අපේ ඉස්කෝලේ සහ ඔවුන්ගේ ඉස්කෝලේ ලිහිණි සර කාලෙකට පස්සෙ කොළඹින් ටිකක් දුර බැහැරට යන්න ලැබිච්ච අවස්ථාව ගැන අපි දෙන්න හිටියෙ හරිම සතුටකින්. අපි යන්න බලාපොරොත්තු වුණේ බොරලංකඩ ගමට, දවසකට දෙපාරක් තුන්පාරක් ඉහළට පහළට දුවන බස් රථය ගැන අවබෝධයක් නැති නිසාම ත්‍රීවීල් එකක් කතා කරගෙන අපේ ගමන යන එක කොයිකටත් හොඳයි කියල අපි තීරණය කළා. හැටන් බස් එකින් ඇවිත් දෙහිඕවිටින් බැහැල දැරණියගල බස් එකට නැඟලා උඩබාගේ හන්දියෙන් අපිව ...
මුහුණු පොත සහ ජනමාධ්‍ය ලිහිණි සර මොහොතින් මොහොත රූපවාහිනී තිරයේ අකුරු වැල් ඇදෙනවා. පත්තරේ විස්තරේ ඇස් දෙකට කලින් කන් දෙකට වදිනවා. ඒත් විඳින්න දකින්න තියෙන දේවල් ප්රවෘත්ති කියන ඒවම ද කියල මගේ හිත මගෙන් ම අහනවා. ඇත්තම කියනවා නම් මිනිස්සු හොයන්නෙ කුණු රහ, මිනිස්සුන්ට දෙන්නෙත් කුණු රහ, ඉල්ලුමට සැපයුම තියෙන්නත් ඕනෙ කියනවනේ නේද? ඒ වුණත් අනේ ඉතින් අපිට මොකද කියල අහක බලන් ඉන්න පුළුවන් කමක් නැති ...
ප්‍රශ්නයක් පිලිතුරක් මරණයක්...? ලිහිණි සර ඉඳලා හිටලා කතාකරලා දුක සැප අහන යාළුවෙක් බොහොම දුක්බර ආරංචියක් ගෙනාවා. සුනිල් අයිය වහබීල නැතිවෙලා කියලා. මට පුදුම හිතුණා ජීවිතේ දරාගෙන ජීවත්වෙන්න ඕන සුනිල් අයියා වගේ මිනිස්සු ප්‍රශ්නවලින් මිදිල යන්න ජීවිතේ නැති කරගන්නවා තරම් සරල වෙන්නෙ කොහොමද කියලා? එකපාර ප්රශ්නනෙකින් ගැලවිලා යන්න ජීවිතේ නැතිකර ගන්න එක උත්තරයක් නම් මේ ලෝකේ මිනිස්සුත් නැතිවෙයි කියල මට හිතුණා. මොකද හැම මනුස්සයකුට ම තමන්ගෙ ...
නුඹ ගැන ආඩම්බරයි ලිහිණි සර අද මං"චුටි” ගැන ලියන්නහිතුවා. ඇත්තමකියනවා නම්චුටි” ගැනකියන්න හිතුවා.අනිත් අයට"චුටි” එහෙම නැත්නම්චූටි නංගී”, "චූටිඅක්කා” වුනත්ඇය මගේඑක්කුස නූපන්එකට අකුරුකළසොහොයුරියන් කීපදෙනාගෙන් එක්සොයුරියක්.අපි එකමපාසලේ එකමපංතියේ එකටඅකුරු කළා. සාමාන්‍යපෙළ විභාගයඋසස් පෙළඉගෙන ගන්නප්රමාණවත්තරමින් සමත්වුණා. ඉන්පස්සෙ උසස්පෙළ කලාවිෂයන් හදාරන්නත්අපි එක්කඑකතු වුණා. බොහොම සතුටින්එක බත්පතබෙදාගෙන කාලාඒ වසරදෙක ගතකරන්නඅපි හීනමැව්වා. ඒත්දෙමාසයක් යන්නත්කලින් මගේමිතුරියට ඉගෙනීමඑපා වුණා. අපි කොච්චරකිව්වත්, ඇඬුවත්, දෙඩුවත්වැඩක් වුණේනෑ. අන්
නුඹ ගැන ආඩම්බරයි ලිහිණි සර අද මං"චුටි” ගැන ලියන්නහිතුවා. ඇත්තමකියනවා නම්චුටි” ගැනකියන්න හිතුවා.අනිත් අයට"චුටි” එහෙම නැත්නම්චූටි නංගී”, "චූටිඅක්කා” වුනත්ඇය මගේඑක්කුස නූපන්එකට අකුරුකළසොහොයුරියන් කීපදෙනාගෙන් එක්සොයුරියක්.අපි එකමපාසලේ එකමපංතියේ එකටඅකුරු කළා. සාමාන්‍යපෙළ විභාගයඋසස් පෙළඉගෙන ගන්නප්රමාණවත්තරමින් සමත්වුණා. ඉන්පස්සෙ උසස්පෙළ කලාවිෂයන් හදාරන්නත්අපි එක්කඑකතු වුණා. බොහොම සතුටින්එක බත්පතබෙදාගෙන කාලාඒ වසරදෙක ගතකරන්නඅපි හීනමැව්වා. ඒත්දෙමාසයක් යන්නත්කලින් මගේමිතුරියට ඉගෙනීමඑපා වුණා. අපි කොච්චරකිව්වත්, ඇඬුවත්, දෙඩුවත්වැඩක් වුණේනෑ. අන්
අපිට ඇස් කන් තියනවා ද? ලිහිණි සර අදත් ලිහිණිටඔබටකියන්නකතාවක්තියෙනවා. මේකතාවමටකිව්වෙඅම්මාකෙනෙක්. වචනයේපරිසමාප්තඅර්ථයෙන්මකුලුණුබරහදවතක්තියෙනඅත්තම්මාකෙනෙක්වූමේඅම්මාජීවත්වුණෙනුගේගොඩපේනනොපෙනෙනදුරක. ඇගේඅසල්වැසියොවුනේ සිංහලදෙමළමුස්ලිම්ප්රජාව. මේහැමදෙනාමඑකිනෙකාගේදුකසැපසොයාබලමින්ජීවත්වුණුනිසාමඑකිනෙකාඅතරසමීපසම්බන්ධකමක්තියෙනවා.ලාලනි විජේසිංහජීවත්වුණෙමටමේකතාවකියපුඅම්මගෙනිවසආසන්නයේමයි. ලාලනීදන්නදවස්වලඉදලමටිකක්සැරවැරකාන්තාවක්. ඇයටහිටියෙඑකමඑකදියණියක්විතරයි. මේඅම්මඒදුවවහැදුවෙත්තමන්ගෙ ආණ්ඩුමට්ටුවෙ තියාගෙනමතමයි. මේඅම්මයිදුවයිඅතරහැමදාමත්ගැටුම්තිබුණා. අහලප
කල්පණීගේ කල්පනා ලිහිණි සර අහසෙ තියෙන්න තරු ගනින්න යන්නද අම්මේහදහාමිගෙ රුව දකින්න යන්නද අම්මේවළාකුලේ පාවෙන්ට යන්නද අම්මේ ඉගිල්ලිලා අහස දෙසට යන්නද අම්මේ //තරුකැට ටික ටික අමුණා ඔබ හිස පලදන්නම් වළාකුලේ කෑලි අරන් තෝඩු හදන්නම් තෝඩු දෙකක කනට දමා හැඩද බලන්නම්// අහසෙ තියන තරු මට නම් හරිම ලස්සනයිහදහාමිගෙ රුවත් ඒ වගෙම ලස්සනයිවළාකුලක් අනේ අම්මෙ හරිම ලස්සනයිඅම්මාගේ මුහුණත් මට හරිම ලස්සනයි.අහසෙ තියන තරු ගනින්න.....මේ සොඳුරු පදවැලේ ...
බලහත්කාරය සහ බලගැන්වීම ලිහිණි සර බලහත්කාරය සහ බලගැන්වීම මිනිස්සුන්ට කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා වෙනව කියන එක අහන්න දෙයක් නෙවෙයි කියල දවසින් දවසම ඔප්පුවෙමින් පවතිනවා. ඇති හැකි මිනිස්සු පුඵවන් තරම් කඩාවඩා ගනිත්දි නැති බැරි මිනිස්සුන්ට තමන්ට තියෙන දේ රැකගන්නත් මහ විශාල අරගල කරන්නවෙලා. හුඟක් වෙලාවට මේ අරගලය නිමාවෙන්නෙ ඇති හැකිවුන්ගේ බලයෙන් නැතිබැරි එකා පාගල, තමන් යන පාරෙන් අහකට විසිකලාටත් පස්සෙයි.ඊයේ පෙරේද දවසක මේකෙ අලුත්ම කතාව ...
හැමදාම බොමු ලිහිණි සර කිලෝමීටර සිය ගණනක් දුර ගෙවාන මගේ යෙහෙළියක් කොළඹ මහ රෝහලට ආවේ ඇගේ ඥාති සොයුරියක ගෙ දුක සැප බලන්න. නිතර හමු නොවෙන නිසා ම අපි දෙන්නත් අතර මඟක මුණ ගැහුණා. “නංගිට කොහොමද දැන්” ඒ මගේ පළවෙනි ප්‍රශ්නෙ. "කියන්න තරම් ගුණයක් නෑ. සතියකට වරක් ලේ පිරිසුදු කරනවා. වකුගඩුවක් බද්ද කරන්න ඕනෙලු. ඒත් නංගිගෙ අසනීපත් එක්ක ඒකත් කරන්න අවදානම්ලු. මොනවා කරන්නද ලිහිණි, ...
“මිනිසත් කමට නුඹ උපමාවක් භානු” ලිහිණි සර ඉපදෙන හැම ගැහැනියක්ටම, පිරිමියෙක්ටම උපතේදී තමන්ගේ මව හෝ පියා විසින් දෙනු ලබන නමට අමතරව හැදින්වෙන පොදු සංඥාර්ථ නාමයක් තියෙනවා. “මනුස්සයා” කියලා. මනුස්සයා කිව්වම ඒක එකයි. හැබැයි ඒ මනුස්සයා කියන වදනට එකතුවෙන නිපාත, උපසර්ග විශේෂණ පදවලින් එහි අර්ථය විවිධාකාර ලෙස වෙනස් වෙනවා. ද, නරක, දක්ෂ, අදක්ෂ, ලෝභ, පරිත්‍යාගශීලී, පසන්, සුපසන්, එවැනි අර්ථ කීපයක්,භානු ප්‍රසන්න පෙරේරා, අද අපි අතර නැතත් අර මං ...
ලිංගික අධ්‍යාපනය තාමත් එපා ද? ලිහිණි සර මේ ගැනලියන්න හිටියෙහුඟ දොහකටකලින්, ඒත්අදට වැඩියහෙට හොඳවෙයිකියල යටිහිතනිතරෝම කියනනිසා නොලිය, නොලියහිටියත් තවදුරටත් එසේඉන්න පුළුවන්කමක් නෑ. මම මේකතා කරන්නෙඅපේ දරුවොගැන. රටේදරුවො ගැන, එහෙමනැත්නම් මමකැමතියි කියන්නමගෙ සොහොයුරියන්ගැනයි මමමේ කතාවකියන්නෙ කියලා.අතීතයේ නම්අපි දන්නවප්‍රේමවතීමනම්පේරිලා ගැන, මතුගමසමන් කුමාරලාඅහන්න ලැබුණෙහාවා හදදකිනව වගේකලාතුරකින් කියල. ඒ වුණත්අද තත්ත්වෙඊට හාත්පසින්වෙනස්. අපිනිකං මූනිච්චාවටකතා කරන්නඕනි නෑ. කෙලින් කතාකළොත් ඔබත්මාත් දන්නවාවාර්තා වීම කෙසේ වෙතත්ස්ත්‍රී දූෂණවත්ළමා අපචාරවත්මේ
කල්‍යාණි ගංගා ඇවිත් ලිහිණි සර මම හිටියෙ බුලත්කොහුපිටිය බස් එකේ, අවිස්සාවේල්ලෙ ඉදලා පැයකින් බුලත් කොහුපිටියට යන්න පුළුවන් වුණත් බස් එකේ ගමනට නම් පැය එක හමාරක් දෙකක් නැතිවම බෑ. කොළඹ කොන්ක්‍රීට් වනාන්නතරේ වගේ නැතිව මඟ දෙපස කොළපාට ඉතිරිලා තියෙන ඒ 07 මාර්ගය ඇහැට සිහිලක් නිසා ඉබි ගමන ගැන නොහිත පරිසරය රස විඳිමින් යනඑක වඩා හොඳයි කියල මට හිතුණා. බස්එක පිරෙන්න නැතත් සාමාන්‍ය තරමක සෙනඟක් හිටියා.මේ වෙද්දි ...
මිහිරි මතක ලිහිණි සර අවුරුද්දට සතියකට දෙකකකට කලින් දවසක හැන්දෑවක හතට අටට විතර මෝටර් බයිසිකලයක් ඇවිල්ලා අපේ ගේ දෙරකඩ නතර කළා. හිස් වැස්ම ගලවලා බයිසිකලේ එල්ලන ගමන් කිරි මාමා ඉන්නවද කියල අහගෙනම තරුණයෙක් ගෙට ගොඩවුණා. පාර පෙන්නන්න ආපු අනිත් පොඩ්ඩා නම් අපි දන්න අඳුනන දරුවෙක්. 'මට එකපාරට අඳුනන්න බෑ' කියල තාත්තා කියද්දිම පාර පෙන්නන්න ආපු පොඩ්ඩව අඳුනගත්ත නිසා ආව කෙනා අපි අඳුන ගත්තා.අවුරුදු දහතුනකට ...
ලිහිණි සර: ආච්චිලා සීයලා ලිහිණි සර ලිහිණි සර: ආච්චිලා සීයලා: පහුගිය දවසක මන්මිතාගෙ මොන්ටිසෝරියෙ හරි අපූරු හමුවක් සුදානම් කරලා තිබුණා. මාර්තු 08 වෙනිද ජාත්‍යන්තර කාන්තා දිනේට කලින් දවස, ඒ කියන්න... ...
ආච්චිලා සීයලා ලිහිණි සර පහුගිය දවසක මන්මිතාගෙ මොන්ටිසෝරියෙ හරි අපූරු හමුවක් සුදානම් කරලා තිබුණා. මාර්තු 08 වෙනිද ජාත්‍යන්තර කාන්තා දිනේට කලින් දවස, ඒ කියන්නෙ මාර්තු 07, ආච්චි අම්මලාගෙ දවස විදියට නම් කරලා තිබුණා. ඉතින් ඊට සති දෙකකට විතර කලින් ඒ සඳහා ආච්චි අම්මලාට ඇරයුම් පතකුත්, පැලද ගෙනයන්න ලාංඡන දෙකකුත් එවලා තිබුණ. ආච්චි අම්මලා දෙන්නත් හරිම සතුටින් මිණිපිරීගෙ පාසලට ගියා.පැමිණ සිටි ආච්චි අම්මලා පිළිඅරගෙන අසුන් ...
ජීවිත කැන්වසය ලිහිණි සර මොහොතින් මොහොතඅතීතයක් වන කැන්වසයක සිතුවම් කළ ජීවිතය දෙස මොහොතක් හැරී බලමි....ජීවිතය විවිධ වර්ණයෙන්නෙක පින්සල් පහරින් හැඩව ඇත, උණුසුම්,සිහිල් මෙන්මඅදූරු පැහැය ද එහි අන්තර්ගතය... තනිව සමරන අවසන් උපන්දිනය දාජීවිතයට ජීවය දුන් අම්මාත් තාත්තාත් එක්ව උදරය බෙදාගත් අයියාත්, මල්ලීත්, නංගීත්තිස් හත් වසක ජීවිතය බෙදාගත් සියලු දෙනාත් සිහපත් කරමි..ජීවිතයේ නවමු ඇරඹුම දෙස බලා හිදිමි....ඔබ එ¢මඟ පියමැන එනු පෙනේ...ඉදින්...විසල් සෙනෙහසකදිය උල්පත් මතුවන යුරැ බලා ...
මගේ ආදරේ... ලිහිණි සර මොකක්ද මේ ආදරය කියන්නේ, මම හිතන්නේ ඒකට නිර්වචන දෙන්න බෑ. ඔබහැමදෙනාට ම ඒ ගැන විවිධ නිර්වචන තියෙන්න පුළුවන්. ඔව් ලෝකයපැවතෙන්නේ ආදරය නිසා. ඒත් ඒක ඇතුවත් බැරි, නැතිවත් බැරි තවත් එක දෙයක් . විතරයි. වෙලාවකට මට හිතෙනවා ආදරය කියන්නේ විඳවීමක් කියලා.මොකද ආදරය විඳිනවා වෙනුවට විඳවන අය වැඩියි. ඒක ලබා ගන්න විදියයි, බෙදාගන්න විදියයි හරිම වෙනස්. ඒ කියන්නේ අපි ආදරය කරන විදියයි ...
නිම්තක නිම්නැත මේ දුත! ලිහිණි සර ගෝනගල්දෙණිය ඉඳල රුවන්වැල්ලට එන්න පැයක් ගතවුණත් ගමනෙ වෙහෙස දැනුණෙ නැත්තෙ අවට පරිසරයෙ තිබුණු තෙත පාට හින්දා, රබර් වතු, කදු පංති විතරක් නෙවෙයි කඳු පාමුල ස්වාභාවිකව ම හැදුණු කළුගල් කානු දිගේ ගලාගෙන යන මොරතොට ඔයේ පිරිසුදු වතුර පාර මීටර පනහක හැටක දුරක වුණත් ඇහැට හරි අපූරූ සිහිලසක් ගෙනාවා. ඒ පරිසරයෙන් මිදිල ආපහු කොළඹ එනව කියන එක සිහි වෙනකොට අනේ මේ වගේ ...
Untitled Post ලිහිණි සර සංග මාම මාව බලන්න ආවසියල්ල අවසන මාස හතරකට පසුව නිම්තක මනුල් ජයවික්‍රම නම් ශාන්ත පීතර විද්‍යාල යේ වයස අවුරුදු 15 න් පහල ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින්නා සිය කුමර දිවියට සමුදී තිබිණි. පසුගිය බ්‍රහස්පතින්දා සවස බොරැල්ල පොදු සුසාන භූමියේ දී නාම මාත්‍රය අප අතර ඉතිරි කර ගිය ඒ සිඟිති පුතුට සැනසීම පතමු. ...
නිරුවත් සිතිවිලි ලිහිණි සර මිනිස්සු අමනුස්සකම් හංගගෙන ඉන්නෙ, දරාගෙන ඉන්නෙ කොච්චර අමාරුවෙන් ද කියල දැනෙන්නෙ පාරට බැස්සහම. මේක තවත් එක කාන්තාවකගේ දෘෂ්ටියක් විතරක් වෙන්නත් පුළුවන්, ඒ වුණත් අනේ මන්දා පිරිමියෙක් දැක්කහම ගැහැනුන්ගෙ හිතිවිලිත් කුපිත වෙනවද කියලා. මේ කතා මෙහෙම කියන්න ලැඡ්ඡා බය ගෑවිලාවත් නැත්ද කියල අහන අයත් ඉන්නවා. ඒ කොහොම වුණත් කියන්න තියෙන දේ නොකියා හිටින්න බැරි තරමටම අපේ සමාජයේ මනුස්සකම පිරී ඉතිරී ...