පොසොන් පොහොය දින වැඩසටහන නිහිළුව මහා විද්‍යාලය. මෙවරත් අප විද්‍යාලය විසින් පොසොන් පොහොය සැමැරීම නිමිත්තෙන් සීලසමාදාන වැඩසටහනක් ඉතාමත් සාර්ථක ලෙස සංවිධානය කර තිබුණි.මේ සදහා පාසලේ සියළුම සිසු දරුදරියන්,ගුරු මහත්ම මහත්මීන් සහභාගී වූ අතර සිසුන් සදහා දානය පිළිගැන්වීමේ පුණ්‍යකර්මය දෙමාපියන් විසින් සංවිධානය කර තිබුණි. අප පාසලේ ගුරු ස්වාමීන්වහන්සේ නම වන පූජ්‍ය කිවුලේ විමලවංශ හිමිපාණන් සහ පාසලේ බෞද්ධ සංගමය විසින් මෙම සීල සමාදාන වැඩසටහන සාර්ථකව සංවිධානය කර තිබුණි. ...
2015 වර්ෂයේ පාසලේ ශිෂ්‍ය නායක දිනය නිහිළුව මහා විද්‍යාලය. අප පාසලේ වාර්ෂික ශිෂ්‍ය නායක දිනය මෙවරද උත්කර්ෂවත් අයුරින් මැයි මස 8 වන දින අප පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.මේ සදහා විශේෂ ආරාධිත අමුත්තන් රාශියක් සහභාගී වු අතර පාසලේ නර්තන කණ්ඩායම විසින් මෙම අවස්ථාව වර්ණවත් කරන ලදී. ...
ලෝක ගුරු දිනය නිහිළුව මහා විද්‍යාලය. ඔක්තෝම්බර් 1 වන දින අප විද්‍යාලයේ ද ලෝක ගුරු දිනය සැමැරූ අතර සියළුම සංවිධාන කටයුතු සිදුකරනු ලැබුයේ පාසලේ ශිෂ්‍ය නායක සංසදය විසිනි.එහිදී සෑම ගුරු වරයෙකු වෙතම වටිනා ත්‍යාගයක් ලබා දෙන ලදී. ...
ලෝක ළමා දිනය නිහිළුව මහා විද්‍යාලය. ඔක්තෝම්බර් 1 වන දින අප විද්‍යාලයේ ද ලෝක ළමා දිනය උත්කර්ෂවත් අයුරින් සැමරූ අතර ගුරු මණ්ඩලයේ දායකත්වයෙන් ත්‍යාග ප්‍රදානයක් සිදු කල අතර විශේෂ දක්ෂතා දක්වන ලද සිසුන් සදහා වටිනා සහතික පත්‍රයක් ප්‍රධානය කරන ලදී. ...
මෙවර අප පාසලේ වෙසක් උත්සවය සැමරූ හැටි නිහිළුව මහා විද්‍යාලය. අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ “ඉපදීම“ “බුද්ධත්වයට පැමිණීම“ සහ වසර 80 ක් ආයු වලදා “නිර්වාණයට පැමිණීම“ යන විශේෂ අවස්ථා අනුස්මරණය කිරීම නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනයා වෙසක් උත්සවය අති මහත් ගෞරවයෙන් යුක්තව සමරනු ලබයි.මෙවර ද අප පාසලේ වෙසක් උත්සවය නිමිත්තෙන් විවිධ ආගමික කටයුතු කිහිපයක් සංවිධානය කර තිබු අතර “බෝධි පූජා පින්කමක් පැවැත්වීම“ ,“ගල්කෙම පුරාණ රජමහා විහාරය තුල ශ්‍රමදාන කටයුත්තක් පැවැත්වීම“,“වෙසක් ...
2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසුණු නිහිළුවෙි පුංචි හපන්නු නිහිළුව මහා විද්‍යාලය. 2011.05.16 දින නිහිළුව ප්‍රාථමික ප්‍රාථමිකයේ දරැවෝ පෙරහැරකට පෙළ ගැසෙන ආකාරයට අපි දුටුවා.මල් බයිසිකල් පෙරටු කරගත් පෙරහැර වලවෙල දක්වා ගමන් කර නැවත ශ්‍රී අස්වත්ත රාමයට පැමිණ ගමන් මග අවසන් කරනු ලැබුවා.මෙහිදී බෞද්ධ කොඩි රැගත් දරැ දැරියෝ වගේම වඩිග පටුන, ලී කෙලිය පෙරහැරේ කැපී පෙනුන අංග වුනා.මීට අමතරව තවත් විශේෂ අංග රැසකින් පෙරහැර අලංකාර කිරීමට විදුහලේ විදුහල්පතිතුමා,අචාර්ය මණ්ඩලය ...
සම්බුද්ධත්ව ජයන්තියට අපෙන් දන්සැලැක් නිහිළුව මහා විද්‍යාලය. 12 වසර අපේ දරුවෝ පාසල මුල් කරගෙන බෙලි මල් දන්සැලැක් දෙන්න ඉදිරිපත් වුනා.ඹවුන් එක්රැස් කල මුදල් වියදම් කරලා දානමය කටයුත්ත වෙනුවෙන් අවශ්‍ය සියළුම දේවල් සැලැසුම් කලා.උදේ 8.30ට විතර දන්සැලේ වැඩ කටයුතු ආරම්භ කරලා හවස 4.30 පමණ වෙනතුරැ ඉතා සාර්ථක විදියට ඒ කටයුතු කලා.ඒ සදහා නිහිවව මහ විදුහලේ විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය,වගේම සිසු දරැ දැරියෝ එවුන්ගේ සහයෝගය නොමදව ලැබුණු නිසා අඩුපාඩු ...
නෑගම් ආ ඩොයිෂ් බැංකුවට අපේ තුති. නිහිළුව මහා විද්‍යාලය. ඩොයිෂ් බැංකුව කියන්නේ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කරන බැංකුවක්.ඉතින් පසුගිය 13 වනදා ඔවුන් ආවා අපේ පුංචි පාසලට.හැබැයි හිස් අතින් හෙම නෙවි ලක්ෂ 6 ආසන්න පරිගණක උපකරනත් අරගෙන.අපිට පොඩි ආඩම්භරයකුත් ආවා මේ වගේ විශාල බැංකුවක් පාසලට ආවම.අපි හොද උත්සවයක් පවත්වලා ඔවුන්ව සතුටු කරා .ඇත්තටම ඔවුන්ගෙ ප්‍රධානය අපිට වටින තරම මෙතෙක් යයි කියල නිශ්චය කරන්න අමාරුයි.ඒ තරම්ම වටිනවා.පරිගණක 10 ට අමතරව අපේ නව ...
සම්බුද්දත්ව ජයන්තියට සාරධර්ම ප්රිගුණ කරමු. නිහිළුව මහා විද්‍යාලය. අපිටත් හිතුනා අළුත් දෙයක් කරන්න සම්බුද්දත්ව ජයන්තිය සමරන්න.ඉතින් අපේ විදුහල්පතිතුමයි සමස්ත ආචාර්ය මණ්ඩලයයි තීරණය කරා තම නිවෙස් වල බුදු පිළිම නොමැති සිසුන් සදහා ආචාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් බුදු පිළිම ලබා දෙන්න.ඒ වැඩසටහන ඉතාමත් සාර්ථක විදිහට අපි 9 වනදා සිදු කරා.බුද්ධ ප්‍රතිමා 28 පෙරහරකින් වඩම්මලා යුගාසන කවි බණකුත් කියලා සිසුන් සදහා බුදු පිළිම පූජාව සිදු කරා. අපේ අරමුණ වුනේ සාරධර්ම ...
අප විද්‍යාලයේ 2011 වසර සදහා ශිෂ්‍යනායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය නිහිළුව මහා විද්‍යාලය. අප විද්‍යාලයේ 2011 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංඡන පැළදවීමෙි උත්සවය 2011 මාර්තු මස 25 වන දින ගරු දකුණු පළාත් ධිවර, සංස්කෘතික,සමුපාකාර අමාත්‍ය ඩී.වී.උපුල් සහ තංගල්ල කළාප අධ්‍යාපන අධ්යක්ෂ ඇස්.එච්.සුනිල් මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ...
නිවාසාන්තර ක්‍රීඩා සාර්ථකව අවසන් විය නිහිළුව මහා විද්‍යාලය. අප විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සාර්ථක ලෙස පෙබරවාරි 9 වනදා අවසන් විය.ප්‍රථමස්ථානය රන් නිවාසය විසින් දිනා ගන්නා ලදි.දෙවන ස්ථානය මිණි නිවාසයටත් තෙවන ස්ථානය මුතු නිවාසයටත් හිමි විය. ...
මැරතන් තරගය මීට ස්වල්ප මොහොතකට පෙර අවසන් විය නිහිළුව මහා විද්‍යාලය. අප විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අද දින පැවැත්වු මැරතන් තරගයෙන් ආරම්භ විය.එම තරගයේ ධාවන මාර්ගය වුයේ අප විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වී බෙලිඅත්ත නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලින් හැරී නැවත අප විද්‍යාලය අසලට පැමිණීමයි. ප්‍රථම ස්ථානය - රන් නිවාසයේ ලසිත තිලක්ෂණ දෙවන ස්ථානය - රන් නිවාසයේ රසිත් තාරුක තෙවන ස්ථානය -මිණි නිවාසයේ ...
දෙමාපිය ශ්‍රමදාන වැඩසටහන නිහිළුව මහා විද්‍යාලය නිහිළුව මහා විද්‍යාලය. අද දින අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට සමගාමීව සිසුන්ගේ දෙමාපිය සහභාගීත්වයෙන් ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදි .ඒ සදහා දෙමාපියන් මෙන්ම පාසලේ සිසුන්ද ක්‍රියාකාරි ලෙස සහභාගී විය.එහි ඡායාරෑප කිහිපයක් පහත දැක්වා ඇත ...
නව වසරේ හය වසරේ ආරම්භය දා................ නිහිළුව මහා විද්‍යාලය. හය ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කර ගැනීම ජනවාරි 12 සුභ මොහොතින් සිදු විය.දෙමාපිය සහභාගිත්වයෙන් සිදු වු මෙය නවක සිසුන්ගේ නැටුමෙන් ගැයුමෙන් අලංකාර වත් ලෙස පැවැත්වුනි. ...
නිවාසාන්තර ක්රිාඩා උත්සවය ආරම්භ විය. නිහිළුව මහා විද්‍යාලය. අද දින අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ආරම්භ විය.සියළුම ශිෂ්‍යයින් චන්ද්‍ර , සූර්ය, සහ තාරැකා යන නිවාසවලට බෙදන ලද අතර අද දින ක්‍රීඩා පිටිය පිරිසිදුකිරීමේ ශ්‍රමදානයක් පැවැත්වේ. ...
නව පරිගණක විද්‍යාගාරයේ ඉදිකිරීම් ඇරඹේ. නිහිළුව මහා විද්‍යාලය. අතිගරු ජනාධිපතිතුමා පොරොන්දු වු පරිගණක කාමරයේ ඉදිකිරීම් ආරම්භ වු බව අප පවසන්නේ ඉමහත් සතුටිනි.මාස 3ක් ඇතුලත මෙය සාදා නිම කිරීමට අදාල සමාගම බලාපොරොත්තු වන බව අප හා පැවසීය.මෙය ඉදිකළ පසු අපගේ අදහස වනුයේ තංගල්ල අධ්‍යාපන කලාපයේ ප්රමුඛ පරිගණක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි. ...
දකුනු පලාත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ක්‍රීඩා උළෙල 2010 නිහිළුව මහා විද්‍යාලය. සහභාගී වු නිහිළුව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරු මණ්ඩලය