මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය (http://srimahasen.blogspot.com/) Latest Posts Most Popular Posts
මගේ ජීවිතය උඩු යටිකුරු කල සිදූවීම හෙවත් සුනාමිය (2004) මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මගෙ කැම්පස් එකේ යාලුවො ටිකක් ගාල්ලෙත් ඉන්නවා. කාලෙකින් මේ අයව හම්බවෙන්න බැරිඋන නිසා අපි තීරනය කලා නත්තල් දවසේ කට්ටියම හම්බ වෙන්න. අපි කියන්නෙ, අපි දෙන්න කසාද බැන්දෙ 2004 අවුරුද්දෙම නිසා යාලුවොත් බලාගෙනම නෑදෑ ගෙවල් වලත් ගිහිල්ල එන්න කියල තමයි පිට උනේ. වයිෆ් ගෙ ගෙවල් මාතර. ඉතින් කොළඹ ඉඳන් 24 වෙනිදා මාතර ගියා. 25 (සෙනසුරාදා) කැම්පස් එකේ යාලුවො කට්ටිය උදේ 9.30ට ...
කැම්පස් එකේදි මුලින්ම කට්ටිය (බොන්න) සෙට් උන හැටි මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය කැම්පස් එකට ගියාම ඉස්සරනම් මුලින්ම දුන්නෙ ඉංගිරිසි පාඩම් මාලාවක්. (දැන්නම් නායකත්ව හැසිරීම් ගැනනෙ දෙන්නෙ). ඉතින් ඔය පන්ති වලට ගියාට ඉගෙන ගන්න දෙයක් නැහැනෙ. රැග් දෙන දිහා බලන් ඉන්නවයි, කෙල්ලො දිහා බලන් ඉන්නවයි විතරයි කරන්නෙ. අලුත් අලුත් කට්ටියත් එකා දෙන්නා හම්බ වෙනවා, අපිත් පම්පෝරි ගහනවා, උනුත් පම්පෝරි ගහනවා. ඔය අය අතරින් අපි දහ දොලොස් දෙනෙක් සෙට් උනා. ඉතින් කට්ටිය කථා උනේ ...
තාත්තාගේ සමුගැන්ම සමග ..... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මාස ගානකට පස්සෙ තමයි ආයෙමත් මේ බ්ලොග් එක පැත්තෙ ආවෙ. ලියන්න ඕනෑ කියල හැමදාමත් හිත හිත හිටියට ලියන්න හිත දුන්නෙම නැහැ. මම මුලින්ම බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ සිංහල අලුත් අවුරුද්දක් දවසක. ඒ නිසා අද ආයෙමත් ලියන්න ගන්න එක හොඳයි කියල හිතුනා. බ්ලොග් ලියන එක පරක්කු වෙන්නත් හේතුවක් තිබුනා. මම දැන් ඒක කියන්නම්. අපේ තාත්තා ගහක් ගලක් වගේ හිටියේ. මම සාමාන්‍යයෙන් (ගමේ) ...
ගණිත සෙල්ලම් වලට අහුවෙන ලාංකිකයෝ හෙවත් පිරමිඩාකාර ගිරිහිම අනුපාතය මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේ වගේ දැන්වීමක් කොහේ හරි දැකල නැත්නම් කවද හරි දකී. "අලුත්ම ලැප්ටොප් එකක් රු. 20,000/- යි !රු. 20,000/-ක් පමනක් ගෙවීමෙන් හැමෝටම රු. 100,000/-ක් වටිනා ලැප්ටොප් එකක් ලබාගත හැකිය. වෙනත් ගෙවීම් නැත. විකිනීම පිලිබඳ විස්තර ලබා ගන්න"ඉතින් කවුද අකමැති අඩු ගානකට වටිනා ලැප්ටොප් එකක් ගන්න. ඉතින් වැඩිපුර හිතන්නෙ නැතුව අපිත් යනවා මේ තැන හොයාගෙන. ගිය ගමන්ම අපිට ඒ ගොල්ලො දෙන්නෙ ලැප්ටොප් එකක් ...
පිහි ඇනුමකින් කෙලවර වූ කැම්පස් ආදරය .... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය එක දවසක් මම කැම්පස් එකට යනකොට තෙල් බැම්මට මෙහා කට්ටිය රොක් වෙලා. ගොඩාක් වෙලාවට එහෙම වෙන්නෙ වලියක් වගෙ එකක් උනොත් තමයි. කසු කුසු අතරින් ආරංචි උනා කොල්ලෙක් කෙල්ලෙකුට පිහියෙන් ඇනලා කියලා. කෙල්ල ඉස්පිරිතාලෙ ගෙනිච්චලු, කොල්ලා හොයාගන්න නැතිලු. පස්සෙ ආරංචි උනා කොල්ල පඳුරක් අස්සෙ ඉඳල සෙකියුරිටි එකට හම්බවෙලා කියලා. කොල්ලා වහ බීලා. දෙන්නම ඉස්පිරිතාලේ. පස්සෙ බැලින්නම් මේ කපල් එක අපි දන්නවා. ඒ කියන්නෙ ...
මගේ පුතා හොරු අරගෙන ගියාදෝ...... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය අද දිවයින පත්තරේ තිබුන මේ කවිය දැක්කම හිතට අදහස් ගොඩාක් ගලාගෙන ආවා. ඒ එකක්වත් ලියන්නෙ නැතිව පත්තරේ තිබුන කවිය එහෙම්මම මෙතන දැම්මා. මේ කවිය හොඳට කියවන්න කියලා කැම්පස් ගිය, නොගිය, යන්න ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා. මගේ පුතා හොරු අරගෙන ගියාදෝ ඇහේ බබා මෙන් උන් පුත් කුමරාන ගසේ පිපුන එක මල රොන් පුරවාන ඇසේ නොයෙක් බස් හැම කසු කුසු ගාන පැසේ පපුව තුළ දරු දුක මුරගාන කුරා කුහුඹුවෙකුටත් ...
මේක හූනියමක්ද?, බන්ධනයක්ද?, ආරක්ෂාවක්ද ? මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය වත්තෙ පස් අස්සෙ තිබිල සුරයක් හම්බ උනා. ඒක අපි දාපු එකක් නෙමෙයි. අපිට කලින් මේ ඉඩම අයිති අයගෙ වැඩක් වෙන්න ඇති. ඉතින් ඒකෙ ඇතුලෙ යකෙක් ඉන්නවනම් ඌ එලියට දාන එක පිනක් නෙ. ඒ නිසා මම සුරය ඇරල බැලුවා. මේන්න මේකයි ඇතුලෙ තිබුනෙ. කවුරු හරි දන්න කෙනෙක් මේක තේරුම් කරල දෙනවනම් ලොකු උදව්වක් ..... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකයෙන් අනං මනං ...
Seylan Credit Card එක මට කල හදියක් .. මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය පොඩි අමාරුවක් තිබිලා ගත්තනෙ Credit Card තුනක්ම. ටික කලකින් තමයි මේවයෙ රඟේ තේරුනේ. හැබැයි මේකෙ හොඳ පැත්තකුත් තියෙනවා. අප්සෙට් එක තියෙන්නෙ Credit Card වල නෙමෙයි. ඒව පාවිච්චි කරන අපෙයි, ලංකාවෙ බැංකුවලයි. ඉතින් යන එන මං නැති උනාම අමාරුවෙන්ම සල්ලි හොයාගෙන මේ තුනම ගෙවලා වහලා දැම්මා. ඔහොම සන්තෝෂෙන් මාස 9 ක් ඉන්න කොට ආව call එකක්. "Mr. මහසෙන් ඔයාගෙ Seylan credit card එකේ limit ...
බොස්ට නොතේරෙන දෙයක් තේරුම් කර දෙන්න ගිහින් ...... අන්තිමේ ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මුලින්ම කියන්න ඕනැ මේක මම අහපු කථාවක්. උපන් ගෙයි අන්ධයෙකුට සහයට කොල්ලෙක් හිටියා. දෙන්න හිඟමනේ ගිහිල්ල හොයන දෙවල් වලින් වැඩිදේ ගසාකන්නෙ අර කොල්ලා. හැබැයි අන්ධයගෙ වැඩේ හැම තිස්සෙම ප්‍රශ්න අහන එක. දවසක් දෙන්න කිරි බිව්වා. අන්ධය එදාතමයි මුලින්ම ඒ රස කල කිරි බිව්වේ. "හරිම රසයි. මොකද්ද මල්ලි ඒ බීම ජාතිය ? ""ඒ තමයි කිරි, ඇයි කලින් බීල නැද්ද ? " "ඇත්තද ? ඉතින් ...
මගේ පරිඝණක ආගමනය .. මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේ බ්ලොග් එක මම ලියන්නෙ නිකං. ඒ කියන්නෙ ඉන්න බැරුවට. මම කොම්පියුටර් වලින් වැඩ පටන් ගත්තෙ 1997 දි (මට මතක හැටියට) . මුලින්ම ඕවා ඉගෙන ගන්න ගියේ මීගමුවට. මීගමුවෙ තිබුනා IDM කියල කොම්පියුටර් කඩයක් (මගේ Batch 196). ඉගෙන ගත්තෙ DOS වලින්. ඒ දවස් වල තිබුනෙ win 3.1 කියල එකක්. ඒකත් run උනේ DOS වල. ඇත්තටම DOS වලින් පටන් ගත්තා කියන්නෙ එතනින් එහාට ...
Windows ඇඩ්මින් පාස්වර්ඩ් බිඳිය හැකිය ... ඒ විතරක් නොවේ ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය ඔබේ පරිඝනකය කෙතරම් ආරක්ෂාකාරීව ඇතිදැයි ඔබ දන්නවාද ? ?? ඔහොම ඇහුවම සමහර අයට තරහ යනවත් ඇති. ඒත් ඔයාගේ කොම්පියුටර් එකට පාස්වර්ඩ් එහෙම දාලා හරි අගේට හිතාගෙන ඇති දැන් හරි කියලා. එහෙම නේද ? සමහර අය තමන්ගෙ නමින් එකවුන්ට් එකක් හදලා, ඒක ඇඩ්මින් කරලා පාස්වර්ඩ් දාගෙන ඉන්නවා. ඒත් දැනගන්න windows වල ඔරිජිනල් ඇඩ්මින් කෙනෙකුත් ඉන්නවා. බලන්න user log වෙන තැන Alt + Ctrl + Delete ...
බෙදා හදාගත්ත රහස් ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය අපේ හිතවල සමහර දේවල් තියෙනව කාටවත් කියාගන්න බැරුව. ඒව රහස් මත් නෙවෙයි. ඒත් කියාගන්න අමාරුයි. නොකියත් බැහැ. ඒක නිසා ඒ අය ඒවා internet වල දානවා. මට සමහර වෙලාවලට හුස්ම ගන්න අමාරුයි. ඒ මගේ හදවතත් පෙනහලුත් අතර සිදුරක් තිබෙන හින්දා.මම ආදරය කරන්න බයයි. මට බයයි මගේ හදවත ඉතා ඉක්මනින් ගැහෙයි කියලා. එතකොට මම ලඟ ඉන්න කෙනාට, මගේ පපුවෙන් එන ජරබර සද්දය ඇහේවිමම බය මගෙ ...
පලවෙනි youtube වීඩියෝ එක ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය කාලෙකින් තමයි බ්ලොග් පැත්තේ ආවේ. අද උදේ කිව්වෙ පහුගිය දවස් වල උන දෙයක් ගැනයි. කොමෙන්ට්ස් අඩු උනත් හුඟ දෙනෙක් මේ පැත්තෙ ඇවිල්ල ගිහින් බව දැනගත්ත නිසා ආයෙමත් ලියන්න හිතුනා. youtube ගැන නොදන්න කෙනෙක් නැහැ. ඒත් මම කියන්න යන්නෙ youtube වලට upload කරපු පලවෙනි video එක ගැන. මේක සත්තු වත්තකට ගිය කෙනෙක් upload කරපු එකක්. title එක "Me at the zoo" තත්පර 19ක් ...
බර වාහන බලපත්‍රය කෙසේ විය යුතුද ?? මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය පහුගිය දවසක හවසක ඉක්මනට ගෙදර එන්න ඕනෑවෙලා අපි ෂෝට් කට් වලින් ජාඇල පැත්තට එනවා. වේවැල්දූව පාර සමහර තැන්වල ටිකක් පටුයි. පොඩි ට්‍රැෆික් එකකුත් තිබුනා. ඉස්සරහින් අපි පැත්තට එනවා කන්ටේනර් එකක්. ඒක පාර අයිනට කරලා නවත්තගත්තේ අපිට යන්න දෙන්න. ඒත් අපි ඒක පහුකරනවත් එක්කම ඒක ඉස්සරහට ඇද්දුවා. කන්ටේනර් එකේ ඉස්සරහ රෝදේ අපේ කාරෙකේ පිටිපස්සේ බෆර් එකේ වැදුනා. "දඩ බඩාස් ...." බෆර් ...
ආදරය මේ වගෙයි ... සත්‍ය සිදුවීම් ඇසුරින් .. මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේ බ්ලොග් එකේ කවදාවත් කථා කරල නැති දෙයක් ගැන තමයි අද කියන්න යන්නෙ. මේවා මට හම්බවුනේ මම කියවන වෙන බ්ලොග් වගයකින්. මේ ඇත්ත කථා හතර කියවලා ඔයාලට ආදරය ගැන මතක් කරල දෙන එක තමයි මගේ බලාපොරොත්තුව. ඔයාගෙ ඇහේ පුංචි හරි කඳුලු බිංදුවක් මතු නොවුනොත් ඔයා දන්නෙ නැහැ, ආදරය කියන්නෙ මොකද්ද ? කියලා ..... ආදරය සුරංගනා කථාවකි .... මගෙ හොඳම යාළුවගෙ ආච්චිට තදින්ම අමතක ...
ටයිටැනික් නැව ගිලෙන්න අවු.14 කට කලින් ලියවුනු ඒ හා සමාන කථාව .. මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය 1898 දී, ඒ කියන්නේ ටයිටැනික් නැව ගිලෙන්න අවුරුදූ 14 කට කලින්, මෝගන් රොබට්සන් ලියල තියෙනව පොතක් "ටයිටෑන්" කියල, ඒකේ කියවෙන්නෙ අයිස් පරයක හැපිල ගිලෙන නැවක් ගැන. පොතේ නම Futility or The Wreck of the Titan. ඊටත් වැඩිය සමානකම් බොහෝයි. අයිස් පරයක හැපිල ගිලෙන එක, පොතේ ටයිටෑන් ඇත්ත නම ටයිටැනික්, නැව් දෙකේම දිග අඩි 800යි, නැව් දෙකම ගිලුනෙ උතුරු අත්ලාන්තික් සාගරයේ, නැව් ...
දහ අට සන්නියට සමගාමීව DJ කලෙමි මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය හිතාගන්න බැරි උනත් මෙහෙම සිද්ධියක් උනේ කැලනිය කැම්පස් එකේදී. අවුරුද්ද 2006 වගේ තමයි මතක. කැම්පස් එකෙ සයන්ස් ෆැකල්ටි එකේ DJ පාටි එකකට DJ කෙනෙක් අපේ ආයතනයෙන් ඉල්ලලා තිබුනා. අපි ඒකට කිසිම මුදලක් අය කරන්නෙ නැහැ. සවුන්ඩ්, ලයිට් එහෙම අපි දෙන්නෙ නැති නිසා ඒ අයට පිටින් අරගන්න කිව්වා. ඒගැන අපේ කිසිම සම්භන්ධයක් නැහැ. එදා දවසෙ මම free නිසා මට තමයි ...
ශ්‍රී ලංකාවෙ කෙනෙක් හඳුනාගත හැකි ක්‍රම ටිකක් (sure n shot) මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය ලෝකෙ පුරාම කරක් ගහන අපට බැලූ බැල්මට ලංකාවෙ ඉපදුන කෙනෙක්ව අඳුන ගන්න අමාරුයි. ඒත් අදින් පස්සෙ ඒක එහෙම වෙන්නෙ නැහැ. ශ්‍රී ලාංකිකයන් ඕනෑම තැනකදී අපට හඳුනා ගත හැක. ඒ පහත දැක්වෙන කරුනු වලිනි 1. කන කෑම වේලක මිරිස්, ළූනු, සුදු ළූනු වලින් සමන්විත නම් 2. තෑගි ඔතපු කොල, තෑගි ඇසුරුම් පෙට්ටි, ඇලුමිනියම් කොල ආයෙමත් පාවිච්චියට අරන් තබාගෙන ඉන්නවානම් 3. දත් අස්සේ රැඳුනු කෑම කැබලි දිව ...
පලමු වසරේ අනිවාර්ය රාජකාරිය හෙවත් කැට සෙලවීම මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේ දවස්වල මහසෙන්ට හැදිල තියෙනව නපුරු උනක්. දවස් දෙකෙන් කටහඬත් අවුල් වෙලා. ඉතින් බ්‍රහස්පතින්දා ලෙඩ නිවාඩු දාලා සිකුරාදා ආයෙමත් වැඩට ගියා කරන්න තියෙන වැඩ ඉවරකරන්න හිතාගෙන. ඒත් ඉතින් හරියට වචන පිටවෙන්නෙත් නැතිව මොන වැඩද ? අනිත් අයටත් බෝ කරන්නෙ නැතිව ගෙදර යන්න කියල ඉහලින් නියෝගයක් දුන්නා. මමත් ඉතින් ආ පයින්ම ආපහු ගියා. ඕන්න ඉතින් බොරැල්ලෙදි බස් එකට නැග්ගා කැට ...
මේක චූ කතාවක් ... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය ඉංජිනේරුවෙකුයි ලෝයර් කෙනෙකුයි පියන් කෙනෙකුයි ටොයිලට් එකක (එහෙමත් නැතිනම් වොෂ් රූම් එකක) චූ කර කර හිටියා. දන්නවනෙ පිරිමි අයට තියෙන ටොයිලට් ගැන. ඉංජිනේරුවා මුලින්ම වැඩේ ඉවර කලා. සිප් එක එහෙම හදාගෙන අත් දෙකම හෝදගන්න පටන් ගත්තා. වැලමිට ලඟට යනකම්ම හොඳට හෝදගෙන ටොයිලට් පේපර් 20කින් විතර අත් දෙකම හොඳට පිහ ගත්තා. ඊට පස්සෙ අනිත් දෙන්න දිහාට හැරිලා මෙහෙම කිව්වා. "මම ඩිග්‍රිය ගත්තෙ මොරටුවෙන්. එහෙදි අපිට කියල ...