බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! (http://buwagesithuvili.blogspot.com/) Latest Posts Most Popular Posts
බල්ලන් සහ මැක්කන් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආචාර්ය සිල්වා ගේ ගෝලබාලයන් පිරිස ඔහුට එරෙහී වී ඇත . "අපිට ඒ ගැන ලැජ්ජයි" , "අපි ඒ දවස් වල කොන්දක් තිබුනේ නැ" වැනි දේශපාලකයෙකුගේ මුවින් කිසිලෙසකින් හෝ පිටවිය නොහැකි වැකි ඔවුන්ගෙන් පිට වනවා දක්නට ලැබිනි . ආචාර්ය සිල්වාගේ ගෝලයන් අහවල් පාට වැන් වලින් උස්සන් යෑම ඇතුලු රංගනයන් කිහිපයක් පසුගිය සමයේ දක්නට ලැබුනු අතර තිරය පිටුපසද ඊට වඩා සැහෙන කෙලියක් සිදුවී ...
ආලකමන්දාව - නව වසරේ වින්දනීය අලුත් වැඩක් (ඔබටත් දායක විය හැකියි ) බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා කියල සියලුදෙනාටම සුභ පතන ගමන් අලුතින් අතගහපු වැඩක් ගැන කියන්නයි සුදානම . මේක විවිධාකරයේ බ්ලොග් ලියන /කියන ඕනැම කෙනෙකුට ගැලපෙන සහ දායක වෙන්න පුලුවන් වැඩක් . ඔව්.. අලුත් බ්ලොග් අඩවියක් තමයි .සිනමාව හා සංගීතය පමණක් විෂය වෙච්ච මේ බ්ලොග් අඩවියේ නම "ආලකමන්දාව " (මේ නම කොයිතාක් දුරකට ගැලපෙනවාද කියල නම් දන්නේ නැ ) ...
ආණ්ඩුව නරකයි,චම්පික හොඳයි ,විමල් හොඳා......යි බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සියතින් ගෙල සිඳගැනීමේ එජාප ආදර්ශය සන්ධාන රජය විසින්ද අනුමනය කරන්නට යෙදී ඇති බවක් පෙනෙන්නට ඇත . නව තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී පමණක් නොව රටක ඒදිනෙදා කර්තව්‍යයන් වූ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම වැනි දැ වලදී පවා සන්ධාන රජය හත් පොලේ ගාගනිමින් සිටිනා බවක් පැහැදිලිව දක්නට ඇත . මේ අතර බොර දියේ මාලු බාන්නට සැරසෙනා කුහකයින් පිරිසකගෙ ක්රියාකාරීත්වයක් රජය තුලින්ම පැන නැගෙනා ...
2011 වසරේ මගේ හිතට වැදුන සින්දු - එන්න ගීත අහන්න , අදහස් කියන්න බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අවුරුද්දක් ගතවෙලා අවසන් වේගන එනකොට ආදාල කාලයේදි කරපු දේවල් ගැන හැරිල බලන එක සමහරක් දෙනෙක්ගේ පුරුද්දක් . මේ කරන්න යන්නෙත් ඒ වගේ දෙයක් . මහා වැදගත් දෙයක් නොවුනත් අපි කාගේ කාගේත් ජීවිත වල දකින්න තියන දෙයක් . ඒ තමයි මේ වසරේදි මම අහපු , හිතට වැදුනු සහ මතකයේ රැදුණු ගීත . ගීත රසාස්වාදය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන කාරණාවක් ...
විභාග ප්‍රතිඵල අනන දැනුම් කේන්ද්‍රය සහ සංචාරකයින් මරන සංචාරක කේන්ද්‍රය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ලංකාවට 'ආසියාවේ අමුතු ඇටේ 'කියා කිවේ මොකාද කියා මතකයක් නැතත් ඌ කීවේ සත්‍යයක් බව නම් පෙනෙන්නට ඇත . රටක පරපුරක අනාගතයට වග කිව යුතු අධ්‍යාපන අමාත්‍යාංශය (එකක් නොව දෙකම ) , වර්ථමාන සීසු පරපුරේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් වැඩ අනාගන්නා බැව් මැනවින් සනාථ කර අවසන්ය . විශය නිර්දේශයන් 2ක් යටතේ විභාගය පැවැත්වෙනා බැව් විශය නිර්දේශය වෙනස් වූ දා පටන් බලධාරීන් ...
පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක අවශ්‍යතාවය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! රජය විසින් ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත සහ ඊට විරෝධය පල කරනා විශ්ව විද්‍යාල සිසුන් මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ . දශක තුනකටත් එහා ගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ වැයමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ආදාල පනත හැඳින්විය හැක . එම පනනේ සංයුතිය හා අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා කිරීමට මත්තෙන් සුපුරුදු පෞද්ගලික විශ්ව විද්‍යාල "යහපත්ද -අයහපත්ද " යන ...
ඒකාධිපති ආතල් ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! උතුරු කොරියාවෙ නායක කිම් ජොන් උන්නැහෙගේ අවමංගල්‍යය මේ දවස් ප්රවෘත්ති මාධ්‍ය වල උණුසුම් මාතෘකාවක් .ඒකාධිපති පවුල් පාලනයක පුරුකක් වෙච්ච නායකයෙක් මැරුණ කියල ඒ රටේ මිනිස්සු පොලවෙ පස් කන්න හදන හැටි දැක්කාම මඤ්ඤං වගේ දැනෙන්නේ , මීට ටික දොහකට කලින් ලෝකේ වෙනත් තැනක් මිනිස්සු ඒකාධිපතියෙක්ගෙ මරණය වෙනුවෙන් ගත්ත ආතල් එක දැක්කාම . ජාත්‍යන්තර මාධ්‍ය වල පවා දාන උතුරු කොරියානු රූප රාමු ...
සිරිකොතේ වැට සහ චිරං ජයතු මහරජ ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! වික්‍රමසිංහ මහතා නැවතත් ගේම ගසා ඇත . සෙල්ලම් නැත මාතලන් කියන්නා සේ කරුට තරු පෙනෙන්නට දී ඇත . කොලඹ දිනිල්ලෙන් වික්‍රමසිංහ මහතා ඡන්ද දිනන්නට පටන් ගත්තා විය හැක . සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද ගණනින් භාගයක්වත් කරුට ලැබී නැත . රවි කරුණානායකටත් ඡන්ද හතලිස් ගණනක් ලැබෙනා සංගමයක එහි ඇති පුදුමයක් නැත . ඊ නිවුසියට ආතල් ගොස් ඇත . සිරසට බඩ ...
නාකි සහ තරුණ රාජ්‍ය නායකයින් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! එජාපයේ නායකය හොයන්න ගිය කලින් ලිපියට ප්‍රතිචාරයක් එක් කරපු අපේ ජයශ්‍රි සහෝදරය මතක් කරපු කාරණාවක් තමයි කරුගේ වයස . ඒ කමෙන්ටුවට උත්තර බඳින්නත් කලින් ආපු අයිඩියාවක් තමයි ලියන්න හදන්නේ . ඒ රාජ්‍ය නායකයින්ගේ වයස සහ ඒ අයගේ වැඩකිඩ ගැන . හැමදාම දේශද්‍රෝහී එව්වා ලියන්න ගිහින් අන්තිමේදි අර කලින් ලිපියෙදි ඇනෝ කෙනෙක් කිව්වා වගේ රනිල්ගේ"ඇහින්ද අසුන්දර" පෝස්ට් එකට රෙජිස්ටර් වෙන නිසා ...
රනිල් vs කරු බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! එජාපයෙ නායකත්ව අර්බුධය නැවත වතාවක් කරලියට පැමිණ තිබේ . ජනතාව වෙනුවෙන් විපක්ෂයේ කාර්ය භාරය ඉටු කල යුතුවූ එජාපය එම වගකීම් සහමුලින් අමතක කරදමා තමන්ගේ අභ්‍යන්තර අවුල් ජාලය විසඳීමට උත්සහ කරමින් හෙවත් තව තවත් එය අවුල් කරමින් සිටින්නේ වසර ගණනාවක සිටයි . සැබවින්ම මෙම නායකත්ව අර්බුධයේ මුල් ගාමිනි අතුකෝරාල මහතා ජීවත්ව සිටි යුගය දක්වා දිවෙයි . පසුගිය කාලයේ සජිත්-රනිල් වලියක් වූ ...
සෙවාග් ගේ 219 සහ අපිට කොයින්ද බූල් බල්ලෝ !! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! එක්දින තරඟයකදී 219 ක් බෝල 147ට , සෙවාග් මචෝ උඹ නම් රියල් වැඩ්ඩෙකි . මගේ උණු සුම් සුභපැතුම් . !ගොඩක් දෙනෙක් කියන්නේ උඹලාගේ රටෙන් බිහිවු වැඩ්ඩා සචින් ලොක්කා කියාය , දෙකක් නැත . පොරගේ තාක්ෂණය එලකිරිය . බලා හිටියත් ක්‍රිකට් ඉගෙන ගත හැකිය . ඒත් ටෙස්ට් , එක්දින , විස්සයි විස්ස කියා වෙනසක් නැතුව , බෝල දාන එකා මොකාද , ...
ගාමනි ගැන මගේ අදහස බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! පහුගිය දවස් වල රටේ තොටේ බොහෝ තැන්වල වගේම සිංහල බ්ලොග් අවකාශයෙත් කථා බහට ලක්වුනු මාතෘකාවක් තමයි ගාමනි චිත්‍රපටිය .බ්ලොග් කරුවන් කිහිප දෙනෙක්ම මේ ගැන ලියල තිබුනා . ඒ ලිපි වලදි බොහෝ දෙනෙක් තමන්ගේ අදහසුත් දක්වලා තිබුනා . මේ ලිපියෙන් කථා කරන්නේ චිත්‍රපටිය ගැන මගේ අදහස . එතනදි චිත්‍රපටියේ විවිධ අංගයන් පිලිබඳව වෙන වෙනම කථා කිරීම වඩාත් හොඳයි කියලයි මට හිතෙන්නෙකථා ...
අධිවේගය , කාලගුණය , ශ්‍රි පාද ඡන්දයේ සැඟවුනු කථා සමඟින් සිරි ලංකා ක්‍රිකට් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! පොඩි පොඩි දේවල් කිහිපයක් ගැන කෙටියෙන් ලියල දාන්නයි සූදානමපටන් ගමු අධිවේගයෙන් , ලංකාවේ පලමු අධිවේගී මාරගය අද ඉඳන් ජනතාවට විවෘතයි . මේ ගැන කථා ගොඩක් තිබුනත් දේශප්‍රේමී ශ්‍රි ලාංකික ජනතාව නම් අද ෆුල් හැපි එකේ ඉන්න දවසක් , අද විතරක් නම් මොකෝ තව සතියක් දෙකක් යන කන් ටිවි චැනල් වලත් එක එක කෝණ වලින් අධිවේගයම පෙන්වන නිසා ජනතාවට මුලු කාලය ...
අය වැය සහ ගුටිකෙලිය ගැන මගේ අදහස බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! තවත් අයවැයක් ඉවරයි . හැමදාම වගේ ඉතින් අයවැයක් අවසන් උනාම දකින්න තියෙන්නෙ ආණ්ඩුව සහ හිතවතුන් අයවැයේ ගුන කියත්දි විපක්ෂයේ කට්ටියට මොකක් හරි කොනකින් වරදක් අල්ලන් කැගහන එක . කොහොම වුනත් මෙදා පාර අය වැය ගැන මගේ අදහස නම් විශේෂ හොඳක් හෝ නරකක් නැති පතෝල වගේ එකක්ය කියන එකයි . අයවැය කියන්නෙ සහන මල්ලක්ය කියල හිතාන ඉන්න ජනතාව වගේම තමන්ගෙ පාලන ...
සුදු කොඩි තීන්දුවේ සමාජිය බලපැම බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! බොහෝ දෙනා අවධානයෙන් බලාසිටි දිනයක් අවසන් වෙමින් පවති . දිනයේ වැදගත් කමට හේතුවු තීන්දුවද ප්‍රකාශයට පත්වී අවසන්ය . එය ඊට වඩා වෙනසක් වේයැයි කවුරුත් බලාපොරොත්තු නොවූ මුත් සියලු දෙනා ඒ ගැන කථා කරති , ඉදිරි දින කිහිපයෙත් කථා කරනු ඇති . නමුත් බොහෝ දෙනෙකුට ටික දිනකින් සියල්ල අමතක වනු ඇත . සමහරෙක් අධිවේගී මාර්ගයේ අසිරියෙන් කුල්මත් වනු ඇත , තවත් ...
වෘත්තීය ජිවිතයේ 50 වෙනි වසර සමරන පක්කලියාට සුභ පතමු ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! තම වෘත්තීය ජිවිතයේ 50 වන වසර සැමරීමේ අවස්ථාව හිමි වන්නේ ඉතාමත් කලාතුරකින් කෙනෙකුට පමණි . බොහෝ වෘත්තීන් හි විශ්‍රාම වයස 60 වන නිසා වසර 50ක වෘත්තීමය ජීවිතයක් යනු සැබවින්ම සුවිශේෂි කාරණයකි . මෙවන් සැමරුමක් කරන තැනැත්තෙක් බොහෝ විට තම වෘත්තිමය ජීවිතයේ අති සාර්ථකත්වය නිසා විශ්‍රාම වයසෙන් පසුවත් සේවය සපයන ඉහල විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්/ව්‍යාපාරිකයෙක් හෝ ළමා ශ්‍රමය පිලිබඳ නීති රීතින් ලිහිල් ...
2018 කොමන් වෙල්ත් ඕස්ට්‍රේලියාවට .... අය්යෝ සල්ලි !!! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඕස්ට්‍රේලියානුවන් 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය පැවැත්වීමේ අයිතිය දිනා ඇත . ඔවුන් ඡන්ද 43ක් ලබත්දි ශ්‍රි ලංකාව ලබා ඇත්තේ 27ක් පමණි . යථාර්තය තේරුම් නොගෙන සිහින මැවීමෙන් සහ රටේ මිනිසුන් මෙන් විදේශිකයින්ද ගොනාට ඇන්දවිය හැකියයි සිතා ගත් නිසා තවත් බිලියන ගණනක් රටට අහිවිව ඇත . නාමල් රාජපක්ෂ , මුරලි දරන් , අනර්කලි ඇතුලු කණ්ඩායමට හිස් අතින් ශ්‍රි ලංකාවට පැමින කොමන් ...
දිණමිනේ වාර්ථා කරණය සහ ඇමති තුමාගේ හිනා කථා බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සිනහ වීම සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් කියා පිලිගැනීමක් තිබේ , එනිසා දෝ අප රටේ දේශපාලකයින් හා මාධ්‍ය ආයතන දිගින් දිගටම ජනතාවට විහිලු සපයමින් සිටිති . සැමුවෙල් , ඇනල්සි බර්ටි ගියාට පසු හිනා යන විහිලුවක් කල හැකි අයෙක් දක්නට ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන් නිසා රජය හා මාධ්‍ය විසින් එම වගකීම තමන් වෙත පවරාගෙන ඇත . මේ අද දිණමින පුවත් පතේ ...
හොලිවුඩ් බොලිවුඩ් සංකලනය Ra.One සහ ඒත් එක්ක බලපු චිත්‍රපටි ට්‍රේලර්ස් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! කලින් ලිපියෙදි චතුරංග සහෝදරය දීපු අවවාදය නිසා , දේශපාලනේ අතැරල ලඟදි බලපු චිත්‍රපටියක් ගැනයි ලියන්න හදන්නේ . සල්ලි දිල චිත්‍රපටියක් බලත්දි දේශීයත්වයට මුල් තැන දෙන්න තරම් දේශප්‍රේමියෙක් නොවන නිසා මම නම් මුල් තැන දෙන්නෙ කැමැත්තට , ඒ නිසා ගාමිණි , කිව්වද නහි ..... ඇතුලු මගේ රසයට මැච් නොවෙන චිත්‍රපටි අත්හැරල ගියේ පහුගිය කාලයේ සිනමා ලෝකයේ සැහෙන්න කථා බහට ලක්වුනු Ra ...
වෙබ් අඩවි ලියාපදිංචිය සහ අන්තර්ජාල වාරණය හෙවත් අන්තර්ජාලයෙ සිමා මායිම් හඳුනා නොගත් ආසියාවේ තොරතුරු තාක්ෂන කේන්ද්‍රස්ථානය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ශ්‍රි ලංකාව පිලිබඳ ලියවෙනා සියලුම වෙබ් අඩවින් ලියාපදිංචි කල යුතුයැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත . ඒ අනුව ශ්‍රි ලංකාවෙන් පිටත සිට සිට වුවත් ශ්‍රි ලංකාව පිලිබඳ පුවත් පල කරන්නන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුය . එසේ නොකලොත් කරන්නේ කුමක්දැයි මාධ්‍ය නිවේදනයේ සඳහන් නැතත් , කල හැකි මූලිකම දෙය ඒවා ශ්‍රි ලංකාව තුල නැරඹීම වාරණය කිරීමය . රජය ...