කව්ද යකෝ හු කිව්වේ ??? - 2 කොටස මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මම කලින් කොටසෙදි කිව්වනෙ වලිය පටන් ගත්තු හැටි.එක බැලුවෙ නැත්තන් මෙතනින් ගිහින් බලන්න.ඉතින් ඔන්න අර පොර බඩාට අරහෙම කියල කිව්වලු 'උඹ පොඩ්ඩක් හිතපන්,උඹලගේ පැත්තට කවුරුහරි ඇවිත් උඹලට හූ කියල ගියොත් මොකද හිතෙන්නෙ ? ' කියල.කොහොමහරි ඔය වෙලාවෙ පන්ති පටන් ගත්තු නිසා උන්ටික ගියා. හැබැයි කියල ගියේ ඊ ළඟ සතියෙ ඇවිත් අපිට ගේම දෙනව කියල. මොකද එදා හවස ...
කව්ද යකෝ හූ කිව්වෙ ??? මුහුදු කොල්ලකාරයාගේ දිනපොත ඕනම කොල්ලෙක්ගෙ ජිවිතේ කාලයක් එනව අතේ පයේ හිරි ඇරගන්නෙ නැතුව නින්ද යන්නෙ නැති. ඕක වැඩියෙන්ම එන්නේ A/L කරන කාලෙට. ඒ කාලෙට ඉතින් අපිට උඩින් ගියොත් යන්නෙ ඔය කපුටෙක්, උකුස්සෙක් වගේ එකෙක් තමයි. මොකද අපිනේ ඉස්කොලෙටම අයියල. ඉතින් අයියල උනාම ඇවිදින්නෙත් අඩියක් විතර උඩින්. මුහුදු කොල්ලකාරයත් ඉතින් ඔය වගේ 'අයිය' කෙනෙක් කාලේ සෙනසුරාද දවසක පන්ති යන්න සෙට් ...
බස්තියන්ගෙ සොහොන, තුන් යහළු වික්‍රමය සහ තවත් කතා සමගින් පරණ මතක..... මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මේ සාහිත්‍ය මාසෙනෙ. ඉතින් හැමෝම පොත් ගැන ලියනව. ඉතින් සාහිත්‍ය මාසෙ ඉවර වෙන්න දවසක් හරි තියල මගේ සත දෙකත් ඕකට දැම්මෙ නැත්තන් නිකන් හරි නෑ වගේ. මගේ කියවීමේ ජීවිතේ බොහොම ආසාවෙන් කියවපු ගොඩක් ලේඛකයො ඉන්නව. පොඩි කාලෙ නං පොත පත කියෙව්වෙ හුදු විනෝදෙට. තුන් යහලු වික්‍රමය, බස්තියන්ගේ සොහොන, කල්ලන්දුවේ මුතු කොල්ලය, සෝමපුර වීරයෝ වගේ කතා මම හිතන්නෙ අපි කාටවත් ජිවිතේ ...
Formula 1 ටීම් එකක ඇතුල දැකල තියෙනවද? මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මම කලින් පොස්ට් එකකත් කියල තියෙනවනෙ මට Formula 1 උන සෑහෙන්ඩ තියෙනව කියල. මගේ ප්‍රියතම Formula 1 කණ්ඩායම තමයි McLaren Mercedes ටීම් එක. පහු ගිය දවසක මට ජීවිතේ සිහිනයක් සැබෑ වෙන වැඩක් සිද්ද උනා. ඒ තමයි ඔය මැක්ලරන් කණ්ඩායමේ ෆැක්ටරිය බලන්ඩ යන්ඩ අවස්ථාවක් හම්බ උන එක. ඒක ඒගොල්ලො හඳුන්වන්නෙ 'මැක්ලරන් ටෙක්නොලොජි සෙන්ටර්' කියල . ඒක ටිකට් අරගෙන බලන්ඩ යන්ඩ පුළුවන් ...
ලන්ඩන් ගිනි ගනී! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මේ දවස් වල ලන්ඩන් වල හැම තැනම ගිනි. රෝමෙ ගිනි ගනිද්දී නීරෝ වීනා වැයුවලු. ලන්ඩන් ගිනි ගනිද්දී නං අපි ගෙදෙට්ට වෙලා ටිවී එකේ නිව්ස් බලනව. ඉරිදා යාලුවෙක් ගෙ ගෙදර ගියා කෑමකට. ගිහින් ආපහු එද්දී එක ටවුන් එකක් පහු කරද්දි හෝ ගාල ඔලුව වහගත්තු, මුකවාඩම් බැඳ ගත්තු කොල්ලො පිරිල. ඊට කලින් දවසෙත් පොලිසියත් එක්ක ගහගත්තු කතාවක් පත්තරේ දැක්ක නිසා තේරුනා මේ ...
උපයන්න, අරගන්න, එලවන්න, ජයගන්න! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත අපිට ජීවිතේ බලාපොරොත්තු, අවශ්‍යතාවයන් ගොඩක් තියෙනව. අපි එක බලාපොරොත්තුවක් ඉෂ්ට කරගත්තම බලන්නෙ ඊට පස්සේ ඊට ඉහල දෙයක් ලබාගන්න. උදාහරණයකට, ඕනම කොල්ලෙක් ජොබ් එකක් ගත්තම බලන්නෙ මුලින්ම බයික් එකක් හරි, පොඩි කාර් කට්ටක් හරි ගන්න. ඉතින් ඔය මරුටියක් වගේ ගොඩ දැම්ම කියමුකො. කාලයක් යද්දී ඕක එපා වෙනව, ඊට පස්සේ බලන්නෙ ටොයෝටා එකක් හරි, හොන්ඩ එකක් වගේ ගොඩ දාන්ඩ. ඒ බලාපොරොත්තුව ඉෂ්ට ...
මම පතෝලිට ආදරෙයි! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත කලින් වලියෙ කතාව කියද්දි තමයි මේකත් මතක් උනෙ. දේශාටන කතා පොඩ්ඩකට නවත්තල මේකත් ලියල දාන්න හිතුන. මගේ පොඩි කාලෙ ඉඳන් හිටපු හොඳම යාලුව තමයි ටොමිය. එක වසරෙ ඉඳන් පටන් ගත්තු ඒ යාලු කම අදටත් තියෙනව. ටොමිය ඉස්කෝලෙ මගෙ පන්තියෙමයි හිටියෙ. පොරත් ඔය අපි වලිය දාගත්තු ක්ලාස් එකට ආව. ඒ දවස් වල ටොමිය ඔය ක්ලාස් එකට ආපු කෙල්ලෙකුට ට්‍රයි කරා. කෙල්ලගෙ ...
තමුසෙගෙ තාත්ත නළුවෙක්ද? මුහුදු කොල්ලකාරයාගේ දිනපොත පහුගිය දවසක මගේ ඉස්කෝලේ යාළුවො කට්ටියක් සෙට් උනා. සමහරු ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ දැක්කමයි. ඉතින් හේමන්ත ඍතුවේ හවසක, ගිනි සීතලේ, තේම්ස් ගඟේ පාවෙන බෝට්ටුවක ඩෙක් එක උඩට වෙලා අපි පැය ගානක් තිස්සෙ පරණ පට්ටන්දර දිග ඇරිය. ඒ අලුත් වෙච්ච මතකයත් එක්ක මට හිතුන පරණ ඉස්කෝලෙ කතා ටිකක් කියන්ඩ. මම කලින් පෝස්ට් එකකත් කිව්වනෙ අපේ පන්තියෙ අමුතු අමුතු චරිත හිටිය කියල. ඔයින් එක්කෙනක් තමා කෙපා. කෙපාගෙ කෙප්ප ගොඩක් ...
මචං මෙහෙත් ජුස් ල ඉන්නවනෙ..!! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත අපි ගොඩ දෙනෙක් ඉස්සර ආසාවෙන් බලපු කොමඩි එකක් තමයි මම හිතන්නෙ 'Mind your language'. එක එක රටවල් වලට අයිති ශිෂ්‍යයො ටිකක් හවස පන්තියක ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි වෙන ඉල ඇදෙන සීන් තමයි ඕකෙ තිබ්බෙ. ජාතින් අතර තියෙන විවිධත්වය තුලින් හාස්‍ය රසය නියමෙට මතු කරපු වැඩසටහනක් තමයි ඒක. සමහර වෙලාවට වෙන රටවල් වලට ගියාම සංස්කෘතික, භාෂා වෙනස්කම් නිසා අහන්න දකින්න වෙන අත් ...
දුම්රියපලේදී හමුවූ ඇය... මුහුදු කොල්ලකාරයාගේ දිනපොත උමං දුම්රිය ස්ථානයෙන් එලියට පැමිණි මම ප්‍රධාන දුම්රිය ස්ථානය කරා ඇදුනෙමි. මා නැගිය යුතු දුම්රියට තව පැයක පමණ කාලයක් ඇත. වෙලාව සවස් කාලය වූ බැවින් ප්‍රධාන දුම්රිය ස්ථානය අතුරු සිදුරු නැතිව පිරි ඇත. නා නා ප්‍රකාරයේ මිනිස්සු කඩි මුඩියේ එහෙ මෙහෙ දුවති. ශීත ඍතුව පැමිණීමට ඇත්තේ තව මාසයක් පමණ කාලයකි. එබැවින්දෝ දුම්රිය ස්ථානයේ විසල් දොරටු වලින් ඇතුලට හමා ආ සීත ...
පික්නික් එක! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත "ඉක්මනට එන්නකෝ!""පොඩ්ඩක් ඉන්න. මම මේ ඔයාගේ බෑග් ටිකත් උස්සන් එන්න එපැයි""හප්පෝ මහ ලොකු පිරිමිය. ඕකවත් උස්සන් එන්න බැරිද?""මොනවද මේකෙ මෙච්චර තියෙන්නෙ?""එක එක දේවල්. මේ, මේ කැලේ සත්තු ඉන්නවද?""ඔයයි මමයි තමා ඉන්න ලොකුම සත්තු දෙන්න""අපි හොඳ වෙලාවට උදෙන් ආවෙ නේද? ගස් වල පිනි ඉර එළිය වැටිල දිලිසෙන ලස්සන...""හ්ම්ම්. spring එක නිසා ගස් වල කොලත් හරි ලස්සනයි නේ?""මම වගේද? හි හි..!""ඔයා ඊට ...
බඩු, කෑලි සහ පාරවල් මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මුණු පොතේ තිබුණු 'පට්ට කෑල්ලක් සහ සාමාන්‍ය කෙල්ලක් අතර වෙනස' යන ඇනලිසිස් එක දැක මට මෙය ලියන්නට සිත් විය. අපි පොඩි කාලේ කෑලි හිටියේ නැත. බඩු හිටියෙත් නැත. පාරවල් හිටියෙත් නැත. හිටියේ ගෑනු ළමයි පමණය. ගෑනු ළමයි, කෑලි, බඩු, පාරවල් බවට පත් වෙන්නට ගත්තේ ටික ටික ලොකු වෙද්දීය. කොල්ලකාරයාට ගෑනු ළමයෙක් ගේ බැල්මට් එක මුලින් ම වැටුනේ 5 වසරේදීය. බර්ගර් නමක් ...
මැන්චෙස්ටර් එක්සත් මුහුදු කොල්ලකාරයාගේ දිනපොත ජාතික කණ්ඩායමට එකම ක්‍රීඩකයෙක්වත් දායාද නොකෙරුවත්, ලංකාවෙ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩා සමාජය මම හිතන්නෙ 'කජුවත්ත එක්සත්'. ලෝකෙ ජනප්‍රියම ක්‍රීඩාව වෙච්ච පාපන්දු ක්‍රීඩාවෙ ජනප්‍රියම පාපන්දු සමාජය තමයි 'මැන්චෙස්ටර් එක්සත්'. දැන් මේක බලන වෙන වෙන පාපන්දු සමාජ වල රසිකයො අවි අමෝරා ගන්න එපා. මමත් මැන්චෙස්ටර් එක්සත් රසිකයෙක් නෙවේ. කොටින්ම ලොකු පාපන්දු රසිකයෙකුත් නෙවේ. නමුත් ලඟදි කරපු සමීක්ෂණයකට අනුව ලොව වටා මිලියන 659 රසිකයන් ...
මල්ලිලා, මෙව්වට එන්ඩ එපා බං.... මුහුදු කොල්ලකාරයාගේ දිනපොත හප්පේ, ගොඩක් දවසකින් මේ පැත්තෙ ආවෙ. පහු ගිය ටිකේ රාජකාරි වැඩයි, ඉගෙනීමෙ වැඩයි ගොඩ ගැහිලා තිබ්බ. තාම ඉවර නෑ. ඒ අතරේ පහුගිය දවසක ඉතාලියෙ පොඩි සංචාරයක් ගිහින් ආව. අද කියන්න යන්නෙ ඒකෙ විස්තර ටිකක්. ඉතාලිය ගැන අහල කියවල තිබුන දේවල් අනුව බොහොම ලස්සන, කලාත්මක අතින් පිරුණු රටක් දකින බලාපොරොත්තුවෙන් තමයි ගියෙ. හැබැයි මගේ හිතේ තිබුණු ඉතාලිය ...
මාකටිං කවි පන්තිය..... මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මේක අද ඊ මේල් එකක ආවෙ. පරණ කවි පන්තියක් උනත් කලින් දැකල නැති කට්ටියට දැක ගන්නයි, දැකපු අයට ආයේ මතක් වෙන්නයි කියල බෙදා හදා ගන්න හිතුව. ඔන්න ඩිස්ක්ලේමර් එක කියල ඉන්න ඕනෙ. මෙය මගේ නිර්මාණයක් නොවන අතර හුදු විනෝදාස්වාදය සඳහා පල කිරීමක් පමණකි. සියලු අයතීන් මෙය ලියු එකා (කූඹියා) සතුය. ප/ලි : මේක එවපු එකා එවල තිබ්බෙ අපේ එකෙකුට මඩක් ගහන්ඩ. ඔය අන්තිම පේලියෙන් ...
ඔයාල මෙහෙ වර්ක් කරනවද, ස්ටඩි කරනවද? මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මම කලින් කතාව කිව්වනෙ ලන්ඩන් ආපු කාලේ වෙච්ච සීන් එකක්. කොහොම හරි ඉතින් ඒ අධ්‍යාපනේ ඉවර කරල මම ටික කාලයක් ලංකාවටත් ගිහිල්ල වැඩ කරා. ඒ දවස් වල අපේ කොම්පැනි එකට තිබ්බ පකිස්තානෙ ප්‍රොජෙක්ට් එකක්. ඕක තිබ්බෙ ලාහෝර් වල. අර අපි 96 වර්ල්ඩ් කප් එක දිනපු ග්‍රවුන්ඩ් එක තියෙන නගරේ. ඕකට යන්ඩ මුලින් කරච්චි වලට ගිහින් එතනින් ලාහෝර් යන්ඩ ඕනෙ. ඔය ප්‍රොජෙක්ට් ...
ලන්ඩන් වල කැත කතා... මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මුහුදු කොල්ලකාරය A/L ඉවර කරලා ටික කාලෙකට පස්සේ එංගලන්තෙට ආව ඉගෙන ගන්න. මාත් එක්කම ඒ දවස් වල තව ඉස්කෝලේ මගේ පන්තියේ හිටපු යාළුවො දෙන්නෙකුත් ඇවිත් හිටිය. අපි තුන් දෙනාම ලංකාවෙන් පිට ආපු පලවෙනි සැරේ. ඉතින් අපිට ලන්ඩන් දැක්කම හරියට නිකන් බණ්ඩා කොළඹ ගියා වගෙ. 90% විතරම තියෙන්නේ ඩබල් ඩෙකර් බස්. ඒ මදිවට ...
ඔරිජිනල් සහ ඩුප්ලිකේට් (18+ පොඩිහිටියන්ට තහනම්!) මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මතකද ලම්බාඩා?? එක පාරක් අහපු කෙනෙකුට ආයෙ අමතක වෙන්නෙ නැති සින්දුවක්. කියන්නෙ මොනවද කියල මෙලෝ සංසාරයක් තේරුනේ නැති උනත් ඉබේ නැටවෙන සින්දුවක්. කාලයක් ලංකාවෙ, ගෙයක්, දොරක්, ගහක්, ගලක්, ත්‍රිවිල් එකක්, බස් එකක් ගානෙ ප්ලේ වෙච්ච සින්දුවක්. තාමත් ඇහෙද්දි හිත අතීතෙට අරන් යන සින්දුවක්. ඕක නැගල ගියාම අපේ කට්ටිය ගැහුව ඕක කොපි කරල සින්දුවක්. මේ තියෙන්නෙ ඒ ඩුප්ලිකේට් එක. අපි කව්රුත් ...
පේරන්ට්ස් ඩේ! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත පේරන්ට්ස් ඩේ කියන්නෙ ඉස්කෝලෙ යන දවස් වල ඇඟේ ලේ වතුර වෙන දවසක්. මොකද ඉතින් කොච්චර හංගන්න හැදුවත් කොහොමහරි ගෙදරින් ඕක දැනගන්නව. අනික ඒ දවස් වල පේරන්ට්ස් ඩේ එකට ගෙදරින් ආවේ නැත්තන් පස්සෙන් එලෝ එලෝ හොයනව මොකද ආවෙනැත්තෙ කියල. ඒක නිසා ඕක මග අරින එක අමාරු වැඩක්. පොඩි පන්ති වල ඉද්දි හිතන් හිටියෙ මේ කරදරේ තියෙන්නෙ A / L වලට යනකන් ...
කතන්දරගෙ ගෑනු බොස්ල ගැන කතාවට අතුරු කතාවක් මුහුදු කොල්ලකාරයාගේ දිනපොත අද කතන්දර දාල තිබ්බ 'ගෑනු බොස් ලා හෙවත් බොසීලා' පොස්ට් එක දැකල තමයි මට මේක දාන්න හිතුනෙ. කතාවෙ ගෑනු බොස් කෙනෙක් ම කියනවනේ ගෑනු එක්කෙනෙක් යටතේ වැඩ කරන එක අමාරුයි කියල. හැබැයි මම නං ඕක හරිද නැද්ද කියල දන්නේ නෑ, මොකද මට තාම ගෑනු බොස් කෙනෙක් අහු වෙලා නෑ. හැබැයි දන්න කීප දෙනෙක් නං කියල තියෙනව ...