බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! (http://buwagesithuvili.blogspot.com/) Latest Posts Most Popular Posts
නාථ දෙවියන්ගෙන් තවත් සුපිරි ආතල් එකක් (ගොන් ආතල් වලට ප්‍රිය කරන්නන් සඳහා පමණි ) බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආසියාවේ ආශ්චර්යය කරා එක පිම්මේ ඇදී යන අපගේ සිරි ලංකාවේ ගොන් ආතල් වනාහි අතිශයින් සාමාන්‍යය දෙයකි . දේශපාලුවන් , මාධ්‍යවේදීන් , කලාකරුවන් පමණක් නොව ඇතැම් ආචාර්ය මහා චාර්යාදීන්ද කරන්නේ ජනතාවට ගොන් ආතල් සැපයීමයි . මේ කාර්යයේ ප්‍රමුඛයින් වශයෙන් සැලකිය හැකි දේශප්‍රේමී සී නිවුසිය තවත් සුපිරි වර්ගයේ ගොන් ආතල් එකක් ලබා දීමට උත්සහා කර තිබේ . එය කොතරම් සාර්ථකද යත් මා ...
ආගමේ නාමයෙන් සත්ව ඝාතනයට , මනුෂ්‍යත්වයෙ නාමයෙන් එරෙහි විය යුතුය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ මිලේච්ඡ සත්ව ඝාතනය මෙවරත් සිදුවන බැව් වාර්ථා වී තිබේ . පසුගිය වසරේත් දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිදුවීම සිංහල බ්ලොග් අවකාශය තුලද සැහෙන තරමේ සංවාදයක් මතුකල බවක්ද මතකයේ තිබේ . මෙයට පක්ෂපාතීත්වය දක්වනා පිරිස් මතුකරන මූලිකම තර්කය වන්නේ ආගමික නිදහසයි .ශ්‍රි ලංකාව තුල ඕනැම පුද්ගලයෙකුට තම ආගම නිදහසේ ඇදහිය හැකි බවට කිසිදු විවාදයක් නැත . එම අයිතියට ...
අලින්ගේ නොවන අල කලංචි !!! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අලින්ගේ අල කලංචි නම් දැන් දැකලාම එපා වෙලාය . උන් මුන්ගේත්, මුන් උන්ගේත් කලිසම් ගලවන නිසා (රෙද්ද බැනියම ගැන ලොකු ටෝක් දෙන උන් අඳින්නේද කලිසම් ය ) දෙගොල්ලම සිටින්නේ හෙලුවෙන්ය . ඒත් උන්ට ගානවත් නැත . බලා ඉන්න අපිට ගානකුත් නැත . අලින්ගේ හෙලුවට හිනා වෙන බුලත් කාරයින්ගේද අලකලංචි බොහෝමය . මහ තැනගේ බල පරාක්‍රමය නිසාත් , දැනට බලය අතේ ...
ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිනමා වර්ගීකරණය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අවසාන ලිපියට කලින් ලිපිය ලියවුනේත් සිනමාව ගැන , සිනමාවේ දුම් වැටි භාවිතාව සම්බන්ඳව . ඒ ලිපිය කියවපු සමහර දෙනෙක් මම අදහස් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් වාරනයක් කලයුතුය කියලාද කියල ප්රශ්නය මතු කලා . ඇත්තෙන්ම මගේ අරමුණ වුනේ වාණිජ වශයෙන් දුම් වැටි සිනමා නිර්මාණ හරහා ප්‍රදර්ශනය කිරීමේ තියන වැරැද්ද පෙන්වන එකත් . නිර්මානාත්මක අවශ්‍යතාවය
Blog Promo ඊමෙල් ලිපිනය මකබැවිය , මෙන්න අලුත් ලිපිනය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අලුත් බ්ලොග් කරුවන්ට අතදීමක් විදිහට බුවා පටන් ගත්ත Blog Promo ගැන සමහර අය නම් දන්නවාත් ඇති . නොදන්න කෙනෙක්ට මෙතනින් ගිහින් බලන්න පුලුවන් . ඒ වෙනුවෙන් මාව සම්බන්ධ කරගන්න දීපු ඊ මෙල් ලිපිනය වුනේ buwa7@yahoo.com . බ්‍රවුසරේ ඔටො ලොගින් පිහිටෙන් පාවිච්චි කරපු ඒ ඊ මේල් ලිපිනයේ මුරපදය අමතකයි (ඔන්න මතක ශක්තියේ තරම ) . වෙන කෙනෙක් ඊ මෙල් චෙක් කොරන්න ...
කලාවේ දුම්වැටි ප්‍රචාරණය , වාරණය ෂර්ලොක් හෝම්ස් සමඟින් ෂාරුක් ඛාන් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මත්පැන් හා දුම්වැටි අඩංගු දර්ශනවලදී කොටු දැමීමේ ක්‍රමය වෙනුවට බැනර් ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් මේ මාසේ ඉඳන් හඳුන්වාදීල තියන බවක් තමයි කියන්නේ . හැබැයි ඒ අදාල පනතට කලින් නිර්මාණය වුනු නිර්මාණ වලටලු , අනෙක්වාට කරන්නෙ මොකක්ද කියන එක මට නම් පැහැදිලි නැ , මොකද මේ ගැන එක එක අය පල කරපු වාර්ථා එකෙනෙකට වෙනස් . කොහොම උනත් කොටු දැම්මට වඩා නම් ...
ආදරණීය ගඩාෆි අන්කල් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආදරණීය ගඩාෆි අන්කල් ,අන්කල්ට බඩු පැකට් වෙන්න ඔන්න මෙන්න නිසා මං අන්කල් ගේ සුව දුක් අහන්නෙ නෑය , මම නම් සුවෙන් ඉන්නවාය . අන්කල් මාව දන්නේ නැතිවුනත් මම නම් අන්කල් ගැන හොඳට දන්නවාය . මම අපේ "ආඩම්බර කාර පියා අන්කල්" ට ගොඩා...ක් ආදරෙයිය . ඒ අන්කල්ට ලොකේ ලොක්කොය කියන අන්කල්ලා බාල්දි පෙරලත්දිත් අන්කල් නම් බය නැතුව කරට අතදාගෙන හිටි ...
මර්ඩර් , බහු භාර්යා , එක මත් එක රටක සමඟින් දකුණු ආසියානු සිනමාවේ ශෘංගාරාත්මක රසවින්ඳනය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මාතෘකාවේ තියන චිත්‍රපටි නම් හොඳට අහල පුරුදු ඇති . මර්ඩර් 2 ගැන ඇතිවුනු ආන්දෝලනයත් එක්ක ඒ ගැනත් ඉන්දියානු සිනමාව හා අපේ සිනමාවේ ශෘංගාරාත්මක භාවිතාව ගැනත් මම කලින් වතාවක ලිපියක් ලියුවා . ප්‍රතිචාර අඩු වුනත් ගොඩ දෙනෙක් බලපු ලිපියක් වුනු ඒ ලිපිය නොබලපු කෙනෙකුට මෙතනින් ගිහින් බලන්න පුලුවන් . ඒ ලිපියේ දිගුවක් විදිහට නොවුනත් ඒ කාරණාත් එකතු කරගෙන වඩාත් පුලුල්ව ශෘංගාරය ...
Blog Promo අඩවියට වෙනස් කම් කිහිපයක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අලුතෙන් බ්ලොග් කරණයට එන අයට සහ අලුත් බ්ලොග් වලට උදව්වක් වශයෙන් මම පටන් ගත්ත "Blog Promo අඩවිය ගැන මම කලින් ලිපියෙදි කිව්වා . හොඳ නරක ප්‍රතිචාර දෙකම ලැබුනා . නොබලපු කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් බලන්න පුලුවන් . කොහොම උනත් ඒකට වෙනස් කම් කිහිපයක් සිදු කලා ඒ තමා සියලුම කැටගරි වලට අයත් බ්ලොග් එකම මට්ටමකට ගේන එක , අලුත් බ්ලොග් ...
නවක බ්ලොග් කරුවන් වෙනුවෙන් බුවාගේ අතහිත සමඟින් දේශපානික/මතවාදීමය බ්ලොග් සඳහා ප්‍රමුඛතාවය දෙන සින්ඩියක් වගේ එකක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මාතෘකාව දැක්කාම කෙනෙකුගේ හිතට එන්න පුලුවන් කාරණා දෙකක් තියෙයි 01) උඹ බ්ලොග් කරණයේ නවකයින් ගැන කථා කරන්න තරම් ප්‍රවීනයෙක්ද 02) අනේ ..නිකන් පොරක් වෙන්න දඟලන්නෙ නැතුව නිකා ඉඳහන්තමයි ඒ දෙක , ඒහෙම හිතුනත් ඒ දේවල් පොඩ්ඩකට හිතේ තියාගෙනම සම්පූර්න ලිපියම කියවන්නය කියල මම ආරාධනා කර සිටිනවමොකක්ද මේ වැඩේවැඩේ තමයි මම අලුතෙන් අරඹපු බ්ලොග් අඩවිය . මෙතනින් හරි දකුණු පැත්තේ තීරුවේ ...
ගොන් සිරසෙ.. ගොන් ආතල් !! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! කලින් ලිපියේ කථා බහට ලක් කල කාරණා අතර්ද සිරස නාලිකාව හා රනිල් වික්‍රම සිංහ මහතා අතර හටගත් ගැටුම පිලිබඳ ද සඳහන් කර තිබුනත් ඒ පිලිබඳව තවදුරටත් කතා කලයුතුයැයි හැඟේ . රනිල් වික්‍රමසිංහ මහතා සිරස නාලිකාව අධිපතිවරයා ට කල චෝදනාව සම්බන්ධයෙන් කිසිදු පිලිතුරක් නොදෙන සිරස නාලිකාව රනිල් වික්‍රමසිංහ මහතාට පුද්ගලිකව මඩ ගැසීමේ ව්‍යාපාරයක නිරත වී සිටින බව පැහැදිලිය . පසුගිය මාස ...
පහුගිය සතියේ සිදුවුනු දෑ සමහරක් පිලිබඳ මගේ විග්‍රහය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! පහුගිය සතියෙදි අපේ රටේ සිදුවුන සිදුවීම සහ අහපු දැකපු දේවල් කිහිපයක් ගැනල ලියන්න/කතාකරන්න යමක් තියනවාය කියලයි මට හිතෙන්නේ . ඒ එක එකක් වෙනුවෙන් සම්පූර්න ලිපියක් ලිවීම එතරම් ඵලදායක නොවන නිසා ඒ සියල්ලම ගැන මගේ අදහස කෙටියෙන් පවසන්න තමයි මේ ලිපිය ලියන්නේ01) එජාප අර්බුදයඑජාපය කල බැගැනි වලින් පිරුණු මල විකාරයක් බවට පත්වෙලා දැනට සැහෙන්න කාලයක් . ඒ අතර දකින්න ලැබුනු සුවිශේෂීම ...
ආශ්චර්යය අතහැර දමා කොරියාවේ යැමට දඟලන ලාංකීය තාරුණ්‍යය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! කොරියානු රැකියා සඳහා මූලික භාෂා පරීක්ෂණ විභාගයේ අයදුම් පත්‍ර නිකුත් කරත්දි සිදු වෙච්ච කලබැගැනි පහුසිය දවස් වල මාධ්‍ය හරහා දකින්න ලැබුනා . කරන කොයි වැඩෙත් අනාගැනීමේ "අපේ අනෙන්යතාවට " අමතරව මේ සඳහා තිබුන අධික ඉල්ලුමත් මේ කලබලකාරීත්වයට හේතු වෙච්ච බව තමයි පේන්න තිබුනෙ . ලංකාවේ විවිධ තරාතිරම් වල තරුණයින් විදේශ රැකියාවලට යාම කාලයක් ඉඳන් සිදුවන දෙයක් නිසා ඒ පිලිබඳ අමුත්තක් ...
යැංකියා උඩු ගුවනේ .. දෙමු ද ඇට්ටි හැලෙන්නම ? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඇමෙරිකානු යුධ ගුවන් යානා වගයක් අනවසරයෙන් අපේ ගුවන් සිමාවට ඇතුලත් වුනාය කියල මාධ්‍ය වාර්ථා පලවෙලා තියනව . මලක් ගහල පියාඹන්න ගිහින් දෙකොන මාරුවෙලා මෙහෙ ආවද ? ගඩාෆි අංකල්ගෙ මිසයිල වලට බයේ පණ බේර ගන්න මෙහෙ ආවද ? නැත්නම් මුට්ටිය දාල බලන්න ආවද ? එහෙමත් නැතිනම් තාක්ෂණික හෝ මිනිස් වරදක් නිසා ඇත්තට වැරදීමකින් මෙහේ ආවද ? කියන්න නම් දන්නේ නැ . ...
නාථ දෙවියන්ගේ සලුව යටින් ආසනික් හරහා මාකටින් ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! නාථ හා විපස්සක දෙවි හාමුදුරුවරුන්ගේ පිහිටෙන් කෘෂි රසායන වල තිබෙන ආසනික් හෙවත් පාසානම් හොයා ගත් පින්බර පුවත මේ සුපින්වතුන් දන්නවා ඇතිනේ . සමහර අය තමන්ගේ බටහිර විරෝධී මතය ප්‍රචාරණය කොරගන්න , සටන් පාට නැතුව , හතුරෙක් නැතුව පාලුවේ හිටිය දේශප්‍රේමීන්ට අලුත් සටන් පාට අරන් දෙන්න විතරක් නෙවෙයි අපි වගේ විජාතික ඉත්තන් වෙච්ච බ්ලොග් කරුවන්ට ආතල් එකක් ගන්න අවස්ථාවකුත් මේ ආසනික් ...
කරූ පක්ෂ නායකත්වයට , සජිත් ජනපති අපේක්ෂක - එජාපයට හා රටට බලපාන අයුරු බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! කාලයක් තිස්සේ අන්තයටම කුජීත වීමත් එක්ක සෝබරව ඉන්න එජාප පාක්ෂිකයින්ට චුට්ටක් විතර සුභ දායක පුවතක අද වාර්තා වෙනවා . මෙච්චර කාලයක් එජාපයේ වැඩ කටයුතු සිද්ද වුන දිහා බැලුවාම යමක් සිදුවෙලා අවසාන වෙනකන් බලාපොරොත්තු තියන්න බැරි උනත් ,කැපුවත් කොල එජාප පාක්ෂිකයින්ට නම් සුභ දායක යමක් ඇහුනත් ප්රිති ප්රමෝදයට පත්වෙන බ්ව පහුගිය කාලෙ අපි දැක්කා . සිදුවීම එජාපයේ නායකත්වයට කරු ජයසුරිය මහතා ...
අහෝ දෙවියනේ මට වුනු වියෝයා.... බුද්ධෙ අයිය මහ පුටුවට ගියෝයා - මීට විකාරවංශ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අද ලියපු පල්වෙනි ලිපියත් ඡන්දෙ ගැන , මේකත් ඒ ගැනම තමයි .හැබැයි මේ සුදානම් වෙන්නේ බ්ලොග් ඉතිහාසයේ දෙවෙනි වතාවට හොඳවයින් හූවක් තියන්න . කලින් පාර හූ කිව්වේ පබා පැන්න වෙලාවෙ පබාට ඡන්දෙ දුන්න ඇයින්ට සහ විපක්ෂනායක තුමාට .මේ පාර නම් හූ කියන්නෙ එසේ මෙසේ පොරකට නෙවෙයි . මහා දේශප්‍රේමී ,උපවාස විශාරද , කොන්ඩම් පති, ලෙමන් පෆ් මුදියන්සෙලාගේ විකාරවංශට තමයි මේ ...
කාගෙද ඩෝ බලවේගේ???? රජතුමාගේ බලවේගේ ......... බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඕං පුංචි චන්දයේ දෙවෙනි අදියරත් ඉවරයි , ඡන්දෙට කලින් ලියපු ලිපියෙදි කිව්වා වගේම දේශප්‍රේමී ජනතාවට ස්තුතිය ඡන්දෙට කලින්ම කරල හිටියත් අවුලක් නෑ කියල නැවතත් වතාවක් ඔප්පු වෙලා තියනව . තිස්ස මහත්තය කොහොම හරි ප්‍රගතියක් පෙන්නුවත් එජාපය තවත් සුපුරුදු තැනමයි කියලයි පේන්නේ . ජවිපෙ නම් ඉතින් විජේවීර සහෝදරය ගිය දිහාවටම නොනවතින ගමණක් ආරම්ඹ කරල නේ තියෙන්නෙ කොහොමටත්හැමදාම ප්‍රතිඵලය මේ වගේ වෙන්නෙ ...
මැත කාලීන මැතිවරණ වල පොදු ලක්ෂන බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඡන්දයක් ලඟ එනවාය කියල අඳුන ගන්න එක ලංකාවේ අපිට නම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. පාට කොඩි වැල් , දත් බේත් ඇඩ් වගේ පෝස්ටර් මග තොටේ දකින කොට දේශපාලන ලෝකෙ ගැන මෙලෝ උනන්දුවක් නැති කෙනෙකුට උනත් ඡන්දයක් කිට්ටුයි කියල තේරුම් යනව .මීට අමතරව මෑත කාලයේදී එකතු වුන අංග කිහිපයකුත් තියනව ඡන්දයක් කිට්ටුයි කියන එක අපිට දැනගන්න . ඊට අමතරව ඡන්දයක් ඉවර උනාට ...
එෆ් එම් දෙරණ අවකාශ සින්ඩිය බය සුද්දන්ගෙ හෙලුවටද ? දේශප්‍රේමීන්ටද ? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මගේ බ්ලොගයෙ අන්තිමට ලියපු මේ ලිපිය මේ පැත්තෙ යන එන අය කියවන්න ඇතිනේ . එෆ්. එම් දෙරණේ අවකාශ සින්ඩියෙ ලිපි ලියන්න ලියා පදිංචි වෙලා ඉන්න නිසා ඒ ලිපිය එතනටත් එකතු කලා . හැබැයි ඉතින් දවස් කීපයක් යන කම් ලිපිය පලවුනේ නැති නිසා අවකාශයේ ඇඩ්මින් තුමාව සම්බඳ කලා . බොහොම සංවර විදිහට ඒ ගැන සොයා බලන්න කියල ඉල්ලීමකුත් කලා . අද ...