ආත්මීය සාහිත්‍යයේ පරස්පර දැක්වීම් ටොපිය රසමසවුළු නැති මින් බත් පතට සරූනිසි සැලකුම් නැති ගෙරවිලි රැවිලි පිරූචන්ද්රෝ නුඹ වෙතට මගෙ පෙම මහත් සරූඇතිමුත් යනෙමි බිඳි සිත මගෙ හදනු බොරූතිලක්! තිලක් මේ කතාවේ කථා නායකයා. තිලක් මේ කවිය ලියනව අන්තිමේ බාර් එකෙන් අතට ලැබිච්ච බිලේ. තිලක් පොරක්. තිලක් අඳින්නෙක්. රූප අඳින්නෙක්. ඉඳල හිටලා කවිත් ලියවෙන. වයලින් වාදකයෙක්. රැකියා නාමයට ක්ලාක් කෙනෙක්. තිලක් වෛද්‍ය විද්‍යාලෙ දෙවෙනි වසරට වෙනකං ...
කාල රේඛාව අස හිඳ හුන්නෙමි. ටොපිය 12 ශ්‍රී නිසාන් මෝටර් රියක පිටුපස අසුනේ හිඳි තරුණියට, චැලියක අන්තරායේ ගමන් කල තරුනයෙකු ඉඟි කරන්නට විය. ඇගේ පිළිතුරු ඉඟිය ඔහුගේ මනස සුවපත් කලා විය හැක. මා ඌ කෙරේ සතුටු වුනෙමි. ඌ කෙරෙහි වූ අන්තරාය ඇගේ ඉඟියෙන් තවත් වැඩි වූවා විය හැක. ඔවුන් ඉදිරියට ගිය අතර මා කාල රේඛාව අසල හිඳ බලා හුන්නෙමි. දුහුවිලි සුලං හමා ගිය අතර සංස්කරණ ශිල්පියා ...
මට දැනෙන දේ ඔබට විඳිය හැකි නම්... ටොපිය ඌ මා හා හුරතල් වීමට උත්සහ දරයි. උගේ වලිගය මා සිරුරේ දැවටෙන බැවින්, ඌ මා වටා සුපුරුදු දෛනික පැදකුනුව අරඹා ඇති බව මා දනිම්. ඌ උගේ සුපුරුදු උදෑසන හුරතලය අරඹන්නේ එලෙසය. බීරිඳ අත තබා ගිය තේ කෝප්පය මා බිම තැබුවෙමි. රේඩියෝවේ වාදනය වූයේ "පෙනුණු සුව දසුන්" ගීතයයි. බලු සුරතලය අමතකව ගියේ ඒ මා ප්‍රියතමයක් බැවිනි. ඒ අමතක වීම ඌ කෙරෙහි ...
ඇඩ්වටයිසින් සහ සාසනේ ටොපිය හීන... හීන ඇති කරෝපු බළාපොරොත්තු මිනිස්සු ජීවත් කරවනවා. මිනිස්සු වැඩ නොකරන වෙලාවට දකින හීන වලින් වැඩ කරද්දි හිතට ජවයක් ගන්නවා. හීනය විසින් ඒ වැඩේ කරන්න ආසාවක් ඇති කරවනවා. ඒ නිසා හීනයේ බලෙන් හීනයම හැබෑවක් කරනවා. ඒ කියන්නේ හීනයෙන් හීනය මරනවා. ඒ මරනවා කියන එක සමහරුන්ට ජයගන්නවා කියන්නත් පුලුවන්. මෙගේ හීන... මටත් තියෙනවා හීන. පරන හීන අලුත් හීන වලින් රිප්ලේස් වෙනවා. ...
බිසී වීමම . . . ටොපිය කොයියෝගේ මිනිත්තු එකොලහ අවසන් අඩියට පැමිණ ඇත. කොට්ටය ඇඳ විට්ටමෙන් උස්ව තබාගෙන අවසන් පිටු දෙකද කියවා හමාර කලෙමි. වෙනදා පුරුදු පරිදි පොත පසෙක තබා සරම ලිහුවද; සිතක් නැත. එයට සිතක් නැත. ඒ පොත නිසාදැයි නොදනිමි. නමුදු මට ගැහැනුන් අප්‍රිය වී නැති බව පමණක් දනිමි. ලොවටම තිබූ එකම එළියද නිවා සිරුර ඇඳෙහි මුදා හලෙමි. හොඳ හුස්ම උගුරු තුනක් නහයෙන් ගිලගත් පසු සිරුර ...
මම එයාට ලියපු කවි ටොපිය හැඩවූ විජ්ජුලතාවෝකට්ට කළුවරේහඳක් බයෙන් වලාකුලක් එක්කනිදිවදින වෙලේ...මම හැඩ මැව්වාඋඹගේ...දඩාං ගාගෙනරටා මවපුවිජ්ජුලතාවක් ඇතුලේ...ඔබේ ආදරේ[තාලය හොයලා දීපු ලිෂාන්ට ස්තුතියි.]විඳින පැතුම් සොඳුරු සිතුම්දකිනා සිහිනන් මනරම්බලන බැලුම් නිරන්තරෙන්ඔබ වෙනුවෙන් මා සැමදත්කලෙක වැනුම් සොඳුරු දෙසුම්ආලය වඩවයි තවමත්ඔබත් එක්ක ලොව දකින්නආසයි මං මේ ලෙදටත්සුදූ මැණිකේ මයේ *****ආදර කම්මැලි නිදිමතඇහැරි බලන් තවත් වරක්මා ඉත්දැයි ඇඳට යටින්කොට්ටේ බදං තුරුලේ විකංමැණික් හොයං උණත් බලංපොඩි ආදර දඟලනවද?දෙන්න දෙකක් පස්සේ කිරිත්මම ...
අර්බුද අසිරිය ටොපිය සරසවි සිසුන් හට ඇමතිය නොවී පමාArmy train දුනි ඇසු දුටු පමණටමාසරසවි කෙරෙන් සිප් නගනට ඉන්න තෙමාතුවක්කුවක් ඇල්ලුවාට කරුණ කිමාගෙඩිය හැටැයි බාගය තිහකට දුන්නාමිල අඩු බිත්තරේ කේරලයෙන් එන්නාකොළඹින් නැවක් හම්බන්තොට වෙත යන්නාතෙල් ගහගෙන ඒ නැව ආපහු එන්නාගාලු සිරිය රැකගමු පෙම නවතාලාදුමට කොටු දාමු අරක්කු බිමට හලාසුද්දට නැවෙමු රට විනිමය උපදවලාගොන්නු හිරේ යනවට මැති එරෙහිවෙලාරජයේ පඩිය හරි ගොඩකින් වැඩිවෙන්නාවිදුලි බිලත් නොදැනෙන ලෙස ...
අප්පා ඉප්ප සාප්පාටීංගලා? ටොපිය මා හාන්සි පුටුවේ ඇලවී හිස ඒ මත කුෂන් කැබැල්ලට බර කලෙමි. මහත් සිසිලක් ගත මෙන්ම සිත පුරාද උඩුදුවමින් ඇත. එකල මගේ දෙමව්පියන්ද පැවසූ ලෙසක දරුවන්ගේ විවාහය දෙමව්පියනට කොතරම් අස්වැසිල්ලක්දැයි දැණුනි. මාගේ විවාහයෙන් පසු මාගේ දෙමව්පියන් කෙරෙන් දුටු ඒ සිහිලස මගෙන්ද විහිදෙනු මට දැණිනි. එහෙත් සිතෙහි යම් කුහුලක් දැනෙයි. ඒ කුහුලක්ද? මා සිස්ටම් එක සුණු විසුණු කරන්නට අණුබල දුනිද? මිතුරන් යමක් ...
[ස්පර්ෂය+රසය+රිද්මය+සුවඳ+ආලෝකය] ටොපිය මා දවසේ ප්‍රියතම කුල්මත්ම මොහොත ගත කරමින් සිටිමි. බිත්තියේ හරි මැදින් උඩ කොටස ළා කොල පැහැයකි. එහි යට කොටසට ළා නිල් පැහැ ටයිල් අල්ලා ඇත.බිම ක්‍රීම් පැහැති ටයිල් මත මාගේ අඩි සළකුණු රටා මවා ඇත. මෙය මා උපරිම නිහඬ බවකින් සහ සුවඳවත්ව ගත කරන කාලයයි. ඒ ලැවෙන්ඩර් සුවඳ විය යුතු යැයි මා සැක කලෙමි. හැඩ කැටයම් කපා ආලෝකයන් වට කර ...
තැඹිලි කීර්ති ටොපිය දැන් හවස හයයි. ඇඳේ ඇලවුනේ දෙකයි තිහට උනාට නින්ද ගියේ නෑ. ඇහැ පියවගෙන එයා ගැන හිතුවා. අරයා ගැනත් හිතුවේ නැතුව නෙමෙයි. ඒ අස්සේ මෙයාවත් මතක් උනා. මම නැගිටලා සාලෙට යද්දී මේසේ මැද්දේ ෆ්ලාස්ක් එක තියලා තිබ්බා. අම්මා එහෙම තියලා යන්නේ මට තේක අමතක වෙනවට. "අද තනියම හින්දා වෙන්නැති", මෙච්චර වෙලාවක් මට නින්ද නොයන්න හේතුව හොයපු හිත කිව්වා. ඒ අඩහඳයද දන්නෙත් ...
දේශීයත්වය, දේසීයත්වය, දේෂිඃයත්වය ටොපිය චොකලට් බිස්කට් මැද්දට හෙයා ජෙල් යොදා ආහාරයට ගෙන කටෙහි ඉතිරි වූ ජෙල් තට්ටු කොරෙක්ස් ඩී වලින් බඩ තුලට සෝදා හැර අතුරුපසට හාන්ස් ටිකක් තොල් වැටියේ තබාගෙන දේශානුරාගය සිත්හී උපදවා කියවනු මැනවි!හවස හයටද පාන්දරටද පිරිත් අහන, කොටට ඇඳගත්තු බඩු උදේ පාන්දරට ටීවී එකේ ආයුභෝවණ් කියන දේශීයත්වයෙන් පිරිච්ච රටක කඩයකට වැද කන්නට ඉඹුල් කිරිබත්, වැලි තලප, අග්ගලා සෙවූ කලෙක. . . කොටුවට ...
පෙරේරා තුන් හවුල සහ බයිලා ටොපිය කතා කිරීමට අවැසි වූයේ සිංහල ගීතයට කෙල වන ආකාරය සහ මා අතිශයින් රස විඳින සහ ආශා කරන සැබෑ මානුෂීය හැඟුමින් සහ රසයෙන් පිරි බයිලා ප්රමුඛව ලාංකීය පෙරේරා වරුන්ගේ සංගීතය පිළිබඳවයි.මාතෘකාවට බයිලා ප්රමුඛ වුවද පෙරේරා අනු කොටසක් වුවද බයිලාවට නැති අතිශය සුන්දර කළාකරුවෙකු සිහියට නැගෙන්නේ එතෙක් මෙතෙක් සහ මා මියෙන තෙක් මා ප්‍රියතම ගායක ම'වින් පෙරේරා ය. මෙම ලිපියේ පලමු කොටස ...
පිරුනු වසර ටොපිය කියපු වැරදි වගේම නොකියපු වැරදිත් තොගයක් තියෙන මිනිහෙක් මම. නොකියපු වැරදි නොකියපු කැටගරියෙම තියෙන්නේ මතක් කරන්න, ඒ ගැන කතා කරන්න අකමැතිවට මිසක් හංගන්න ඕනවට නෙමෙයි.හිතන් හිටියා මේ ගැන ලියන්න බ්ලොග් එකක්. ඒක කවි සෙට් එකක් කරනවද, කතාවක් කරනවද කියලා හිත දෙගිඩියාවෙන් තාමත්. මෙතන ඉඳන් ලියවෙන්නේ හිතේ තියෙන ටික තමයි කතාවෙනුත් කවියෙනුත්.මම තාමත් මතක් කරනවා. . .මිනිස්සුන්ගේ පොරත්වයට අපි හිනා වෙච්ච ...
ඉන්ද්‍රජාලිකයාගේ මරණය ටොපිය මෙය මින් සති කිහිපයකට පෙර පැවති කෙටි කථා තරඟයකට ලියන ලද්දකි. පෙර කියවා ඇත්තෝ සමාවෙත්වා. මෙය එම කෙටි කථා තරඟයේ, අග සිට ජනප්‍රියම ස්ථාන පහ තුල සිටි සේම මුල සිට හොඳම තුන් වෙනි කතාව ලෙස තේරී පත්වුනි. මින් පෙර කියවූ සහ අඩු පාඩු සඳහන් කලවුනට ස්තූතිය!අත්ලවල් එකට වදින දෙස ඔහු මොහොතක් බලා සිටියේය. ඒ ශබ්දයට ඔහු ආශා කල අතර එය ...
සින්නවීම ටොපිය ලෝකෙ කැරකෙන ස්පීඩ් එක එක මොහොතකට අඩු වෙලා ආයෙ යථා තත්වෙට ආවොත් අපි වැටෙයිද? එතකොට අපි හැමෝම එක පාර වැටෙයිද? කලින් දැනගෙන හිටියොත් නාසා එකේ මිනිස්සු වටේට කොට්ට තියාගෙන ඉඳියිද? රාජ්‍ය නායකයො තමන්ගෙ ආරක්ෂකයො වට කරගෙන මිනිස් පවුරකින් ආරක්ෂා වෙයිද? අපි අඩු තරමින් බිම වැටෙනකම්ම ඕක ගැන දැනගනියිද? අපි කැරකි කැරකි ඉර වටේ කැරකෙනවා. අපි වගේම අනිත් ග්‍රහලෝක නමයත් ඉර ...
අන්තිම දවසෙ රෑ ටොපිය ඒ තමයි අන්තිම දවසෙ රෑ. රෝමය ගිනිගන්න ගමන් තිබුනෙ. සුදු පැහැ ඇඳ උඩ වැතිරිලා හිටපු නිරුවත් තරුණ අඩු වයස් කෙල්ල දිහා බලන්නෙවත් නැතුව ඌ විස්කි ටිකක් වීදුරුවට දාගත්ත. ඒ මොහොත නරුම මොහොතක් විදියට උගේ මතකෙ රැඳිලා තියෙන්න ඇති. ඒ තමයි ඌ මොහොතකට කලින් පුදුම ආසාවකින් නිදි වැදපු, තන් උරපු, පහුරු ගාපු පුංචි කෙල්ල උගේ දුවගෙ පන්තියෙම දරුවෙක් කියල ඌ දැනගත්තු ...
ගුඩ් මෝනිං! ටොපිය ගුඩ් මෝනිං! කාලෙකින් ලියනව ඩයරි පිටුවක්. ඇයි මෙහෙම ලියන්න වෙන්නෙ? එහෙම ලියන්න වෙන්නෙ මට ලියවෙන්නෙ නැති නිසා. ඇයි මට ලියන්න ඕන වෙන්නෙ? මං ලියන එකෙක් නිසා. රස්සාවට ලියන එකෙක් නිසා. එන වැඩවලට පයින් ගහන්න බැරි නිසා. කැරිම අපත හැඟීමක් එක්ක දියවෙලා යන නීරස ජීවිතයක් වගේ හැඟීමක් ඉතුරු කරගෙන මේ ලියන්නෙ ඒ ටික ලියාගන්න නිසා. මේවා සල්ලි හම්බෙන ලියවිලි නෙමෙයි. ජීවිතේ ...