දෙව්ලොව වැඩ වසන දෙවියන් දැක ගනිමි පරිවර්තන.... පීදුණු තිරිඟු කෙත රන් තරඟ නැගෙන කල වැදී මුදු පවන් රැල් තුරු වදුල සැලෙන විටඋයනෙහි හරිතවන් දිලෙන තුරුපත් අතරරත් පැහැති පලම් ඵල සැඟව ගන්නා කලටරන්වන් උදෑසන, රක්තවන් සැඳෑ කලසන්සුන් මාවතක පිනි දියෙන් තෙමී ගියපඳුරක් යට පිපිණු නිම්නයේ ලිලී මලරජතමය හිස නවා මා දෙසට නැවෙන විටගිරි කඳුරු අතර මැද සීත දිය ගලන කලමිහිදුම් සිහින මැද ගිලී ගිය සිතිවිලිමසාමයෙන් පිරී ගිය ඈත ...
අස්වනු නෙලන්නී පරිවර්තන.... බලනු මැන ! කෙතෙහි හුදෙකලා වූ අර සොඳුරු කඳුකර යුවතිය දෙස අස්වනු නෙලන්නී ඕ තමාටම ගී ගයමින් බලනු මැන නැවතී මඳක්, නොඑසේනම් පසු කරනුය ඈ හඬ නොනැගෙන පරිදි නෙලා අස්වනු මිටි බඳින්නී ඈ ගයා ගී සෝබර සරින් යොමනු මැන සවන් යුග නිම්නය පිරීතිරි ගලනා ඇගේ කටහඬ වෙතට නිරුදක වැලි කතර සරනා විඩාබර දනන් සිත සනසන මියුරු වූ මෙවන් ගී නදක් ...
යටත් නොකළැකි ආත්මය පරිවර්තන.... අහසට අරක්ගත් දැඩි ගණඳුරක් වන් මා වසාගත් රාත්රිය පරදවාතුති පුදමි කවර හෝ දෙවිවරුනටයටත් නොකළැකි මා ආත්මය උදෙසාඉරණමෙහි රුදු නිය පහර වැදනොහැකිළුණෙමි, නොහැඬුවෙමි හඬ ගාඅවස්ථාවේ දැඩි මුගුරින් පහර විඳරුධිරය වැකුණුමුත් නොනැමුණිය හිස මාවෙරෙන් කඳුළෙන් පිරුණු මෙතැනින් එහාඇත්තේ ගණඳුරෙහි භීතියම පමණකියඑනමුදු මා නොබියව සිටින වගපෙනෙනු ඇත වසර ගණනක් ඉකුත් වුවද්වාරය කෙතරම් පටුවුවද කම් නැතපවු පොතෙහි දඬුවම් මහත් වුව කම් නැතමාගේ දෛවයේ හිමියා ...
බොඳව යන ඔබේ රුව .......... පරිවර්තන.... දුර ඈත කඳු අතරහිරු සැඟව ගිය පසුවතාරකා එළියද නිවීපැතිර ගිය ගනඳුරේනීලවන් රාත්රියවසාගත් විට පොළොවඅප අතිනත් රැගෙනඇවිදගෙන ගිය අයුරුකිසිවෙකුට නොපෙනිණිඔබ හොඳින් දන්නාමා පෙළන ශෝකයමිරිකා ආත්මයඔබ සිහිපත් කරයිඔබ කොහි විණිද?ඔබ නොවේනම්කවුරුන්ද වූයේ මා සමගමා දෙසවනටදෙඩුවේ කවුරුන්ද ?මා සොවින් සිටින විටඔබ දුරක යැයි සිතන විටපෙළන්නේ ඇයි මාඔබේ මතකය පැමිණරාත්රිය පැමිණි කලතාරකා එළිය මැදමැකී බොඳවී යයිහැමවිටම ඔබේ රුව-පැබ්ලෝ නෙරූදා ...
හිරුගේ වදන පරිවර්තන.... හැර දමන්න ඔබේ කවුළුහැර දමන්න ගෙයි දොරවල්එන්නට දෙනු මැන මා හටඔබේ කුඩා නිවස තුළටගෙනෙමි ඔබට රන් - කහ මල්ගෙනෙමි ඔබට කැළෑ සුවඳගෙනෙමි ඔබට උණුසුම මමඔබේ ගතට පිනි සමගිනබොහෝ කලක් වසා තිබූකුඩා, සිඟිති ලී කුටි බඳුඔබේ හදවතේ ජනේල හැර දමන්නහදවත්වල ඇති හිස් බවමල් සුවඳින්, රිවි කිරණින්උණුසුම හා තුෂාරයෙන්පුරවාලන්නට මා හට ඉඩ හරින්නඉක්මන් කර අවදිවෙලාහිස ඔසවා අවට බලාපිසදමලා නිදිබර වූ ඇස් පිහාටුදෑස් ...
ආදරයේ හැටි පරිවර්තන.... ගනඳුරුය රාත්රිය, නොපෙනේ ඉමක් පැතිරුණු වන පෙතේසරති සහසක් දනෝ මං සොයා ගනඳුරේහමුවිය යුතුව ඇත රහසින් කිසිවෙකුත්එහෙත් ඒ කවුරුන්ද, කොහෙදීද කියා මට නොවැටහේරැඳී ඇත එනමුදු මා සිතේ එකම විශ්වාසයක්මුව පුරා තවරා සිනාකැන් කිනම් හෝ මොහොතකපැමිණෙනුය මා ඉදිරියට ජීවිතයේ සතුටසුවඳ ගල්වා, ස්පර්ශ කොට කොඳුරා ගීතයක් මෙන්දැවටී මා සිරුර පසුකොට යතැයි එයඋල්ලසිත හැඟුමෙන් පුරවා මගේ සිතඇතැම්විට ගනඳුරේ අහස්තලයේ ඇඳෙනනිමේෂෙක විදිලියෙන් දකින කිසිවෙකු සමගබැඳෙමි ...
නොගිය මග .... පරිවර්තන.... කහ පැහැති වන තුරුපතරදෙමගක් දෙපසට බෙදී ඇතඅහෝ එක් මගියෙක්මි මම දෙමගෙහිම යා නොහැකි එකවරබොහෝ වේලා ගත කොටබැලුවෙමි එක් මගක් දෙසවැටී ඇත ඒ මාවතසරුවට වැඩුණු වන මැදඉන්පසු බැලිමි දෙවැනි මගවල් බිහිව ඇත එහි තදින්එනමුදු ගතිමි ඒ මගකිසිවකුත් එය නොමගත් හෙයින්නොපෑගුණු තුරුපත්වැටී ඇත දෙමගෙහිමපා සටහනක්වත්වැටී නැත ඒ මතින්.වෙනත් දිනයක පැමිණගනිමි මම පළමු මගසිතා එතැනින් ගියදයළිත් කවදාවත්ම එහිපැමිණෙනු හැකිවෙයිදපැන නැගිණ කුකුසක්මා හදවත පතුළයුග ...