වෙ න ස ... බාඳුරා අසපුව ආදරේ කර කරරෝස මලකට...ඇයි නපුරුකංනිදිකුම්බා මලකට...දෙකේම නටුවෙ කටු කොටඅන්තිමට... !!
වෙස්මූණු ජීවිත බාඳුරා අසපුව වතුර උඩපෙති සලනනෙලුම් මලවනනු කිම;දැන දැනම,පොහොර දෙනනෙලුම් අලමඩේ වග ... !!
සිතිජය, රේල් පීලි, ඔබ සහ මම ... බාඳුරා අසපුව -------------------------------------------------------------ඔයයි මායි රේල් පීලි දෙකක් වගේ. එකට දිව්වට කවදාවත් එක් වීමක් නෑ.පේනවද සිතිජය,අර ඈත. එකම රේඛාවක සමපාත උනාට අහසට පොළව ගොඩක් දුරයි....සිතිජය සහ රේල් පීලි ...හැමදාමත් දුක කියන්න පාවිච්චි කිරීම නිසා අසාධාරණයට ලක් උනු උපමා දෙකක්.රේල් පීලි දෙකක් එක් වෙන්නම ඕනද? රේල් පීලි වල පැවැත්ම පවතින්නේ ඒ හමු නොවීම තුල නේද? යම් තැනකදි එක් උනෝතින් ඒ රේල්පීලි වලින් පලක් නෑ ...
අතරමැද ... බාඳුරා අසපුව තිබිය නොහැකිද යමක්,සම්මතය හා අසම්මතයඅතරමැද ...සම්මතය නොවූ පමණින්මඅසම්මතයෙහි ලානොගැනෙන ... !!
අතැර යන යෞවනය, සෙනෙහසින්.. නුඹට .. බාඳුරා අසපුව දවසේ රාජකාරියට පිටව යන්නට මොහොතකට පෙර, සුවඳ විලවුන් වත්සුනු අතර තනි උන මම .. ඇස් යටින් ලාවට මෝදු වෙන, දස දහසකුත් ක්ෂුද්‍ර රේඛා මකන්නට දරන තැත..දයාබර යෞවනය ...එක පිට එක, එක පිට එක අතුල්ලන, පුයර තට්ටු වලට, තව කී කාලයක් හැකි වෙයිද නුඹේ පලායාම සඟවන්ට..හිස පීරන්න බයයි මට, කෙස් ගස් පදාසයක් මගේ වට බිම හැම තැනම එක පනා පාරට.කෙස් ...
වීසා නැති .... බාඳුරා අසපුව ස්ථානය : ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආදර ජනරජය, ආගමන විගමන කාර්යාලය1 නිළධාරියා :හ්ම්ම්, අද කාලකන්නි කී දෙනෙක් ඉන්නවද හොරෙන් පැනපු. වදකාර යක්කු. මුන් හින්දා තියෙන වදේ කෙලවරක් නෑ. කාලකන්නි හැතිකරේ, මොන මඟුලකට මේක අස්සේ රිංගන්න එනවද මන්දා.2 නිළධාරියා :අදත් කීප දෙනෙක් ඉන්නවා සර්, එක එකාව දාන්නද ඇතුලට. සර්මනේ කිව්වේ ජීවිතේ කිසි ගෝ එකක් නෑ කියලා. මුන් ටිකව ටිකක් මඩෝලා ආතල් එකක් ගමු.( ...
පොත් සල්පිල් වන්දනාව 2014.. බාඳුරා අසපුව ගිය අවුරුද්දෙත් පොත් සල්පිල් කතන්දරේ ලිව්වේ නෑයි කියලා මැරුම් නොකා බේරුනේ අනූ නමයෙන්. ඒ නිසා ගත්තු පොත් ටික නිකන්ම අතෑරල නොදා මෙ පාර පොඩිවට හරි කතාවක් ලියනවා කියලා හිතුවා. ඔන්න එහෙනම්, බුක් සෙල් සාගා 2014 :Dඅතිසාර්ථක කීවෙනි වතාවටද මන්දා ඔන්න ගිය සිකුරාදා මං ගියා බුක් සේල්. ටිකට් ගන්න තැනට යන්නත් කලින් මෙන්න තීනෝ මැගී ලොරිය. නිකං හරියට හෝටල් පාසැලේ තෑගි ...
ඔබ .. ඇය .. සහ මම .. බාඳුරා අසපුව ඔබ ...මට බෑ මේ කරදරේ තවත් විඳින්න.මුලු සතියක් එක දිගට වැඩ කරලා සෙනසුරාදා හාෆ් ඩේ එකත් කරලා අද පොඩ්ඩක් නිදා ගන්න හිතුවා විතරයි.මම ඔයා ගැන පොඩ්ඩක්වත් හොයලා බලන්නෙ නෑ වගේනෙ කතාව.ඇහුවනේ මම ඔයාගෙන් තේ එකක් හදලා ඕනද කියලා.ඔයාමනේ කිව්වේ හදිස්සි නෑ තව ටිකක් නිදා ගන්න කියලා.මොකද්ද මේකෙ තේරුම.මට ඇති වෙලා දැං.දවසක් දෙකක් කියලද.ඊයේ ඔයාටමයි පීසා ඕන උනේ.මං කිව්වනේ මීටිං එක ...
✿ අසෝකමාලා ✿ බාඳුරා අසපුව මම ..අසෝකමාලාව ..මගේ පාඩුවේ ..මලක් නෙලාගෙනජීවත් උන ..මම ..අසෝකමාලාව ..ප්‍රේමයක් වෙනුවෙන් ..ජීව්ත ආසාව ..අත්හල ..මම ..අසෝකමාලාව ..වශියක් බැඳ, ගුරුකමක් කර,සාලියව අල්ල ගත්තැයි ..කැත කතා ඇහුව ..මම ..අසෝකමාලාව ..පෙම් කල නිසාවෙන් නොව ..සාලියට .. පෙම් කල නිසාවෙන් ..මතකයේ රැඳුන .. ...
මං ... කෙට්ටුයි .. !! බාඳුරා අසපුව ඔයා,කෙට්ටුයි කෙට්ටුයි කෙට්ටුයි ...බලන්න ඔය ළමයගේ කෙට්ටු.දැං මැරෙයි වගේ.පාරේ එක්ක යන්නේ කොහොමද ලැජ්ජ නැතුව.මිනිස්සු හිතයි අපි කන්න බොන්න දෙන්නේ නෑ කියලා ආ, මේ ඔයාගේ දුවද ?හරීයීයීයී කෙට්ටුයි නේ.එක්ක ගියේ නැද්ද ඩොක්ටර් කෙනෙක් ලගට.සමපෝෂ කන්න.නැත්නම් Weight Gain ට්‍රයි කරලා බලන්න.බෙහෙතක් ගන්න දරුවෝ, බය හිතෙනවනේ ඇටකටු කූඩුව දැක්කම.බඳින්න අදහසක් නැද්ද දුවේ ?බැන්ඳම මහත් වෙනවා.ඉක්මනට කසාදයක් කරගත්තනම් හරි.මචං, උඹලා දන්නවද කෑල්ලකයි ස්ලයිස් එකකයි ...
වැලි මැදුරු .. බාඳුරා අසපුව දෑත ඇඟිලි තුඩුලේ හැලෙන තුරුහාරමින්, පහුරුගාමින්..බිඳෙන රළ අභිමුවේසේදෙන, වැනසෙනපදනම් යලිදු තනමින් ..බලා ඉන්නවුන්පසු කර යන්නන්හිනා විගඩම්, ඉවසමින් ..ටිකින් ටික හිමිහිමින්හිතේ ඇති මාළිගාවැල්ල මත, මවමින් ..කප්පරක් උස හීනවැලි සමඟ මුහුම් කරඑමැදුරෙ, කුමරිය වෙමින් ..මවාගත් දැසි දසුන්ප්රභූ පෙළ පරයමින්අණ දෙමින්, රජ වෙමින් ..අසු පිටින් කුමරු තෙදවඩින තුරු සෙනෙහසින්ලතැවෙමින්, ඉවසමින් ..තව තවත් තව තවත්හීන පොදි සිය ගනන්මැදුර වට, ගොතමින් ..හීන ලොව නිමා කරමාලිගා ...
අන්තඃපුරිකාවන් වෙත ලියමි ... බාඳුරා අසපුව 2014 ජනවාරි ...පට්ට වැස්ස, වාහනෙන් බැහැපු තැන ඉඳන් එක සීරුවට තෙමීගෙන සරුව පිත්තල බඩු කඩේක ටකරං වහල යටට ගාල් උනා කියමුකො. රුවන්වැලි සෑය පේන මානේ උනත් මේ වැස්සේ කොහොමද යන්නේ. ගියත් වැදුම් පිදුම් කරන්න බෑනෙ.රටකජු ගොට්ටක් අරගෙන වැස්ස පායනකන් කඩේ මිනිස්සු එක්ක කදේ දාගෙන ඉන්න එක තමයි වෙලාවේ හැටියට ඔප්ටිමම් සොලූෂන් එක.ඒ තීරණෙත් එක්ක, කඩෙං නොමිලේ හම්බුන පුටුකට්ටට සරීරේ බර ...
~ දෙසැම්බර් හීතල ~ බාඳුරා අසපුව මේ ජීවිතේ විසි අට වෙනි වතාවටත් දෙසැම්බර් හීතල මාව බලන්න ඇවිත්. දෙසැම්බර් හීතල අමුතුයි. හීන් අයිස් ඉදිකටු දාහකින් ඇඟට අනිනවා වගේ දැනෙන, හම පසාරු කරගෙන හිතට ආත්මයට කතා කරන, ලොකු හීතල පොරෝනාවකින් මගේ රිදෙන හිත වහලා දාන, පාලු තෙත හීතලක් ඒක. තනිකමේ නිහැඩියාවෙන් හැඩ උන දෙසැම්බර් හීතල තරම් ලස්සන සාමකාමී දෙයක් මම කවදාවත් දැකලා නෑ. මම දෙසැම්බර් හීතලට ආදරේ ඒ ...
පොත් පින්තූර 2013 බාඳුරා අසපුව මුකුත් ලියන මූඩ් එකක් නෑ..ඒ නිසා දැනට පොත් ටික විතරක් අතාරින්නම් බලා ගන්න.ඔන්න ඇනෝලට කලින්ම කියන්නේ..මේ පින්තූර පල කරන එකේ බලාපොරොත්තුව මම මහා පොත් ගොඩක් කියවන පොරක් කියලා පෙන්නීම එහෙම නෙමේ..ෆේස් බුක් වගේ සමාජ සම්බන්ධතා ජාල වාරණය කල රටවල් වල ඉන්න වගේම මට එදිනෙදා මුණ නොගැහෙන .. ඒත් පොත් වලට මම තරම්ම ආදරය කරන මගේ යාලුවන්ට මගේ පොත් අස්වැන්න පෙන්නන්න ...
මගේ මළගම .. බාඳුරා අසපුව මම මළදාක ..අද හෙට කෙදිනක ..ඇවැසි නැහැ මට ..මූණ පෙන්නන්න ලයිට් කණුවල ..උපත .. විපත ..ඒ මැද දත් විරිත්තගෙන මම ..මතක් වෙනකොටත් ..විකාරයි මට ..බලාගෙනයි ඇලෙව්වොත් ..එක මරණ දැන්වීමක් ..මගෙ නමට ..මම මළදාක ..අද හෙට කෙදිනක ..එක ශෝක ප්රකාශයක්එල්ලනවා හෙම නෙමෙයි ..මගේ නමට ..අඩන ඇස් වලින් පිරුනු ..දාහක් මකර තොරන් .."යලි අප අතරම ඉපදේවා ..""නිවන් සැප ලැබේවා .."මොන මඟුලක්ද ...
මං ආසයි ... බාඳුරා අසපුව හෙට ජීවත් වෙන්න තියෙන අන්තිම දවස නම් ..මගේ ජීවිතේට ලැබුනු කෝටා එක හෙටින් ඉවරයි නම් ..හෙට දවසත් එක්ක බහින ඉරත් එක්ක මගේ අන්තිම හුස්මත් මේ ලෝකෙන් යන්නම යනවා නම් ... මං ආ ස යි ..මං ආසයි පියාඹන්න.. වලාකුළු වලටත් උඩින්. මූණට එන හුලගට විරුද්ධව.. කුරුල්ලන්ට සම්මාන්තරව.. රාජාලියෙක් වගේ අහසේ කැරකෙන්න, වෙලාවක හුළගත් එක්ක ඔහේ හුළගට ඕන අතට ගහගෙන යන්න.පුලුං ගුලියක් ...
තනි තටුවෙන් .... බාඳුරා අසපුව 2010 ජුනි 15 ..ඇය බස් නැවතුම්පලෙහි නොයිවසිල්ලෙන්..එක පිට එක වැටෙන මහ වැස්සට තෙත බරිත උනු සුදු සාරිය ඇඟ වට එතී මවන රටා ඔහුගේ හොර ඇහැට පෙනෙයි..කෙතෙකුත් ඇහැ ඉවතට ගන්නට තැතනුවද යලි යලිත් මුරන්ඩු ඇස් බැල්ම නවතින්නේ පිරුනු ළැම සහ ඒ වටා ඇඳි නේක සුකොමල නිම්න කඳු බෑවුම් අතරම වේ."මොන මගුලක්ද .. " ඔහු සිතයි .."මෙච්චර ගෑණු දැකල තියෙන මට ...
නූතන කිසාගෝතමි කව .... බාඳුරා අසපුව මැරුණු ..කුලුඳුල් පෙම ..ලේ ගලන ..ළමැදෙහි හොවාගෙන ..දුවමි මම ..ඇඳි වත ගැන ..නිනව්වක් නැතුව ..බෙහෙත ..අබ මිටක් නම් ..කිසිවෙකු නොමල ගේකින් ..සත්තකයි ..කිසා ගෝතමිය මෙන් ..නැවත නොහැරෙන බව අතරමග ..හොයාගෙන මිස ..මළ පෙමට ..දිවි දෙන ඔසුව ..ඒත් ..අනේ .. කෝ බුදු කෙනෙක් ..මට ..බෙහෙතක් කියන්න ... ...
ලයිසන් ආදරය ... බාඳුරා අසපුව දැන් හැදෙන එවුන් නම් ගන්න දෙයක් නෑ..ඇටෙන් පොත්තෙන් එළියට එන්න කළින් ලව් මේනියාව..අනේ අනිච්චේ..අපේ කාලේ තිබුනේ නෑ මෙහෙම විගඩං..xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxඒක නෙමේ ..දන්නවද වැඩක් ..එහා ගෙදර කෙල්ල කොල්ලෙක් එක්ක යාලුයි කියන්නේ ..අනේ මන්දා ..චාරයක් විලි සංගයක් නැති සක්කරවට්ටං..මහ ලොකුවට යුනිවර්සිටි යනවා කියලා ගිහින් ඕවා තමයි කරන්නේ ..අපි නොදන්න යුනිවර්සිටිකාරියෝ ..xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxඅපි මේ ඔයාගෙම හොඳටයි අනේ කියන්නේ ..ඒ කොල්ලා අමතක කර
නොමියෙන ආදරය... ♥ බාඳුරා අසපුව එලඹෙන හැම රැයක ..ඔබ දකිමි, ඔබ විඳිමි ..මගේ ජීවිතේ ඔබේ පැවැත්ම ..මම දැනගන්නේ එලෙසිනි ...දුරු කතර ගෙවාගෙන ..අප අතර ඇති වෙනස දරාගෙන ..ඔබ ඇවිදින් මා ලගට ..ඔබේ පැවැත්ම තහවුරු කරන්නට ..දුරක හෝ ලගක ..ඔබ සිටින කොහේ හෝ තැනක ..මම දනිමි ..හදවත ..තවමත් ගැහෙන බව ..ඔබ මවෙත විවර කල දොරටුව ..තව වරක් විවර කල මැන ..දකිනු මැන ඔබ සිටින අපූරුව ..තවමත් ...