මහ පාරේ මලත් සැපයි (අරයගෙ කතාව 2) ලංකාප්‍රියගේ සිතිවිලි පාරට බැස්සට කොහේ යනවද කියල මට නිනවුවක් තිබුනේ නැහැ.. වැස්සට තෙමුනා අවුවට වේලුනා . මං නිදා ගත්තේ ගහක් යට නැත්නම් වහපු කඩයක ඉස්තෝප්පුවේ. හෝටලේ ළඟ කරකැවී කැවී ඉඳල පිටිපස්සේ විසිකරන කෑම කන එක ඒ තරම් නරක දෙයක් නෙවෙයි.. සමහර කෑම හරි රසයි..හැබැයි හෝටලේ ඉස්සරහ පැත්තෙන් ගියාම හම්බවෙන්නේ ගල් පාරවල්.. ඇත්ත කියනවනම් ගලුත් නෙවෙයි ඔහේ අහුවෙන ඕනෑම දෙකින් ...
ඇයි මේ මිනිස්සු අපිට පාඩුවේ ජීවත්වෙලා මැරිලා යන්න දෙන්නෙ නැත්තේ ? ලංකාප්‍රියගේ සිතිවිලි ඔන්න එනවා දඩි බිඩිස් .. හපොයි.. දැන් ඉතින් මොනවා කරන්නද? ආපහු යන්නත් වෙලාවක් නැහැ අපේ වේගෙ හැටියට.. හැමදාම උස්සන් යන ගේ අස්සට රිංගා ගත්තත් පලක් නැහැ මේ මෝඩ මනුස්සයා එක්ක. ඔයි යකා ගේත් එක්ක මාව උස්සලා පඳුරක් අස්සට දාලා යාවි..ඊයෙත් කලේ ඒකනෙ.. ඒ මදිවාට අපේ හාමිනෙත් ඔය විදිහටම වැදගත් ගමනක් යනකොට ගේත් එක්කම උස්සලා පඳුරක් අස්සට දාල ඒ මදිවට මෙහෙමත් ...
මෙන්න ප්‍රශ්න ටිකක් -දෙන්නකෝ උත්තර. ලංකාප්‍රියගේ සිතිවිලි මං මේ ප්‍රශ්න අහන්නේ ඇත්ත දැන ගන්න මිස වෙන අදහසකින් නෙවෙයි.. මං බුද්ධ දර්ශනය පිළිගන්න මගේ රටට "ලාංකීය ජාතියට" අපේ කියන හැමදේටම ආදරේ මිනිහෙක්.. ඒ නිසා මට බනින්නේ නැතුව කරුණු විතරක් ලියනවද පිළිතුරු හැටියට ?1. සිංහල බුද්ධාගම (සිංහල බෞද්ධයා ) .."මේ බුදුන්ගේ දේශයයි" කියල ගහගත්ත ඉන්දියාවෙන් ගෙනා බජාජ් ටුක් ටුක් එකක මරපු ඌරු පලු දෙකක් හරහට දාගෙන ...
ඇයි පුතේ ඔයා තනියම ? ලංකාප්‍රියගේ සිතිවිලි "ඇයි පුතේ ඔයා තනියම මෙතන ?"පොඩි එකා කාෂ්ටක අවුවේ පිට්ටනියේ කුඩා ළමයින්ට ක්‍රීඩා කිරීමට සාදා ඇති උපකරණයේ තනිවම ක්‍රීඩා කරනු දැක මම අසමි.. මොහොතකට පෙර එතැන සෙල්ලම් කල ළමෝ කිසිවෙක් දැන් එහි නැත.. ඔවුන් සියල්ලෝම උපන්දින සාදයේ රසවත් අංගෝපාංග නරඹමින් ඒවාට සහභාගී වෙමින් ශාලාව ඇතුලේය.. පැතුම් මා දෙස බලා අවිහිංසක ලෙස සිනාසෙයි.. “මම සෙල්ලම් කරනවානේ.. “"ඉතින් වෙන කවුරුත් නැහැනේ ඔතන.."ඔහු ...
වීර සරතා විපතට පත් ලඳුන්හට පිහිටවෙයි ! ලංකාප්‍රියගේ සිතිවිලි කලකින් නොලියු හින්දා කවියක් ඔන්නකවියෙන් ලියමි තව සිදුවීමක් දන්නඑච්චර රහ නැතත් කියවා දිරි දෙන්නකලකට ඉහත වූ මේ දේ අහ ගන්නකොල්ල කාලෙ මම සහ මගේ මිතුරු රැල සටන් කලාවක් උගතිමු වඩන බළ පන්තිය ඉවරවී කළුවර වැටුන කලබස් එනතුරා සිටිනෙමු බස් කනුව මුලහැවුලොක් ටවුමෙ බෝගහ ළඟ තෙල් හලයඒ අසලින් බස් නවතන බස් පොලයලකියයි මමයි පච හලනා තිප්පොලයඑතනදී තමයි සිදු වුයේ අරගලයලකියයි මමයි ...
මේ බොසා එක්ක හැප්පුනොත් ඔහොමයි (.මිනිස්සුත් එක්ක 7) ලංකාප්‍රියගේ සිතිවිලි ප්‍රධාන මෙහෙයුම් කලමනාකරු හැටියට මට පත්වීම ලැබෙන්නේ මම කවදාවත් නොහිතු ආකාරයටයි.. සාමාන්‍යයෙන් මේ තනතුර හැමදාම පිදුනේ වැඩි ජ්‍යේෂ්ඨත්වයක් ඇති මෙහෙයුම් ක්ෂේත්රයේ නම් දරාපු තලතුනා අයටයි.. එහෙම සුදුසුකම් ලබපු අය ඉන්දදී මට මේ තනතුර දුන්නාම කලබැගෑනි බොහොමයක් ඇති උනා. තම තමුන්ට ඒ තනතුර ලැබිය යුතු යයි සිතා සිටි කිහිපදෙනෙක්ම ලිකිත වාචික ඉදිරිපත්කිරීම් අමාත්‍යාංශය දක්වා කර තිබුන බවයි මට දැනගන්න ලැබුනේ. අනුන්ගේ ...
අඳ මිනිස්සු ලංකාප්‍රියගේ සිතිවිලි ගණඳුරුය මහ රෑ ඒ විසල් පුරවරයේපා නගයි අඳ මිනිසෙක් මුට්ටියක් හිසමතැතිවගිනිහුලෙකි එකතෙකදුටු දනට කුතුහලයකිදෑස් නැති මුග්ධයෙක් කුමට මු හට එළියක් ?එකෙක් විමැසී ඔහුගෙන් පුරා හඬ උපහාසෙන් එම්බා අඳ මිනිසකුමට ගෙන යනු එළියක් ? "එලිය තිබුනද නැතද අඳ මෙමට දැකිය හැක ඇස් ඇති නුඹ සැමමඅන්දයෝ වෙති අඳුරෙහි" "අඳවු ඔබ වෙනුවෙනි මේ එලිය.. නොව මාහට ඔබ මසිරුරෙහි ගැටී මුට්ට්ටිය නො බිඳ
ගුරුන්නාන්සේ ලංකාප්‍රියගේ සිතිවිලි මේ උතුම් සාමාන්‍ය මනුස්සය ජීවත් උනේ බොහොම කාලෙකට ඉස්සර.. උතුම් මිනිස්සු සාමාන්‍යයිනේ .. මං නම් හිතන්නේ එහෙමයි.. අපේ ගෙදර තිබුනේ ගම් සබා පාරක් අයිනේ. මහ පාර පේන දුරින්.. දැන් නම් ඒකත් පාරක් වෙලා..පාරට එහායින් තිබුනේ වෙල් යාය.. අපේ ගෙදර ඉස්සරහ තිබුනේ පඩි පෙළක්. අපි තාත්ත&nb
නොදරුවන් ගසා කෑම ලංකාප්‍රියගේ සිතිවිලි මං තනිකඩව ඉන්න කාලේ එක්තරා ළමා නිවාසයක් එක්ක බොහොම කිට්ටුවෙන් හිටිය. මගේ උපන්දිනේ සමරන්න මම කළේ එතනට දානයක් දීල ඒ දවස එතන ගත කරන එකයි.. පස්සේ පස්සේ ඉතින් පවුල් පන්සල් උනාමත් ඉතින් ඔය පුරුද්ද මම මගේ බිරිඳ සහ දරුවන් එක්කත් මේ විදිහටම නොකඩවාම කලා. හැබැයි ඒ නිවාසයට කොච්චර ඉල්ලුමක් තිබුනද කිවුවොත් මගේ නියම දිනයට හැම අවුරුද්දෙම දානයක් ගන්න බැරි උනා. පෙනුන හැටියට ...
වින්ඩෝස් ක්‍රමයට දුක නිවා නිදාගැනීම- ප්‍රත්‍යක්ෂයි. ලංකාප්‍රියගේ සිතිවිලි හැමදාම ඇඬේන කතා ලියල හරියන්නේ නැහැනේ.. අඬන මිනිස්සු බොහොමයි.. අඬන්න හේතුත් බොහොමයි.. සැප කියන්නේ සිතිවිලි මාත්‍රයක් විතරයි ...එක දැනුන... ඊටපස්සේ ඉවරයි.. වමාර වමාර ආපහු ගිලින්න බැහැ.. හැබැයි දුක එහෙම නෙවෙයි." චක්කන්ච වහතෝ පදං " .. අර බුදු හාමුදුරුවෝ කීව වගේ ගොනු පසුපස එන කරත්ත රෝදය වගේ දුක අප ලුහු බැඳගෙන එනවා.. හිත අරා ගන්නවා. කොච්චර එලෙවුවත් ආපහු එනවා. කොච්චර කාලෙකට ඉස්සර වින්ද ...
මහ පාරේ මලත් සැපයි (අරයගෙ කතාව - නිමාව ? ) ලංකාප්‍රියගේ සිතිවිලි එදත් මං පුරුදු විදිහට පාර දිගේ යනවා. අර ගල් ගහන ලොක්කගේ ගේ පැත්ත මග ඇරලා අනිත් පාරෙන් තමයි.. මට කීප දවසක්ම ඔය උස තාප්පේ තියෙන කළු පාට උස ගේට්ටුව දාපු වත්ත ඇතුලෙන් අපේ එක්කෙනෙක්ගේ සින්දුවක් ඇහුනා. මං ගේට්ටුවට නහය තියල බැලුවම මට තේරුනේ නෑ කවුද කියල.. අපේ අය ගොඩක් ඇවිත් ඒ ගේට්ටුව ලකුණු කරලා ගිහින් තිබුන නිසා ඔක්කොම අංජ ...
පෙරුම් පිරුමට නොවේ ලංකාප්‍රියගේ සිතිවිලි හඳිනෙමි නුහුරු වත් උලා නිය තොල් වරුනින් ඉඳිනෙම් වීදි කොන එතැයි වෙසතුරු රජවරුවැල නොකැඩි පේලියටඑතේ ෂයිලොක් සිටුවරුවෙසතුරුන් වල් වැදී තවුස්දම් රකිනා කල ඇස් ඉස් මස්ද සම් ලේඇට නහර දන් දෙන්නෙමිවැදු දරු දන් දෙනුනොහැක්කෙන් ජුජකයිනට ...
අපි වෙනස් වෙන්නේ කවදාද ? ලංකාප්‍රියගේ සිතිවිලි අද මං කතාකරන්න යන්නේ අපේ රටේ තියෙන සමහරක් යල් පැනපු නීති රීති රෙගුලාසි නිසා වැරදි ආකල්ප නිසා දුක් විඳින මිනිස්සු අපහාස විඳින මිනිස්සු ගැන කතාවක්.. මීට හුඟ කාලෙකට ඉහත වෙච්ච ඇත්ත සිද්දියක්.. මගේ හිතේ තවමත් රැඳිලා තියෙනවා එකේ කම්පනය. එක සිද්ද උනේ මම රාජ්‍ය සේවේ ඉන්න කාලෙයි.. ඒ කාලේ මම දැරුවේ මද්යම කළමනාකරණයේ තනතුරක් පරිපාලනෙට අදාළ. ඒ ආයතනේ විශාල සංක්‍යාවක් ...
සුද්දන් වන්දනාව නොහොත් සුද්දන් සුදු කිරීම ලංකාප්‍රියගේ සිතිවිලි මේ මොකක්ද ? මාතෘකාවෙන්ම තේරෙනවා නේද.. පෙරදිග මැද පෙරදිග සහ ඈත පෙරදිග මං ඇවිදපු සුදු ජාතියකගේ යටත් විජිතයක් වෙලා නිදහස ලබපු හැම රටකම බොහොම සරුවට කෙරෙන සුද්දන් වන්දනාව මහා අප්‍රසන්න අත්දැකීමක්..එක කාලයක් අදාළ බටහිර රටවල මේ කල්ලන් ආසියාතිකයන් හෙළාදැකීම බොහොම තදින් තිබුනානේ.. ඒ යුගේ සම්පුර්ණයෙන් ඉවර නුනත් කළු ජාතිකයෙක් එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් උනායින් පස්සේ කළු මිනිස්සුන්ට ඔලුව උස්සගෙන ...
නටනු සෙමින් ලංකාප්‍රියගේ සිතිවිලි නැවතුනිද රස විඳුමට කැලක් සිඟිති දරුවන් කෙළිදෙලෙන් තුටුවනු කෙදිනක හෝ ඔබ ?යොමුකලෙහිද දෙසවන්වැහි පොද පොලොව සිඹිනා මියැසියට කන්කළු කෙදිනක හෝ ඔබ ?ලුහුබැඳ තුටුවුනිද නෙතින් සමනලයෙකුගෙ සැරිසැරුම ? දුටුවෙහිද නොඑසේනම්කෙමෙන් රැය පලවාහරින ලහිරුරැස් හිමිදිරියේ ? කරනු වේගය අඩු නො රඟනු වෙයින් මේසා කෙටිය… දිග නැත කාලය මියැසිය වේය අවසන්දුවන්නෙද විදුලියසේනොනැවත දිනතුරාවට ? ඔබ සුපැතුමට ඔහු පිලිවදනඇසුමට නිවනක් වීද ඔබහට ?දහසකුත් එකක් ...
ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද? ලංකාප්‍රියගේ සිතිවිලි ජීවත් වෙන්න අපි හැමෝම ආසයි... ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ කරන ...
දෙන්නම් බැටේ ලංකාප්‍රියගේ සිතිවිලි රාජ්‍ය සේවේ හිටි කාලේ මගේ තිබුන ලොකුම දුර්වලකම හින්දා මම බොහොම ප්‍රශ්න ඇතිකරගත්තා .. දුර්වලකම තමයි වංචාව සහ පගාවට විරුද්ධවීම. අබ්යාසලාබියෙක් හැටියට බැඳිලා පහල කළමනාකරණයේ ඉන්නකොට මට කරන්න පුළුවන් උනේ ජරාවේ නොගෑවී ඉන්න එක විතරයි.. ඒ මොකද මගේ ඉහල නිලධාරීන් බොහොමයක් නරාවලේ බැහැගෙන නාමින් හිටි නිසා. එත් මම දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් උනාට පස්සේ මට හැකියාව ලැබුනා යම් ප්‍රමාණයක පාලනයක් ගෙනියන්න මගේ ...
ලෝකය අයිති සුපිරි මිනිසුන්ට විතරද ? ලංකාප්‍රියගේ සිතිවිලි "ඔයගොල්ලා බබා හම්බවෙන්න ඉඳිද්දී වෛද්‍ය පරීක්ශණයක් කලේ නැද්ද ? දැන් කාලෙ අඩු මාස ගානක් ඇතුලත පරීක්ශණයකින් හොයාගන්න පුලුවන් බබා සාමාන්‍යද නැද්ද කියලා." මගේ බිරිඳගේ මිතුරිය අපෙන් අහනවා. උපතින් ටික කාලකට පසුව අපේ දරුවා ඩවුන්ස් සින්ඩ්‍රොම් නමැති තත්වයට අයත් බව දැනගත්තේ. ඒ දැන ගැනීමත් එක්ක ඇති වූ කම්පනයත් එය විඳ දරා ගැනීමට පිලි ගැනීමට සහ එයත් සමග සටන් කරමින් දරුවා හදා ...
මිනිස්සු එක්ක 6 (ජීවිතයක අගේ ) ලංකාප්‍රියගේ සිතිවිලි මේ බ්ලොග් ලියන බහුතරයක් අපේ තරුණ අයට අසුවේ අග භාගේ ඉඳන් අනුවට විහිදුනු භීෂණ සමය ගැන ඇත්තේ ඇසු දේවල් මත ඇති දැනීමක් පමණක් උනාට ටික දෙනෙක් හරි ඒක අත්දැකපු අය ලියන අය වගේම කියවන අය අතරෙත් ඇති.. එහෙම කාලයක් දේශයක් දීපයක් වනේ වන හතුරෙක් ඉන්න තැනකටවත් ඇතිවෙන්න එපා කියනවා හැර වෙන මොනවා කියන්නද මතක් කරලා. මම වැඩ කලේ අත්‍යාවශ්‍ය සේවයක් ...
මිතුරුතුමෝ . . ලංකාප්‍රියගේ සිතිවිලි අලුත් නිල නිවාසෙට මම ආස කලේ හේතු ගොඩක් හින්දා. අලුත් කිවුවට අපේ මී මුත්තන්ගේ කාලේ සුද්දන් විසින් හදපු එකක්. වත්ත විශාලයි .. කොස් පොල් කෙසෙල් අඹ ජම්බු ගස් වලින් අනුනයි.. මමත් ඉතින් කැලේ සතාවගේ ගස් අස්සේ රිංගන්න කැමති හින්දා ඔය පරිසරය මගේ කැමැත්තට එක හේතුවක්.. අනිත් හේතුව ඉතින් මගේ වෙන්ඩ බාරියාවත් ඔය තැන අනුමත කල එකයි.. මට ඉස්සර ඔය ...