බඩුවක් ගහන එක තමයි විනෝදෙ ටොපිය ඒ තමයි උගෙ පළවෙනි වතාව. ඌ හිතාගෙන හිටියෙ ඒක මාර ත්‍රිල් එකක් කියලා. දෙපැත්තෙ අත් වදින තරමට හීනි, දෙන්නෙකුට මාරු වෙන්න බැරි පුංචි පඩිපෙළ දිගේ උඩට නගිද්දි හිතට ආවෙ අමුතු හැඟීමක්. ඒක ස්පා එකක් ඇතුළෙ වැඩක් කරගන්න පුළුවන් තැනක්. ඉතිං ඌ ඒ වැඩේ කරගත්තා. ඒක උගේ පළවෙනි වතාව. ඇඟ හිරි වැටිලා ශුක්‍ර පථනය සිද්ධ වුණාට පස්සෙ ඌට ලොකු හිඩැසක් දැණුනා. ...
එයා නිසයි මේ සේරම ටොපිය ඔවු එයා හින්දයි මට මේ ඔක්කොම ලැබුනෙ. එයාට මම ආදරෙයි. මම බුදුන් ගාව දණ නමන්න හිතුවෙ එයා නිසා. ඊට කලින් මට සුරපුරේට යන විත්තිය තේරුනේ එයා මගේ ලඟ දණ ගහපු දවසෙ. කොනක ඉඳන් හැමදේම ගානට මිම්මට. ඒක සිද්ධ වුනේ වොෂ්රූම් එකක් ඇතුළෙ. කොළඹ ප්‍රසිද්ධ ෂොපින් මෝල් එකක. ඇඳ උඩ සිද්ධ වෙච්ච අටෝරාසියක් රති කෙලිවලට වඩා ඒක මගේ හිත්ගත්තා. එයාගෙයි මගෙයි ...
වංගුවේ ගෙදර අක්කාගේ කතාව ටොපිය අන්තිමට අපි යාල කැලෙන් එළියට එද්දි දැකලා තිබුනෙ එක නරියයි, මොණරු රෑනකුයි විතරයි. වාහනේ හැම මනුස්සයටම ඒක ගැන අවුලක් තිබුනත්, මූනෙන් ලොකු අවුලක් පෙණුනෙ නෑ. මොකද කාටවත් යාල යන්න, අලි බලන්න, කිඹුල්ලු බලන්න ඕන කමක් තිබුනෙ නෑ. ඒ ආසාව තිබුනු එකම මනුස්සය තමයි ජීවා. ජීවාට ඒක ඕන වෙන්න තිබුනු එකම හේතුව තමයි ඌ අලුතෙන් ගත්තු ලොකු කැමරාව. ඉතිං ඒ වෙනුවෙන් ...
ඒ රස බීෆ් කරිය ටොපිය ෂානකගෙ කතාවඇහැරුනේම ඔළුවෙ කැක්කුමක් එක්ක. ඊයෙ රෑට බොන්න ගත්තු ජින් බෝතලෙන් පුංචි කොටයක් විතරක් ඇඳ ගාව තිබුනා. ෂානකට මතක එතනින් බාගයක් වෙනකං ඉවර වෙන විත්තිය විතරයි. සිගරට් පැකට් එකත් සැළකිය යුතු තරමක් ඉවර වෙලා තිබුනෙ. තරින්දි උයලා ගිය කිසිම දෙයක් කෑවෙත් නැති නිසා ෂානකට තවත් අමාරුයි. තාමත් ඇඳ එහා පැත්තෙ තරින්දි හිටියෙ නෑ. ඒ හින්දා ඔළුවෙ තිබුනු බර ගතියෙ අඩුවක් ...
දැන් මට කරන්නකො ටොපිය ඒ මිනිහව යවපල්ලා! මගේ වැරැද්දෙන් මං හැප්පුනේ. මං පාර මැද්දෙ බිම වැටිල ඉඳගෙන බෙරිහං දුන්නා. ඒත් නුගේගොඩ පිරිච්ච කපුටො වගේ මිනිස්සු ගොඩ ඒවා ඇහුවෙ නෑ. රොටරියෙ කොල්ලො ටික එකතු වෙලා අර අහිංසකයට ගහන්න ලෑස්තිය. මං බැරි අමාරුවෙන් නැගිටින්න උත්සාහ කළා. දකුණු පැත්ත පණ නෑ. හැප්පුනු පාර කම්මුල උඩ පුපුරු ගැහුවා. මං ඒ වාහනේ ළඟට ඇදුනා. ලස්සන කෙල්ලෙකුත් හිටියා ඉස්සරහා සීට් ...
මං අන්තිමට ලියන කතාව ටොපිය කාලෙකට පස්සෙ එයයි මායි හම්බුණේ ඊයෙ වේදිකා නාට්‍යය ඉවර වෙලා එද්දි දොර ගාවදි. මං හිතන්නෙ මාස තුනකට විතර පස්සෙ. හිනා වුණා එයත්. මාත් හිනා වුණා. ඒ හිනාව දැක්ක ගමං මට හිතුණේ මෙයා නාට්‍යය පටන් ගන්න කලින් මාව දැක්කා නම් ළඟින් වාඩි වෙන්න හිතාගෙන ටිකට් ගන්න තිබුණු බව, නාට්‍යය පටන් ගන්නකං කතා කරන්න තිබුණු බව, නාට්‍යය අතරේ හෙමින් අත අල්ලන්න ...
පූජේමි බුද්ධං කුසුමේන නේන ටොපිය හරිම වෙහෙසක් දැනුනෙ දෙදරු පියාට. දවස ආරම්භයේ වෙහෙසම දවස අවසානයෙත් ඉතුරු වෙලා තිබුණා. ඒ කියන්නෙ දවස පුරා කිසිම වෙහෙසක් දැනිලා නැද්ද? දෙදරු පියා පුටුවට බර වෙලා හිතුවා. තැලිලා අව පැහැ ගැන් වුණු කොළ පාටින් තියෙන ලීටර් දෙකේ ස්ප්‍රයිට් බෝතලේ තිබ්බෙ වතුර. දෙදරු පියා ලොකු වතුර උගුරු තුන හතරක් බිවුවෙ කොත්තුව පස්සෙ කනව කියල හිතාගෙන. ඊට එහායින් තිබ්බ හම්පඩ වෙච්චි ...
අනේ මටත් බොරුවක් කියනවද? ටොපිය ඔයා කොහොමද හිනාවෙලා ඉන්නෙ?ඒ එයා මාව ආශ්‍රය කරන්න අරගෙන සති තුනකට පස්සෙ අහපු ප්‍රශ්නයක්. අපි දෙන්නගෙ ආදර කතාව පටන් ගත්තෙත් මීට හුරු ප්‍රශ්නෙකින්.ඇයි ඔයා ඉස්සර වගේ හිනාවෙලා ඉන්නැත්තෙ?මං සාමාන්‍යයෙන් හිනාවෙලා ඉන්න මනුස්සයෙක්. හැමෝම එක්ක කතා කරන, එහෙමට වැඩක් නොකර ඇවිද ඇවිද ඉන්නව කියලා හංවඩු ගැහිච්ච ආයතන සේවකයෙක්. ජීවිතේ සතුටු වෙන්න කියල මට හිටියෙ එයා. එයාට සිද්ධ වෙනවා අම්මලා සතුටු වෙන ...
එයා මට හොඳ වැඩියි! ටොපිය පුදුම විදියට වද දෙනවනෙ ඔයා මට! එයා ඒ කරපු චෝදනාවෙන් මං ඇකිළිලා ගියා. මං එහෙම වද දෙන මිනිහෙක් නෙමෙයි. විශේෂයෙන්ම ආදරේ කරන ගෑනිට. මං එයාගෙන් ඒ කතාව අහගත්තෙ ප්ලේන්ටියක් හදලා ඉල්ලපු නිසා. හැබැයි මං ඇත්තටම එයාට වද දෙද්දි එයා ඒක වදයක් විදියට දැක්කෙ නෑ. එයා ඒක විඳලා තිබුනා. එයාට වදයක් වුණේ ඉඩක් ලැබෙන වෙලාවට එයාගෙ ගෙදරට ගියාම එයාට මගේ තුරුලට ...
ඔයත් එනවද යන්න? ටොපිය එයයි මායි පාරට බැස්සෙ එකට. එයාගෙ මූනෙ තිබ්බ හිනාවක්. මගේ මූනෙ තිබ්බෙ බලාපොරොත්තුවක්. අපි මග දිගට එනකං කතා කළේ එක දෙයක් ගැන. ඒ අපි දෙන්නම හොරෙන් හිනාවෙන තනි මිනිහෙක් ගැන. එයත් හිනා වුණා මං කියපු ඒවට. මාත් එයාගෙ උත්තරවලට හිනා වුණා බලාපොරොත්තුව දල්වාගන්න ඕන නිසා. අපි දෙන්නා ආවා බස් හෝල්ට් එකට. මං එතනින් නැවතුනු එකට එයාට පුදුමයි. එයා හිතුවෙ මං ...
අන්අවේලබල් මිනිස්සු ටොපිය ඉස්සර මම හරි ආසයි අන්අවේලබල් වෙන්න. සිකුරාදා හවසකට ආදරේ කරන ගෑනු දෙන්නටම කතා කරලා මම ඒ විත්තිය කියන සතුට මට තාම මතකයි. එක ගෑනියෙක් නං රණ්ඩු කරනවා. අනිත් ගෑනි බය වෙනවා. මුල්ම කෝල් එක දෙන්නෙ අලුතෙන් ආදරේ කරන්න ගත්තු කෙනාට.මේ අද හවස සෙට් වෙන්න යනව. පාටිය යනව ඉරිදා හවස් වෙනකං. මම කොහේ ඉඳියිද දන්නෑ. බය වෙන්න දෙයක් නෑ. අපි 6 ...
තුසිත රාමවික්‍රම අභාවප්‍රාප්ත වෙයි ටොපිය තමුන් මේ මිනීමැරුම සම්බන්ධයෙන් වැරදිකරුද? නිවැරදිකරුද?වැරදිකරු ස්වාමීණී එෂාන් ට මේ දේවල් හීනයක් වගේ. කාලෙකට කලින් එෂාන්ට මැරිලා යන්න හිතිලා තිබුණෙ. දැන් එෂාන් මිනීමරුවෙක් විදියට උසාවියක් ඇතුළෙ. කවුරුහරි එෂාන්ව මරයි කියලා එෂාන්ව බේරගන්න පොලීසීයෙ අය ළඟින් ඉන්නවා. එෂාන්ටත් ඕන වෙලා තිබුණෙ මැරෙන්න. හැබැයි සුව මනසෙන් එෂාන්ට මැරෙන්න දුන්නෙ නෑ. **********************************ආයුබෝවන් සුව මනස වෙත ඇමතීම ගැන ස්තූතියි අපිට ඔයාගෙ නම කියන්න ...
කවදත් නිවාස අඩස්සියේ සිටින යාත්‍රිකයාගේ කතාව ටොපිය යාත්‍රිකයෙක් වීම මගේ රස්සාව නෙමෙයි. යාත්‍රිකයෙක් වීම මගේ ආසාවත් නෙමෙයි. ඒ වගේම මම කිසිම දේකට විශේෂයෙන් ආසා මිනිහෙකුත් නෙමෙයි. සමහර මිනිස්සු නිදහසට ආසයි. මට නිදහස තිබ්බත් එකයි නැතත් එකයි. සමහර මිනිස්සු සල්ලි ගොඩක් තියෙනවට ආසයි. මට ඉහ ගහල ඉන්න ගානට සල්ලි තිබ්බනං ඇති. ඔය ඔක්කොටම වඩා මං යාත්‍රිකයෙක්. ඒත් නිවාස අඩස්සියේ ඉන්න එක, මං වගේ යාත්‍රිකයෙකුට කොයි තරම් කරදරයක්ද කියලා ...
"ද සමනල කතාව" රෝස මල් රටාවෙන්... ටොපිය ලිපියට පෙර ලියමි: මේකට අදහස් හෝ උපදෙස් වැඩක් නෑ. විමසන්න ප්‍රශ්නයක් කියවන උඹලාට ඉතුරුත් නෑ. මේක ලියන්නේ එක සමනලයෙකුට වෙඩි තැබීමේ පරම අභිලාෂයෙන් පමණයි! මේක මෙච්චර සරලව ලියන්න හේතුවත් මේක වදින්න ඕන ගොබ්බ සමනලයට මේක නොතේරේවි කියලා හිතලයි.තැනක් තිබ්බා බ්ලොග් කියලා.එතන කියවන මිනිස්සුත් ලියන මිනිස්සුත් හිටියා.ඔය අතරේ හිටපු එක ලියන්නෙක් කලක් තිස්සේ ඉඳන් ලියපු කෙනෙක්.දවසක් මේ ලියන්නා තමන්ට හිතිච්ච දේ ...
මගේ තාත්තා ටොපිය සදා තෙදැති ගත හෙටටම වෙහෙස වුනේපතා සුවහසම මා සහ මවුන් වෙනුවෙනේවිටෙක උපදෙස්ද විටෙක රැවුම් රවමිනේතාත්තා හට අදට පනහක් සපිරවුනේදුරදිග සිතා මොනයම් කීවද කොතෙකුත්නොඅසයි නම් මෙමා තව කීවද සැරෙනුත්කෙදිනක හෝ ඔබ මා සිතුවිලි සමමුත්කෙසේ එකඟ වෙද මුරණ්ඩු ලෙයෙහි අරුත්රෑ තුරු මා එනතෙක්ම ඇහැ ඇරන් සිටිමිනේකිසිත් නොම කියා ඇයි ඔබ නින්දට යැවුනේමුවගට සිනා රැල්ලක් නොවැ ඇඳී තිබුනේ"අති විශේෂ" සුවඳ දැණුනා නොවෙද පියාණනේමගේ ...
ප්‍රියයන්ගෙන් වෙන් වීම සැපයකි! ටොපිය කතාව පටන්ගන්නෙ මාතරින්. මාතරින් අපි එන්න හදද්දි හවස් වුනා. කෝච්චියට විතරක් සල්ලි ඉතුරු කරගත්තම අපි තුන්දෙනාටම කන්න සල්ලි තිබුනෙ නෑ. ඉතිං දුවට විතරක් බත් එකක් අරං දීලා වයිෆ් මාත් එක්ක ෆෘට් සැලඩ් එකක් ෂෙයා කරගෙන කෑවා. කොහොමත් බත් කන්න ලොකු ආසාවක් නැති දූ මගෙන් ඇහුව "ඇයි තාත්ති බත් නොකන්නෙ?" කියල. "කෙට්ටු වෙන්න ඕන නිසා" කියල අපි බොරු කිවුව. ඇත්තටම වුණේ ...
අත ගිලිහෙන තැන ටොපිය මම ඒ මනුස්සයව මුලින් ම දැක්කෙ ඉස්කෝලෙදි. අපේ ඉස්කෝලෙ ස්පෝට්ස් මීට් එකට එක තරගයක් තියෙනවා සහෝදර පාසැල් අතරෙ. ඒ තරගෙ සහාය දිවීම දුවන්න අපේ අල්ලපු වැටේ ඉස්කෝලෙන් ආපු හතර දෙනාට ඒ මනුස්සයත් තේරිලා තිබුණා. හැමෝම කිවුවෙ මනුස්සයා මාර වේගෙන් දුවන නිසා උගේ ලැප් එකේදි ඕන ම ලීඩ් එකක් අල්ලලා දිනන්න ආනන්දෙට පුළුවන් කියලයි. ඉතිං මං ඌට සාප කරා. උගේ කකුල ...
මං එයාට ආදරෙයිද කොහෙද ටොපිය කවුරුත් හිතං හිටියෙ මං ඒකිට ආදරෙයි කියල. ඔව් හැබැයි මං එයාට ආදරෙයිද කොහෙද. පිට ඉඳන් උකුසු ඇසින් බලං ඉන්න මිනිස්සුන්ට වරදින්න විදියක් තිබ්බෙ නෑ. ඉඳලා හිටලා මුණගැහෙන දවසට ආසාවෙන් එයා දිහා බලාගෙන හිටියා. කන්න ආසා ජාති අරගෙන දුන්නා. බොන්න ආසා ජාති ගෙනත් දුන්නා. ඒ සිනිඳු අත හෙමීට අතගාලා බැලුවා. මං වගේ ප්‍රශ්න කන්දක් කරගහං ඉන්න මිනිහෙක්ව මෙහෙම නලවන්න ගෑනියෙකුට පුළුවන් ...
එන්ඩ් ඔෆ් ද ඩේ ටොපිය දවසෙ අන්තිමට මං මොකෙක්ද? මං නිකංම නිකං මනුස්ස සතෙක්ද? ආදරවන්තයෙක්ද? පැවිද්දෙක්ද? තාත්තෙක්ද? හිතන්න බැරි තැනක හිර වෙලා ඉන්නෙ මං. වැඩ එකින් එක පහු වෙනව. දරුවගෙ ඉස්කෝලෙ හෝම්වර්ක් ටික මම කරල නෑ. ලබන බදාදා පෝය නිවාඩුවෙ ඔෆිස් එකේ ටීම් අවුට් එක ඕගනයිස් කරන කිසිම දෙයක් කරල නෑ. අම්මා දීපු බඩු ලැයිස්තුවෙ තියෙන කිසිම දෙයක් ගෙනල්ල නෑ. හෙට ගෑනිගෙ බර්ත්ඩේ එකට දෙන්න ...
එයයි මායි අහසට පොළොව වගේ වෙනස් ටොපිය එයයි මායි අහසට පොළොව වගේ වෙනස්. එයා ආසම පැණි රස කන්න. මම ආසම දැවිල්ල කන්න. එයා ආසම වතුරෙ පීනන්න. මම වතුරට බයයි ෂවර් එකක් යටදි ඇරෙන්න. එයා ආසම ඇවිදින්න. මං ආසම ගුලි වෙලා නිදියන්න. එයාට හිටියා යාළුවො ගොඩක්. මට හිටියෙ එයා විතරයි. එයා හැම තිස්සෙම හිනා වෙලා හිටියෙ. මගේ මූන හරිම උදාසීනයි. එයා කැමති නෑ කාටවත් බනින්න. මං නං නොදන්න ...