තව කොතෙක් කල්? රසෝඝය පසුගිය සතියක යාපනයේ ඉගැන්වීමේ කටයුත්තකට යෑමට ලැබිණ. ඉගැන්වීම් කටයුතු වලට අමතර ව දින හතරක් පුරා යාපනේ සංචාරය කිරීමට ද අමතක නොකෙළෙමි. අපගේ ආයතනයේ යාල්පානම් අධ්‍යයන මණ්ඩපයෙහි සිංහල (ඉංග්‍රිසි සමහර විට) බසින් ඉගැන් වූ පළමු සිංහලයා විමේ භාග්‍යය ලැබ ගත්තේ ය (දෙමළ බසට පෙරළිමට පරිවර්ථකයකු ද මම සමඟ රැගෙන ගියෙමි). එහි ගත කළ කාලයේ, ගමන් ගත් විවිධ ගම්මානවල දී, අහම්බෙන් එක් ...
සිතුම් පෙළ රසෝඝය බසයේ කවුලුව අතරින් එයි මුරණ්ඩු සුළං රොදක් වැදී ගතෙහි වේගයෙන් සසල කොට පුබුදයි අමුතු හැඟුමක්. . . සිතුම් පෙළක් සිත වැදී ඇතිවන “පිළිබඳ සිත්” සේ. . . ...
මීදුම: දෙවන කොටස රසෝඝය උදෑසන අරඹපිරී ඇත මීදුමෙන්හිරු වැටී උදය මෝරාපිණි දියෙන් තෙමේ මහ පොළොව. . .දහවල දී ඒ දිය ගුවන් ගතවෙයි!හෙට උදයට නැවත වැටෙන ලෙද. . .කාලික ද? අකාලික ද?පසු සැබැදුම: "දියබිඳු" ...
දිය බිඳු: පළමු කොටස රසෝඝය වැහි වැටුණු පසු තණ අග දිය බිඳුදිළේ හිරු රැසින්පෙනේ අවට ලෝමවා සුන්දර සිතුවම් . . .හිරු රැස තද වීමැකීයයි දියබිඳුලෝ දහම කියා දී අපට!ඉදිරි සැබැදුම: "මීදුම"පසු සැබැදුම: "බෝපත්" ...
කමිසය රසෝඝය තෙරක් නැති අනන්තය කරා ඇවිද ගියෙමු අපි දෙදෙනා මං මාවත්, කඩ පිල්, අවන්හල් පසු කර අත්වැල් දවටා මන්මත් ව, ආදරයෙන් මුසපත් ව. . . ඔරලොසු කටු හඬ නඟා කැරකේ ඔබ ඈතට ඈතට ඇවිද යයි මා තනිකොට මේ නිම් තෙර මත මා සරතැසින් බලා හුන්නෙමි ඈතට ...
පෙමන්ට් කඬුල්ල රසෝඝය දුර සිට වේගයෙන් දිව විත් සැනකින් පැන පෙමන්ට් කඬුල්ල මතින් විශාකා පෙමැත්තිය වෙත හනික ඒ නාඹර කොළුවා මා තරුණ කල මෙන් එහෙත් නැත සවිය දැන්
අතීත සැමරුම: “චිකන් සබ්මැරින්” රසෝඝය අපගේ ජීවිතයේ අපට හමුවන වචන විවිධ අත්දැකිම් ජනිත කරවයි; මකුළු දැලින් බැඳුන අතීතයන් සිහි කරවයි. එ සේ කරන්නේ මාත්‍රා එකක්, දෙකක්, තුනක් හෝ කිහිපයකින් සැදුන අද්‍රව්‍යමය වචනයෝ ය. ඒවා යම් විට සුන්දරය; විටක අසුන්දර ය. ඒ වචන ජීවිතයේ නොමැකෙන සන්ධිස්ථාන, මං සලකුණු අපට සිහි ගන්වයි. ඒ යම්තම් සුපුරුදු එහෙත් කලකින් නොදැණුන සුවඳක් හෝ නොඇසූ හඬක් වැනි ය. එවන් වචනයෝ අප ...
බෝ පත් රසෝඝය පාවී වැටෙයි බෝ කොළයක් මද සුළඟින් ගැසී ගිලිහි නටුවෙන් රටා ඇදි ඇමුදූ මුදු වැලි මතට ඉහළින් ඇති දෑ පහළට වැටෙනබව පසක් කරදී. . .
සසල සිත රසෝඝය වැරහැලි ගැසුණු රෙදිකඩින්යන්තමට විලි වසාබැගෑපත් වී සැමටහිඟිමන් පුරුදු වුණු උඹඅයැද සිටින්නේ පිනට මුදලක්සිත පිරුණු අයුරින් මගේ මා සුසුම් හෙළුවෙම්ඇත්තට ම හදවතින්උඹේ අතපෑමට ප්‍රතිචාර දක්වාවැඩිය නොව රුපියලක්වත්දෙන්නට බැරි වීම ගැනඋඹ දන්නේ නෑජැන්ඩියට කලිසමක් ඇදගෙනමා හැඩට සිටියාටමේ ගමන් කරන්නේඅතේ සතයක්වත් නොමැති වමාසේ පඩි පත ලැබෙන තුරුනිදහස් බස් ගමන් බලපතින් බව. . . ...
දෝණී රසෝඝය මා වැඩට යන විට දිප්තිමත් නෙත් අයා නුඹ කෑ ගසයි දොරකඩ ළඟ සිට මගේ දියණියේ ගේ පහන ජීවන සිරිය මා අතේ එල්ලී අද සුදු මලෙන් ගැවසුනු දෙව් මැදුරු අසුන් මැදින් සුදෙන් සුද තබා වෙනතෙකුට අත දී ඔහු හා යන ...
ආසයි මං රසෝඝය රෝස පැහැ මල් මිටියා වත පුරා ඇවිද යන්නට ආසයි මං ඒ මතින්. . . එහෙත් ඇවිදින්නටතහනම් ය නිදිකුම්බා මල් කුමරියන්ගේ මල් පාවඩ මතින්. . .
ඉවසාපන් උඹ: නිධාන කතාව රසෝඝය සමහර කවි මා ලියන්නේ මට ම ය. ඒවායේ විවිධ වූ ඉඟි තබා, මා හදේ වූ විවිධ කල්පනා සඟවා තබයි. සමහර කවියට මතුපිටින් පෙනෙනවාට වඩා, දාර්ශනික ප්‍රස්තුතයක් ඒ තුළ සඟවා ඇත; ඒවන් කවියකි මෙය. පසුගිය දින මා පළ කළ, කවිය ගැඹරේ ගැබ් වූ කතාව මදක් මතු කර ගන්නට “දුකා”ට හැකි වි ය. ඔහු මා ලී දේ පසුබිම නොදත් නිසා වික්ෂිපත් ව, ...
ඉවසාපන් උඹ! රසෝඝය බඩගිනියි නහුතයට ම සිතලයි මේ වැසි රාත්‍රිය අඳුර දවා දැල්වෙන පහනක් මා ඉදිරියේ රතු කමිසකරුවෙක් බෙදයි තැම්බූ කඩල මුදලට කඩලේ. . . කඩලේ. . . කඩලේ. . . කෑගසයි ඔහු අත සීනුව බඩගිනියෝ. . . බඩගිනියෝ. . . බඩගිනියෝ. . . හඬයි දුකින් මා කුස පෙරළෙයි ඒ මේ අත. . ...
වෙනස රසෝඝය ඡයාරූපයක් මගින් ලියූ කවියකට අරුත සම්පූර්ණයෙන් වෙනස් වෙයි. මා කලින් ලියූ කවියකට මේ ඡයාරූපය ඇතුලු කළ විට එහි අදහස සම්පූර්ණයෙන් වෙනස් වේ. දැන් නැවත පහත දක්වා ඇති කවිය කියවා ඡයාරූපය හා සසඳා බලන්න:ඔය ලෙන්ගතු මුහුණලයාන්විත, අහිංසක බැල්මමා සුසුමෙන් පුරවයි. . . ...
මගේ කවි ලියීම ගැන. . . රසෝඝය “මළ දළු ලියලාහරිත කොට අතු අගදසත තෙත් වීගිම්හානය නිම කොටවස්සානය පැමිණේ!” __෴මගේ කව් ලීයීම ගැන වදනක්෴ මා ලියන කව් කෙටි ය. සමහරු ඒ ගැන මගෙන් විමසා තිබේ. ඒ හෙයින් මා කව් ලියනා ආර ගැන යමක් පැවසිය යුතුය යි හඟිමි. කලින් දැක් වූ පරිදි මගේ කවි ලිවීම ආරම්භ වූයේ සිත් ගත් ලියකට ආදරය කිරීමට පටන් ගත්ඳා පටන් ය. එහෙත් මාගේ ...
යුවතියක් නිසා ලියූ කව්: හමුවීම රසෝඝය ඉළ ඇට ශරීරයේ වැදගත් සහ ජීවිය පවත්වා ගැනීම සඳහා වටිනා වූ අවයව ආරක්ෂා කරමින් පවති. ඒ ඉළ ඇට මනුෂ්‍ය ප්‍රාණය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය හුස්ම ගැනීම සඳහා අවකාශ සැලසීමට තරම් ඒ ඇට නම්‍යශිලී ය. බයිබලයේ සඳහන් වන පරිදි ස්ත්‍රිය දෙවියන් වහන්සේ මවන ලද්දේ පළමු මනුෂ්‍යයාගේ ඉළ ඇටයක් රැගෙන ය. එනයින් එදා මැදපෙරදිග සංස්කෘතික දැක්මට අනුව කාන්තාව භාණ්ඩක් හෝ තමුන්ට අයිති ...