අද කියන්න යන කතාව මීට අවුරුදු කීපයකට කලින් එන්කරා පුද්ගයයෙකුට වෙච්ච දෙයක්. දානවද නැද්ද කියල හිත හිතා ඉඳල ඕනෙ ඇපල් ගෙඩියක් කියල දාන්නම හිතුවා.
මේකට සම්බන්ධ පොර කතාකරන්නෙ බොහෝම හෙමින්. ඇහෙන නෑහෙන ගාණට.
රහසක් කියනව වගේ තමයි කතා කරන්නෙ.
තව එකක් කියන්න ඕනෙ .. මේ සිද්ධිය වෙලා තියෙන කාලෙ ඔය නවීන තාක්ෂණය එච්චර මිනිස්සු අතරට ගිහින් තිබුණ කාලයක් නෙමේ. පත්තර තමා ජනප්රිය.
ඔන්න එක දවසක් මෙයාට පත්තරයක් ගන්න හිතිලා. වට පිට බලනකොට ළඟ තිබ්බ පත්තර ලෑල්ලක් දැකල තියෙනවා.
එතන ඉඳන් දෙබස මේකයි.
මුදලාලි දිවයින පත්තරේ තියෙනවද (ඇහෙන නෑහෙන ගාණට.. රහසින් වගේ.. ෆට්ට හෙමින්)
ම්හු.......
තව සැරයක් ඇහුවලු..... මුදලාලි දිවයින පත්තරේ තියෙනවද ..........
....
මේක අහපු මුදලාලි මෙයා දිහා ටික වෙලාවක් බලන් ඉඳල මෙන්න මෙහෙම බෙරිහන් දෙනවලු.
"ඒව නෑ ඕයි මෙහේ."... "යනව යන්න මෙතන වද දෙන්නෙ නැතුව........." කියල දිගට හරහට බණිනවලු..
මෙයාටත් උතුර දකුණ මාරුවෙලා මොකද්ද යකෝ මේ වෙන්නෙ කියල. ඇයි යකෝ කොහේ තියෙන හෙණ ගෙඩියක්ද මේ පාත්වුණේ.
අන්තිමට මොනව කරන්නද.. පොර ඉතින් ෂේප් එකේ මාරුවෙලා ඇවිල්ල.
පස්සෙ තමයි වෙච්ච වැඩේ මීටර් වෙලා තියෙන්නෙ.
ඔය කාලෙ තමයි අර පත්තර වලට හෙන ඩිමාන්ඩ් එකක් තිබ්බ කාලෙ. පත්තර කිව්වෙ අර.. අර.. (ආ ඔය තේරුණේ........ ඒවා තමයි.)
මේකා රහසින් වගේ ඉල්ලනකොට මුදලාලි හිතල තියෙන්නෙ මෙයා පත්තර ඉල්ලනව කියල තමා. ඇයි යකෝ මුදලාලි දන්නවයැ මේකා කතා කරන හැටි මෙහෙමයි කියල.
ඔන්න බලන්න කොල්ලන්ටත් වෙන දේවල්.
දැන් කව්ද ඔය නැහැදිච්ච කොල්ලා...? මට හිතෙන්නේ............. ම්... ඔය තේරෙන්නේ කට්ටියට කවුද කියලා....
ReplyDeleteමට නම් හිතාගත්තහැකි ඔය නැහැදිච්ච, වනචර, චාටර් කොල්ලා කවුද කියලා!
ReplyDeleteමම නම් කලේ ...ඈ නෑ නෑ වැරදුනා.. මගෙ යාලුවො කලේ "පත්තරයක් දෙන්න" කියලා ඇහැක් ගහනවා.. එතකොට දන්නව මුදලාලි මොකද්ද ඕනි පත්තරෙ කියල..හොඳ පරන පත්තර පිටුවක් උඩින් තියලා හරිම වැදගත් විදියට තමයි එතකොට දෙන්නෙ..
ReplyDeleteමේක ඔයාට උන දෙයක්ද?ඇහ්...
ReplyDeleteනරක ලමයි නොවී දැන් කියමු බලන්ට පත්තරේ නම...:)
ReplyDeleteපව් ඒ කොල්ලා. එයාට හයියෙන් කතා කරන්න පුරුදු කලානම් හරිනෙ.
ReplyDeleteමචං..සීදේවිද..? සොඳුරද..?එහෙමත් නැත්තං සමනලීද..?
ReplyDeleteවෙන මොනවා හරි එකක්ද..? උඹට හරියටම නම මතක නැද්ද බං..?:D
මචන් බලපන්කො නිසුපා කියනව උබට හයියෙන් කතාකරන්න පුරුදුකරන්නලු.
ReplyDeleteඔය කියන්නේ අර වැල පත්තර කියන ඒව ගැනද?.........හිකිස්.....
ReplyDeleteඅර මාරයා කියලා තියෙන දේවල් ඇර වෙන එකක් නම් කියපන් මල්ලී.
ReplyDeleteමේ සීන් එක උනේ අයියටද මන්දා.
ReplyDeleteමුදලාලිගේ කනට කරලා ඉල්ලුවා නම් ඉතින් හරි නේ.
prasanna86k - කැහැදිච්ච නෙමේ බං මූ හෙන හැදිච්ච එකෙක්.
ReplyDeleteගීතක - හිටපන් මම කියන්න.
Weni - හිහ් හිහ්.. ෆට්ටනෙ..
නදී - පිස්සුද නදී..ඇහ්.
Podi Kumarihami - දිවයින ළමයො.. දිවයින..
නිසුපා - ලැජ්ජ බයට හැදිච්ච කොල්ලොනෙ ඉතින්... හි හී..
ReplyDeleteමාරයාගේ හෝරාව - ඔය එකක්වත් නෙමේ බං අයියෙ.. දිවයින දිවයින..
කල් - උඹල ඔක්කොම මාව අල්ලනව නේද..හිහ් හී... මට ඉතින් අමුතුවෙන් හයියෙන් කතාකරන්න උගන්නන්න ඕනෙ නෑ බං...
Observer හපෝ ඔබෝ ඒව අපි දන්නෙවත් නෑ.. අහලත් නෑ.. දැකලත් නෑ..
Ishara - හෙ හේ.. මාරය කියපුටික හොඳට දන්නව වගේ...
මධුරංග - දිවයින මොකටද බං කනට කරල ඉල්ලන්නේ..
පව් අෆ්ෆා! පොඩ්ඩක් හයියෙන් කතා කලා නම් ඔහොම පජාත වෙන්නෙ නෑනෙ! ඔය සිද්ධිය වුණේ පැණි දොඩම් අයියටමද කොහෙද!
ReplyDeleteඇයි බස් වල විකුනුවේ පත්තර 3ම 10/=යි කියලා.
ReplyDeleteඋඩින් ලස්සන මල් පත්තරයක් තියලා තමයි වැඩේ යන්නේ.
ඉතිං ගෑනු ලමයි මල් පත්තර වලට තියෙන කෑදර කමට 10/= දිලා ගන්නවා.
යටින් තියෙන පත්තර ටික දැක්කම ඇබරෙන විදිහ බලන්න, ඒ ලග සීට් එකේම වාඩි වෙලා ඉන්න ඕන...D
විසිතුරු - හපෝ නෑ.. මම කතාකරන හැටි අහල නෑනෙ...
ReplyDeleteනිල් අහස - ඔය ඉන්නෙ ඔය ඉන්නෙ කට්ටිය...
දැන් එහෙම රස්තියාදු වෙන්න ඕනේ නැහැ බං.. සර්ච් කරන්න තියෙන්නේ :)
ReplyDelete