පොඩ්ඩක් ඉන්න! ලෝකෙන්ම එපාම කරපු රියැදුරෝ ඉන්නෙ ලංකාවෙද? මට හිතෙන හැටි හුඟ දෙනෙක් කියන්නෙ නම් එහෙම තමයි. කොටින්ම මාත් හිතන්නෙ එහෙම තමයි. ලෝකෙන්ම නරකම රියැදුරෝ ඉන්නෙ ඉතාලියෙ කියලා තමයි ලංකාවට ආපු නැති අය හිතා ඉන්නෙ. වෙද ගෙදර පෝස්ට් එක බැලුවානම් දන්නවා ඇතිනෙ අර ත්‍රී වීල් රියැදුරා වැටිච්ච ෆෝන් එක අහුලන්න ගිහින් කරගෙන තියෙන හරිය. මේ දාන්න හිතාගෙන හිටපු පෝස්ට් එකක් නෙවෙයි. මම ලියමින් හිටියෙ “නිවාඩු කාලෙ පොලිස් කතා”නෙ. මේකත් ඊට තරමක් ...
විපතක් අසා සැනසුම් සුසුම් හෙලූ දවසක්! මට හිතෙන හැටි අපේ අධිවේගී මාර්ගයේ වෙලා තියෙන අනතුරු ගණන ඇහුවම අදහා ගන්න බැරි තරම්. මෙච්චර නවීන ආරක්ෂක උපාංග සවිකරපු වාහන වලින්, අච්චර ඉඩ තියෙන, දරුණු වංගුත් නැති, කෙලින් පාරෙ පැයට කිමී 100 ට ගිහින් මේ තරම් අනතුරු කරගන්නෙ ඇයි කියලා මට හිතාගන්න බැරුව හිටියෙ. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයක හුඟාක් අනතුරු වෙන්නෙ වාහන එක ගොඩේ වැදීම (pile up) නිසානෙ. මේ එහෙමත් නෙවෙයි. වේගය පාලනය ...
ඒ පාහර වැඩේ කලේ කවුද? මට හිතෙන හැටි කාර්යාල සේවක මගියා වානේ රියසක වානේ පීලි මත වැයූ ටක ටකස් හඬේ තාල වේගය අඩු කරමින් මහනුවර බලා යන කාර්යාල දුම්රිය වේදිකාව වෙතට ලඟාවෙමින් තිබින. වේදිකාව් මත රැඳී සිටි පොදිකන මගීහු තවමත් ඇදීයන දුම්රිය දෙසට ලංවෙද්දී දැනටමත් පාපුවරු දෙපස සවිකල අත්වැට වල එල්ලීගත් සමහරු පය රඳවන්නට ඉඩක් සෙවූහ. කාර්යාල බෑගය එක් අතකින් තුරුලු කරගත් මා මගීන් මගහරිමින් දුම්රියත් සමාන්තරව වේදිකාව ...
අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!! මට හිතෙන හැටි මොරයා මුලින්ම මට දුන්න උගේ පොල් අඩියක්. මම වැඩි මහන්සියක් නැතුවම පහත් වුනා. උගේ දෙවෙනි එකත් ඒවගෙම ගොං පොල් අඩියක්. ඒකත් අමාරු එකක් නෙවෙයි. මම පහත් වුනාම මගෙ හිස් මුදුනට පවන් සලාගෙන නිදහසේ ඇදිලා ගියා නමුත් වැදුනානම් හාන්සි තමයි. මේ මොහොතෙ මම මේ ඉස්කෝලෙට අලුත්ම අත්දැකීමක් වන බොක්සිං පන්ච් එකක් එල්ල කලා මේ මොහොතේ නිරාවරණය වෙලා තියෙන මොරයගෙ බඩට විදුලි ...
යකෝ කෝච්චිය එනවා!! මට හිතෙන හැටි සීවලී එංගලන්තයට සංක්‍රමණය වෙලා තියෙන්නෙ අවුරුදු නවයෙදි. අවුරුදු දොළහකට පස්සෙ තාත්තයි පුතයි ලංකාවට ආවා අවුරුද්දකට විතර. අම්මා එහෙ. ඒ දවස් වල මම අර මෝටර් ඉංජිනේරු ආධුනිකයෙක් වෙලා ඉන්න කාලෙ. අපි දෙන්නම එකට වැඩකලේ. ඉතිං මූ මගෙ බඩියෙක් වෙන්න වැඩි දවසක් ගියේ නෑ. හැම එකාටම වගෙ මූටත් තිබ්බ නොවැ උපන් දිනයක්. තොපිට නාන්න දෙන්නම් කියකියා හිටපු පොර ඇත්තටම පාටිය දාන්න සෙට් ...
නිවාඩු කාලේ පොලිස් කතා. මට හිතෙන හැටි නිවාඩුවට ලංකාවට යන විදේශගත සහ විදේශීය රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්, කාටත් අමතක වුනු මානව වර්ගයක් කියලයි මට හිතෙන්නෙ. මේ අය අදිසි බැමි කීපයකින්ම බැඳිලයි ඉන්නෙ. මේ අය මුහුණ දෙන ප්‍රශ්ණ ගැන මම පසුව ලියන්නයි ඉන්නෙ. මෙතනදි මම කතාකරන්න යන්නෙ එයින් එක් විශේෂ බැම්මක් ගැන. ඒ තමයි නියමිත දිනයට ආපසු යෑම. හුඟක් දේවල් රඳා පවතින්නෙ ඔය මත නිසා ඔවුන් කිසි දෙකට ...
කටට බ්රේක් නැති විදුහල්පති සුපිරිපාල. මට හිතෙන හැටි අම්පාරේ ඉස්කෝලෙක වැඩකරපු විදුහල්පති සුපිරිපාලතුමා සුපිරිම ඩයල් එකක් තමයි. මම හිතන්නෙ ගම නම් මොරටුව හරි පානදුරේ හරි. සුපිරිපාලතුමා මගෙ ප්‍රින්සිපල් නොවුනට මට නිතර මුණ ගැහෙනෙවා, මොකද මම නිතර ඒ ඉස්කෝලෙට යන නිසා උමේෂ් බලන්න. උඹ, බං, දියං, පලයං කියලා තමයි කතා කරන්නෙ. හැබැයි ආදරේට. ඇත්තටම ඒ මිනිස්සුන්ගෙ බොක්ක හොඳයි. දෙපිටකාට්ටු වැඩ නෑ. බෙලි කැපිලි නෑ. හිතන්නෙත් සම්ප්‍රදායික ක්‍රමයට නෙවෙයි. හැබැයි ...
රයිස් ඇන් කරි කමු නේද මචංලා? මොකද උඹලා කියන්නෙ? මට හිතෙන හැටි කමල් මගෙ මෙකැනික් සුගත්ගෙ ගරාජ් එකේ ටින්කර් වැඩකරන බුවා. මම නිවාඩුවට ගියාම අනිවාර්යයෙන්ම යන තැනක් තමයි සුගත්ගෙ ගරාජ් එක. මේ සුගත් ඇත්තටම හොඳ වැඩ කාරයෙක්. මාව ගොඩ දාලා තියෙනවා අනන්ත. මම ෆෝන් එකෙන් විස්තරේ කියනකොට අහන් ඉඳලා හරියටම රෝගයත් විනිශ්චය කරලා කියනවා, “අරන් එන්නකො මහත්තයෝ”, කියලා. හරියටම හරි තමයි. සාමාන්යෙන් එතන යන්නෙම 18+ භාෂාව සහ කතන්දර නිසා මම චූටි පුතා ...
දළ පූට්ටුවා සහ ණයට ගත් සෙරෙප්පු කබල. මට හිතෙන හැටි ගුරු සේවයේ පළමු අවුරුද්ද. මේ තමයි අර ගොං කේස් එක වෙච්ච ඉස්කෝලෙ. ලංකාවෙ අනිත් පැත්තෙ, ඒ කියන්නෙ අම්පාරෙ ඉකෝලෙක චමරියෙ තවත් බුවාලා දෙන්නෙකුත් එක්ක නැවතිලා හිටපු මට අර හෝම් සික්නස් කියන ලෙඩේ දරුණුවට වැලඳිලා තිබ්බේ. ඔහොම ඉන්න අතරවාරෙ දවසක සුපුරුදු කටහඬක් ඇහුනා එලියෙන්. “හෙන්රි ඉන්නවද?” “ඒයි හෙන්රියෝ, මේ කවුද ඇවිල්ල.” මම දුවගෙන ගියේ බලන්න. මේ ගාමිණියනෙ. අම්ම තාත්තා දැක්ක වගෙ. ...
මෙන්න මෙතනිං කපපං මචං මට හිතෙන හැටි මේ කාලෙ අපි හිටියෙ බලංගොඩ වැලිහරනාව පාරෙ කුලී ගෙදරක. මේක කතෝලිකයෝ වාසය කරපු ප්‍රදේශයක්. නිවාඩු වෙලාවට අහල පහල හිටිය නෙවිල්, ටෙනිසන්, කුමාරසිංහ වගෙ යාලුවොත් එක්ක සෙල්ලම් කරන එක තමයි මට තිබ්බ ලොකුම රාජකාරිය. දවසක් කුමාරසිංහලගෙ ගේ පිටිපස්සෙ ඉඳගෙන අපි හතර දෙනා සෙල්ලම. කුමාරසිංහලත් අපි වගේම බස්නාහිර පළාතෙන් ගිහින් කුලී ගේක හිටපු කට්ටියක්. ටෙනිසන්ලා, නෙවිල්ලා ගමේම කොල්ලො. ටෙනිසා ඇහුවා ,”උඹලා දන්නවද ...
“ඌ අපේ බැජ් එකේ එකෙක් මචං.” එන්න ගොඩ දාන්න ඉංග්‍රීසි! මට හිතෙන හැටි “ඒයි, මටත් ඉංග්‍රීසි ටිකක් කියාදීපංකො.” “ඒ මොකද උඹට හිතුනෙ මේ හදිස්සියෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න?” “කඩ්ඩ බැරුව සෑහෙන කේස් වෙනවා බං. දැං අපේ පොඩි උං හෝම්වර්ක් එකක් ඇහුවත් ගොඩ දාගන්න බැරි වුනාම ඒකත් හෙන ප්‍රශ්ණයක්නෙ. ඔය වගෙ එකී නොකී ප්‍රශ්ණ වැලයි බං.” මේ දෙබස ගියේ මාත් එක්ක කොට අදින ඉස්කෝලෙ වැඩ කරපු ගමයායි මායි අතර. ගමයා ජ්‍යේශ්ඨ අංශ ප්‍රධානියා. මම ඩෙපියුටි. ...
82. “අද නම් මහා චාටර්ම දවසක් අප්පා!” මට හිතෙන හැටි මට තියෙනවනෙ හිනාවෙනකොට ඇස්වලින් කඳුලු පනිනකල් හිනාවෙන සීන් එකක්. ඔන්න පහුගිය කාලෙ කියෙව්වා අර මියුරු කියන එකී ලියන බ්ලොගක් මුල ඉඳලා. මොකුත් නෑ අර කාලෙකින් දැක්කෙ නැතුව යට ගිහින් තිබ්බ සික්ස් පැක් එකත් ආපහු මතුවේගන ආව හිනා වෙච්ච තරමට. ඔන්නං ගිහින් බලන එකයි ඇත්තෙ. ඔය විහිලු කිව්වාමත් සමහර විහිලු වලට ඇඬෙනවනෙ, හිනා යෑම කෙසේ වෙතත්. මේ සමහර විහිලු මම ඇත්තටම හිනාවෙච්චා. ...
ඉතිං මොකක්ද ඒකෙ ඇති වැරැද්ද? මට හිතෙන හැටි අපේ ගමයා තමයි කොට අදින ඉස්කෝලෙ අංශප්රධානාචාර්ය. ඉතින් ඉස්කෝලෙ ඇරෙන වෙලාවට එලියට බැහැලා ළමයි යනවා බලා ඉන්නත් ඕනෙ. ඒ වගේම ඉස්කෝලෙ ඇරිලත් එක පාර ගෙදර යන්නෙ නැති එවුන් ඉන්නවනෙ. දවසක් දෙන්නෙක් එහෙම හැංගිලා ඉඳලා ඩෙස්ක් එකකට ගිණි තියලා තිබ්බා. එදත් ගමයා හැමෝම ගිහිල්ලද කියලා බලන්න පඩි පෙල දිගේ උඩ තට්ටුවට නගිනකොට මෙන්න ජෝඩුවක් පඩි පෙලේ ලෑන්ඩිං එකේ ඉඳගෙන මෙලෝ සිහියක් ...
91. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker – 1 මට හිතෙන හැටි ඒ මගෙ මොටෝරිය ගත්ත අලුතමයි. කාටත් තේරෙන වාහන භාෂාවෙන්ම කිව්වොත්, BMW 3.3 Li වර්ගයේ, ලෝං වීල්බේස් සහිත විශාල කාරය, ෆ්‍යුවල් ඉන්ජෙක්ෂන් සහිත, ලීටර් 3.3ක ධාරිතාවයකින් යුත් එංජිමකින්ද, පැයට සැතපුම් 129ක උපරිම වේගයකින්ද, එයටම ගැලපෙන විශ්මිත ත්වරණයකින්ද (මාර පිකප් එකකින්ද) යුතු වූ නියම කෙළි බඩුවක්. රියේ බඳ ලා නිල් පැහැ ගත් අතර, තද නිල් පැහැති රියේ ඇතුලත එම පැහැයම ගත් ආසන ...
92. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker – 2 මට හිතෙන හැටි මෙතෙක් කතාව: පළමු කොටසින්. මගේ විවෘත ජනේලය පැත්තෙන් පැමිණි පොලිස් නිළධාරියා. මසින් ගැවසීගත් විශාල අතක් ජනෙල් රාමුව මත රැඳෙව්වා. “මොකද මේ හදිස්සිය?” “හදිස්සියක් නෑ ඔෆිසර්,” මම පිළිතුරු දුන්නා. “ම්හ්ම්, පස්ස සීට් එකේ ඉන්නවද බබෙක් හම්බ වෙන්න විලි රුදාව හැදිලා ඉන්න ගෑණු කෙනෙක්, ඔහේ මේ හොස්පිටල් එකට අරන් දුවන? ඒකද ප්‍රශ්ණෙ? “නෑ ඔෆිසර්” “නැතිනං ඔහේගෙ ගේ ගිණි අරං. ඔහේ මේ ගෙදර ...
හොරි බනිස් මට හිතෙන හැටි කොට අදින ඉස්කෝලෙ වැඩ කරන කාලෙ, ගමයයි මායි යනවා පාරෙන් එහා පැත්තෙ තියෙන බේකරි කඩේට (Bakery Shop), තේ එකක් බීලා, දුමක් හෙම ඇදලා එන්න. මේක බේකරි කඩයක් නිසා උණු උණු බේකරි නිශ්පාදන හුඟක් වෙලාවට තිබ්බා. අපේ ප්‍රියතම කෑමක් තමයි හොරි බනිස්. මේක ගමයයි මායි මේ බනිස් ජාතියට දාලා තිබ්බ නම. රසයෙන් උපරිම උනාට මේකෙ උඩ පැත්තෙ තිබ්බෙ බිබිලි බිබිලි දාපු ...
81. චික් මැග්නට් ඩූඩ් / henryblogwalker the chick magnet dude!! මට හිතෙන හැටි “අම්මේ! කෝ මගේ මේස්?” “ඔයා දැක්කද කාර් එකේ යතුර?” “අම්මේ! කෝ මගෙ යුනිෆෝම් එක?” “කොහෙද අනේ මේ වාහනේ ඩොක්යුමන්ට්ස්?” “දෙයියනේ අදත් පරක්කුනෙ!” “මගෙ එක මේස් එකයි තියෙන්නෙ!!” සුපුරුදු දෙබස් ඛණ්ඩ. අද කතාකරන්න යන්නෙ කාන්තාවො මට ආකර්ෂනය වන, එයාලගෙ ස්වාමි පුරුෂයො මාව එයාලගෙ හිට් ලිස්ට් එකට දාන මාතෘකාවක්. හෙහ් හෙහ්! henryblogwalker the CHICK MAGNET Dude!!! මම ගෙදර තියෙන විදුලි වැඩ, ජලනල ...
තවත් පොලිස් කතා තුනක්: #1. මැදියම් රෑ පොලිස් දේශනය මට හිතෙන හැටි ගෑස් සිලින්ඩරයක් කොච්චරකල් පාවිච්චි කරන්න පුලුවන්ද? සති තුනයි? මාසයයි? වැඩිම උනොත් මාස එකහමාරක්? හොඳයි. අපි ගෑස් සිලින්ඩරේ අවුරුද්දක් නැත්නම් දෙකක් පාවිච්චි කරනවා කිව්වොත් විශ්වාස කරනවද? මේකට හේතුව අපි නිවාඩුවට ආවම ගන්න ගෑස් සිලින්ඩරේ පාවිච්චි වෙන්නෙ බොහොම අඩුවෙන් නිසා, මොකද අපි වැඩිපුර ඉන්නෙ ගමනෙ යෙදිලා මහ පාරේ නිසා ගෙදරට ගන්න ගැස් සිලින්ඩරේ වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ. නමුත් අපි ගෑස් වෙනුවට පොලීසියට ...
රැග දෙන්නට ගොස් ඇන ගත් දවසක් මට හිතෙන හැටි “මෙන්න මූ හුලං ගහනවෝ!” කියෙව්වා නම් මතක ඇතිනෙ මම ආවේ සේද මාවතක් දිගේ නොවන බව. අපි ඒ කතා කලේ bullying ගැන. දැන් අපි කතා කරමු නවක වදය ගැන. මම මරදානේ ටෙක් එකේ මෝටර් ඉංජිනේරු ශිල්පය හදාරපු කාලේ කතාවක් මේක. ඔය ටෙක් එකෙත් නවක වදය ඉතාම කැත විදියට තිබ්බ කාලයක් මේක. අද නම් දන්නෙ නෑ. අහන්න එපා. ඉස්සෙලාම අපේ බැච් එකේ ...
ෂීට් එකක් එලාගෙන කශ්ටියටම ආතල් එකේ එක පොකුරට යං මෙයා! මට හිතෙන හැටි “හිම්හානි ඔයා එන්න මේ ෂීට් එකට. අඹ කය්යක් ගහගෙන ගියෑකි.” වින්ධයා බස් එකේ එහා කොනේ ඉඳලා මෙහා කොනට කෑගැහුවා. “අනේ පලයං, පලයං එතෙන්ට. නැත්නම් උඹලා ඔය විදියට අපේ ඔලුවලට උඩින් බෙරිහන්දෙන්න පටන්ගත්තම අපිට කනක් ඇහිලා යන්න නෑ.” මම හොට දැම්මා. “හහ් ඔයාලා කයිය ගහන්න පටන් ගත්තාමත් ඊට එහා, ගෑනුන්ගෙ කටවල් සද්දයි කිව්වට…” “හපෝයි මුන්ද? හහ් ගෑනු හොඳයි.. මුං බිව්වාම කියවන ...