වසර අවසන නිශා පෙම් හසරැල් වසර අවසන ඉරු දිනක මම මද්දහනෙ නුඹෙ පහස සෙව්වාගාලු මුවදොර වෙරළ අභියස නුඹේ රුව මම මවන් උන්නානැතත් අප හට මතක මේ බිම නුඹට මෙහි එන රුචිය තිබ්බාඅපට මෙහි විත් දෑත් බැඳගෙන ඇවිද යන්නට හැකිව තිබුනානුඹත් මාගෙන් දුරස් වීගෙන තනිව ඉන්නට සිහින මැව්වාමමත් මෙහි ඉඳ නුඹව පතමින දිනක යලි එක්වන්න පැතුවාගලින් ගල නැග බිඳෙන රළ පෙළ අපේ ගමනට දොසුත් නැගුවානමුත් නුඹ ...
නිති දැනේ නුඹ නිශා පෙම් හසරැල් දුරින් උන්නත් මගේ නම්නෙතග කඳුලක් නොවේ යම්ලඟින් උන්නත් දුරින් නම්දෙනෙත තෙත් වෙයි නිතින් බංනුඹට පෙම් කල හිතින් මංඅහක බලනේ කෙසේ යම්නුඹව හිමි වන පිණක් නම්හැකි ද පාදා දෙන්න බංනිහඬ නුඹ දෙස බලන් මංසුසුම් ගොන්නක් හෙලමි දැන්හදේ දළු ලන ගින්න නම්නුඹෙ දියෙන් හැක නිවනු බංඇතොත් සැක කිසි හිතේ යම්නුඹව හැරදා යතැයි නම්මෙලෙස පෙම් කර නුඹට මංදමා යන්නේ කෙලෙස බංවසත් අවසන් වෙලා ...
බලාපොරොත්තුවේ පැණය නිශා පෙම් හසරැල් පළමු හමුවෙදි හදේ පොපියපු උණුසුමෙන් අපි මිදීලාසයනයේ අප වැතිර දොඩමළු වුනා දෑඟිලි ගොතාලාමතකදෝ නුඹ ඇසුව පැණයක් මගේ ළයෙ හිස හොවාලා“අයියෙ අපි ආදරේ කරමු ද” කියා මා ගත බදාලාහදත් බරැතිව මහට පිළිතුරු නැතුව ගිය හැටි හිතාලාමඳක් නිහඬව නුඹව තදකර ගතිමි ළය මත හොවාලානේක වාරෙක බිඳුනු මා හද යළි බිඳෙයි බිය හිතීලාකඳුළු දුටුව ද නෙතට ඉනු මා ඊට නොහැකියි කියාලාමහද සොරකම් කෙරුවෙ ...
ගාලු මුවදොර නිශා පෙම් හසරැල් ගාලු මුවදොර කොනක හිඳ මමබසින හිරු දෙස නෙත් අයාගෙනබිඳෙන රළ හඬ පරදවන ලෙසහද හැඬෙව්වා නෙතග තනියටනුඹට තනිවම පෙමින් බැඳ මමනුඹට කරදර කලා නිතරමමගේ ඇසුරෙන් මිදෙන කොට නුඹකඳුළු වැඩියා නෙතග තනියටඅඳුර ටික ටික සයුර වෙලමිනපොහෝ සඳ නැග ඒවි හෙමිහිටමගේ ලොව වෙලනා මෙ අඳුරටනුඹ ය පුන් සඳ එළිය ගෙන දෙනසත් වසක් පෙම් නොකල මා හදනුඹේ ලෙන්ගතු කමට මුදු විණනුඹෙත් මාගෙත් දෙහිත් මුහු ...
Dreams නිශා පෙම් හසරැල් I never knewthat you had dreamsthat I could fulfill,but surprisingly,in just one day,I could dotwo of themmaking you feelon top of the world.I will patiently waituntil I becomea dream of yours,waiting to be fulfilled.
නුඹ ම අරමුණකි නිශා පෙම් හසරැල් නුඹ වසන්නා සීත නගරෙට ආ නමුත් පෙර කල හුඟක්මෙදා යලි එමි නුඹ විඳින්නට හිත් බැඳන් එක අරමුණක්ගිලිහි යන්නට මොහොතකට පෙර අල්ල ගන්නට හිත් මලක්ආදරෙයි මම නුඹට නුඹ හට නොදැනුනත් ඒ බව හුඟක්කොළඹ නුබ යට නුඹත් එක්කල හමු වුවත් අප දින අටක්නව මසක් අප අපට නොහිමිව ගත වුනා මහ කාලයක්ගතවෙනා හැම මෙහෙතෙ අද පසුතැවෙමි හද දරමින් බරක්නුඹට බහ නොම දී තැවූ ...
නුඹේ නගරයෙ නිශා පෙම් හසරැල් නුඹේ නගරයෙ ප්රථම හමුවටසිහින මැව්වා තාම මතකයිමගේ නගරයෙ හමු වුවත් අපඅපට මග හැරුනු-තැන් බෝමයිමහට නුඹ පෙම් කලා එදවසපැතුම් පොදි බැඳ තාම මතකයිඑදා සිට රහසේ ම නුඹ හටකල පෙමින් අද මෙමා අන්ධයිඑදා මෙන් නැති වුනත් බැඳෙනටපෙමක නුඹෙ අද හිතත් හයියයිසමා වුව මැන නුඹේ සිහිනයබොඳ කෙරූ ඒ දවස් නොහොඳයිදිනක් ලැබ ඇත හමුව දැකුමටසීත නිම්නෙක නුඹේ රුවමයියලිත් මග නොම හැරී යන්නටඅතින් අල්ලා ගන්න ...
නුඹ නැතුව නුඹ එක්ක නිශා පෙම් හසරැල් නුඹ මැවූ ලෝකයෙහිමම පමණි අද තනිවනුඹ නැතුව නුඹ එක්කඅප ගියපු හැම තැන මනුඹ එතැයි දිවි මගටනෙත් අයන් ඉමි තව මතුන් හිතත් දවා ගෙනනුඹෙ සිහිල පතා මමකොයි කලක වේ ද අපසිතු පැතුම් ගැලපීමඇල් මැරුණ නුඹෙ සිතේමගේ පෙම දළුලන්න ...
මම ඉමි බලන් නිශා පෙම් හසරැල් කෝපි උගුරක් බොන්න නුඹ යන දුරක්මතක අහුරක් දමා විසි කර මගක්හමුව දොඩමලු වෙන්න ඇත්තෙ ද හුඟක්අපට සම කල හැකි ද ඒ කිසි අයෙක්මිතුරු යදමෙන් මාව බැඳි නුඹෙ හිතත්විවර වෙන හැටි අනුන් ඉදිරියෙ මහත්පුදනු හැකි නම් දෙනෙත් මා දුටු හැමත්හමුව රිසි වෙද දුටු සියල් දෙන කිසිත්යමින් එන විට විඩාවක් දැනුනහොත්සොයන් යන විට පැතූ පෙම්බර රුවක්ගිමන් හල මගෙ නිතින් දොරගුලු හැරන්ඇවිත් යන්නට ...
දැනෙන තුරු නිශා පෙම් හසරැල් නුඹ,මගේ යැයි දැනෙන තුරුමම,බලා ඉමි ගණන් වරුහිරු,නැති දාට නැතෙයි තරුමට,එළිය දෙන නුඹයි හිරු
කොමෝ නගරයේ 2 නිශා පෙම් හසරැල් කොමෝ නගරයේ.... ඇවිද යමු අපි නුඹ මැවූ සිහිනෙක…වීදි සැඟවුනු ගලින් ගල ගැනදෑත් බැඳ පෙම් රහස් කිය කියවෙමු ද රූ අපසිතුවමක දසුනක…වෙමු ද පද වැලගෙතූ පෙම් කවියක…වීදියේ කොන අසුන් මත හිඳසරත් සම ගොළු කෙරූ තුරු යටදෙනෙත් බැඳ ඉඟි මරා කිය කියා රස කතාසිප ගමු ද ලං වෙලාසෙනෙහෙ සුසුමන් කොපුල් මත තවරලාතුරුහි දිදුලන පහන් මිණි කැටමවයි සුර පුර අපට සෙත් කර{ සිහිල් ...
ගැලරියේ නිශා පෙම් හසරැල් ගැලරියේ අද තනිව මා පමණයිසොඳුර නුඹ නැති සිතුවමක් කුමටැයිහදින් ඉකිබිඳ නෙතින් වැසි වලකයිඅපෙන් හැඩ වුනු බිම ම අද නිහඬයිගෑටුවා අප ගැලරි එක දෙක නුඹට මතක ද සොඳුර එදවසසිහින් ගී සර ඇහෙන තාලෙටසිතුවමක උස් ගැඹුර මැන මැනසත් මසක් අග හදින් ඉගිලුනතුන් හිතේ නුඹෙ ශේෂ තව ඇතනුඹත් ගිලිහින මා ද ගොළු වියකාලයේ වැලි තලයෙ සැඟවින ...
පැරදී නුඹ හට නිශා පෙම් හසරැල් අද මා හා හිඳ හෙට ඔහු හා ගියනුඹ අත සදහට හිමි නොම වෙද මටනුඹ තනි මකනට සටනින් අපතරඅද මා එහි නැත පැරදී නුඹ හටනොසිතුව දුරකට නුඹ යළි ගියෙහි දඔහු හට සිත් බැඳ මා ඇති වුනා දපෙමකට උවමන සැඟවුවෙ කුමට දඒ මම නිසා ද ඔහු නොව නිසා දදුරින් වුවත් සඳකට පෙම් බැඳි බවනුඹ තෙපලුවෙ ඔහු සඳ දෙස බැලුවමනුඹෙ ලොව සඳ වී ...
කඳුලු අහුරක් නිශා පෙම් හසරැල් නෙතට ගලනා කඳුලු අහුරක්පින්සලක් අග දවට දවටාදරමි තැත නුඹෙ රුව මවන්නටසෙනෙහසින් බැඳි මතක අලලාපිය මැනූ තැන් නැතත් දහසක්දෙඩූ අප තතු රහස් සඟවාතනමි නුඹ පෑ ඉඟි ලිහන්නටවර්ණ කැන්වස මතට හලලාඇඟිලි හසුරා කලත් වෙහෙසක්නෙත් දියේ පෑ නැතත් කිසිදාඅඳිමි නුඹෙ රුව නිති මැවෙන්නටපෙමට කල මා තනිව බැඳිලාදෑස් බොඳකර මැවූ සිතුවම්හිමි වුනොත් යලි නුඔව මතුදාඉහමි සත් පෑ නුඹ මැවෙන්නටසෙනෙහෙ කිසි නොම යන්න බෙදිලා ...
සඳ බලා නිශා පෙම් හසරැල් මා හිතේ නොසතුට මුවින් දිස්වෙනවාමා හදේ රිදවුම නෙතින් වෑහෙනවාඅන් බිමේ නුඹෙ සිත් මලක් පූදිනවාහද විලත් වස්සානයේ වියලෙනවාසඳ බලා දුර හිඳ නුඹව සිහි කෙරුවාසඳ බලා නුඹ අන් රුවක් සිහි කෙරුවාමග බලා උන් මම පෙමක් හද කැඳවාමා මුදා නුඹ අන් හදක් යලි පැතුවාපුන් පොහෝ දින මා සිතින් ලතැවෙනවානුඹ උනුන් හා තේ පැණින් තුටු වෙනවානුඹ දතත් මා නුඹ වෙතේ ලංවෙනවානෑ දැනුම් නුඹ හට ...
කොමෝ නගරය නිශා පෙම් හසරැල් කොමෝ නගරයෙ ඇවිද යමු අපිදෑත් බැඳ නුඹ මැවූ සිහිනෙකවීදි සැඟවුනු ගලින් ගල ගැනවෙමු ද රූ සිතුවමක ඇමුණුමවීදි කොන රිසි අසුන් මත හිඳ සරත් සම ගොළු කෙරූ තුරු යටබැඳී නෙත් යුග හටන් කර කරසිප ගමු ද රස කතා කිය කියතුරුහි දිදුලන පහන් මිණි කැටමවයි සුර පුර අපට සෙත් කරසිහිල් පවනට මතක මුසු කරපියා සරමු ද කොමෝ හැම වස ...
පැතුමන් නිශා පෙම් හසරැල් හැම දින තුදුසක අන්තෙක මසීත කඳුකරේ සැඟවෙන රුවකටපෙම් බැන්දා හද නිහඬව මයළි හමුවෙන්නේ කෙදින ද නොදැන මසඟවන්නේ පෙම කුමකට දහද තෙරපෙන වදනින් නහවන්නටසැඟවේ දෝ මා නොම දැන මඅනෙකෙකුගේ ලොව හද පෙම් කුටියකලතැවෙන්නේ හිත කුමකට දනැතිව ද පෙර කල හද ඇඳි ආලයනිම වේ දෝ අපෙ දිවි මෙලෙසබොඳව යනෙන පැතුමන් දෙස බලමින ...
නුඹට හිත නැති නිශා පෙම් හසරැල් නුඹට හිත නැති පෙම් කතාවක - තනි ව මම නුඹ පතා ඉන්නේහදට රා ගිනි දැනි වෙලාවක - නුඹ ය මුල් වට පෙමින් බැඳුනේඅදට බෝ කල් ඉන් ගියා වු ද - මම ය රළු දුරු මගක යන්නේනුඹට මා අද පෙම් කලා ට ද - මහද නුඹ රා ගිනින් මැන්නේනිහඬ නුඹෙ ස්වර මා රිදෙව්ව ද - නැතිය මා එහි දොසක් කිව්වේඑහඬ නුඹ ...
මා ද සිතුවම් කරන්න නිශා පෙම් හසරැල් දෙසිත් දෙකොනක බැඳේ නම් අපපෙනෙන දුරකින් හිඳින්නදෙ අත් දවටා එක ම සිතුවමනොහැකි නම් තව අඳින්නදොසක් නොව නම් හදේ රැඳෙනටමා ද සිතුවම් කරන්නබොඳව යන සායමක් මුහු කරමතකෙ ඈතට යවන්නපිස්නයේ නුඹ දැවටු පින්සල්පාර මම යැයි හිතන්නරාමු කරනට ඔබින පෙම්බරරුවක් දුටුවොත් කියන්නනග්න තෙලිතුඩ හසුර කැන්වස මැද්දෙ ඒ රුව මවන්නශිල්ප දක්වන දිනට ගැලරියෙමටත් ඇරයුම් කරන්න ...