හි… හි… ඔයාගෙ කටත් ඇරිලා, හෙන්රී! මට හිතෙන හැටි හායි, හෙන්රී! හායි, අමාලි! මම ඔයාගෙ නම ස්කයිප් එකේ නිකමට සර්ච් කරලා බැලුවා. මෙන්න ඉන්නවා යාලුවා! ස්කයිප් දෙවියන්ට ස්තුති වේවා! හෙහ්, හෙහ්…කොච්චර කාලෙකින්ද, නේ? ඉතින්, කොහොමද හෙන්රි? ඉන්නවා, අමාලි. වරදක් නෑ. ඔයා කොහෙද ඉන්නෙ? මේ කැනඩාවෙ ඇඩ්රස් එකක් වැටෙන්නෙ? ඔව් අනේ. මම කැනඩාවල තමයි ඉන්නෙ. ටොරොන්ටෝ වල, යූ එස් බෝඩර් එකේ වගෙ. ඔයාලත් එක්ක ටීචිං කලානෙ ලංකාවෙ. ඊට පස්සෙ ...
ඇණේ මට හිතෙන හැටි මේ කතාව දන්නවද? මේක ලියලා චිත්‍රෙ හෙම ඇඳලා තෙලැට්රෝවට දාන්න සෙට් වෙනකොට මෙන්න image uploading diable කරලා. ඇඩ්මින් ගොයියට ඊයක් යවලා බැලුවා, තාම නිදිද කොහෙද. ඇඩ්මින් ගොයියා චිත්‍රෙ දාන්න බෑ කිව්වොත් දාන්නයි ඉන්නෙ ලින්ක් එකක් මෙතනට. අපරාදෙනෙ මෙච්චර මහන්සි වෙලා ඇඳපු චිත්‍රෙ. DISCLAIMER POJJA: මෙවර කතාවට කිසිම පුද්ගලයකුගේ හෝ නම් ගම් භාවිතා කර නොමැති අතර අදාල පින්තූරය දෙස බලා නොයෙකුත් ...
දකුණු කකුලෙ ගෙඩිය නැව් භාෂාවෙන් මට හිතෙන හැටි කුරුළු හමුදාවෙ තදයෙක් වන මගෙ මචං කාරයා අජ්ජා, කුරුල්ලෙක් වෙන්න කලින් නැවක වැඩ කලා. මේක ඒ කාලෙ වෙච්ච සීන් කෝන් එකක්. අජ්ජා වැඩ කරපු නැවේ හිටියා මෙන්ඩිස් කියලා කුක් කෙනෙක්. මෙන්ඩියාගෙ කඩුව මොට්ට වුනාට කොටා ගන්න පුලුවන්. දවසක් පොරට නිවාඩුවක් ගන්න ඕනෙ වෙලා කැප්ටන්ට කියන්නලු ලෑස්තිය. ඒත් පොඩ්ඩක් සැකහැර ගන්න (මෙන්ඩියගෙ තියෙන කරුමෙට), අපේ අජ්ජව හම්බ වෙලා. අජ්ජා ගැන මොකක් ...
109. බාස් කතා. මේසන් බාස්. මට හිතෙන හැටි නිවාඩු කාලේ බාස් කතා -1 ට මෙතනින් ගියෑකි. නවම් ගොයියයි, පන්සල් හන්දියයි අපේ ගෙදර ආපු දවසක ඇහුවා, ‘ඈ බං අයියෙ, අර කෑලි බෑලි හයි නොකර බිත්තියට හේත්තු කරලා තියෙන්නෙ මොකෝ?’ කියලා. මම කිව්වාම ඕකට 2006 ඉඳන් බාස් කෙනෙක් අල්ලගෙන කරන්න වෙලාවක් හම්බවුනේ නෑ කියලා, දෙන්නම කියපු දෙයක් තමයි, ‘අනේ බං , මේ පාර වත් ගෙදර ආවාම ඔක්කොම පැත්තක තියලා බාස් ...
ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද? මට හිතෙන හැටි ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද? ඔව් කියමු බලන්න. මේ මොන ගොං ප්‍රශ්නයක්ද? ඕකත් අහන්න දෙයක්ද? ම්ම්ම්.. හරි ලියන්න බලන්න උත්තරේ සිංහල අකුරෙන් ලඟම තියෙන කොල කෑල්ලක, එහෙමත් නැත්නම් Sticky Note එකක. පොඩි ප්‍රශ්ණයක් තියෙනවා නේද? මොකද /z/ශබ්දය සිංහලෙන් ලියන එක. ඒකට මෙහෙම කරමු. zස. දැනට වැඩේ ගොඩනෙ. හරි දැන් ලියමු බලන්න. දැන් හරිනම් ඔබා අයියා වගේ මීයාගෙ බෝලේ කරකවාගෙන කරකවාගෙන ...
88. එන්න සබ්මැරීන් එකක යන්න! මට හිතෙන හැටි මීට අවුරුදු කීපයකට කලින් අපි ගියා සබ්මැරීන් එකක. ජර්මනියෙ නිශ්පාදනය කරපු මේ සබ්මැරීනය මාල දිවයිනට පැමිණෙන සංචාරකයන් සඳහායි. මුලදි මුලදි නම් මේ සබ්මැරීනය පැදවූයෙ විදේශික නියමුවන්, දැන්නම් දේශීය නියමුවො පුහුණු කරලා තියෙන්නෙ. කතාව පින්තූරෙන්ම කිව්වා නම් ඉවරයි නේ? මීට වැඩිය පින්තූර පැටෙව්වොත් බ්ලොග් පෝස්ට් එක ලෝඩ් වෙන එකකුත් නැහැනෙ. ඒක නිසා ඉතිරි කොටස ඊලඟ පෝස්ට් එකෙන්. ...
137. මාරක පියසැරිය අවසන් කොටස. Flight Beyond All Hope. Part 3. Dude’s Originals. මට හිතෙන හැටි “So the captain grits his teeth ඉතිං කැප්ටන් දත්මිටි කාගෙන, හෙන ගේමක් දීලා, ෆ්ලැප්ස් ෆුල් දාලා, බ්රේක් කෑගස්සගෙන ටයර් පාර බිම ඇඳෙන්න ප්ලේන් එක යන්තම් නවත්ත ගන්නවා. නවත්තගෙන කියනවා කෝ-පයිලට්ට, “යකෝ මම ප්ලේන් එකක් බාපු කොටම රන්වේ එක වෙන්නෝනෙ මේක !” කියලා. කෝපයිලට් ඔලුව හරවලා උරෙස්සට උඩින් සයිඩ් එකේ ජනේලෙන් බලලා කියනවා, “ඒ වගේම පළලම එක.”“And the ****ing widest!” ඔබ ...
කාකි හදවත. මට හිතෙන හැටි මගේ අතීසාර මිත්‍රයා රංජිත්, බාබර් ලඟට ගියාම ඩබල් චාජ් කරනවා. මොකද වර්ග සෙන්ටිමීටරයකට තියෙන කෙස්ගස් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙකුගෙ වගෙ දෙගුණයක් නිසාවත්, කොන්ඩෙ ගනකම වැඩිකමට ආවුද මොට්ට වෙන නෙවෙයි. “Search & Snip” කියන Technique එකට දෙගුණයක් කල්ගතවෙන නිසාලු. රංජියයි මායි කලාතුරකින් හමුවුනම හීනියට ඔය තැඹිලි ව්තුර ටිකක්, හොඳින් නිවපු කොත්තමල්ලි වතුර වගෙ ශාක සාර ඩ්‍රින්ක් එකක් හෙම ගන්නවා. (දැන් නම් එහෙම ...
කළන මිතුරෙකුගේ නික්ම යාම මට හිතෙන හැටි දෑස් කඳුලින් බොඳවී ඇති මොහොතක, උගුරේ යමක් සිරවී, පපුව මත බරක් පැටවූවාක් මෙන් හැඟෙන මොහොතක ලියන මේ ලිපියේ දහසක් දෝෂ තිබිය හැක. ඔබා අයියා ගැන මෙවැනි සටහනක් තබන්නට සිදුවේ යැයි සිහිනෙකුදු නොසිතුවෙමි. ලියන්නාගේ බ්ලොග් රෝලේ ඔබා අයියාට නිවන් සුව පතමින් පළකර තිබූ බ්ලොග් වල මාතෘකා දුවු විට ඇතිවූයේ විමතියකි. මා මුලින්ම සිතුවේ මෙය කවටකමක් කියාය. මෙය මා අසල සිටි දීපාට ...
104. යුරේකා!!!!! මට හිතෙන හැටි ජනවාරි පළමුවෙනිදා පාන්දර දෙකකුත් ගානකට අපි ආපහු ආවා. අපිට කලින් ගෙදර ගිය ඉන්දියානුවො අපිට දවස් පහකට පස්සෙ ආපහු එද්දි, කප්පාදුවට ලක්වෙච්ච අපේ නිවාඩුව හමාරවෙලා ආපහු එන්න සිද්ද වුනා. නිවාඩු කාලේ බාස්ලත් එක්කම ගතකරපු නිසා ඇවිදින්න ලැබුනේ අඩුවෙන්. කොහොමත් අපි ගමන් යන්නෙ ක්ෂණිකව ගන්න තීරණ මත නිසාත්, පළවෙනිදා හැන්දෑවෙ ආපහු යන්න තියෙන නිසාත් පහුගිය දෙසැම්බර් තිස්වෙනිදා අපි A4 මාර්ගය දිගේ ඔහේ ...
මේ ජාතික දිනයටවත් ටික ටික ගෙවන්න හරි කොන්දක් ගමුද?. ජාතික දිනයට මට හිතුන දේ. මට හිතෙන හැටි පාවෙලා වගෙ ආපු තද අඳුරු වීදුරු සහිත කලුපාට SUV එක හඬක් නොනගාම මළගෙදර ඉස්සරහ නැවැත්තුවා. දොර ඇරුනා. වායු සමනය කල බේජ් පහැති රථ අභ්‍යන්තරයෙන් උස මහත මැදිවියේ පුද්ගලයෙක් එලියට බැස්සා. මළගෙදර එලියෙ මා අවට ඉඳගෙන බුළත් හපමින්, දුම්වැටි උරමින්, පහත් හඬින් කතාකරමින් හිටපු මිනිස්සු දඩිබිඩි ගාලා නැගිට්ටා. ඒ මිනිස්සු නැගිටලා, ඔලුගෙඩි කසමින්, දියාරු හිනාවකුත් එක්ක , බයාදු, නිවට බැල්මකින් අර ...
ලංකාවෙ පොරවල් මාර වැඩ කාරයෝ හෙවත් ජාත්‍යන්තරයට එරෙහිව අපි. මට හිතෙන හැටි කාලයක් කවුරුත් අතරත් ජනප්‍රිය වෙලා තිබ්බ සීරීස් එකක් තමයි “ජාත්‍යන්තරයට එරෙහිව අපි”. මේ කතා ඔක්කොම වගෙ එකම වට්ටෝරුවෙ. යම්කිසි දෙයකින්, සමහරවිට තරඟයකින්, අමෙරිකන් කාරයා, රුසියන් කාරයා, ජපන් කාරයා පරදවලා අන්තිමට තරඟ වදින ලංකාවෙ පොර ජයගන්නවා. උදාහරණ: විලේ ඉන්න පරම්පරාව කන කිඹුලා, මේ කතාවලින් කියවෙන්නෙ ලංකාවෙ අපේ හපංකම්, මෝඩකම් ඒ වගෙම පුරසාරම් වගෙ පෙනුනට සමහර කතාවලින් අපි ඇත්තටම අපිටමයි හිනාවෙලා තියෙන්නෙ. ...
Get that feeling of Déjà vu? කලින් අහල පුරුදු ගතියක් දැනෙනවද? මට හිතෙන හැටි මමයි බිරිඳයි දෙන්නම උගන්වන මේ පාසැලේ උදෑසන රැස්වීමෙදි මම මේ සතියෙ පවත්වපු කතාවයි මේ. මේ කතාව මම සිංහලට පරිවර්තනය කලා. ඔරිජිනල් එකත් මේ එක්කම තියෙනවා. මේ කතාව කවියක් වගේ ලියලා තියෙන්නෙ කතාවක් හැටියට කියවන විට පහසු වෙන්න. මේක බ්ලොග් පෝස්ට් එකක් විදියට දාන්න හේතුව, ලාංකික ගුරුවරු විදේශ රටවල ඉගැන්වීමේ යෙදෙනවිට ලබන අත්දැකීම් වල ඡායාමත්රයක්වත් ඔබට ලබාදීම. එවැනි අත්දැකීම් ඇති ලිපි ...
151. ෂිට් හැපන්ස්! SHIT HAPPENS! E01හි මාරක ගමන-2 වන කොටස මට හිතෙන හැටි ඔබ පසුගිය කොටස E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway! කියෙව්වේ නැති නම් කරුණාකර මෙතනින් යන්න. මා වෙතට දිව එන අධිවේගී මාර්ගයේ ලුමිනස් රේඛා රෑ පුරා මට සිහිනෙනුත් පෙනුනා. කෙසේ හෝ උදෑසනම අවදිවී මම මුලින්ම කලේ චූන්ජිට දුරකථන ඇමතුමක් දීමයි. “චූන්ජි, උඹේ වෑන් එකේ බැටරිය දීපංකෝ මට පැය කීපෙකට,” “ඇවිත් ගලවගෙන පලයං, මචං.” “අනේ මචං හොඳ එකා වගේ උඹ ...
166. මෙතෙක් කතාව සහ අද එතැන් සිට මට හිතෙන හැටි දශක කීපයකට පෙර දෙසැම්බර් මාසයේ එක්තරා ගිණි මද්දහනක: මම ගේට්ටුවෙන් ඇතුල්වෙනකොට නිශ්ශංකයා සුදු කිට ගහලා සාලෙ ඉන්නවා මට පේනවා. “යමං යමං,” මම ඌව කුලප්පු කරනවා. විභාගෙ තියෙන්නේ හවස් වරුවෙ නිසා නිශ්ශංක කලින් කියලා තිබුනා මට උන්ගෙ ගෙදරට එන්න කියලා දෙන්නම එකට යන්න. “ඔහොම හිටිං. හඩ්ඩෝ වගේ යන්නැතුව පොඩ්ඩක් සුවඳ ගගහ යං නේද අද බස් එකේ විභාගෙට යන බඩු කෑලි ...
සයිකල් ශූර වි. ප. බටුවංගලතුමා මට හිතෙන හැටි මිස්ට බටුවංගලගෙ මඩ පුවක් බැක් අප් එක මතකයිනෙ? කියවලා නැති අය මෙතන ඔබන්නකො. බටුවංගල තුමා ඇත්තටම නිල්වන් කඳුකරයෙන් ආපු ඩයල් එකක් නිසා බයිසිකල් කියන ජාතියට ආගන්තුකයි. ඒ මොකද ඒ පලාත් වල තියෙන කඳුවල හැටියට බයිසිකල් වලින් වැඩක් නැහැ. ඉතිං බයිසිකල් ඇත්තෙත් නැහැ. ඒ නිසාම හුඟ දෙනෙකුට බයිසිකල් පදින්නත් බැහැ. නමුත් දෙහිඅත්තකණ්ඩිය කියන්නෙ පැතලි භූමියක් නිසාත්, වෙනත් ප්‍රවාහන මාධ්‍ය දුර්ලභ ...
වැහි වැහැලා වතුර ගලා මට හිතෙන හැටි මම අර බල්බ් එක ගිලපු ගෙදරම තමයි මේ සිද්ධියත් වුනේ. අපේ ගේ ඉස්සරහ තිබිච්ච පල්ලියට අල්ලපු වත්තෙ තිබ්බ ගෙදර තමයි අන්කල් මැනුවෙල් බෝඩ් වෙලා හිටියෙ. මම හිතන්නෙ එයා මීගමුව කොච්චිකඩේ වාගෙ පලාතකින් ආපු ගුරුවරයෙක්. මම අන්කල්ගෙ අත්සනට හරිම ආසයි. මොකද ඒක තොප්පියක් දාපු මිනිහෙකුගෙ මූනක්. එම් අකුර තමයි තොප්පිය. අන්කල් අපේ පවුලේ ලඟම හිතවතෙක්. ඔන්න දවසක් හොඳටම වහිනවා. අන්කල් අපේ ...
87. ප්ලාස්ටරේ / Band-Aid මට හිතෙන හැටි ඔයාලා කවදාහරි ඇඟේ ප්ලාස්ටරයක් අලවගෙන ඉඳලා තියෙනවද, ප්ලාස්ටරේ ඉවරවෙන තැනයි, හම පටන් ගන්න තැනයි අඳුනාගන්න බැරුව යනකල්? මම ඉඳලා තියෙනවා. ම්ම්ම්… ඇත්තෙන්ම මේ දැනුත්! අද වෙනකොට, මම මේ ප්ලාස්ටරේ ගහන් ඉඳලා තියෙනවා එක දිගටම මාසම හයක්! කොහොමද වැඩේ? බොරු කියන්නෙ මොකටද, ප්ලාස්ටරේයි, මමයි අතර දැන් අන්‍යෝන්‍ය බැඳීමක් ඇතිවෙලා. සංසාරගත බැඳීමක්! ඕං මම කලා පොඩි ගණනය කිරීම් ටිකක්, මේක තවත් පැහැදිලි ...
164. BMW එකෙන් සහ නයිටි කෑල්ලෙන් හෙලිවන අපේම හෙලුව මට හිතෙන හැටි මම ලියන්න හිතාගෙන සිටි පොස්ට් දෙකක් බාගෙට ලියා වේලෙමින් තිබේ. එකක් හොන්ඩා XL125R ඩර්ට් බයික් එකක් ගැනය. එය ඇනහිට ඇත්තේ පාර්ලිමේන්තුව විසිරුවා හැර රට ඡන්දයකට සූදානම් පවතින නිසා යයි කිව්වොත් මා පිස්සෙකුට ගනං ගන්නා බව දනිමි. නමුත් කරන්නට දෙයක් නැත. සත්‍යය සමහරවිට විශ්වාස කරන්නට බැරි තරම් අමුතුය. අනික එලොවටත් නැති මෙලොවටත් නැති මගේ ප්‍රථම ප්‍රේමයක් ගැනය. මේ පෝස්ට් එක නම් ...
105. ඉතින් ආයුබෝවන් දුම් වැටිය මරු! මට හිතෙන හැටි Simulblogged at මගේ ඩෙනිම.Originally published at HeyDude. හැම දෙසැම්බර් 31 වෙනිදාටම මම සිගරට් බීගෙන බීගෙන යන්නෙ පිස්සු හැදිලා වගේ. ඒකට හේතුව, හැම ජනවාරි පළවෙනිදටම, අලුත් අවුරුදු අධිෂ්ඨානයක් හැටියට, මම සිගරට් බීම නවත්තන නිසයි. කිව්වත් වගේ වැඩේ නැගලා යනවා. මම ජනවාරි පළවෙනිදට සිගරට් දිහා බලන්නෙ වත් නෑ. බොහෝවිට දෙවෙනිදත් එහෙමයි. ඔය තුන්වන දිනයත් හැටවන දිනයත් අතරෙදි තමයි වැඩේ චොර වෙන්නෙ. මට ...