ප්‍රංශ සවාරිය මුහුදු කොල්ලකාරයාගේ දිනපොත ගොඩ කාලෙකින් මේ පැත්තෙ ආවෙ. පහුගිය ටිකේ අම්බානක වැඩ තිබ්බ නිසා මුකුත් ලියන්නවත්, කියවන්නවත් හම්බුනේ නෑ. ප්‍රංශ සවාරිය කියල පටන් ගත්තට මේ ලියන්න යන්නෙ අර ආම්ස්ට්‍රෝන්ග් ගොයිය පදින එක ගැන නෙවෙයි. මේ මුහුදු කොල්ලකාරය ප්‍රංශෙට ගියපු සවාරියක් ගැන. කාලෙකට කලින් මම තව යාලුවෙක් එක්ක පැරිස් ගිහින් එන්න සෙට් උනා (ගියෙ මෙන්න මුත් එක්ක). ලන්ඩන් ඉඳන් පැරිස් ...
සල්ලි දී ගල් බැලීම..... මුහුදු කොල්ලකාරයාගේ දිනපොත පහුගිය දවසක මගෙ අපාය සහායක මිත්රයෙකුගෙන් එනව කෝල් එකක්. "මචන් උඹ වීක්එන්ඩ් එකේ මොනවද කරන්නෙ?""දැනට මුකුත් ප්ලෑන් එකක් නෑ මචන්. ඔය කඩේ යන ගෙවල් අස් පස් කරන වගේ එව්ව තමා තියෙන්නෙ""උඹ නිකන් බැඳපු එකෙක් වගේනෙ බන් කතාව !""ඇයි බොලාගේ ගෙදර අස් පස් කරල දෙන්නෙ පොලිසියෙන්ද.....?? ""හරි හරි බන්, ඒක නෙවේ, වීක් එන්ඩ් එකේ මොනව හරි කරමු ""මොනවද ඉතින් කරන්නෙ? ""අර ...
අන්තෝ ජටා, බහි ජටා! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මේ දවස් වල උදේට පත්තරේ බැලුවම කියවන ප්‍රවෘති වලට කටින් හිනා වෙන්නද වෙන කොහෙන් හරි හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ. මේ දවස් ටිකේ යුරෝපෙ කැළඹිලා . ග්‍රීසියට තමන්ගෙ ගත්ත ණය ගෙවා ගන්න බැරිලු. තමන්ගෙ අදායමට වඩා වියදං කරලා ජීවත් වෙන්න ග්‍රීසියට මේ ණය වැඩියෙන්ම දීල තියෙන්නෙ ප්රංශයයි, ජර්මනියයි. ඉතින් පහුගිය ටිකේ මේ රටවල් වල කට්ටිය හතර අතේ සමුළු තිය ...
කිඹුලෝ, ඉස්සෝ සහ කෙල්ලෝ - Miami සටහන් මුහුදු කොල්ලකාරයාගේ දිනපොත ගිම්හානයේ තිබ්බ සීතල බැහැල ගිහින් (ඔව් ඔව්! සීතල තමයි ) දැන් සිසිරයේ සීතල එන්න පටන් අරං. මේ වෙලාවට ගෙදර සීතලේ ඉන්නකොට පහු ගිය දවසක උණුසුම් දේශ ගුණයක් තිබ්බ නගරයකට ගියපු ගමනක් ගැන ලියල දාන්න හිතුන. කිඹුලන්, ඉස්සන් සහ කෙල්ලන් මුණ ගැහුණු ඒ නගරය ඇමරිකාවෙ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි නගරය. නගරයට පය ගහල වැඩි වෙලාවක් යන්න කලින් තේරිච්ච දෙයක් තමයි මේ නගරයෙ ...
ෆින් මැක්කූල් සහ තවත් ගල් කතාවක්! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මතකද එක පාරක් සල්ලි දීල ගල් බලන්න ගියපු හැටි ගැන ලිව්ව? ඒක බලල නැත්තං මෙතනින් ගිහින් බලන්න. ඒ වගේ පාප මිත්රයොං ගෙන් මට ඉතින් අඩුවක් නෑනෙ. ඒක නිසා ඔන්න තව පාරක් සල්ලි දීල ගල් බලන්න යන්න සෙට් උනා. කලින් පාර වගේ මේ ලඟ පාත තියෙන ගල් එහෙම නෙවේ, ප්ලේන් එකේ හරි, ෆෙරී එකේ හරි නැගල මූදෙන් එහා ගිහින් බලන්න වෙන ...
ගෙම්බෙක් කා දවස පටන් ගනිමු! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මේ ටිකේම චුරු චුරු වැස්ස. වහිනවා වහිනවා ඉවරයක් නෑ. හැබැයි ඒකත් අර ගෙදරට වෙලා උණු කෝපි කෝප්පයක් අරන් කකුල් දෙක උඩ දාගෙන ෆිල්ම් එකක් බලන්න හිතෙන ජාතියෙ වැස්සකුත් නෙවේ. සීතලට ගුලි වෙලා ඔලුවෙ ඉඳන් පොරවගෙන නිදා ගන්න හිතෙන වැස්සකුත් නෙවේ. නිකන් බොහොම ලාවට මුළු දවස තිස්සෙම වැටෙන එපා කරපු වැස්සක්. අනික ඉතින් ඔය කිව්වට කෝපි බොන්නයි, පොරවගෙන නිදා ගන්නයි කොහෙන්ද ...
ඉතිහාසයේ දරුණුතම මුහුදු කොල්ලකාරයා හෙවත් කළු රැවුලා.. මුහුදු කොල්ලකාරයාගේ දිනපොත පොඩි කාලෙ ඉඳන් කියවපු පොත් වල, එහෙමත් නැත්තන් බලපු චිත්‍රපටි වල එක එක විදිහේ මුහුදු කොල්ලකාරයන්ගේ චරිත අපිට හම්බවෙනව. මට මෑතකදිම හම්බ උන ඒවගේ චරිතය, මයිකල් ක්‍රයිටන් ( ජුරාසික් පාක් පොතේ කතුවරය ) ලියපු Pirate Latitudes පොතේ එන චාල්ස් හන්ටර්. හැබැයි ඔහු නියම මුහුදු කොල්ලකාර චරිතයක්ම නෙවෙයි. මේ දවස් වල හැමෝගෙම ප්‍රියතම කොල්ලකාරය ඉතින් ජැක් ස්පැරෝ නෙ. ඒත් එදත් අදත් මුහුදු ...
සුපිරි මිනිසුන් සියැසින් දුටුවෙමි මුහුදු කොල්ලකාරයාගේ දිනපොත සැමදා නියං එකදා වැහි වලාවේ කියුවාක් මෙන්, මෙතෙක් පැවති සීතල දුරුවී එදා ඉරු රශ්මිය නගරය උණුසුම් කරමින් තිබිණි. මිනිසුන් අතර සිටින සුපිරි මිනිසුන්ගේ දස්කම් දැකගැනීමේ උද්යෝගයත්, බලාපොරොත්තුවත් ඇතිව මම වහ වහා ඉදිරියට ඇදුනෙමි. මා මෙන්ම උද්යෝගයෙන් මහා ජන ගංගාවක් ඉදිරියට ගලමින් තිබිණි. මේ සියල්ලෝම ඇදෙන්නේ එකම දෙසකටය. එකම කරුනකටය. එහෙත් කිසිම තැනක තද බදයක්, පොරකෑමක් තිබුනේ නැත. සියල්ලම අපුරු සංවිධානාත්මක ...
බයිස්කෝප් කියුම්! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත චිත්‍රපටි බලන්න අපි කවුරුත් ආසයි. ගොඩක් වෙලාවට හිතට වදින චිත්‍රපටියක් බලපුවම ඒකෙ තියෙන සමහර දෙබස් කෑලි කවදාවත් අමතක වෙන්නෙ නෑ. මම ඔය වගේ පණ්ඩිත දෙබස් කෑලි, වාක්‍ය ඛණ්ඩ වලට කැමතියි. ( ඒ වගේ දෙබස් දෙන්ඩත් දන්නව!). ඒකට වැඩියමත් හේතුව මම හිතන්නෙ ඔය වාක්‍ය රචනාවකින් දෙන්න පුළුවන් පණිවිඩයට වඩා ප්‍රභල පණිවිඩයක් පොඩි දෙබසකින් දෙන්න පුළුවන් වීම. මට හිතුන ඒ වගේ චිත්‍රපටි ...
ෂර්ලොක් හෝම්ස් හමුවීමට ගියෙමි..... මුහුදු කොල්ලකාරයාගේ දිනපොත පහුගිය දවසක මුහුදු කොල්ලකාරය එයාගේ සගයෝ ටික බෝට්ටුවක හම්බවෙච්ච හැටි මම කිව්වනෙ. ඒක කියවල පොඩි කුමාරිහාමි මෙන්න මෙහෙම නිගමනයකුත් දීල තිබ්බනෙ හරියට නිකන් ෂර්ලොක් හෝම්ස් වගේ. (මේ ගෑනුන්ටත් ඕන්නැති දෙයක් නැති හැටි අම්මප!). කොහොමහරි ඉතින් මට පොඩි රහස් පරීක්ෂක වැඩකට කෙනෙක් ඕන කරල, ඔය ගැන කල්පනා කරලා කරලා අන්තිමේදි හිතුව මේ සම්බන්දයෙන් ලෝකේ ඉන්න හොඳම කෙනා ගිහින් හම්බ වෙන්ඩ. ඒ ...
මෙන්න ඇමරිකාවෙ ණය! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මේක අද ඊ මේල් එකකින් ආවෙ. පහු ගිය ටිකේ නෙට් එකෙත් ගොඩක් මේ රූප ටික තියෙනව දැක්ක. දැකල නැති අයට දැක ගන්න ඔන්න මම දැම්ම. මේකට නිමිත්ත තමයි ඇමෙරිකාවෙ නිස්සදාතන වගකීම් ( සිංහලෙන් කිව්වොත් unfunded liabilities ) වල අගය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 114.5 ක් කියල කියනව. මේ ඒ ගාන කොච්චරද කියල පෙන්වන රූප පෙළක්. ඩොලර් 100නෝට්ටුව. ලෝකයේ වැඩියෙන්ම හොරට අච්චු ගහන ...
සංවේගයෙන් දැනුම් දෙමි..... මුහුදු කොල්ලකාරයාගේ දිනපොත බ්ලොග් අවකාශයෙන් අප හඳුනාගත්, බ්ලොග් එකක් නොකෙරුවත්, කොමෙන්ට් වලින් අප හා දැනුම විනෝදය බෙදාගත් බුරා හෙවත් බුරතිනෝ ගේ පියාණන් අභාවප්ප්‍රාප්ත වී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි. බුරා ගේ පියාට නිවන් සුව! බුරා, මේ අසීරු මොහොත දරාගන්නට අවශ්‍ය ශක්තිය ධ්‍ය්ර්ය නුඹට ලැබේවා! "නොගොස් එන්නට බැරිය නෑවිත් යන්නට බැරියමෙලොව ඇත්තේ යාම් සහ ඒම් ය........" ...
මම බිලියනපතියෙක් උනොත්! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත ඉස්සර ඉස්කෝලෙදි අපි රචනා ලියනව 'මට ලොතරැයියක් ඇදුනොත්' කියල. එහෙම නැත්තන් මම 'කෝටිපතියෙක් උනොත්' කියල. ඉතින් අපි රචනාවට ලියන්නෙ ඔය ලොකු ගෙයක් හදන හැටි, කාර් එකක් ගන්න හැටි ( ඒ දවස් වල දන්න ගණන් ම කාර් ජාතිය බෙන්ස්) ඕව තමයි. ඒ දවස් වල ඉතින් ඉන්ටනෙට්, iPhone, iPad තියා මම හිතන්නෙ අපේ ගෙදර ලැන්ඩ් ෆෝන් එකක් වත් තිබ්බෙ නෑ. ඒක නිසා ...
යුරෝපය මුදුනේ හිඳිනා කන්‍යාව මුහුදු කොල්ලකාරයාගේ දිනපොත හිමෙන් වැහුණු ගිරි ශිඛර .... නිල්ම නිල් පාට වලාකුළු නැති අහස... ඒ නිල් අහස යට , ඒ ගිරි ශිඛර වලින් වටවුනු විසල් විල්, “මෙතනට අඩු ශාරුක් කානුයි, කාජලුයි, බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකයි විතරයි”. මේ පහු වෙන දර්ශන දිහා බලන් හිටපු මට හිතුනෙ එහෙම. ඇත්තටම ඒ වට පිටාව හින්දි චිත්‍රපටියක මවා පාන මනෝ ලෝකයට හරිම සමානයි.මේ මනස්කාන්ත දර්ශන දිහා දවසක් උනත් එක ...
කෙලවීම....!! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත කෙලවීම කිව්වම ඉතින් කෙලවීමෙත් ඉවරයක් නෑ. ඔය ගොඩක් අය කියනවනේ අපි වලක් කැපුවොත් එකෙත් ගෙම්බෙක්. එහෙමත් නැත්තන් අපි ගහකට නැග්ගොත් එකෙත් දෙබරයක් වගේ කතා. හැබැයි මට තරං ඕව වෙන්නේ නෑ වෙන කාටවත්. මම හිතන්නෙ මං තුමා ඉපදිච්ච නැකත නම් ඔය ග්‍රහයෝ ටික ඔක්කොම කාලක් හරි බාගයක් හරි ක්‍රියාකරල හිටපු වෙලාවක් වෙන්ඩ ඕනෙ. නිකන් ඒවත් නෙවෙයි අර බල්ලොන්ට ගහන ...
තමුසෙ කොහොමද මේ ඉස්කෝලෙට ආවෙ? මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මේක උනේ අපි 9 වසරෙ ඉද්දි. ඉස්කෝලෙ පන්ති වල ඉතින් එක එක ජාතියෙ එවුන් ඉන්නවනෙ. සමහර එව්වොන්ට පොතෙන් තොර ලෝකයක් නෑ. තව සමහර එවුන් පොතක් අතින් අල්ලන්නෙ නෑ. පිස්සු කෙලින එකමයි වැඩේ. ඔය දෙකම සම බරව කරන එවුනුත් ඉන්නව. අපේ පන්තියෙ හිටිය ඩයල් එකක්, මිනිහ හැම දේම බොහොම බැරෑරුම්ව තමයි බලන්නෙ. ප්‍රශ්නෙකට උත්තරයක් දුන්නත් දෙන්නෙ හොඳට කිරල මැනල හරියටම අහපු දේට. හරියටම ...
මුහුදු කොල්ලකරුවෙකුගේ ආගමනය..... මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මේ පටන් ගන්නෙ මගේ දෙවෙනි බ්ලොග් එක. පලවෙනි එක පටන් ගත්තේ මීට අවුරුදු කීපයකට කලින්. හැබැයි ඒක ලිව්වේ ඉංග්‍රීසියෙන්. අනික ඒක බොහොම ටෙක්නිකල් බ්ලොග් එකක්. බල්ලෙක්වත් ආවේ නෑ කොමෙන්ට් දාන්න. පස්සේ ඒක එහෙම්ම නැවතුනා. එත් බ්ලොග් කියවන එක නං අත ඇරියේ නෑ. ආයෙත් බ්ලොග් එකක් පටන් ගන්න හිතුනේ ලඟදි කියවපු බ්ලොග් එකක් නිසා. අපි හැමෝටම බ්ලොග් එකක් පටන් ගන්න කික් එකක් ...