ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala (http://thripitakaya.com) Latest Posts Most Popular Posts
46. සක්යුපොසථ සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති බොහෝ ශාක්‍ය උපාසකයෝ පොහෝ දිනයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය. ශාක්‍ය උපාසකයන් එකත්පසෙක හුන් කල්හි භාග්‍යවතුන් වහන්සේ, ´´ශාක්‍යයෙනි, කෙසේද? … Continue reading → ...
10. පදුම බුදුරදුන්ගේ වංශය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස. 01. අනොමදස්සී බුදුරදුන්ට පසු කාලයෙහි දෙපා ඇති සත්ත්වයන්ට (දෙවි මිනිසුන්ට) උතුම්වූ (ගුණයෙන්) අසමවූ, තමාට සමාන පුද්ගලයෙක් නැති, නමින් ´´පදුම´´ නම් සම්බුදු රජ තෙම වී. 02. උන්වහන්සේගේද ශීලය අසමය. සමාධියත් කෙළවරක් නැත. උතුම් සර්වඥතාඥානය (නොහොත්) … Continue reading → ...
46. කාය සුචරිතානිසංස සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´මහණෙනි, කාය දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්. 2. ´´කවර පසක්ද යත්? තෙමේද තමාට දොස් කියයි. දැනගෙණ නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂාවක් පැන නගියි. සද්ධර්මයෙන් නැගී සිටියි. හෙවත් දශ කුශල ධර්මයෙන් නැගී සිටියි. අසද්ධර්මයෙහි හෙවත් දශ අකුශල ධර්මයෙහි පිහිටයි. යන … Continue reading → ...
4. සතරවන වර්ගය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ගහ්වර තීරිය ථෙරගාථා :- ´´ අරණ්‍ය නම්ලත් ඒ මහා වනයෙහි ඇටමැසි මදුරු මැස්සන් විසින් පහස්නා ලද්දාවූ ස්මෘති සම්පන්න බුද්ධශ්රාවක තෙම යුද පෙරමුණෙහි ඇතෙකු මෙන් ඉවසන්නේය.´´ ආයුෂ්මත් ගහ්වර තීරීය තෙරණුවෝ මේ ගාථාව වදාළහ. 2. සුප්පිය ථෙරගාථා:- ´´ ඇසිල්ලක් පාසා ජාරාවට … Continue reading → ...
5 පස්වන වර්ගය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. සිරිවඩ්ඪ ථෙරගාථා:- ´´ විදුලීහු වෙහාර පර්වතයාගේද පාණ්ඩව පර්වතයාගේද අතර එල්ල කොට ගෙන හෙන්නාහ. උපමා රහිත වූ අෂ්ටලෝක ධර්ම විෂයෙහි අකම්පිතවූ බුදුහුගේ පුතෙක් පර්වත දෙකක් අතරට පැමිණියේ ධ්‍යන වඩයි.´´ ආයුෂ්මත් සිරිවඩ්ඪ තෙරණුවෝ මේ ගාථාව වදාළහ. 2. ඛදිරවනිය රෙවත ථෙර ගාථා … Continue reading → ...
31. උපාලි දසත්ථවඝ සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, ´´ස්වාමීනි, කරුණු කීයක් නිසා තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට ශික්ෂාපදය පනවන ලද්දේද, පාමොක් උදෙසන (පෝය … Continue reading → ...
33. උබ්බාහිකා සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුක්තවූ මහණතෙම එසවීමකින් සම්මත කළ යුතුද?´´ ´´උපාලිය, ධර්ම දහයකින් යුක්තවූ මහණතෙම එසවීමකින් සම්මත කළ යුතුය. කවර දසයකින්ද යත්? 2. ´´උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්‍ර … Continue reading → ...
3 ධාතුකථාප්‍රකරණය 1. සංකත අසංකත පද නිද්දෙසය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. රූපස්කන්ධය කෙතෙක් ස්කන්ධයන්ගෙන්, කෙතෙක් ආයතනයන්ගෙන්, කෙතෙක් ධාතූන්ගෙන් සංග්‍රහ කරණ ලද්දේද? රූපස්කන්ධය එකම ස්කන්ධයෙන්, එකොළොස් ආයතනයකින්, එකොලොස් ධාතුවකින් සංග්‍රහ කරණ ලද්දේයි. කෙතෙක් ධර්මයන්ගෙන් සංග්‍රහ නොකරණ ලද්දේද? සතර ස්කන්ධයන්ගෙන්, එකම ආයතනයකින්, සප්ත විඥාන ධාතූන්ගෙන් සංග්‍රහ නොකරණ ලද්දේයි. 2. වෙදනාස්කන්ධය, කෙතෙක් ප්‍රමාණවූ … Continue reading → ...
20. විත්ථත සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු රටෙහි කල්මාෂ්‍යදම්‍ය නම් කුරුන්ගේ නියම් ගමක් වේද, එහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. භික්ෂූහු, ´ස්වාමීනි´ යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ, ´මහණෙනි, යමෙක්හි ආය්‍ර්‍යයෝ විසුවාහුද, වසත්ද, වසන්නාහුද, … Continue reading → ...
26. කසුප් බුදුරජුන්ගේ වංශය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස…………….! 01.-02. ´´කොණාගමන´´ නම් බුදුරදුන්ට පසු කාලයෙහි සිවුසස් අවබෝධ කළ, දෙපා ඇති සතුන්ට උතුම්වූ, බැබලීම් ඇති කරණ, නමින් ´´කසුප්´´ නම්වූ දහම්රදතෙම, හැරදමන ලද කුලගෙයද, මූල නම් අපමණ ධන රාශියද, බොහෝ ආහාර පානද, සිත පුරා යාචකයන්ට … Continue reading → ...
පඤ්හ පුච්ඡකය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 16. සම්‍යක් ප්‍රධානයෝ සතර දෙනෙක් වෙති. මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුශල ධර්මයන්ගේ -පෙ- සතර සම්‍යක් ප්‍රධානයන් අතුරෙන් කුශලයෝ කෙතෙක්ද? අකුසලයෝ කෙතෙක්ද? අව්‍යාකෘතයෝ කෙතෙක්ද? -පෙ- සරණයෝ (කෙලෙස් සහිතයෝ) කෙතෙක්ද? අරණයෝ (කෙලෙස් රහිතයෝ) කෙතෙක්ද? කුසල්ම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති. දුක් … Continue reading → ...
9. අනොමදස්සී බුදුරදුන්ගේ වංශය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස……………. 01. සොභිත බුදුරදුන්ට පසු කාලයෙහි දෙපා ඇති සතුන්ට උතුම්වූ, අපමණ පිරිවර ඇති, තේජස් ඇති, යටහත් කළ නොහැකි, ´´අනොමදස්සී´´ නම් සම්බුදුරජතෙම වී. 02. උන්වහන්සේ සියලු සංයෝජනයන් සිඳ, (කාම – රූප – අරූප යන) තුන් භවයන් … Continue reading → ...
3. තුන්වන වර්ගය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. නිග්රොධ ථෙරගාථා :- ´´ මම ජාති ජරා මරණාදිය හේතුකොටගෙන පවත්නා සසරබියෙන් බිය පත්නොවෙමි.අපගේ ශාස්තෲන්වහන්සේ අමා මහ නිවන් විෂයෙහි දක්ෂ වන සේක. යම් ආය්ර්යමාර්ගයෙක්හි (යථොක්ත) බිය නොසිටීද, භික්ෂූහු ඒ ආය්‍ර්‍යමාර්‍ගය කරණකොටගෙන අභය ස්ථානයට යෙති´´ ආයුෂ්මත් නිග්රොධ තෙරණුවෝ මේ ගාථාව වදාළහ. … Continue reading → ...
7. ගයා කාශ්‍යප ථෙර ගාථා ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´ඒ මම දවසට තුන් වරක් උදෑසනද මද්දහනද සවසද උපවාස කාලයෙහි ගයාවෙහි දියට බැස්සෙමි. 2. පෙර නොදන්නා කාලයෙහි මා විසින් යම් පාප කර්මයක් කරණ ලද්දේද එය දැන් මෙහි පා කර හරිමි. පෙර මෙබඳු දෘෂ්ටියක් විය. 3. ´´ධර්මයෙන් හා වැදගත් පදයන්ගෙන් … Continue reading → ...
34. බහුපකාරාවාසික සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වේ. 2. ´´කවර පසකින්ද යත්, සිල්වත්වූයේ, ප්රාතිමොක්ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ … Continue reading → ...
6. සුමන බුදුරදුන්ගේ වංශය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස………. 1. මඞ්ගල බුදුරදුන්ට පසු කාලයෙහි සියලු ධර්මයන් අසමවූ, සියලු සත්ත්වයන්ට උතුම්වූ, සුමන නම් ලෝකනායක තෙම වී. 2. ඒ කාලයෙහි ඒ සුමන බුදුරජහුද ´´මෙඛල´´ නම් නුවරදී චතුරාය්‍ර්‍ය සත්‍ය ධර්ම කථා නම්වූ නවාංඞ්ග ජිනශාසන නමැති අමා … Continue reading → ...
1.රාජදත්ත ථෙරගාථා ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1.´´මහණතෙම සොහොනට ගොස් සොහොනෙහි හැරදමන ලද පණුවන් වටවී කන ස්ත්‍රියකු දුටුයේය. 2. ´´යම් හෙයකින් නින්දිතවූ මළහු දැක ඇතැම් කෙනෙක් පිළිකුල් කරත්ද, මට කාම ආශාව පහළවිය. අශුචි වැගිරෙන ශරීරයෙහි අන්ධයෙකු මෙන් වීමි. 3. ´´බතක් පැසෙන කාලයටත් අඩු කාලයක් ඒ ස්ථානයෙන් බැහැරවූයෙමි. … Continue reading → ...
34. උපසම්පාදෙතබ්බ සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´ස්වාමීනි, කවර ධර්මයෙකින් යුක්තවූ මහණ විසින් උපසම්පදා කළ යුතුද?´´ ´´උපාලිය, දස ධර්මයකින් යුක්තවූ මහණහු විසින් උපසම්පදා කළ යුතුය. කවර දසයකින්ද යත්? 2. ´´උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්‍ර වරදෙහි … Continue reading → ...
2. සුමෙධපත්ථනා කාණ්ඩය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස………! 1.මහා කල්ප ලක්ෂයක් අධිකකොට ඇති සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දැකුම්කලු, මනරම්වූ, දශ ශබ්දයකින් තොරනොවූ, ආහාරපානයෙන් යුත් අමර(වතී) නම් නුවරක් වී. ඇතුන්ගේ කුඤ්ච නාදයෙන්ද, අසුන්ගේ හේසාරවයෙන්ද, බෙර හඬින්ද, සක් හඬින්ද, ´´කව්, බොව්´´ … Continue reading → ...
35. නිස්සයදාන සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1 ´´ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුත් මහණහු විසින් ඇසුරුකොට විසිය යුතුද?´´ ´´උපාලිය, දස ධර්මයන්ගෙන් යුත් මහණ විසින් ඇසුරුකොට විසිය යුතුය. කවර දසයකින්ද යත්?´´ 2. ´´උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්‍ර වරදෙහි … Continue reading → ...