Sirasa Super Star Season 5 - අති විශිෂ්ඨා.............යි.....!!!! මාතලන් ටෙලිවිෂන් ඉතිහාසයේ කවදත් අළුත් අළුත් දෑ ලංකාවට හඳුන්වාදෙන, "සිරස" නාලිකාවේ, සිරස සුපර්ස්ටා වැඩ සටහනේ, අවසන් වැඩ සටහන ඊයේ රෑ ඉවර උනේය. එහිදි අවුරුදු 17 ක් විතර වන උස හැන්ඩි කොල්ලෙක් උන, දසුන් මධුසංඛ රුපියල් කෝටියේ ප්‍රථම ත්‍යාගයට අයිති, ලොකු කාඩිබෝඩ් එකකුත්, උස්සන්න බැරි සම්මානයකුත් අරගෙන ගෙදර ගියේය. මේ වැඩසටහන විනිශ්චය කරන්න දාලා ඉන්නා අය අතරින්, සංගිතය පිළිබඳ ඉහළම දැණීමක් ඇති, ...
තඹුත්තේගමින් ඇරබි තුන් වන කැරැල්ල - Get ready for the next Revolution මාතලන් ඊයේ තඹුත්තේගම සිඳු වූ සිඳුවීම, වඳ පෙත්තට එහා ගිය දෙයක් බව ආන්ඩුව තේරුම් නොගන්නේ නම් එය මහා විනාශයක ආරම්බය බව, අප විසින් මේ ගවපාලකයන්ට මතක් කර දිය යුතුව ඇත. අද මේ දෙපලම රටේ නායකයන් ලෙස ජනතාව පිලිගන්නේ නැත. ඔවුන්ගේ එකම නායකයා හා ගැලවුම් කරුවා මහින්ද රාජපක්ෂම වී අවසානය. ඉතිරියත් කියවන්න.....>>> ...
ෆොන්සේකා මරාගෙන කන දේශපාලන වසලයෝ - Let's make BBQ from Fonseka මාතලන් ගේම පටන් ගත්තේ අමු පාවාදීමකින්ය. එකෙකුටවත් ඒකේ වගක් අත්තේ නැතිය. ලතින් ඇමරිකානු රටවල් කීපයක තානාපතිකන් දැරූ ජගත් ජයසූරිය, එහෙන් පැනලා ආවායින් පස්සේ පොර විරුද්ධව නඩුවක් වැටෙන්නේය. ආන්ඩුව මුලින්ම සොයා බැලිය යුත්තේ. මේ මහා රණවිරුවා එහෙන් පැන ඒමත්, උන්නැහේට නඩු වැටීමත් එකට සිඳුවන්නේ කේසෙදෝ කියාය. එල් ටී ටී යට සල්ලි දුන්න මහින්දලාට, කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා, කේ පීලා, තමන් මරන්න ආ ජොන්ස්ටන්ලා ...
Colombo Express මාතලන් උන් කති බොති නටති සූකති අඩුවට සොරකම්ද කරතිවතුර නැතුව රතු පස් වල ජනයා මහ මගට බසිතිරණ විරු එති වැට ගලවති ඔළුව පලති වෙඩිද තියතිපොලොස් කොට්ටෝරුවා මයිකෙට වතුරෙ ට්‍රබල් නැතයි කියතිඉතිරියත් කියවන්න.....>>> ...
ගල් (18+) - Extra Special (18+) මාතලන් ගල් කිව්වම වල් කොල්ලෝ හිතන්නේ වෙන දෙයක්. ඒ ගල් වලත්, එක එක ගල් වර්ග තියෙනවනේ. කෙල්ලො නම් කැමති මැනික් ගල් වලට, ආච්චිලා කැමති මිරිස් ගල් වලට ඔය ආදි වශයෙන් ගල් ගැන මහා කතන්දර ගොඩක් සිරිකොතට ගල් ගහපු වෙලාවේ.... රනිල් ගලක් උස්සගෙන දඟලපු වෙලාවේ මම පෝස්ට් එකකින් දැම්මා. ඒක ඕනම නම් මෙතනින් බලන්න. මේ කියන්න යන්නේ ඒ ගැන නෙමෙයි.... ගල් අරක්කු ...
රනිල් ෆෝබියාව - Ranil Phobia මාතලන් රනිල් 27 වන වතාවටත් පැරදුනේය. හැමදාම පරදින උන්, ගනන් ගන්නේ නැතිය. උන් ගැන කතා වෙන්නේ නැති තරම්ය. කතා කරන්නේ ලියන්නේ, පත්තර පිටු පුරවන්නේ, දිනපු උන් ගැනය. ළෝකේ ළොකුම ක්‍රීඩා මංගල්ලයන් වන ඔලිම්පික් හා පුට්බෝල් වරල්ඩ් කප් එකෙත්, කතා කොරන්නේ දිනපු එකා ගැන විතරමය. අඩු ගානේ, දෙවනියා ආවේ මොකාද කියලාවත් මතක නැතිය. හැමදාම පරදින බංගලාදේස ක්‍රිකට් ටීම් එක ගැන, එකෙත් වත් ...
නපුංසක රටක් - Country without law and order මාතලන් අපි බොහෝ දෙනෙක් කියන්න ඕනා දේ, නානසාර මහ රහතන් වහන්සේ හෝමාගම උසාවියේදී දේශනා කොරලාය. එහෙම දේශනා කොරලා තියෙන්නේ විත්තිය වෙනුවෙන් අති විසේස දේශනාවක් කොරලාය. උන් වහන්සෙ නඩු කාරයාගේ මූණටම දෙසා වදාරා ඇත්තේ, මේ රටේ තියෙන්නේ නපුංසක ආන්ඩුවක්ය. ඒකේ ඉන්නේ නපුංසක නිළධාරින්ය කියලාය. එහෙම දෙසලා එක්නැලිගොඩ නෝනාටත් පාට් එකක් දමා, උන් වහන්සේ ආරාමයට වැඩියෝය. කේස් එක යන්නේ ඉන් පස්සේය. ඉතිරියත් කියවන්න.....>>> ...
අයියෝ සිරිසේන, පටිසන් දීම් හා රනිල් භීතීකාව - I O Sirisena, EAHR and Ranil Phobia මාතලන් අපේ ආච්චි, අපි පොඩි කාළේ, අපිවයි, අහල පහල ලපයි සිපයි ඔක්කෝම ළඟින් තියාගෙන, සීනී දවටපු දෙල් බැදපුවත් බෙද බෙද, කතන්දර කියලා දෙනවාය. (දැන් කතන්දර කියලා දෙන්නේ කතන්දර සූරීන්ය.) ඒකට දැන් කාළේ ආච්ච්ලා, පොඩි එකාට සුපර් මෑන් ගැනයි, බැට් මෑන් ගැනයි කියන්න කිය කියා, පොඩි එකාගේ බිස්කට් එකට කෙලිනවාය. (ඇඩ් එකක් ගියා මතක නැතුව ඇති.) රජ කතා, සුරංගනා කතා, ජාතක කතා, ...
කොමියුනිස්ට් පක්ෂ සමාජිකයාගේ කයිය - Keep Left Poem මාතලන් කුල හීනයෝ දකුණුකරේඅපි යනවද ඒ පාරේආන්ඩුවේ තුවක්කුවෙන්උන් යැව්වා නිවන් පුරේඅපි යනවා වරෙන් මචෝදකුණට යන සොමි පාරේඊළම නම් දෙන්න ඕනබලේ බෙදා දෙන්න ඕනඑක නිසා හෙට මැරුනත්අපි සප් එක දෙන්න ඕනඅපි යන්නේ කොයි පාරේ ප්රභාකරන් යන පාරේ ඉතිරියත් කියවන්න.....>>> ...
අය වැය 2012 - Budget 2012 මාතලන් ගවේෂණශීලී මාධ්‍යවේදියකු වන මා විසින් මෙවර අයවැය පිළිබඳ, අර්ථ සාශ්ත්රඥ්ඥයින්, බුද්ධිමතුන්, විද්වතුන් හා එළඹුන බුද්ධිමය සංවාද මගින් සකස් කරන ලද විශ්ලේශනාත්මක ආර්ථික විග්‍රහය, පුවත් පත් වලට යොමු කළ අතර, පහත පළවන්නේ එම ළිපියට කිසිසේත්ම අදාල නොවන ඥාතී-හිතමිත්‍රාදීන් හා අසල්වැසියන් විසින් දක්වන ලද ඔවුන්ගේ අදහස් බව කරුණාවෙන් සළකන්න. මෙහි ඇති අදහස් සඳහා මා කිසිම වගකීමක් නොදරන අතර. අදාල පුද්ගලයන් ඒ ...
අය නැති වැය 2015 - Bud Jet 2015 මාතලන් මාතලන් ඕනම දෙයක් ලයිව් බලන්න මනාපය. එහෙම බැලුවේ නැත්නම්, කිසි ගතියක් ඇත්තේ නැතිය. මාතලන් නිව්ස් බලන්නේත් එහෙමය. මේ ළඟදි, මාතලන්ට රෑ අටේ දෙරණ නිව්ස් එක මිස් උනේ පොඩි අඩියක් ගහන්න එළියට ගිය නිසාය. එහෙම ඇවිල්ලා බෝයිස් ටු ෆ්ලවර්ස් එකේ අන්තිම හරියත් බලලා, පියෝ ටී වී එකේ දෙරණ නිව්ස් බලන්න ගියම, එරර් මැසේජ් එකක් ආවේය. ඒ පාර 1212 ඇමතුවාම කිව්වේ දෙරණ ...
ඉස්ථාවර, අස්ථාවර හා බඩගෝස්තර - Stable, Unstable & Greedy Politicians මාතලන් මේ රටේ ජනතාව ජනපතිවරණයක් ඉල්ලුවේ නැතිය. ඉල්ලුවේ ජීවන බර අඩු කරලා දෙන්න කියලාය. කාටුන් කාරයන්ගේ බඩ පිටේ ඇලුනේය. සරම්, කඩමාලු උනේය. මල්ල හිස් උනේය. ඒ කියන්නේ සමාන්‍ය ජනතාව අම්බ හිඟන්නෝ උනේය. 2016 වනතෙක්, රට පාළණයට යුද්ධය දිණූ වීරයාට වැඩි ඡන්දයෙන් වරමක් දීලා තියෙනවාය. එසේ තිබියදී, ඡන්දයකට යන්නේ ජොතිෂ්‍යකාරයෝ නිසාය. ජෝතිෂකාරයෝ මෙන්ම අන්ඩුවේ පොලිටික්කෝද, හොල්මන්ද බේරේ උනේ, ඌවේ හරින්ගේ, "දැන් ඔක්කොම ...
නව පරපුර ටැලන්ට් නැද්ද...? - Talented New Generation මාතලන් මොන බොරුද මල්ටි ටැලන්ටඩ්. ඉතාම දක්ෂයි. නමුත් අපේ වගේ රටවල් වල පරණ සෙට් එක, ඒක පිළිගන්න අකමැතියි. ඔවුන් හොඳටම දන්නව අළුත් පරපුර මාරම දක්ෂයි කියල. (අමරදේව රූකා බදාගන්නෙ ඒ නිසයි..) නමුත් ඒක කියන්න කැමති නෑ කුහකයි. එයාලා කැමති එයාලට දෙවිවරුන්ට වගේ දෙකට නැමිල වඳින අයට විතරයි. ටැලන්ට් එක තියෙන එකා අනිත් ඒවුන්ට වඳින්න ඕන නෑ. අඩුමගානේ දෙවියන්ටවත්. මම මේ පෝස්ට් එකේ ...
නෝනාගෙන් මැසේජ් එකක් (බැඳපු උන්ට පමණයි) - Message from wife (Adults Only) මාතලන් ගෙදර ජෝඩුවම වැඩට යන දරුවොත් පාසල් සහ ටියුෂන් යන මෙහෙකරුවෝ නොමැති ගෙවල්වල පනිවිඩ එල්ලල යන්නේ කුස්සියේ තියෙන අයිස් පෙට්ටියේ (සමහර අය නම් සාලේ තමයි තියලා තියෙන්නේ.. අයිස් පෙට්ටියක් තියෙනවා කියලා පෙන්වන්න.) හරි කොහේ හරි තමයි. මේ මැසේජ් වල එක එක ඒවා තියෙනවා. ගොඩක්ම තියෙන්නෙ ඉල්ලිම් සහ යුතුකම් මතක් කර දීම්. ස්තූතී කිරිම් සහ අනතුරු ඇඟවීමුත් නැතුවම නෙමෙයි..ඉතිරියත් කියවන්න.....>>> ...
ජෝති හා බොහීමීයානූ ජීවිතය (21+) - Being a Celebrity (16+) මාතලන් මේකේ මේ (21+) දාලා තියෙන්නේ කුණුහබ්බ නිසා නෙමෙයි. පොඩි උන්ට ළොකු උන්ගේ ඒවා නොතේරන නිසා...මිය ගිය භානු ප්‍රසන්නගේ, බොහීමියන් ජීවිතේ ගැන, රාවයේ, එයාගේ සහෝදර මොහීමියන් කළාකරුවෙක් ළිපියක් ලියලා තිබුනා, ඒකට උණපූරණයක් අපේ දයල් බතී ලියලා තිබුනා. කුටුම්බ ගත වීම ගැන. ඊට පස්සේ, අපේ පැරා, පත්තරේක ආරාධනයෙන් තව අපූරු ලිපියක් ලියලා තිබුනා, බොහීමියන් ජීවිතයක් ගෙවපු, හදවත රත්තරන් (HR) ජෝති ගැන.ඉතිරියත් කියවන්න.....>>> ...
බුදුන් සිව් වන වර ලක්දිවට වැඩම කිරීම - The Vesak Post මාතලන් චන්න හිටියේ, ප්‍රොපෙසර් ආරියරත්න ඇතුගලගේ "මළසමයම" නාට්ටිය රීහසල් කරන ගමන්, මේවා ඉතින් රාජ සභාවේ පෙන්නන නාට්ටි නිසා, බොහෝම කැපවීමෙන් කරන්න ඕන දේවල්. කොටින්ම කියනවනම් රාජකාරි නොවෑ. මීට කලින් හදාපු "මහාසමයම" අතිසාර්ථකව දර්ශණ වාර දාහකට වඩා, මුළු රටේම පෙන්නුවා.මහාසමයමේ වගේම, මළසමයමෙත් මේන් කැරක්ටර් එක ජැකා. හරියට ඒ කාලේ ගාමිණි පොන්සෙකා වගේ. මේකේ ජැකා කරන්නේ, මළයකාගේ කැරක්ටර් එක. ඒක කොහොමත් ජැකාට කඩු ...
රනිල්ගේ අළුත් ව්‍යවස්ථාව - New Constitution from UNP මාතලන් එක්සත් ජාතික පක්ෂය, නව ව්‍යවස්ථාවක් බිහිකිරීම සඳහා මූලික පියවරක් ගෙන තිබීම, ඉමහත් සතුටට කාරණයක්ය. මාතලන්, "ගරිල්ලා මාකටින්" ලියමින් කියුවේ, ( "Label" යටතේ ඇති, "Guerrilla Marketing" ක්ලික් කිරීමෙන්, එම ලිපි වලට යොමු විය හැක.) අළුත් දෙයක් නොමැතිනම් එජාපයට බලය ලබා ගැනීම සිහිනයක්ම පමණක් වන බවයි. කෙසේ වෙතත් මාදුළුවාවේ සෝභිත හිමියන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සහ එය සමාජයේ කතිකාවට භාජනය ...
සභාපතිගේ ගෑල්ලමයි තුන් දෙනා (18+) - Chairman's Angels (18+) මාතලන් මේ කියන්නට යන්නේ කයි කතන්දරයක්ය. අතකසයේ සභාපති... හුටා දැන් අහයිනේ අත කසේ කියන්නේ මොකක්ද කියලා. අ.ත.ක.ස.ය. අගනුවර තරුණ කවි සමාජය කියන එක. තරුණ කිව්වට ඉන්න ඔක්කෝම නාකි පොරවල්. ඒයාලා හරි දස්සයි හිටගෙන කවි කියන්න (ආ... හිටිවන කවිද.. මම හිතුවේ හිටගෙන කියන නිසා හිටගෙන කවි කියලා). හිටපු ගමන් තියෙනවා එයාලගේ කවි සමුළු, සැමරුම් වගේ ඒව්වා. එවට සූ ගාලා සෙනග 20-30 ...
පොල් මලට බැඳි පෙම - Toddy Lovers මාතලන් අද සංස්ථාවේ අනුග්‍රහයෙන් ගල් අරක්කු සහ රට බීම ජාති බීවද, රා ටිකක්, තෙලිජ්ජ ටිකක් බොන්න තියෙනවානම්, අර දහ ජරාව නැති උනත් අවුලක් නැත්තේය. පොඩි කාළේ ඉස්ස ඉස්සෙල්ලම තෙලිජ්ජ ටිකක් බිව්වේ ගාල්ලේදීය. ඒ සීයාගේ කිතුලෙන්ය. සීයා රහමෙර කටේ වත් නොතිබ්බාට, පොඩි සීයාත් අපේ තාත්තත් බොන නිසා මලක් දෙකක් මැද්දේය. අපිට බින්දුවක් දුන්නේත් සීයාට හොරෙන්ය. පස්සෙ කාලේ අපි සීයාටත් තාත්තාටත් හොරෙන්. රා ...
ජාතික ශෝක දිනයක්...! - Day of mourning...! මාතලන් හල්දුම්මුල්ල මිරියබැද්ද ප්‍රදේශයේ, නාය යාමකින් අතුරුදන් වූ හා මියගිය සියළුම සහෝදර ජනතාව වෙනුවෙන් අපගේ හද පිරි ශෝකය..!පුද්ගලයින් 400 පමණ අතුරුදන්ව ඇති අතර, මේ වන විට මළ සිරුරු 16 ක් පමණ සොයාගෙන ඇත.මේ අපේම සහෝදර ජනතාවයි. ඔවුන් වෙනුවෙන් දිනක හෝ ශෝකි කාළයක් ප්‍රකාෂ කරණු ඇතයි අප උදෙක්ම බලා පොරොත්තු වෙමු. ...