මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය (http://srimahasen.blogspot.com/) Latest Posts Most Popular Posts
දෙවියන්ගෙ කථාවයි, ගිටාර් කථාවයි ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේ කථාව ඇහිල තියෙන්නෙ මගෙ යාළුවෙකුට. එයා නිතරම දිව්‍ය ලෝකේ ගිහින් ආපහු එන කෙනෙක්. අවුරුදු 55 ක විතර වයසක කාන්තාවකට ඔපරේෂන් එකක් සිදු කරමින් ඉන්න අතරතුර දෙවියෝ මුනගැහුනා. දෙවියෝ ඇඳ ලඟටම ඇවිත් හිටියා. ඉතින් මෙයා දෙවියන්ගෙන් ඇහුවා. "මාව මැරෙයිද දෙවියනි ???" "නෑ තව අවුරුදු 30ක් ඔයාට ජීවත් වෙන්න පුළුවන්" දෙයියෝ කිව්වා. අවුරුදු 30ක්ම තවත් ඉන්න එකේ ඒ කාලේ හොඳින් ඉන්න ඕනෑ කියල හිතපු කාන්තාව ...
List of Wesak songs (112) වෙසක් පෝය දවසට අහන්න හොඳ සිංදු ටිකක් .. මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය වෙසක් පෝය දවසට අහන්න සිංදු හොයන අයට, මම හිතුවා, මගේ සිංදු ගොන්නෙන් ලිස්ට් එකක් දුන්නොත් හොඳයි කියලා. හැබැයි ඩවුන්ලෝඩ් ලින්ක් එකනම් නැහැ. මම වෙසක් වලට වගේම ඕනෑම පෝය දවසකටම ගැලපෙන සිංදු ටිකක් තමයි මේ දාලා තියෙන්නෙ. කවුරු හරි ඩවුන්ලෝඩ් ලින්ක් දන්න අය කොමෙන්ට්ස් වල දාන්න. එතකොට අනිත් අයට හොයාගන්න ලේසියි. 1. Amara ranathunga - Ama aduru (3:57) 2. Amara ranathunga - Samadhi ...
අන්තරය, පදනම සහ Titanic නැව ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය හරිම නීරසයි මේවගේ දේවල් කථා කරන එක. ඒත් ඉතින් කියන්න තියෙන ඒවා නොකියත් බැහැනේ. අන්තරයයි පදනමයි ගැන මම කලින් කිව්ව නිසා දැන් කියන්නෙ නැහැ. ඒත් කැලනිය කැම්පස් එකේදි උන දේවල් තමයි මේවා. පලමු වසර තමයි නියම වසර. අළුත් අය අඳුන ගන්නවා වගේම තමයි ගොඩාක් අයගෙ හිතේ කහට නැහැ. ඒවා බැඳෙන්නෙ ටිකෙන් ටික. ඉතින් පලමු වසරෙදි අපි කට්ටිය 10 දෙනෙක් විතර එක ...
අන්තරය, පදනම, මහා ශිෂ්‍ය සංගමය සහ කැලනියේ ඉතිරි පව් කාරයෝ .... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේ හෙඩිමම යොදාගෙන මම ලියන්න හිටියෙ වෙනම් බ්ලොග් එකක්. ඒත් අද වෙලා තියෙන සිද්ධිය නිසා ඔය සේරම කලවමේ ලියල දාන්නම්. ගිය සෙනසුරාදා මම දැක්කා කැම්පස් කට්ටිය (පලමු වසර) මරදානේ කැට හොලවනවා. ඔය කැට වලට වෙන දේවල් ගැන මම දන්නවා උනාට වැඩිය කියවන්න යන්නෙ නැහැ. ඒත් ඔය ලෙක්චර්ස් එහෙම කට් කරගෙන කැට හොලවන්න යන අය දන්නවද දවසකට ලක්ෂ කීයක් එකතු වෙනවද ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (v) - යල් පැන ගිය මගේ කවි (i) .... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය 4/17/2010 09:54:00 PM කැම්පස් එකේ පලමු වසර ගැන ලියන්න ඕනේ කියල තමයි ඉඳගත්තේ. ඒත් මගේ පරන බ්ලොග් එකක් මතක් උනා. ඒකේ තියෙන්නේ කවිම නොවුනත් කැම්පස් එකේ අහපු දැකපු ඒවා. ඉතින් මට හිතුනා ඒකෙන් දෙක තුනක් අරගෙන මෙතන දාන්න ඕනේ කියලා. මගේ විශේෂ ඉල්ලීම මේ දේවල් (මේවා කවි නෙමෙයි හොඳේ) කියවලා ඒ දවස් වලදී මම දැක්ක දේවල් ගැන පොඩි රූපයක් ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (iii) - කැම්පස් එකේ ජීවිතයෙන් ටිකක් (කෙටියෙන්) ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය 4/22/2010 09:21:00 PMමම ගියේ කැලනිය කැම්පස් එකට. කලින් දවසක ඇවිත් වේවැල්දූවෙන් ඇනෙක්ස් එකක් කුලියට ගත්තා. මුල්ම දවසේ තාත්තත් එක්ක වාහනයෙන් ඇවිත් කැම්පස් එක ඉස්සරහින් බැස්සා. බැහැලා වාහනය යවලා පාර අයිනට වෙලා ටිකක් බලාගෙන හිටියා. කට්ටිය මාර ඇක්ටිව්. මම ඩෙනිම්/ ටී ෂර්ට්/ ඩෙක් ෂූෂ් විදිහෙ කෙනෙක්. මම දැක්කා ගම්පහ ගෙල්ට් එකට ආපු අය කාන්ඩ පිටින් එනවා. මම ඒ අයත් එක්ක ...
කැම්පස් එකේදි මුලින්ම කට්ටිය (බොන්න) සෙට් උන හැටි මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය කැම්පස් එකට ගියාම ඉස්සරනම් මුලින්ම දුන්නෙ ඉංගිරිසි පාඩම් මාලාවක්. (දැන්නම් නායකත්ව හැසිරීම් ගැනනෙ දෙන්නෙ). ඉතින් ඔය පන්ති වලට ගියාට ඉගෙන ගන්න දෙයක් නැහැනෙ. රැග් දෙන දිහා බලන් ඉන්නවයි, කෙල්ලො දිහා බලන් ඉන්නවයි විතරයි කරන්නෙ. අලුත් අලුත් කට්ටියත් එකා දෙන්නා හම්බ වෙනවා, අපිත් පම්පෝරි ගහනවා, උනුත් පම්පෝරි ගහනවා. ඔය අය අතරින් අපි දහ දොලොස් දෙනෙක් සෙට් උනා. ඉතින් කට්ටිය කථා උනේ ...
ගණිත සෙල්ලම් වලට අහුවෙන ලාංකිකයෝ හෙවත් පිරමිඩාකාර ගිරිහිම අනුපාතය මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේ වගේ දැන්වීමක් කොහේ හරි දැකල නැත්නම් කවද හරි දකී."අලුත්ම ලැප්ටොප් එකක් රු. 20,000/- යි !රු. 20,000/-ක් පමනක් ගෙවීමෙන් හැමෝටම රු. 100,000/-ක් වටිනා ලැප්ටොප් එකක් ලබාගත හැකිය. වෙනත් ගෙවීම් නැත. විකිනීම පිලිබඳ විස්තර ලබා ගන්න"ඉතින් කවුද අකමැති අඩු ගානකට වටිනා ලැප්ටොප් එකක් ගන්න. ඉතින් වැඩිපුර හිතන්නෙ නැතුව අපිත් යනවා මේ තැන හොයාගෙන. ගිය ගමන්ම අපිට ඒ ගොල්ලො දෙන්නෙ ලැප්ටොප් එකක් ...
මගේ පුතා හොරු අරගෙන ගියාදෝ...... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය අද දිවයින පත්තරේ තිබුන මේ කවිය දැක්කම හිතට අදහස් ගොඩාක් ගලාගෙන ආවා. ඒ එකක්වත් ලියන්නෙ නැතිව පත්තරේ තිබුන කවිය එහෙම්මම මෙතන දැම්මා. මේ කවිය හොඳට කියවන්න කියලා කැම්පස් ගිය, නොගිය, යන්න ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා. මගේ පුතා හොරු අරගෙන ගියාදෝඇහේ බබා මෙන් උන් පුත් කුමරානගසේ පිපුන එක මල රොන් පුරවානඇසේ නොයෙක් බස් හැම කසු කුසු ගානපැසේ පපුව තුළ දරු දුක මුරගානකුරා ...
මේක හූනියමක්ද?, බන්ධනයක්ද?, ආරක්ෂාවක්ද ? මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය වත්තෙ පස් අස්සෙ තිබිල සුරයක් හම්බ උනා. ඒක අපි දාපු එකක් නෙමෙයි. අපිට කලින් මේ ඉඩම අයිති අයගෙ වැඩක් වෙන්න ඇති. ඉතින් ඒකෙ ඇතුලෙ යකෙක් ඉන්නවනම් ඌ එලියට දාන එක පිනක් නෙ. ඒ නිසා මම සුරය ඇරල බැලුවා. මේන්න මේකයි ඇතුලෙ තිබුනෙ.කවුරු හරි දන්න කෙනෙක් මේක තේරුම් කරල දෙනවනම් ලොකු උදව්වක් ..... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකයෙන් අනං මනං ...
බොස්ට නොතේරෙන දෙයක් තේරුම් කර දෙන්න ගිහින් ...... අන්තිමේ ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මුලින්ම කියන්න ඕනැ මේක මම අහපු කථාවක්. උපන් ගෙයි අන්ධයෙකුට සහයට කොල්ලෙක් හිටියා. දෙන්න හිඟමනේ ගිහිල්ල හොයන දෙවල් වලින් වැඩිදේ ගසාකන්නෙ අර කොල්ලා. හැබැයි අන්ධයගෙ වැඩේ හැම තිස්සෙම ප්‍රශ්න අහන එක.දවසක් දෙන්න කිරි බිව්වා. අන්ධය එදාතමයි මුලින්ම ඒ රස කල කිරි බිව්වේ."හරිම රසයි. මොකද්ද මල්ලි ඒ බීම ජාතිය ? ""ඒ තමයි කිරි, ඇයි කලින් බීල නැද්ද ? " "ඇත්තද ? ...
මගේ පරිඝණක ආගමනය .. මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේ බ්ලොග් එක මම ලියන්නෙ නිකං. ඒ කියන්නෙ ඉන්න බැරුවට. මම කොම්පියුටර් වලින් වැඩ පටන් ගත්තෙ 1997 දි (මට මතක හැටියට) . මුලින්ම ඕවා ඉගෙන ගන්න ගියේ මීගමුවට. මීගමුවෙ තිබුනා IDM කියල කොම්පියුටර් කඩයක් (මගේ Batch 196). ඉගෙන ගත්තෙ DOS වලින්. ඒ දවස් වල තිබුනෙ win 3.1 කියල එකක්. ඒකත් run උනේ DOS වල. ඇත්තටම DOS වලින් පටන් ගත්තා කියන්නෙ ...
මගේ පරන බ්ලොග් අඩවියෙන් (v) - යල් පැන ගිය මගේ කවි (i) .... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය 4/17/2010 09:54:00 PM කැම්පස් එකේ පලමු වසර ගැන ලියන්න ඕනේ කියල තමයි ඉඳගත්තේ. ඒත් මගේ පරන බ්ලොග් එකක් මතක් උනා. ඒකේ තියෙන්නේ කවිම නොවුනත් කැම්පස් එකේ අහපු දැකපු ඒවා. ඉතින් මට හිතුනා ඒකෙන් දෙක තුනක් අරගෙන මෙතන දාන්න ඕනේ කියලා. මගේ විශේෂ ඉල්ලීම මේ දේවල් (මේවා කවි නෙමෙයි හොඳේ) කියවලා ඒ දවස් වලදී මම දැක්ක දේවල් ගැන පොඩි රූපයක් ...
බෙදා හදාගත්ත රහස් ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය අපේ හිතවල සමහර දේවල් තියෙනව කාටවත් කියාගන්න බැරුව. ඒව රහස් මත් නෙවෙයි. ඒත් කියාගන්න අමාරුයි. නොකියත් බැහැ. ඒක නිසා ඒ අය ඒවා internet වල දානවා. මට සමහර වෙලාවලට හුස්ම ගන්න අමාරුයි. ඒ මගේ හදවතත් පෙනහලුත් අතර සිදුරක් තිබෙන හින්දා.මම ආදරය කරන්න බයයි. මට බයයි මගේ හදවත ඉතා ඉක්මනින් ගැහෙයි කියලා. එතකොට මම ලඟ ඉන්න කෙනාට, මගේ පපුවෙන් එන ජරබර සද්දය ...
පලවෙනි youtube වීඩියෝ එක ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය කාලෙකින් තමයි බ්ලොග් පැත්තේ ආවේ. අද උදේ කිව්වෙ පහුගිය දවස් වල උන දෙයක් ගැනයි. කොමෙන්ට්ස් අඩු උනත් හුඟ දෙනෙක් මේ පැත්තෙ ඇවිල්ල ගිහින් බව දැනගත්ත නිසා ආයෙමත් ලියන්න හිතුනා.youtube ගැන නොදන්න කෙනෙක් නැහැ. ඒත් මම කියන්න යන්නෙ youtube වලට upload කරපු පලවෙනි video එක ගැන.මේක සත්තු වත්තකට ගිය කෙනෙක් upload කරපු එකක්. title එක "Me at the zoo" තත්පර 19ක් ...
බර වාහන බලපත්‍රය කෙසේ විය යුතුද ?? මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය පහුගිය දවසක හවසක ඉක්මනට ගෙදර එන්න ඕනෑවෙලා අපි ෂෝට් කට් වලින් ජාඇල පැත්තට එනවා. වේවැල්දූව පාර සමහර තැන්වල ටිකක් පටුයි. පොඩි ට්‍රැෆික් එකකුත් තිබුනා. ඉස්සරහින් අපි පැත්තට එනවා කන්ටේනර් එකක්. ඒක පාර අයිනට කරලා නවත්තගත්තේ අපිට යන්න දෙන්න. ඒත් අපි ඒක පහුකරනවත් එක්කම ඒක ඉස්සරහට ඇද්දුවා. කන්ටේනර් එකේ ඉස්සරහ රෝදේ අපේ කාරෙකේ පිටිපස්සේ බෆර් එකේ වැදුනා. "දඩ බඩාස් ...." බෆර් ...
ටයිටැනික් නැව ගිලෙන්න අවු.14 කට කලින් ලියවුනු ඒ හා සමාන කථාව .. මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය 1898 දී, ඒ කියන්නේ ටයිටැනික් නැව ගිලෙන්න අවුරුදූ 14 කට කලින්, මෝගන් රොබට්සන් ලියල තියෙනව පොතක් "ටයිටෑන්" කියල, ඒකේ කියවෙන්නෙ අයිස් පරයක හැපිල ගිලෙන නැවක් ගැන.පොතේ නම Futility or The Wreck of the Titan. ඊටත් වැඩිය සමානකම් බොහෝයි. අයිස් පරයක හැපිල ගිලෙන එක, පොතේ ටයිටෑන් ඇත්ත නම ටයිටැනික්, නැව් දෙකේම දිග අඩි 800යි, නැව් දෙකම ගිලුනෙ උතුරු අත්ලාන්තික් සාගරයේ, නැව් ...