සොබාදමේ දරුවෝ ලිහිණි සර ( සේයා රූ- අමල්ක අමරසිංහ )“ මගේ තුන්මැසි දියණියගේරසවත් සිහිනය දිගේසිනහ කුමරි නටන කලටදිටිමි සියලු රූ ඇගේ ”සිරිමා ලේකම්ගේ ගුරුතුමිය සිංහල පාඩම අවසන් කරමින් සිටින්නී ය. පාඩම “ ඈට වසඟ නොවනු කවුරුද? ” පද්‍ය පංතියයි. ශ්‍රී චන්ද්‍රරත්ත මානවසිංහ ශූරීන්ගේ ඒ අති රමණිය පද සංකල්පනාව සිංහල පෙළ පොත සඳහා කවුරුන් විසින් තෝරා ගන්නා ලද්දක්දැයි කිව නොහැකි නමුත් කුඩා අපි ඊට වසඟ ...
බැචීයන්ගෙ බත් ගෙඩි ලිහිණි සර පුංචිලෑ ගෙදරට ගිහින් එන්න ඕනැකම තිබුණත් පහුණු කාලේ එක එක දිගට තිබුණු වැඩ කටයුතුත් එක්ක දවසින් දවස ඒ ගමන අතපහු වෙලා තිබුණ. පහුන ඉරිදාවක තවත් ඥාතීන් පිරිසකුත් එක්ක අලේ ගෙදර අයත් පුංචිලෑ ගෙදර යන්න දාගත්ත. අපේ ගෙදර අයට එහෙට එන්න කියල මම සරසවියේ ඉදන් කෙළින්ම පුංචිලෑ ගෙදරට ගියා. කටට රහට විවිධ කෑම හදන අතරේ ලොකු දූ බත් ටිකක් කමුද කියල ...
ප්‍රතිචාර ලිහිණි සර http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2013/02/01&id=2013/02/01/b13020111තුන්කාලේ නෝනාටොම්සන් මහත්තයා අහස දිහා බලා ගෙන හිටියේ ඈත ඉඳන් පියාඹා ගෙන එන කුරුල්ලෙක් දිහා ය. කුරුල්ලෙක් ද කිරිල්ලියක් ද කියලා කියන්ඩත් බෑ. මෙන්න බොලේ අහසේ ඉඳන් ආපු මොකා හරි ටොම්සන් මහත්තයා ළඟට පාත් වෙච්චි ගමන් මැවුණේ ගෑනු පරාණයක්. ඇඳ ගෙන හිටියේ තුන් කාලකුයි, ටී ෂර්ට් එකකුයි.‘මේ ටොම්සන් මහත්තයා වෙන්ඩ ඇති... මං ආවේ විශ්වවිද්‍යාලේ පැත්තේ ඉඳලා...’‘ඉතින් මොකද අප්පේ මේ කලබලේ.. ...
අවිද්‍යා දැල්වෙන විද්‍යාල ලිහිණි සර මෑත දිනෙක මට හරි අපූරු සිදුවීමක් අත්විඳින්න ලැබුණා, එක්තරා සරසවි බිමක දි. වසර ගණනාවකට කලින් කරපු විභාගයක සහතිකය ගන්න දවසින් දවස අපිට අතපහු වෙලා තිබුණා. ඉතින් වෙනත් ගමනක් යන ගමන් අපි සරසවියට ගොඩවෙන්න තීරණය කළා.සහතික කොළේ අරගන්න. මගේ යෙහළියයි, ඇගේ සිඟිති දියණියයි, මමයි, වාහනේ අරන් ගියේ ඇගේ සැමියා. ඒ වේලාවේ මහ වරුසාවකුත් එක්ක. ගේට්ටුවට අපේ අවශ්‍යතාවය දීල අපි සරසවි බිමට ...
සද එළිය බිදුවක්ය ආදරේ ලිහිණි සර ගැඉරිතැළුනු බිම් කඩක්සෙනෙහසින් තෙත් කරනමල් කිනිති පුබුදුවනහැමදාම, හැමදාම, හැමදාම මල් පිපෙනසදාකල් වසන්තයමේ තරම් ළංවුනේ කවදාද ?පිසද එළිය බිදුවක්ය ආදරේමුදු සුවද පවනක්ය ජීවිතේගැපිණි කැටිති සීතලටතුරුළුවෙයි පත් අඟටසිනාසෙයි කිරිල්ලක්පෙම්බරාගේ හඬටසදාකල් වසන්තයමේ තරම් පමාවූයේ ඇයි ද ?පිඅවාරෙට මල් පිපෙනනමාගෙන අතු නැමෙනඅරුමයන් දකිනවිටහැමදාම පිබිදෙනාමල්යාය දකින්නටමේ තරම් පමාවූයේ ඇයි ද ?ගැසද එළිය බිදුවක්ය ආදරේමුදු සුවද පවනක්ය ජීවිතේපිදෝරේ ගලායන රන් අරුණැල්ලටවියන් බැදෙනවලූ නිල් ගුවනේගැවළා වියන වී ...
ෆීනික්ස් කිරිල්ලී ලිහිණි සර ජීවිතේ වෙලාවකට හරියට හමන සුළඟ වගේ, කොහෙන් හැමුවද? කොහේටද හමාගෙන යන්නෙ කියල කවුරුවත් දන්නෙ නැහැ. හමාගෙන එනවා, හමාගෙන යනවා. වෙලාවකට හරිම සිහිල් සුළඟ වෙලාවකට මාරාවේශ වෙනවා. මල් සුවඳ විතරක් නෙෙමි කුණු ගඳත් අරගෙන එනව. ජිවත්වෙන්න ඉහලට අදින හුස්ම පොදත් එක්ක බැඳිලා තියෙන අපේ ජීවිතේ ඒ හුළං පොද වගේ නොකියම ඇවිත් නොකියම යන්නත් යනවා. අපිත් නොකියම ඇවිත් නොකියම යන්න යනවා. ඒ ...
හෘද සාක්ෂියක් සොයමි ලිහිණි සර මනුස්සකම” වර්ග කරන්න බෑ. පසුගිය සතියෙත් ලිහිණිගෙ ලියමන ලියවුණේ ඒ පිළිබඳ. අපි මුහුණ දෙන අවස්ථාවන් අනුව, දේවලට ප්‍රතිචාර දක්වන ස්වරූපය අනුව බොහෝ දේ වෙනස් වෙනවා. හැබැයි “මනුෂ්‍යයන්” හෙවත් උසස් මනසක් තියෙනවා යයි විශ්වාස කරන අපි කරන කියන දේවල් අනුව ඇත්තටම අපි මනුෂ්‍යයොද කියන ප්‍රශ්නෙ අපෙන්ම අහන්න වෙන අවස්ථා තියෙනවා.විශේෂයෙන් ම අනිත් අයත් එක්ක හැසිරෙද්දි වැඩ කරද්දි හෘදය සාක්ෂියක් ඇතිව ...
2013 සොඳුරු හිමිදිරියක් වේවා!!! ලිහිණි සර අරුණ කැදවන පළමු රැස් දහරේ උණුහුම විදිමින්, නැගෙන සියොත් සරක දිවමන් මිහිර විදිමට ජීවිතය හිමිදිරියක් වන්නේ නම් කොයිතරම් අපූරුදැයි සිතේ. 2013 වසර එළඹෙන්නේ සමස්ත ලෝක වාසී සිත් තුළ ලෝක විනාශය පිළිබඳ ඇතිවූ අප්‍රමාණ සැක සංකා අතරිනි. කෙසේ වුව යනෙන මඟ වෙනදාට වඩා සිනහ මල් පිපෙනු ඇති, අචාරශීලීත්වයෙන් පිරිපුන් බොහෝ ජනී ජනයා අතරින් පිය නඟන ඔබට, යනෙන මාවත සැඟවෙන, සිනහවෙන්නට වෙරදරන ...
සංගා ඔව් , ඔබ සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක්! ලිහිණි සර සංගා ඔව් , ඔබ සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක්!කාන්තාවක් වුණාම අනිවාර්යයෙන් ම අවුරුදු දාසයේ දා හතේ ගන්න තිබුණු ප්‍රතිශක්තිකරණ එන්නතක් මම අර ගත්තෙ නෑනෙ කියල මතක් වුණේ සති දෙකකට තුනකට කලින්. ඒක තවත් කල් අරින්න හොඳ දෙයක් නෙවෙයි අපි පුද්ගලික රෝහලකින් ඉක්මනට විදගමු, හෙට උදේ කොළඹට එන්න. එහෙම කීවේ මගේ මිතුරිය. ඉතින් නොවැම්බර් මාසෙ විසිතුන් වැනිදා නොරිස් නකැනල් පාරේ පුද්ගලික රෝහලකට ...
Untitled Post ලිහිණි සර ් ජීවිතයට ආදරය කරන ඔබ වෙනුවෙනි!‘‘රතු” පැහැයන් අතර දීප්තිමත් පැහැයක් ලෙසත් උණුසුම් පැහැයක් ලෙසත් ‘‘රතු” පැහැය සැලකේ. අනතුරු හැඟවීමේදීත්, උණුසුම් හැගීම් ප්‍රකාශ කිරීමේදීත්, බලය විදහා දැක්වීමේදීත් ආදරය හැඟවීමේදීත් ලොව පුරා ජනතාව රතු පැහැය භාවිත කරයි. ආදරයට සේ ම විනාශය හා ප්රචණ්ඩත්වය දැක්වෙන්නේ රතු පැහැයෙනි. ලොව පළමු ඒඩ්ස් රෝගියා හදුනාගත් එක්දහස් නවසිය අසු එකේ දෙසැම්බර් පළමු දා සිහිකර ලෝක ඒඩ්ස් දිනය ...
Untitled Post ලිහිණි සර මඟ දෙපස මල්ළදරු පාසලින් පසු මගේ පාසල් ගමන ඇරඹෙන්නෙ අද අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලය හෙවත් එදවස අතුරුගිරිය මහා විද්‍යාලයෙනි. නිවසේ සිට පාසලට යන සැතපුමක දුර අපි බස් රථයෙන් ගියා නම් ඒ වෙල දෙගොඩතලා යන්නට වැසි දිනක් වූයේ නම් පමණි. සැබවින්ම අපි පාසල් යන්නට අදි මදි කල දරුවන් නොවූයේ පාසලට යනතෙක් දැකීමට විදිමට තිබූ සොභාදහමේ අපූර්ව දායාදයන් නිසා වන්නට ඇත. අප යන ...
සුදු සීයා ලිහිණි සර සුදු සීයාදිනපතා රැකියාවට යන මඟ ආසන්න නිවෙසක ජීවත්වෙන සුදු සීයව මම අදුන ගත්තෙ බොහොම ළඟකදි. අපි අඳුන ගත්තෙ මඩු ගහක් හින්දා. අපේ පළාතෙ මඩු ගස් නිතර දකින්න තිබුණත් ගෙඩි හැදිල තියෙනව දකින්නෙ බොහොම කලාතුරකින්නෙ. සුදු සීයගෙ ගෙවත්තෙ මඩු ගහ පලදරලා තිබුණා. මහියංගණ, හුන්නස්ගිරිය, මී මුරේ පැත්තට ගිය හැමදාම මඩු පිටි අරගෙන ඇවිත් තිබුණත් හොඳින් වැඩුණු මඩු ගෙඩි ජීවිතේ පළමු වතාවට ...
කළපු ගමන ලිහිණි සර කළපු ගමනඋදේ රැයින් අම්පාරෙන් පිටත් වූ අපට උදෑසන අට වනවිට පානමට පැමිණීමට හැකිවිණි. අප පැමිණෙන විටත් එහි ධීවර සමිතිය අප කළපුව වෙත රැගෙන යාමට අවශ්‍ය බෝට්ටුව සූදානම් කර තිබිණි. පානම ලලිතක්කා අප සමඟ බෝට්ටු සංචාරයට එක්වූ අතර කළපුව පුරා පැතිරුණ කිරල සහ මහ කඩොල් ගසින් සෙවැණි උමං මග දිගේ අප මෝය කට දෙසට යාත්‍රා කළෙමු.දිගු පාදවලින් බොරු කකුල්කාරයන් සේ ...
සොබාදමේ තතු නොදකින නෙතු ලිහිණි සර සොබාදමේ තතු නොදකින නෙතුපෙර පාසල් යන දවස හැකි සෑම විමට ආච්චි අම්මාත් සමඟ සෙල්ලම් කිරීමට අප නිවසට දිව එන "නෙතු" දැන් පාසල් යයි. එදවස මා නිවෙසේ සිටී නම් හැකි සෑම විටම අපි දෙන්නා කිසියම් දෙයකට ඔට්ටු අල්ලන්ට හුරුව සිටියෙමු. පෙර පාසල් ගුරුතුමිය ගේ සුරතලිය වූ "නෙතූ" ඒ දිනවල මා සමඟ හරි හරියට හිටිවන කවි කියන්නියක වෙමින් සිටියා මට මතකය." අපේ ...
මලර්විලි ලිහිණි සර මලර්විලි අපි, ඒ කියන්නෙ මමයි, මගේ භාෂා පර්වර්තිකාව වුනු කලාදේවි දෙන්න කාන්තාවන් කීපදෙනෙක් මුණ ගැහෙන්න අග්බෝපුර පුදුකුඩුරිප්පු වලට ආව. අපට පාර පෙන්නන්න පර්හාන් මග බලාගෙන හිටිය. වංගු හැගුණු පටු පාරක කිලෝමීටරයක් දෙකක් ගිය අපි නැවතුනේ තල්කොල වැටක් අද්දර. කාටත් කලින් සද්ද පුජාව තියල අපිව පිළිගන්න ආව බලු පැටියව කොහොද ඉදන් දුවගෙන ආපු පොඩිත්තෙක් දම්වැලට හිරකලා. වාංග අක්කා කියල අපිව ...
අනීකාට ලිහිණි සර අනීකා....පේර ගහ පීදීල,උදේ ඉද හවස්වන තුරාවට ලේන පවුලක් දෙකක් එකෙන්ම යැපෙනවාහවස බත් කන්න එනගිරා රංචුවෙ ඉන්න කොළපාට චන්ඩි ටිකපේර ගෙඩි වලට වග කියනවාකොබෙයි යුවලත් තාම ඉන්නවාකොණ්ඩයොත් එක්ක ගී ගයනවාඉද හිටක ගෙදර එන ” පාට්ටු” ට මාසෙකට හරියන්න ඔන්න වැඩ තියෙනවා අම්මගේ ගෙමිදුලේ තට්ට තණකොළ පදුරුඅගල් හතරක් පහක් වැවෙනවා ”මන්මි” තනියෙන් කතා කරනවාඅනීකා............මාස හත අටක්වූ පුංචි හුරතල් මූණතවත් ලස්සන වෙලා මූණුපොතෙ ...
තනියට කඳුළයි හසරැල්ලයි ලිහිණි සර ආදරේ සුන්දර ගින්දරක් කියල කවුදෝ කියල තිබුණ. ලිහිණි, කාලයකින් දැනෙන නිර්මාණයක් දුටුවෙ නෑ, දැන් ලියන්නෙ නැද්ද කියල අහන, හැමදාමත් අලුත් දෙයක් විදින්න බලාගෙන ඉන්න අයට පහුණු කාලෙ දෙන්න උත්තරත් තිබුනෙ නෑ මට. මොකද වැඩත් එක්ක යුද්ධයක් කිව්වට නොලියා සිටීමට ඒක හේතුවක් කියල පිළිගන්න කවුරුවත් සූදානම් නැති නිසා.මේ ...
උපතක සතුට! ලිහිණි සර අප්‍රේල් 2011ට පැමිණ නික්ම යන්නටත් ආසන්නව ඇත. තනිව ගත් පළමු හුස්මේ සිට අවසානයක් නොදන්නා ගමනක තවත් එක් සැතපුමක් අතීතයට එක්වී හමාරය. මේ සටහන තබන්නේ සතුටක් බෙදා ගැන්මටත්, සතුටක් ලබාගන්නට සහෘදයනට විවෘත ඇරයුමක් ලබාදීමත් අරමුණු කොටගෙනයි.ගතවු අප්‍රේල් 12 වනදා උදෑසන නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයට ගොස් රුධිරය පරිත්‍යාග කළයුතු යැයි සිතුනේ කවර මොහොතක ...
නයන්තා ලිහිණි සර ජීවිතේ මහ දුකක්සිනාවෙන්නට හැකියි බොහෝ සීමිත දවස්ආ පයට ආ මඟම දුක’අතැර ඉක්මනින්"නයන්තා" නෙතුපියාජීවිතෙන් සමුඅරන්...දයාබර සොයුරියේ නුඹට නුඹ ප්‍රාර්ථනීය සැනසීම ලැබේවා, ...