අප පාසලේ විදුහල්පතිතුමා වෙනත් විද්‍යාලයක විදුහල්පතිවරයා වශයෙන් පත්ව යයි.. නිහිළුව මහා විද්‍යාලය. කීර්ති මහේන්ද්‍ර ගුරු පියා මෙම පාසල තුල වසර 6 ක පමණ කාලයක් උප විදුහල්පති වරයා වශයෙන් ද වසර 2 ක පමණ කාලයක් විදුහල්පති වරයා වශයෙන් ද අප පාසලට ඉමහත් සේවයක් ඉටු කලේය.එතුමා 2016.05.06 වන දින සිට වෙනත් විදුහලක විදුහල්පතිතුමා වශයෙන් පත්ව අපෙන් සමුගෙන ගියේය.එතුමා අප විද්‍යාලයට ඉටුකල මෙහෙය අපමණය.එතුමාගේ වෙන්ව යාම අප පාසලට විශාල පාඩුවකි.අප එතුමාගේ ඉදිරි ජීවිතය දියුනුවෙන් දියුනුවට ...
සීතා ගුරුමහත්මිය වසර 39 ක ගුරු දිවියෙන් ඉසිඹු ලැබුවේය. නිහිළුව මහා විද්‍යාලය. දශක ගණනාවක් සුවහසක් දරුදැරියන්ගේ නැණ පහන් දැල්වූ සීතා ගුරු මව වසර 39 ක සේවා කාලයක් අවසන 2016.05.06 වන දින සිට සිය පාසල් ගුරු දිවියට සමුදුන්නේය.ගණිතය විෂය සම්බන්ධයෙන් විශාල ජයග්රහන ප්‍රමාණයක් කරා අප විද්‍යාලය මෙහෙය විමට ඇයගේ කාලය තුල දි ඇයට හැකි විය.අද දින ගුරු දිවියෙන් විශ්‍රාම ගන්නා ඇයට අප සියලු දෙනා දීර්ඝායුෂ පතමු..... ...
ශිෂ්‍ය නායක වැඩමුළුව නිහිළුව මහා විද්‍යාලය. අප පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් සහ අවට පාසල් කිහිපයක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සහභාගීත්වයෙන් ජූලි මස 10 වන දින පෙ.ව 6.30 සිට ප.ව 6.30 දක්වා ශිෂ්‍ය නායක වැඩමුළුවක් අප විද්‍යාල භූමයේදී සාර්ථක ලෙස පැවැත්විණ.මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා වන චන්න වීරසූරිය මහතාය.“නායකත්වය“ යන මැයෙන් එතුමා විසින් ඉතාමත් වටිනා දේශණයක් ද පවත්වන ලද අතර ...
මහින්දෝදය විද්‍යාගාරය විවෘත වූ දා නිහිළුව මහා විද්‍යාලය. අද දින අප පාසලේ මහින්දෝදය විද්‍යාගාරය ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සිදු විය.මෙම උත්සවයේ ප්‍රධාන ආරාධීත අමුත්තා ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා වූ අතර මේ සදහා දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංස කෝදාගොඩ මහතා,දකුණු පළාත් අධ්‍යාපන ලේකම්තුමා,දකුණු පළාත් සැලැසුම් අධ්‍යක්ෂක තුමිය,තංගල්ල කලාප අධ්‍යක්ෂක තුමා,තංගල්ල කලාපයේ සැලැසුම් අධ්‍යක්ෂක තුමා ඇතුළු ආරාධීත අමුත්තන් විශාල සංඛ්‍යාවක් මේ සදහා සහභාගී වුනි. මෙම විද්‍යාගාරය තුල ...
2015 වර්ෂය සදහා උසස් පෙළ සිසුන් බදවා ගැනීම. නිහිළුව මහා විද්‍යාලය. ඊයේ දිනයේදි එනම් ජුනි මස 8 වන සදුදා දින 2015 වසර සදහා 12 ශ්‍රේණිය සදහා නවක සිසුන් බදවා ගැනීම සිදුකරන ලදී.මෙම වසරේ දි ජීව විද්‍යාව,ගණිතය,කලා,වාණිජ සහ තොරතුරු තාක්ෂණය යන අංශ සදහා සිසුන් බදවා ගැනීම සිදුකරන ලද අතර මෙම වසරේ සිට සිසුන්ට නව තාක්ෂණ විද්‍යාගාර තුල තම ඉගැනීම් කටයුතු සිදුකිරීමට අවස්ථාව උදාවී තිබේ.සිසුන් බදවා ගැනීම අති පූජනීය ස්වාමීන්වහන්සේලාගේ සෙත් පිරිත් සත්ගායනා ...
පොසොන් පොහොය දින වැඩසටහන නිහිළුව මහා විද්‍යාලය. මෙවරත් අප විද්‍යාලය විසින් පොසොන් පොහොය සැමැරීම නිමිත්තෙන් සීලසමාදාන වැඩසටහනක් ඉතාමත් සාර්ථක ලෙස සංවිධානය කර තිබුණි.මේ සදහා පාසලේ සියළුම සිසු දරුදරියන්,ගුරු මහත්ම මහත්මීන් සහභාගී වූ අතර සිසුන් සදහා දානය පිළිගැන්වීමේ පුණ්‍යකර්මය දෙමාපියන් විසින් සංවිධානය කර තිබුණි. අප පාසලේ ගුරු ස්වාමීන්වහන්සේ නම වන පූජ්‍ය කිවුලේ විමලවංශ හිමිපාණන් සහ පාසලේ බෞද්ධ සංගමය විසින් මෙම සීල සමාදාන වැඩසටහන සාර්ථකව සංවිධානය කර තිබුණි. ...
වෙසක් පෙරහර නිහිළුව මහා විද්‍යාලය. 2015 වර්ෂයේ වෙසක් පොහොය සැමරීම නිමිත්තෙන් අප තංගල්ල කලාපය තුල ක්‍රියාත්මක වෙසක් පෙරහැර පැවැත්වීමේ වැඩසටහනේ බෙලිඅත්ත කොට්ඨාසය තුල පවත්වනු ලබන වෙසක් පෙරහර අද දින පාසල් සිසුන්ගේ දායකත්වයෙන් සාර්ථක ලෙස පවත්වන ලදි.මේ සදහා බෙලිඅත්ත කොට්ඨාසයේ සියලුම පාසල් වල ගුරුවරුන් සහ ළමුන් තම දායකත්වය සපයන ලදී. ...
2015 වර්ෂයේ පාසලේ ශිෂ්‍ය නායක දිනය නිහිළුව මහා විද්‍යාලය. අප පාසලේ වාර්ෂික ශිෂ්‍ය නායක දිනය මෙවරද උත්කර්ෂවත් අයුරින් මැයි මස 8 වන දින අප පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.මේ සදහා විශේෂ ආරාධිත අමුත්තන් රාශියක් සහභාගී වු අතර පාසලේ නර්තන කණ්ඩායම විසින් මෙම අවස්ථාව වර්ණවත් කරන ලදී. ...
මෙවර අප පාසලේ වෙසක් උත්සවය සැමරූ හැටි නිහිළුව මහා විද්‍යාලය. අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ “ඉපදීම“ “බුද්ධත්වයට පැමිණීම“ සහ වසර 80 ක් ආයු වලදා “නිර්වාණයට පැමිණීම“ යන විශේෂ අවස්ථා අනුස්මරණය කිරීම නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනයා වෙසක් උත්සවය අති මහත් ගෞරවයෙන් යුක්තව සමරනු ලබයි.මෙවර ද අප පාසලේ වෙසක් උත්සවය නිමිත්තෙන් විවිධ ආගමික කටයුතු කිහිපයක් සංවිධානය කර තිබු අතර “බෝධි පූජා පින්කමක් පැවැත්වීම“ ,“ගල්කෙම පුරාණ රජමහා විහාරය තුල ශ්‍රමදාන කටයුත්තක් පැවැත්වීම“,“වෙසක් ...
නිවාසාන්තර ක්‍රිඩා උත්සවය අදින් අවසන් විය. නිහිළුව මහා විද්‍යාලය. 2015 වර්ෂය සදහා අප පාසලේ නාවාසාන්තර ක්‍රිඩා උළෙල ඉතාමත් සාර්ථක ලෙස අදින් අවසන් විය.ක්‍රිඩා උළෙලේ ශූරතාවය සදහා "රන්" "මිණි" "මුතු"ලෙස නිවාස තුනකට බෙදී සිසුන් තරග වැදී අතර මෙහිදී ශූරතාවය ලබාගනු ලැබුවේ "රන්" නිවාසය විසිනි.අප පාසලේ සිටින දක්ෂ දුවා දරුවන්ගේ සහජ දක්ෂතා කළ එලි දැක්වීමට ඔවුන්ට මෙය මහගු අවස්ථාවක් විය. ...
බ්‍රිතාන්‍ය කවුන්සලය මගින් පවත්වන ලද ඉංග්‍රීසී වැඩමුළුව නිහිළුව මහා විද්‍යාලය. බ්‍රිතාන්‍ය කවුන්සලය මගින් පවත්වනු ලබන ඉංග්‍රීසි වැඩමුළුව 2015.01.24 වන සෙනසුරාදා අප විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයේ දී සාර්ථක ලෙස පවත්වන ලදී.මේ සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉංග්‍රීසි ගුරුභවතුන් 20ක් පමණ සහභාගී විය. ...
6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම. නිහිළුව මහා විද්‍යාලය. මෙම වර්ෂය සදහා 6 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කරගැනීම 2015.01 දින උත්සවාකාරයෙන් පැවැත්වුණ අතර මෙහිදී සෙත් පිරිත් සත්ගායනා කොට ආශිර්වාද ලබාගනිමින් සුබ මොහොතින් වැඩ කටයුතු ආරම්භ කරන ලදී. ...
වර්ෂ අවසාන විවිධප්‍රසංගය සහ P.R.පතිරණ විදුහල්පතිතුමාට සහ අමල් ගුණවර්ධන ගුරුමහත්මාණන්ට සමුදීමේ උත්සවය.... නිහිළුව මහා විද්‍යාලය. මෙම මස 4 වන දින අප පාසලේ වර්ෂ අවසාන විවිධප්‍රසංගය පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.මෙම ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ වූයේ සිසුන්ගේ සැගැවුණු දක්ෂතා ඉලිදැක්වීමයි.මෙහිදී රගපෑමට,නර්තනයට,සංගීතයට සහ කාව්‍යයකරණයට දක්ෂතා දක්වන සිසුන් රැසක් හඳුනාගැනීමට අප හට අවස්ථාව උදා විය.එසේම අප පාසලේ දියුණුවට ඉමහත් සේවාවක් ඉටුකල P.R පතිරණ විදුහල්පතිතුමාට සහ අප පාසලේ පරිගණක විද්‍යා විෂය ආරමිභ කිරී්මේ සහ ඊ-ගම්මාන වැඩසටහනේ නිර්මාතෘ අමල් ගුණවර්ධන ගුරු ...
අප පාසලේ නව විදුහල්පතිතුමා නිහිළුව මහා විද්‍යාලය. ඔත්තෝම්බර් මස 10 වන දින සිට අප පාසලේ නව විදුහල්පති තුමා වශයෙන් කීර්ති මහේන්ද්‍ර මහතා රාජකාරි කටයුතු ආරමිභ කලා.එතුමා මෙම පාසලේම නියෝජ්‍ය විදුහල්පති තුමා වශයෙන් වසර පහක පමණ කාල සීමාවක් කටයුතු කරන ලද අතර එතුමාගේ නව පත්වීම වෙනුවෙන් අප පාසලේ සියලුම දෙනා සුභාසිංශණ පලකරයි. ...
සමස්ත ලංකා ගුරු ක්‍රිඩා උළෙලේ ජයග්‍රහණය නිහිළුව මහා විද්‍යාලය. අප විද්‍යාලයේ සේවය කරණු ලබන මහානාම ගුරු මහත්මා සමස්ථ ලංකා ගුරුවරුන්ගේ ක්‍රිඩා තරඟාවලියේ ධාවන තරග ඉසව් වලින් රන් පදක්කම් එකක්,රීදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමෙන් අප විද්‍යාලයට කීර්තියක් ලබා දීමට සමත් වී ඇත.ඔහු මෙම තරඟාවලියේදි අවු 40-45 වයස් කාණ්ඩය යටතේ තරඟ වැදි අතර මෙම තරඟාවලිය නුවරඑලිය නගරයේ දී පැවැත්විණි. ...
විදුහල්පතිතුමා උසස් වීමක්ලැබ නික්ම යයි. නිහිළුව මහා විද්‍යාලය. අප විද්‍යාලයේ විදුහල්පතිතුමා ව සිටී P.R.පතිරණ විදුහල්පතිතුමා උසස්වීමක් ලැබ වලස්මුල්ල කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරයක් ලැබ අප පාසලෙන් නික්ම ගිය බව දැනුම් දෙන්නේ ඉමහත් සතුටිණි.එතුමා අප විද්‍යාලය තුල සිටී කෙටි කාලය තුල දී අප විද්‍යාලයට ඉමහත් සේවයක් සිදු කළ අතර සියලුම දෙනාගේ හොද හිත දිනා ගැනීමට එතුමාට හැකිවිය. ...
ලෝක ළමා දින සැමරුම නිහිළුව මහා විද්‍යාලය. මෙවර ද ලෝක ළමා දිනය වෙනුවෙන් අප විද්‍යාලය ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබූ අතර සිසුන්ට අයිස්ක්‍රීම් සංග්‍රහයක් සහ ළමා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සිදුකෙරිණි. ...
දෙමාපිය වන්දනා වැඩසටහන නිහිළුව මහා විද්‍යාලය. අද දින අප පාසලේ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් දරුවන්ට දෙමාපියන්ගේ වටිනාකම සහ දෙමාපියන් වර්තමාන සමාජය තුල තම දරුවන් වැරදි ක්‍රියාවන්ට යොමු වීමෙන් වලක්වා ගන්නේ කෙසේද යන්න පිළබද දැනුවත් කිරීම සදහා මා පිය වන්දනා වැඩසටහනක් පැවැත්විණි.මෙම වැඩසටහන මෙහෙය වනු ලැබුවේ පූජ්‍ය බුද්ධියාගම ධම්ම සේන හිමියන් විසිනි. ...
අප පාසලට ආසියානු සංවර්ධන අරමුදලේ නිලධාරීන්ගේ පැමිණිම. නිහිළුව මහා විද්‍යාලය. 2014 සැප්තැම්බර් මස 29 වන දින ආසියානු සංවර්ධන අරමුදලේ නිලධාරීන්,දැනුමැති සමාජයක් සදහා අධ්‍යාපනය ව්‍යාපෘතිය(EKSP) අධයක්ෂක තුමා,දකුණු පළාත් EKSP ව්‍යාපෘතිය අධ්‍යක්ෂක තුමා සහ අධ්‍යාප අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් අප පාසලේ පරිගණක විද්‍යාගාරයේ තොරතුරු ලබා ගැනීමට අප විද්‍යාලයට පැමිනුණා.මෙහිදි ඔවුන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලාංකීය ග්‍රාමීය පාසලක් වශයෙන් අප පාසල රජය සහ පෞද්ගලික අංශය සම්බන්ධ කරගනිම්න් පාසලේ දියුණුවට සහ ප්‍රජාවගේ දැනුම වර්ධනය ...
6 සහ 7 ශ්‍රේණිවල සිසු දරුදැරියන්ගේ ක්ෂේත්‍ර චාරිකාව නිහිළුව මහා විද්‍යාලය. පසුගිය සිකුරාද දින එනම් සැප්තැම්බර් මස 19 වන දින අප විද්‍යාලයේ 6 සහ 7 ශ්‍රේණිවල සිසු දරුදැරියන්ගේ විද්‍යා විෂය සම්බන්ධ දැනුම වර්ධනය කිරිමේ අරමුණින් කොළඹ ග්‍රහලෝකාගාරය නැරඹීම,හික්කඩුව කොරල් පර නැරඹීම, සහ කැළණීය වෝටර් වර්ඩි මත්ස්‍ය සහ කුරුලු උයන නැරඹීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කෙරිණ.මීට අමතරව කැළණිය පුරාණ රජ මහා විහාරය වැද පුදා ගැනීමද සිදු කළ අතර මේ සදහා ගුරු මහත්ම ...