‍රගීත් අන්කල්,ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත 'ලංකාදිප' පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්ඛෙන්. ඔබ ඒ ලිපිය ඒව්වේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ ...
2010 ලිහිණි සර "ඕනෑම මල් ගසකට වාරයක් මෙන්ම අවාරයක්ද ඇත. එය සදාතනිකය. අවාරය යනු , වාරයට පෙර සුදානමකි. ඒ කිසිවක් නිශ්පල කාලයක් නොවේ. නව වසර වාරයන් මෙන්ම අවාරයන්ද සහිත වනු ඇත. එය තේරුම් ගෙන කටයුතු කිරීමට හැකිවේවා." ( අනුෂ්ක තිලකරත්න සොහොයුරාගේ අවුරුදු කෙටි පණිවිඩය) ...
2009 ගෙවී යන්නට පළමුව ලිහිණි සර 2009, අන්තිම දවස් කිහිපය ගෙවිල යනව. 2007, 2008, වසර දෙකටම වඩා 2009යෙදි සමාජයක් වශයෙන් අපට කතා බහ කරන්න අතපසු උණ බොහෝ දේ තියෙනව කියල දැනෙනව. කාලය මොනතරම් වේගයෙන් ඉගිලුනත් අපිට කරන්න තියෙන දේවල් අපි කරන්නම ඕනි. ගෙවීයන 2009 වසර අපි හැමෝටම මකතයේ සිටින හා මතකයේ නොසිටින බොහෝ දේ සිදුවූ වසරක්. ඒත් ඒ අතරින් ඉදිරියේදීත් නිරන්තරව සිදුවිය හැකි, සිදුවීමට නියමිත, මේ ...
ලිහිණිසර ට අවුරුද්දයි ලිහිණි සර බ්ලොග් ලියන්න පටන් අරන් පළමු අවුරුද්දත් ගෙවිල ඉවර වෙලා. දන්නෙම නැතිව. කාලය හරි ඉක්මණට දුවනව. දවසින් දවස, මොහොතින් මොහොත ගුණනය වන වැඩ කන්දරාව එක්ක ලිහිණිසරට තාවතාලික නිහැඬියාවක් එක්වුණත් මේ වසරක් ගෙවූන තැන කලින් පද පේලි විතරක් වුණු පදමාලවක ස්වර රටාව ඔබට අහන්න දෙන්න ඉඩකඩ ලැබුණා. ඉතින් අහන්න මේ ස්වර රටාවන්,අහස දුර වැඩියි අල්ලා ගන්නට බෑපොළව බර වැඩියි උසුලා ...
හෙට පිපෙන මල් කැකුළු ලිහිණි සර අද ලෝක ළමා දිනය අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යාලයේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයත් පැවැත්වෙනවා. " අක්ෂර සෙනඟ" සාහිත්‍යයය තරඟයේ පද්‍ය රචනා අංශයෙන් පළමු තැන ලැබූ ඩී. චමින්ද්‍රා කුමාරි සොයුරියට පාසලේ ගුරු මණ්ඩලයේ සහ සහෝදර සිසු සිසුවියන්ගේ උපහාරය පිරිනැමෙන බව විදුහල්පතිතුමා අපට දැන්වුවා.චමින්ද්‍රා ගේ ජයග්‍රහණය ඇගේ පාසල් පුස්තකාලයට රුපියල් 30.000, පුස්තකාල පොත් ලබාදුන්න. එහි අපේ වැකිය, "තනි අස්සයෙක් වින් කරන්න ඇබ්බැහිවෙච්ච මිනිස්සු ...
ආදරේ බෙදාගන්න හිතිවිලි බදාගන්න එන්න, හෙට සයිබර් අහසින් පොත් පිටු අතරට එන නවක විහග නද විදින්න. ලිහිණි සර ...
ජාතියකට මුඛවාඩම් බැදීම.... ලිහිණි සර ස්වාධින රූපවාහිනි උදැසන ප්රවෘත්ති http://www.divshare.com/download/8012760-4d914 .1 අ වගන්තියට අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන්වන පරිදි ශ්‍රී ලාංකික සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට හා ප්‍රකාශය ඇතුළු අදහස් පලකිරීමේ නිදහට හිමිකම් ඇත්තේය.,නිදහස් නිවහල් දේශයක සංස්කෘතික පොලීසියක අභිමානය සමරන්නට ඔබත් එක්වෙන්න, ලොව විශාලම ළදරු කැබිනෙට්ටුව සහිත රාජ්‍යවිමේ අනාගත ගිනස් වාර්තාවන් පිහිටුවන්න ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයට සහයෝගය ලබාදෙන්න.මූලික සුදුසුකම් -සෑම වැඩිහිටියෙක්ම කැමැත්තෙන් හෝ ...