නුඹටත් දැනුනාද සකියනේ ටොපිය සදා දුඹුරු වත මගටම සසල වුණේපතා සුවහසම තම තමන් වෙනුවෙනේවිටෙක විරිඳු තවිටෙක කවි ගයමිනේසිඟනුන් වීදියේ වැඩි කිමද නිරිඳුනේදෑසේ දුක මවා රැවටුවද කෙනෙකුත්දෙකකුල් කොර කරං නැම්මුවද හිතකුත්දරුවෙකු වඩං යහමින් හැඬුවද කොතෙකුත්කෙසේ පුදනු වෙද මගියා නොහැකි මුකුත්තේකට පෙඟුණු පාන් වේල සරිද සිරිනිණේදා පෙරුණු මිණිසුන් ලුහු අතින් නෙවෙද විසිරුණේබැලුවත් නොදුටු මෙන් උඩ බලනවාද සිඟනුනේමරණයෙහි සුවඳ නුඹටත් දැනුනාද සකියනේටයි පොලු දමා යටි මඩිකම් තොරක් ...
ලස්සන නගරය ටොපිය සාෂා: කෝ ඉඩ දෙන්න මේ මේසේ ගන්න.දිමිත්‍රි: මම වැඩකට ආවොත් ඔහොම්මමයි.සාෂා: මම මේසේ ඉල්ලුවේ රෑ කෑම මේසෙට අරින්න. දැන් දුයිෂෙන් පහලට එනවත් ඇති.දිමිත්‍රි: මමත් "ලස්සන" නගරේ රස්සාවකට ෆෝම් පුරවන ගමන්. ඒක වැදගත් නැද්ද? ලස්සන නගරයේ ගන්න රෑ කෑම වේලක් කොච්චර ලස්සනද කියලා දන්නවද?තරප්පු පෙලෙහි ලී කිරි කිරිය ඇසේ. දුයිෂෙන් පහල තට්ටුවට ...
ආටා අජේ ටොපිය හේ අජිත් විය. මුල් කාලයේ පටන් අජියා වුවද, වසර පහක පමණ සිට අජේ බවට පත් වූයේ ඔහු ධාවනය කර ඉපැයූ තුන් රෝද රියේ ඇතුලත පසුපස අජේ දේව්ගන් ගේ රුවෙන් හැඩව තිබීමයි. ස්ටෑන්ඩ් එකේ සීඩී ප්ලේයරයක් තිබූ එකම රිය මෙය වූ අතර, ඒ සඳහා ඔහුට කදිම හේතුවක්ද විය."සින්දුවක් නැතුව වීල් එකක් පදින එක එපාම කරපු වැඩක් මල්ලී. එහෙම උනත් දැන් ඉන්න ...
විකෘති ටොපිය හ්ම්හ්හ්. . . වසත් කාලය මනරම්ව ගත කල අතර, කරුම ගෙවීමට කාලය පැමිණ ඇත. "නිදියහන කැලඹෙයි" නොබැලුව මුත් මනස දැඩි ලෙස කැලඹී ඇත. එයද බැලීමට නොහැකි වූයේ ගමේ හෝල් එකට චිත්‍රපටය නොපැමිනි නිසාවෙනි. ඇස් වහගෙන ගැරඬින් මෙන් වෙලී සිටීමක් උදෙසා A/C හෝල් වලට නොගෙවන්නට අප දෙදෙනාගේ දැඩි එකඟතාවයක් ඇත. දෙහිවලට පමණක් සත්තු වත්තක් තිබීම ගැන අප උරණ වූ අතර, කෞතුක භාන්ඩ ...
සඳ ගිනිගත් මහ දවාලෙ.. ටොපිය වැහි වළාකුළු බොරව ගියබොරව ගිය මුත් නොවසිනනොවසින මුත් කඳුළු වැසි මතමත මතින් ප්‍රේමයකි දළුලනනුඹත් මා ප්‍රේමයෙන් වෙලෙමින්ගතෙහි ඉඳුරන් සනහනු පිණිසඑක්ව ගිය මහ ගිනි දවාලක්නුඹට මතකද සොඳුරියප්රේමයේ සුපහසින් දළුලානුඹත් මා බැඳි අත්පසුරින් වෙලිලාරවුම් තල මත ඇඟිලි ඉරි අඳිමින්අපට හස නැඟුනු සැටි මතකද සොඳුරියදැන් මා නුඹට, 'උඹ'පසක් කරමින් නුඹත් මටගෙවෙන්නේ සංක්‍රාන්තියක්මද?මමත් නුඹ මෙන් සිතමි සොඳුරිය... ...
හොර ගෑනියෙක්ට ටොපිය පෙම් දළු අගිසි හිත් කොණින් දිදුලන කලටඑහි වර වඩන හිරුටදකොල ඇබින්දක හිත් කවි ලියනවිකල් වුනු කුරුල්ලා අමතකද?වින්ද සැප කඳ සිතින් මගහැරඋඹ ගිහින් මට ගන්ඩ බැරි දුරකොලය මත බත් කන්ද මහමෙරපිච්චියන් බත් යටින් ගින්දරතෙරක් හොර කරත් හිත වටගියත් පෙම බැදන් හිත මටහංගපන් උඩින් පිටතටඉන්ඩවෙයි නැතොත් අකලට ...
ටොපිය දිය වී යෑම ටොපිය පූර්ව සටහනක් - මේක උඹලට නිකං කතාවක් වුනාට මට ෂොක් එකක්. ඒ නිසා මේක ඉවර වෙනකං මේක කතාවක් කියල මම දැනගෙන උන්නෙත් නෑ. එනිසා මම දවසක ලියලා නවත්තපු තැනින් පහුවදා ලියන්න පටන්ගත්ත. එනිසා හැමදාටම අද කියලා පාවිච්චි කරලා තිබුනට මේවා දවසක් ගානකදි සිද්ධ වෙච්ච කාලකන්නි වැඩ.ටොපි දිය වෙන්න ඕන තමයි. හැබැයි ටොපි දිය වෙන්න ඕන දිවක් මත කටක් ඇතුළෙදි. එහෙම ...
සුබ රාත්‍රියක් මිත්‍රයා! ටොපිය උඹෙයි මගෙයි යාළුකම ඇතිවුනේ කොහොමද කියන එක දන්නෙ උඹත් මමත් විතරක් වුනාට ඒක තාමත් කවුරුත් නොදන්නෙ උඹෙත් මගෙත් යාළුකම අප්‍රසිද්ධ නිසා වෙන්නැති. අපි ඉස්කෝලෙදි මුණගැහිච්ච යාළුවො නෙමෙයි. මොරටුවෙදි මරදානෙදි ටොරිංටන් වගේ කිසිම තැනකදි උඹත් මාත් මුණගැහිල නෑ. අවුරුදු තුනක් පරණ අපේ යාළුකං මේ විදියට එළියට ඇදෙන්නෙ, උඹත් "අටවක පුත්තු" ඇතුළෙදි ලියනගේ අමරකීර්ති දමයන්තගෙ ඔළුව ඇතුළෙ මවපු අඩහඳයා වගේමදෝ කියලා මට ...
Friends With Benifits ටොපිය නින්ද නොගිය හද ගත නිදි කඩන සඳකැන්ද නොගිය දුක හිත වට දුවන ලෙදවින්ද සෙනෙහසට පිරි දෙහදකින් වටයන්ද සුරපුරට ඝන කඳු රුපුන් මැදපීලි තුනක රැඳි අප ජීවිත අතරේඔබ මම පීලි දෙකකය හද බැඳි අතුරේතෙවැනි පීල්ලේ සහකරුවන් විතරේපෙම යට කර නුඹ හට පවසමි 'මිතුරේ'විසල් හදක බර මුළු සිරුරටම බෙදාතුරු මල් පිරි සැලෙන හැඟුමක සුවය බදාඅනඟ රජ අපට මල් හී සැරය විදාඑක් කළෙහිය ...
මැහැල්ල මියැදෙන්ට මැලිවෙත් ටොපිය උන්න හැටියට සසර නොමදැනවින්ද සැපකඳ සිතින් මදිවදකන්ද උඩ අප වින්ද පෙම් සඳසබඳ දැන් මා කෙසේ විඳිමිද?අරුනෝදයේ හිඳ පෙමින් බරවෙනසියළු දේ අනියතැයි දනිමිනදරුමළුන් එහෙ මෙහේ දුවමිනඅපේ සිත් සැනහුවා මතකද?තඩි ගවුමකිය උපන් දිනයටනෙත සුසුම්ලයි සිතින් හඬමිනසිත් සියළු දේ මිටට මොලවන්මැරෙන්නත් කම්මැලියි පෙම්වත ...
කාලකන්නි කතාවක් ටොපිය කාලකන්නි සිස්ටම් එකක් ඇතුළෙ හිරවෙලා ඉන්න මිනිස්සුන්ට කාලකන්නි නැති දෙයක් පෙනෙද්දි දැනෙන නරුම හැගීමක් තියෙනව. තවකෙකුට රිදුමක් නොවන දෙයක්, තමන්ගේ උත්තම පිදුමට පිටස්තර යමක් දකින්නට අකමැති සමාජයක එතනෝල් ගේද්දි ගංජ ලීගලයිස් නොවෙන්නෙ ඒ නිසාමයි. මේ කතාව ඔවුවට සම්බන්ධ නැති කාලකන්නි කතාවක්. කොහොඹ ගහක් යට හිඟන්නෙක් ඉන්නව. ක්‍රේල් කොන්ඩෙ වෑහෙන ඔලුව පිරෙන්න, ඉරිතලපු ඇඟ වැහෙන්න කාක වසුරු පිරෝගත්තු ඔහු ගාවට විසි ...
මට තනියක්! දැනෙනවා. . . ටොපිය අමරදේවයන්ගේ මා වවුලන් ගීතය දෙකන් තුල දෙදරයි. තවමත් මා බොරැල්ලෙන් නැගි ගමන්මය. අතක් දිගුකරන් චම්ලි අයියා එහෙමත් නැත්තන් එකසිය පනස් හතරේ හිතවත් කොන්දයියා බෙරිහන් දෙනු පෙනේ. එහෙත් බෙරිහන් දෙනු නො ඇසේ. දෙකන් මෙන්ම සිතද මා වවුලන් හී අරුතට යොමුවී ඇත. එය ලීවේ කවුදැයි මා අසා නැත. අසා තිබුනද මේ වෙලාවේ මතක් වන්නේද නැත. එය පෞද්ගලික අත්දැකීමක් නම් අවම වශයෙන් රචකයාට ...
චිත්ත වංකගිරි නිර්මාණය ටොපිය මිනිසුන් අතරමං කිරීම. පලමු සහ සුවිශේෂම කාරණය, මෙය අන් මිනිසුන් අසරණ කිරීමක් නොවන බව. ඔබේ දැනීම උදෙසා, ඔබ අන්යන් තේරුම් ගැනීම උදෙසා ආත්මාර්ථය පෙරටු කොටගෙන අන්යන් අතරමං කිරීම. මේ තුල ඔබටත් සුවිශේෂ ආරක්ෂාවක් නෑ. මෙය සිදු කිරීමට ඔබද ඔබගේ චිත්ත වංකගිරිය තුල ජීවත් විය යුතුයි. එසේ නැති වුවහොත් වංකගිරිය නිර්මාණය කරන ඔබේ සැබෑ ජීවිතයේ බොහෝමයක් දේ බිලිදීමට සිදු වෙනවා.එනිසා මෙය ඔබ ...
රතු බෝලය ටොපිය බල්ලෙක් දුවගෙන ගිය පාරක්. බ්ලැකී! බ්ලැකීට කන්න දෙන්න පාරෙ මිනිස්සු පොර කෑවා. ඒ පාරෙ විශේෂත්වය තමයි ඒ පාරෙ හැමතිස්සෙම දුවගෙන ගිය බ්ලැකී. රාජා! තමයි බ්ලැකීව පාරට ගෙනාවෙ. රාජා බ්ලැකීගෙ ස්වාමියා. රාජගෙ ස්වාමියා කළු රෞද්‍ර මනුස්සයෙක්. රාජ ඒ මනුස්සයට වැඩපල කරල දුන්න. ස්වාමියටත් ස්වාමියො ඉන්න පුළුවන්. බ්ලැකී ඒ ගැන හිතුවෙ නැහැ.හිත කැමතිම ගෑනිගෙන් කැමැත්ත අහල පළවෙනි පාරට ඒ ගැන අත වටේ ...
සුරම්‍ය ටොපිය මගේ ගැහැනිය වූ කලී බොරු මදහසකටද වෛර කරනා පොලොවේ හිඳිනා කාන්තාවක වුව, ඇයගේ මවත් පියාත් එයින් බොහෝ දුර ඈතක ජීවත් වූ වැසියන් වීය. ඒ සමය තරමක කලබලකාරී සමයකි. යුද්ධයේ අවසන් කාලය, උසස් පෙළ විභාගය සහ 2007 ක්‍රිකට් ලෝක කුසලානය නිසා මා කලබලකාරීව සිටියේය. මාවිල්ආරු වදන නිතර ඇසෙයි. මෙවර ජයගත හැකි යැයි ඇසෙයි. ඒ යුද්ධයද? ලෝක කුසලානයද? විභාගයද කියා මට සැකයක් ...
ඉක්මනින් පැමිණෙන්න සොඳුරිය! ටොපිය මා කියවමින් සිටිමි. එහි ලියැවී ඇත්තේ සිතිවිලි වෙයි. එය පොතක් යැයි කියා ඔබට සිතෙන්නට හැක. එසේ සිතුවාටද කම් නැත. නමුත් එය පොතක් නොවන බව මා දනිමි. මා එය දරා සිටිමි. පෙරලන්නට පිටු නැත. එය පෙට්ටියක් වැනිය. ඇතුළට බැසිය හැකි. පිටු නැත. පරිච්ඡේදද නැත. නමුත් කියවිය හැක. එහි ඇත්තේ අප සියල්ලන් මිය යාම පිළිබඳවය. මිය යාමෙන් පසු අපට සිදුවන්නේ කුමක්ද? ...
සාෂා රෙමෙඩියොස් ටොපිය මම මගට බැසීමි. මින් පෙරද මෙ අයුරින්ම කිසිඳු අරමුණකින් තොරව මගට බැස ඇතිමි. එහෙත් විඳි දෙයක් නැතීමි. ඉර පායා තිබුනද, කළුවර කළ සිතට එය නොදැනෙන බව මා දනිමි. එනිසා ඉදිරියට ගියෙමි.තාර පාරක අයිනෙන් ඇවිද යන මට තවත් කෙටි දුරක් යන්නට මත්තෙන් පදික වේදිකාවට ගොඩවන්නට සිදුවෙයි. මේ ගෙවෙන තත්පරය මිනිසුන් පිරී නැති මොහොතක් වුවද පදික වේදිකාවට ගොඩ වන අවස්ථාවේ සිට හිස් ...
මාත් අම්මෙක්! ටොපිය මං මේක ලියන්නෙ පුටුවක වාඩි වෙලා. උඩින් ජර ජර ගාන ෆෑන් එක අතොරක් නැතුව කැරකෙනව. මට එක දිගටම ඇහෙන්නෙ මම රපීට් ඕල්ද වේ දාපු මරියසෙල්ගෙ සිහින නෙළුම්මල් සින්දුව. එනිසා මං හිතනව මේක කියවන ඔයාලත් ඔය සිගරට් නිවල දාලා පුටුවක් වාඩි වෙලා සිහින නෙළුම්මල් සින්දුව යූටියුබ් එකෙන් දාගෙන මේක කියවනවනං හොඳයි කියල. මං දීපු ලින්ක් එකෙන් යන්නෙ දෙරණ ඩෙල් ස්ටුඩියෝ එකේ ...
ඒක හරිම තෙතයි ටොපිය ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට කරෝල හොද්දක කහපාට. අන්න ඒ පාටයි මුළු ලෝකෙම. මං පෙරවගෙන හිටපු රෙද්ද යටට අත දාලා බැලුව. පහළ කොටස හිරි වැටිලා නැති නිසා මං ඉන්නෙ නූල් පොටක්වත් නැතුව විත්තිය මට දැනුන. කොට්ටෙ යට ෆෝන් එකේ තිබ්බෙ ගෑනි එවපු එස්එම්එස් ...
කැප්සියුල් මොකටද? ටොපිය නිමිත්ත : “දෙහිවලදී රැහුණු කුමාරී දුම්රියෙහි ගැටී මියගිය තම පෙම්වතිය නිසාවෙන් පෙම්වතාගේ සිහි විකල් වෙයි.“ - පුවතක්සාද මතකය සිතට නැගෙතත්සිත යදියි ඔබවම තවත්හැර ගොසින් මහ කලක් නොවුවත්මත ගොසින් පාළුව නැගෙත්වේගයෙන් ගිය රැහුණු දුම්රියනිසල කළ ජීවය පිරැණු කයතාම ඇහෙනව ගැහෙන හඬ ලයපීලි අතරෙහි මගහැරී ගියදරාගනු නොහී හදබරපුරා විතක් මධු මත්කරබෙදාගෙන හදෙහි මහමෙරකඩා ඉහිරවමි කරදරකරල් බෙහෙත් පෙති එන්නත්ද වටකරසුරල් වයති චිකිත්සකද දොස්තරලා ...