ඔන්න මාත් ගියා... පැණි දොඩම් වෙන කොහේවත් නෙමේ ඕං.. මේ දවස්වල කවුරුත් යන.... ගිහින් ඇවිත් ෆොටෝ එකක් එක්ක විස්තරේ දාන... පොත් ප්‍රදර්ශණේ බලන්නම තමා. දවල් දවසෙ ඉතින් කෝඩ් ලියන්න බග් හදන්න තියෙන හන්දා හවස් වෙලා තමයි යන්න හම්බවුණේ. ඊයෙ.. ඒ කියන්නෙ 20 වෙනිදා තමයි ගියෙ. ටක් ගාලා හතර දෙනෙක් සෙට් කරගත්තා.. ගියා.. ඇතුළට යන්න කලිනුත් හොඳ රසවත් සීන් එකක් වුණා. ඒකත් කියලම ඉමු. ඔන්න ...
අධිවේගේ රවුමක්. පැණි දොඩම් හෆ්ෆා.. මේකෙ යන්න ගහපු ප්ලෑන් ටික නම් කියල ඉවර කරන්නත් අමාරුයි. 19, 20 දවස් දෙකේ ඕනෙම කෙනෙකුට හයිවේ එක විවෘතයි කියල ආරංචිය ආපු දවසෙ ප්ලෑන් කළේ පුටාර් වල නැගල ගාළු ගිහින් 'ජපා' ලගෙ ගෙදර නැවතිලා පහුවදා එන්න. ඕනෙම කෙනෙක් කිව්වට මෝටර් එන්ජිමක් නැති වාහන වලටයි පයින් යන්නයි තමයි ඉඩදෙනව කියල තිබුණෙ. ඒක හින්ද තමයි පුෂ් බයික් සෙට් කරගෙන යන්න කල්පනා ...
රේල් පාරේ පයින් - පට්ටිපොළ ඉඳන් හපුතලේට පැණි දොඩම් එක එක කාලෙට අපිට එක එක විදියේ උණ හැදෙනවනෙ. මේ දවස්වල අපි කීපදෙනෙක්ට හැදුණ උණ වර්ගය තමයි රේල් හයික් උණ. ඒ කියන්නෙ අර අපූරුවට කෝච්චිදුවන රේල් පාරෙ කෝච්චියෙ යන්නෙ නැතුව, සීතලේ වැස්සෙ මීදුම අතරෙන් කිලෝමීටර් 25ක් විතර පයිං ඇවිදං යන්න. හරියටම ගිය සතියෙ සඳුද තමයි කට්ටියට ඊමේල් චැට් ආධාරයෙන් අදහස දැම්මෙ. ලෝක විනාසෙටත් තව මාසයයි තියෙන්නෙ. වැඩිම වුණොත් වීක්එන්ඩ් 4 ...
ලිප්ටන් සීට් බලමු පැණි දොඩම් කලින් දවසේ රේල් පාරෙ ඇවිදපු මහන්සියටත් එක්ක අපිට ඇහැරෙනකොට ටිකක් විතර දවල්වෙලා. ඒ විස්තරේ බලපු නැති කට්ටියට මෙතනින් ගිහින් පොඩ්ඩක් ඇහැ දාලා එන්න පුළුවන්. අද ප්ලෑන් එක වුණේ හපුතලෙන් දඹේතැන්න හරහා ලිප්ටන් සීට් යෑම. අපේ හේරා පුතා නං කීප සැරයක්ම මෙහේ ඇවිල්ල තියෙනහින්දා අත්දැකීමෙන්ම වගෙ කිව්වෙ යනවනම් උදෙන්ම යන්න ඕනෙ නැත්නම් මීදුම තමයි බලල එන්න වෙන්නෙ කියල. මොනව වුණත් ඕනෙ ...
මිග් එක වැටිච්ච ඇත්ත හේතුව පැණි දොඩම් මේක ගැන හොයන්න කමිටුවකුත් පත් කරලාලු. ඕකෙන් මොනව හොයා ගත්තත් ඇත්තටම වෙලාතියෙන දේ මෙන්න මේකයි. හැමදාමත් ඔය මිග්එක පලෙයි ගිහින් එන්න තෙල් ගහන්නේ රුපියල් 5000 ක ලු.5000ක ගැහුවම කිසි අවුලක් නැතුව ආපහු කටුනායකට ලෑන්ඩ් කරන්න පුළුවන් ලු.ඉතින් 13 වෙනිදත් ඒ වෙනද වගේම උදෙන්න නැගිටලා ෂෙඩ් එකට ගිහින් ගැහුවලු රුපියල් 5000 ක තෙල්.ඒත් අනේ 12 වෙනිද රෑ 12 ට සිදු වෙච්ච ...
බ්ලොග්කාරයෝ... ගාල්ලේදී.... පැණි දොඩම් "A picture is worth a thousand words" ලු නේ... එහෙනං ඔන්න....මල්ලී... අද උඹල බය වෙන්න එපා...ගාල්ල අපේ ගම.....ඕනෙ එකෙක්ගෙන් අහපන් අසේල දන්නවද කියල..... වහපන් වහපන් .. අනිත් එවුන් දකියි....සහන් .... පැට්ටා...ම්ම්ම්..... උගේ ලෝකය..වල් හාවා....මැරෙන්න කලින්....හාවා කෝක් බොයි...අබේපාල මාමා... ගන්න මල්ලි... ගන්න.. බ්ලොගේ දාන්න හරී.....දිය කෙළිය...මේන් මල්ලි නයා.... මේන් සයිස් එක...කතා කරල වැඩක් නෑ .... මල්ලි මේකා සුදු නයෙක්..... අනේ අයියෙ ...
ලංකාවෙ ඉන්නෙ කවුද පැණි දොඩම් බලන්න මේ තියෙන්නේ ලංකාවෙ ප්‍රධාන ජාතික පුවත්පතක් ලංකාවේ ජනතාව අන්දන්න දරණ ඉතාම කැත උත්සාහයක්. ලංකාවෙ පත්තර බලන්නෙ කවුරු කියලද දන්නෙ නෑ හිතාගෙන ඉන්නෙ. මේක කිහිප තැනකම කතාවෙනව දැක්කත් මටත් මොනවහරි ලියල දාන්න හිතුණා.දෙකේ පන්තියෙ පොඩි එකෙක් ලියන්න දන්නව මීට වැඩිය හොඳට. මේ කියල තියෙන විදියට ලංකාවෙ උදේ 7.50 වෙනකොට ඕස්ට්‍රේලියාවට(මෙල්බර්න් වලට) මහ පාන්දර. මෙතන “උදේ“ කියල දාල තියෙන්නේ වැරදිලා වෙන්න ...
ෂුවර් ද? සහ තවත් කතාවක් පැණි දොඩම් අනිත් කතාව ඉස්සෙල්ලමමේකෙත් කතා නායකයා මම වැඩකරන තැන එකෙක්ම තමයි. ඉන්නේ නාවල හන්දියෙමයි. කරීනා එකක් තමා තියෙන්නෙ. (ඔෆිස් එකේ අයට හිතාගන්නයි ඔය ටික දැම්මෙ)මේකාගේ අයිය ඉන්නෙ ලංකාවෙ නෙමේ. පහුගිය දවසක නිවාඩුවකට තමයි ගෙදර ඇවිල්ලා තියෙන්නෙ. නිවාඩු දවසක ඇඟටත් හොඳයිනෙ කියල මෙයා හිතුවලු වත්තේ තියෙන තණකොළ ටික ගාණට කාල දාන්න. අහ් සොරි.... සොරි ... කාල දාන්න නෙමේ කපල දාන්න.. ඇඟට හොඳයි කිව්වම ...
මුදලාලි මට රුපියල් පණහක පඬුරු දෙනවද? පැණි දොඩම් සිරීපාදෙ යන්න ලෑස්ති වෙයව් කියල හේරගෙන් ඊයක් ආවෙ හදිස්සියෙමයි. හැටන් පාරෙන් ගිහින් තිබුණත් රත්නපුර පාරෙ කැලේ මැදින් නඟින්න මට සෑහෙන්න ඕනකමක් තිබුණා. ඉතින් ආයෙ දෙපාරක් හිතන්න දෙයන් තිබුණෙ නෑ ගමනට ලෑස්තියි. ඔක්කොම නවයක් දඬුකෝඩුම පහක්. බයවෙන්න දෙයක් නැහැ නඩේ ගුරා, හේරා අවාරයේ සිරිපා නැඟල හොඳ අත්දැකීම් කියෙන පොරක්. රත්නපුරෙන් නැඟල හැටන් වලින් බහින්න තමයි දැන් අපේ ප්ලෑන් එක. මොකද රත්නපුර ...
හිනාවෙලා යන්න එන්න. පැණි දොඩම් පෝස්ට් එකක් දාන්න හිටියත් ඉවරකරගන්න බැරිවුණා. දැනට මේක කියවල යන්න.අහඹුවබාර් එකේ කෙළවරේම ටේබල් එකේ පොරක් හිස් වීදුරුව දිහා බලං ඉන්නව. එතනට එනවා තවත් එකෙක්.1 වෙනි පොර - මොකද නිකන් අප්සට් වගේ. උඹට තව එකක් අරන් දෙන්නද?2 වෙනි පොරත් ඉතින් කැමති වුණා. ෂොට් එක ගන්න අතරෙදි මෙහෙමයි කතාව.1 වෙනි පොර - උඹ කොහෙද බං?2 වෙනි පොර - මම ගාල්ලෙ මචන්.1 වෙනි ...
හුටා.... යතුර ඇතුළෙ පැණි දොඩම් මේක මෙහෙම ලිව්වට සිද්ධිය වෙච්ච වෙලාවෙ නම් මගේ කන් දෙකෙන් ගින්දර පිටවෙනව වගේ තමයි මට දැනුණෙ. ඒත් කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල තමයි දාන්නෙ.ගිය සතියෙ අපි කට්ටියම නුවරඑළි පැත්තෙ රවුමක් යන්න දාගෙන හිටියේ. ඒ විස්තරෙත් දාන්න ඕනෙ වෙන වෙලාවක. ඒ යන ගමන් තමයි මේක වුණේ. උදෙන්ම පිටත්වෙලා යටියන්තොට හරියට එනකොට උදේ 8.30ට විතර ඇති. අපි උදේට කන්න හොඳ තැනක් බල ...
අමතක වෙන්නෙ නැති දවස්. පැණි දොඩම් ඒ 2008 අවුරුද්ද.... කැම්පස් එකේ 3 වෙනි වසර, අන්තිම මාස හය. හැමෝම ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනිං.ට්‍රේනිං එකත් සෙට් වුණ තැන අනුව තමා, සමහර එවුන්ට රෑ එළි වෙනකන් වැඩ. සමහර එවුන්ට එච්චරම කට්ටක් නැහැ. කොහොමහරි මාස 6 වේගෙන් ඉවර වේගන යනවා. කලින් අපිට හිතුණ වෙලාවට ලෙක්චර්ස් ගිහින් හිතුණ දේ කරපු අපේ එවුන්ට මේක නිකන් හිරේ දැම්ම වගේ වැඩක්. ඒක හින්ද අපිට ඕනෙ වුණා කොහේ හරි ඇවිදලා ...
හයියෝ.. මගෙ බ්ලොග් එක පැණි දොඩම් බ්ලොග් ලියන්න පටන් ගත්ත ගොඩක් අයට වෙච්ච දේ මටත් වුණා.හැමදාම හෙට ලියනවා.. හෙට ලියනවා.. කියලා හිත හිත හිටියා මිසක් ලියන්න වෙලාවක් හම්බවුනේ නැහැ. අනිත් එක හැමදාම බලන බ්ලොග් ටික කියවලා ඉවරවෙනකොට වෙලාවත් ඉවරයි. කමෙන්ට් එකක් වත් දාන්න වුණේ නැහැ. සින්ඩිකේටර වලිනුත් මාව අයින් කරලා ඇති. මේක පෝස්ට් කරල බලන්න ඕනෙ මොන මොන ඒවා වලද තාම ඉතුරුවෙලා ඉන්නෙ කියල.ලියන්න පටන් ගත්ත එකේ පහුගිය දවසක ...
සුන්දර දුම්බර පැණි දොඩම් කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න හිතුණේ ගිය සතියේ අත්දකින්න ලැබුණ ඉතාමත් සුන්දර අත්දැකීමක් බෙදාහදා ගන්නයි. ඒ තමයි නකල්ස් හෙවත් දුම්බර කඳුවැටි ආශ්රිත ගම්මානයක දින තුනක් ගතකරන්නට ලැබුණ අවස්ථාව. විශේෂයෙන්ම මේ පාරිසරික කඳවුර පැවැත්වුණේ මිහිතල මිතුරෝ පරිසර සංවිධානයේ මූලිකත්වයෙන්. ගමනේ මූලික අරමුණක් වුණේ දුම්බර ආශ්රිත පරිසර පද්ධති අධ්‍යයනය කිරීමත් ඒ පිළිබඳ ගමේ ජනතාව දැනුවත් කිරීමත් තමයි. විශේෂයෙන්ම කැලෑ ගිනි තැබීම ...
සීත ගඟුලෙන් ඉහළට පැණි දොඩම් මෙතෙන්ට එනකන් මඟහැරුණ නම් එහෙම ආපහු කලින් පෝස්ට්එක බලලම එමු. මතකනෙ එදා ඇවිල්ල සීත ගඟුලෙන් නාලා එහෙම ආපහු යන්න පිටත්වෙච්ච හැටි. හැටන් පාරෙ වගේ නෙවෙයි රත්නපුර පාරෙ සීත ගඟුල හම්බවෙන්නේ පඩි හයදාහකටත් වඩා නැගංමයි. හැටන් නම් නල්ලතන්නියෙ ඉඳල පැයක් ගියාම සීත ගඟුල. ඉතින් අයිස් වතුරෙන් නාල කරල එහෙම අපි මේ යන්නෙ අපේ නවාතැන්පළ වෙච්ච හැරමිටිපානට. වෙලාව රෑ 9ට විතර ඇති. ...
වරදකරු ස්වාමීනී පැණි දොඩම් සෑහෙන කාලෙකින් මේ පැත්තෙ කැරකිලා යන්න ආවෙ. ලියන්න නං සෑහෙන්න දේවල් සිද්ධවුණාට ලියාගන්න තමයි වෙලාවක් තිබ්බෙ නැත්තේ. කොහොම කොහොමහරි දැං මම මේ ලියන්න යන්නෙත් දැනට මාසෙකට හමාරකට කලින් සිද්දවෙච්ච වස විළි ලැජ්ජා නැති සීන් එකක් තමයි.දවස හරියටම අප්‍රේල් මාසෙ දොළොස්වෙනිදා. සිංහල අවුරුද්දට ඔන්න මෙන්න. හැබැයි උදේ පාන්දරම අහන්න ලැබුණෙ සෑහෙන කණගාටුදායක ආරංචියක්. ඒක තමයි අපි කවුරුත් හොඳින් අඳුනන වෙනියගෙ අම්මා ...
“ස” වින්දෙමි පැණි දොඩම් දශක හතරක් පුරාවට ජනප්‍රියත්වය බිඳකුදු අඩුනොවෙමින් ලාංකික ජනතාව ආනන්දයට පත්කළ ආනන්දනීය හෝරා තුනක අසිරිය විඳීමට හැකිවීම පිළිබඳ සතුට අකුරුවලට හැරවීමට ට්‍රයි එකක් දෙමි. වසර හැත්තෑවක් වයසැති වික්ටර් රත්නායකයන්ගේ කටහඬේ මෙතරම් ජවයක් තිබීම පිළිබඳ මට ඇත්තේ විමතියකි. ඒ හඬට තවමත් ආදරය කරන දහස් සංඛ්‍යාත පිරිසක් මැද හිඳ "ස" විඳීමට හැකිවීමම මහත්වූ භාග්‍යයකි. ප්‍රසංගය නරඹමු යැයි කීවිටදී "මගෙ අයිපොඩ් එකේ ඔය ඔක්කොම ...
යනවනං මේ කාලෙට... පැණි දොඩම් ගොඩක් අය කැමති නෑ මේ කාලෙට යන්න... ඒත් ඉතින් මං නං කැමතිම දෙසැම්බර් ජනවාරි වගේ කාලෙට නුවරඑළි යන්න. සීතල මීදුම වැස්ස ලස්සන මේ ඔක්කෝම අඩුවක් නැතුව විඳගන්න පුළුවන්. වැඩිය කවුරුත් යන්න අකමැති හින්දම කිසි කරදරයක් නැතුව හැම තැනම යන්නත් පුළුවන්. සමහර කාලවල් වලට නං හෝටන් තැන්න එහෙම පිටකොටුව වගේ.. වාහන පිරිලා.... මිනිස්සු පිරිලා... ගන්න දෙයක් නෑ.මේ ගමන යන්න ගිහින් තමා ...
දිවයින තියෙනවද? පැණි දොඩම් අද කියන්න යන කතාව මීට අවුරුදු කීපයකට කලින් එන්කරා පුද්ගයයෙකුට වෙච්ච දෙයක්. දානවද නැද්ද කියල හිත හිතා ඉඳල ඕනෙ ඇපල් ගෙඩියක් කියල දාන්නම හිතුවා. මේකට සම්බන්ධ පොර කතාකරන්නෙ බොහෝම හෙමින්. ඇහෙන නෑහෙන ගාණට. රහසක් කියනව වගේ තමයි කතා කරන්නෙ. තව එකක් කියන්න ඕනෙ .. මේ සිද්ධිය වෙලා තියෙන කාලෙ ඔය නවීන තාක්ෂණය එච්චර මිනිස්සු අතරට ගිහින් තිබුණ කාලයක් නෙමේ. පත්තර තමා ජනප්‍රිය.ඔන්න ...
ඉස්කෝලෙ කාලේ. පැණි දොඩම් මගේ නම් ජීවිතේ හොඳම කාලෙ තමයි ඉස්කෝලෙ ගිය දවස්.... ඒ වගේම මෙතන ඉන්න 99% කටමත් එහෙමයි කියල මම දන්නවා. ඒ කාලෙනුත් ඒ ලෙවල් පන්තියට එන්න කලින් කාලේ තමයි උපරිමයෙන් පිස්සු කෙළපු කාලේ. මොනාව කළත් හැම අවුරුද්දෙම ඉස්කෝලෙ රිසල්ට්ස් බැලුවම ඒ ලෙවල් කරන්නෙ බැරිවෙන්නෙ එකෙකුට නැත්නම් දෙන්නෙකුට විතරයි. ඒ අතින් ගත්තම බය වෙන්න කිසිම හේතුවක් තිබුණෙත් නැහැ. අනික ඕ ලෙවල් වෙනකන් ...