නිර්වානයේ දොරකඩ හිඳිමි ටොපිය හොරකමක් කියල අන්තිමටම කළේ ෆැබ් එහෙකින් හොරෙන් කාපු එක. ඊයෙ රෑ අන්තිම හොරකම ඉවර වෙලා මහන්සියට ඇඳට වැටුන නිසා උදේ ඇහැරුනේම පුදුම බඩගින්නකින්. කලක් තිස්සෙ ඇහැ දාගෙන හිටපු කෑල්ල ෆැබ් එකේ වැඩ කරන එකියක් වුනේ මගේම වාසනාවට. පුරහඳ වගේ මූන තිබ්බට මොකද කෙල්ලනං ටිකක් මෝඩයි. ඒත් ඒ මෝඩකමට මං ආසයි. එනිසා මාත් මෝඩයි. ඒකිගෙ තලෙළළු ඇඟ හුගක් සිනිඳුයි. මට තවත් ...
සොමිය ටොපිය පොරොන්දු ගොඩ ඇති මහ උත්තමයෙකිපසෙකින් සොමි දෙන විපක්ෂ නයුවෙකිගල පිට උඩ ඇති මහා වරායකිහයිවේ සොමියට තරලය පිටවෙතිදැයට කරුවලකි.. හැම්බොට එළියකි..ජෙනා ඇතුලෙ ඇති.. කරුණ ඇවිද යති..ජැක්සන් පිණැති.. ගුණ ගී වයති..කිරිත් වතුර වෙති.. හංසයෝ පල් වෙති..හිරුණි ආවොතින් අපි ගොඩ ගියා වෙතීප්රේමචන්ද්ර ටැටුවට අත හැඩට ඇතීකරූට උඩින් පබා ආපු රටක නිතීකොටට හැඳි කතට තත්වය නැටි වනතීපෙට්රල් නං මොකද, හයිවේ සොමිය මදෑහොරකං අපිට මොක, ...
අම්මව දෙවැනි කළ ගැහැනියට සමුදීම ටොපිය පුත්තම්මගෙයි මගෙයි කතාව පටන්ගන්නෙම පීක් එකෙන්. තේරෙන වයසකදි ළමයි වැඩිපුරම ආදරේ කරන්න පටන්ගන්නෙ අම්ම තාත්තට. ඒත් මම ආදරේ කළේ වැඩිපුරම පුත්තම්මට. එයාට පුත්තම්ම කියන නම දැම්මෙත් මම. පුතාගෙ අම්ම කියන එකයි ඒකෙ තේරුම.පුත්තම්මගෙයි මගෙයි බැඳීම් අතරෙ රසබරම සිහිකිරීමක් විදියට කෑම හඳුන්වන්න පුළුවන්. පුත්තම්ම කියන්නෙ පුළුවන් හැම වෙලාවකම මං ආස කරන කෑම හදන්න උනන්දු වෙච්ච ගෑනියෙක්. පුත්තම්මගෙ අයිකනික් ඩිෂ්එක තමයි උම්බලකඩ ...
ටොපිය ටොපිය මේක පොඩි කතාවක්. හරියටම කිව්වොත් ටැබ්ලොයිඩ් වල කවරයේ කතාව කියලා ඉස්සරහා පිටුවේ පින්තූරය විස්තර කිරීමක්. මේ ටොපියේ කවරයේ කතාව. ඒකට ටොපියේ කවරය බලලා ඉන්න වෙනවා මුලින්.මේ මම ටික කාලෙකට කලින් යොදාගත්තු කවරයක්. පැත්තෙන් ඉන්නේ වෙනස් විදිහක ගෑනියෙකුයි මිනිහෙකුයි. මෙතන රූපේ වෙනස් විදිහට තියෙන්නේ හිතන විදිහ ඇඳලා පෙන්නන්න බැරි නිසා. මට ඕන උනේ වෙනස් විදිහකට හිතන ...
ආදරය ගුල්ගත වීම ටොපිය ඔබත් කොටුව ඇතුලෙද?සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය, සම්මතය තුල ඔබ හැසිරෙන්නේද? ආදරය කරන්නේද? ඒ තුල ඔබ සුවයෙන් සිටීද? විවේක ගනීද? මේ ලෑලි සතරෙන් බැඳි රාමුව, ඒ මැද පිහිටි ඔබේ ජීවිත රූපයට නිදහසක් දේද? සංස්කෘතිය අනුව විවාහයට පෙර නිවසින් අනුනොදැන ඔබත් ඇයත් උද්‍යානයකින් එළියට ඒම ඇස් කීයකට රැවීමට බලකරයිද? කොල්ලුපිටියේ වීදි ලාම්පු එළි මැද ඔබත් ඇයත් දහසකුත් බිසී ජීවිත අතර නිදහස්ව වෙසෙන කල, ...
අම්මාගේ මරණයට දුක නොසිතීමේ විලාපය ටොපිය ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට අනිත් මිනිස්සු කියන කතා ටිකක් තියෙනව. හැබැයි ඒ කතා ප්‍රශ්න තියෙන වෙලාවක තමුන්ට කියද්දි අර මිනිස්සු කනකට ගන්නෙ නෑ. ඒ අතරෙ තියෙනව මිනිස්සුන්ට ප්‍රශ්න එද්දි එන්නෙ එකපිටඑක, මිනිස්සුන්ට නරක කාල වගේම හොඳ කාලත් තියෙනවා, ප්‍රශ්නවලට විසඳුම් හොයන්න කාලයට ඉඩ දෙන්න ඕන, ප්‍රශ්න නැත්තං ජීවිතයක් නෑ, සල්ලි තිබ්බනං ඕන ප්‍රශ්නයක් ඉවරයි වගේ කතා. මටත් පහුගිය ටිකේ ප්‍රශ්න ගොඩක් ...
තවත් හේතු කියල වැඩක් නෑ! ටොපිය ඔලුව නිදහස්. ඇඟටම හති. මම මුලින් හිතාගෙන හිටියෙ එහෙම වෙන්නෙ මීටර් සීය දුවලා දිනුවට පස්සෙ කියල. හැබැයි මනුස්සයෙක්ව මරලා ඉවර වුනාමත් එහෙම හැඟීමක් දැනෙන්න පුළුවන්. මුලින්ම හිතුනෙ ඇප් එකෙන් ත්‍රීවීල් එකක් දාගෙන ගෙදර යන්න. ඒත් ඒක මෝඩ වැඩක් කියල හිතුනා. ගෙදර යන එක නෙමෙයි. ඇප් එකෙන් ත්‍රීවීල් දාගෙන යන එකයි මෝඩකම. මාව ට්‍රැක් වෙන්න පුළුවන්. ඒ හින්දා පාරෙ යන ත්‍රීවීල් ...
මස් ඇඟ ටොපිය රස්නෙ අඩු මාතලේ ටවුමටදිස්නෙ දෙයි නුඹෙ රුව ලතාවටදෙඇස් හතිලනවා විඩාවටආයි ඇඟ හොල්ලපං තුනියටදුවන මිනිසුන් සහ ඇදෙන බස්යළිත් නැවතී බලයි ඇඟ මස්ආස මුත් ගනු බැහැනෙ සුපහස්රජයටම දී පොකැට්ටුව හිස්කාමරේකුත් හොයාගත්තත්පාලනෙත් සීයට තුනක්වපර ඇස් මංමුලා කෙරුවත්නුඹව ගන්නට වරම් නොමලත්මිදි ඇඹුල් යැයි කියා ලෝකෙටස්පෙෂල් බෘ ගෙන හලං උගුරටබැදපු රටකජු හපල තරහටපුරුදු රමණය හොඳයි ගෑනිට ...
විසිතුන් වෙනි පහන් කණුව යට සිට ලියමි. ටොපිය "මම මොකෙක්ද?" කියන ප්‍රශ්නෙට සමහරු පිස්සෙක් කියයි. තවත් සමහරු එක එක දේවල් කියයි. අන්තිමට ඉතුරුවෙන උත්තරේ "මොකෙක් හරි". ඉස්සර අහලා තිබ්බා වෙන්නන් වාලේ මොකෙක් හරි නොවී අරමුණකට ජීවත් වෙන්න කියලා. ඒත් මට ඕක පේන්න බැරි දෙයක්. එනිසා ඉස්සරත් "ලොකු උනාම කවුරු වෙන්නද ආසා?" ඇහුවම, මම මොකෙක්ද වගේ බලාගෙන ඉන්නැති.ඒත් ඔය "මොකෙක් හරි" කියන භූමිකාවේ මම වෙනස් වෙවී චරිත රඟපාන එක ...
පා පුවරුවක හිඳගෙන ගියෙමි ටොපිය පා පුවරුවක ගමන් කරන එක ජීවිතේ ඇතුළෙදි සාමාන්‍යය දෙයක් වෙලා. ඒ ජීවිතේ ගැට්ට වෙන්න පුලුවන්. මම මැරෙන්න බය මිනිහෙක් වුනත්, ෆුට් බෝඩ් එකේ බය මට තවමත් දැනිලා නැහැ. මිනිස්සුන්ව වේගෙන් පහුවෙන හැටි, ඒ පහුවෙන මනුස්සයෝ කණ්ඩායම් ඇතුළේ ඉන්න ගෑනුන්ව බලන්න මගේ බෙල්ල බස් එකේ වේගෙට ප්‍රතිලෝමව සමානුපාතිකව ආපස්සට ගිය වේගේ.. උන්ගේ මූන බලලා මගේ මූනේ හිනාවක් ඇඳිච්ච හැටි. ඒ හිනාව ...
මැණිකෙට ටොපිය එදා අපි හිඳහිටිය විලසටජෝඩු ඇත අදපෙමින් බැඳෙමිනඑදා අපි සිටිගල් රවුම උඩතවම හිඩැසක්ඉතිරි වී ඇතඅප විහිළු කලපෙම් ජෝඩු වෙතවිහිළු කරනටඑකෙක් අද නැතසිලි බෑග්කටපුරෝලා දෙනවෙරළු මලු අදමග බලං ඇතනරුම ලෙක්චරජොබ නිමාවීඑන තුරා අපඋන් බලං ඇතඉතිං සොඳුරියවෙහෙස දිවියටඅවැසි සුපහසතුටින් විඳිනටයමුද ආපහුඅලුත් දවසකවෙලී ඉන්නටපෙම් පුරය වෙත ...
පරිපූර්ණත්වයේ අසම්පූර්ණ එකතුවක් ටොපිය ඒ කර්කෂ වූ දේශයකි. සුලඟටද සිරුර රත්වේ. පාවහන් රහිත මිනිසුන් වේගයෙන් ඇවිද ගියේ දාච්ච පොලොව දෙපා දවන බැවිනි. සිඟනුන් සෙවනක් අයදිමින් සිටියහ. සිඟනුන්ට සෙවනක් දීමට ඉදිරිපත් වූ ධානපතියෙකු, ඒ සෙවනෙහි හිඳ සිඟන මුදලින් කොටසක් ඩැහැගත්තේය. පෙම්වතුන් අධික ලෙස චුම්බනයට හුරුව සිටියහ. තම අනාගත ගමන් සගයා කෙරෙහි වූ ආදරය හේතු කොට ඔවුනොවුන් ඔවුනොවුන්ගේ දෙතොල් නහවමින් සිටියහ. සියලු වාසීන්ගේ ගත පුරා වූ ...
පෝ දින සාකච්ඡා ටොපිය අද දින මේ වාහිණිය ඇවිල්ලා මේ ගමේ සජීවීව කරන මේ පොහෝ දින ධර්ම සාකච්ඡාව ශ්‍රවනය කරන්න ආපු පිංවතුන්ව පිංවතියන්ව අපි බැති සිතින් පිලිගන්නවා. එසේනම් මා නමස්කාර පූර්වකව මයික්‍රෆෝනය භාර කරනවා අති පූජ්‍ය බඹරැන්දේ සුමනසාර නාහිමිපානන්ට අප ඔබ සැම තිසරණ සහිත පංච සීලයේ පිහිටුවීමට.ස්.. සා.. ධූ... උපාසකම්මා දන්නවද අද හුඟක් උන් මෙතන ටැක් ගැහිලා ඉන්නේ බණකට දහමකට ආසාවකට නෙමෙයි. ටීවී එකේ ...
"කොස්ස නහන්න විස්සට තියට" ටොපිය "අන්නාසේ... අන්නාසේ... කොස්ස නහන්න විස්සට තියට... විස්සට තියට"හේ අන්නාසි වෙලෙන්දෙකි. ගාලු වුවදොර පිටියේ වෙලදාම් කරන්න්නෙකි. ඔහුගේ ලොකු පුතා ඉස්සො වඩේ විකුණයි. මා ඔහු ඇසෙන මානයේ ඔහු පිලිබඳ නිරීක්ෂණයෙන් උනිමි. ලොකු පුතා විටින් විට ගොස් මොහුගෙන් කැරට් අලයක්, ළුණු ගෙඩියක් රැගෙන යයි. පසුව දැනගත් පරිදි ඒ ආරක්ෂාව පිණිසය. මහජනාරක්ෂාවට සිටින ඇත්තන් ඉස්සො වඩේ වෙලෙන්දන්ගේ කරට් අලයට, ළුණු ගෙඩියට බලහත්කාරයෙන් විදින බැවින් ...
කැමරාවකින් පන්නරය ලදීමි. ටොපිය අම්මාගේ සිත් සතුට වෙනුවෙන් බෙල්ලේ එල්ලාගෙන සිටි සුරය, මා ගලවා දැමීමි. බසයෙන් බසින විට එය බෙල්ලේ නොතිබූ බව මම ඇයට කිවූ අතර, එය බොරුවක් බව දැන දැනත් "තදට බැඳගන්න තිබුනනේ" යැයි කියා ඇය නිහඬ විය. සුරය මට හිසරදයක් විය. ඒ අනෙකක් නිසා නොව එය බැඳ තිබූ නූලේ වටප්‍රමානය වටා දුවමින් පවතින බැවිනි. කැමරාව බෙල්ලේ එල්ලා සිටින අතර, එය කැමරා පටියට ...
අම්මයි පුතයි ටොපිය හීනෙ මුල් හරිය පටන්ගන්නෙම මම දුවනව පෙනි පෙනී. මට මුලින්ම පහු වුනේ මගේ අම්මව. අම්ම ඈත් වෙලා ගියත් මට හැරිලා බලන්නතවත් වෙලාවක් තිබුනෙ නෑ. මට හරියටම අරමුණ මොකද්ද කියල මතක නැතත් මට මේ හීනෙ හැම දර්ශනයක්ම මතකයි. සමහරවිටට මේක වෙන්නැති මට වැඩිපුරම මතක හීනෙ. බෙහෙත් ගහපු නැති ගෙදර වවපු ගංජා කොල ටිකක් හම්බුනා වගේම පුංචි කැන්ඩොස් චොකලට් එකක් දිය කරල ...
උල්කාපාතයක්.. ටොපිය උල්කාපාතයක්...අහසේ ගිනි අරංඅළු වෙලා පොලොවට වැටෙනාඋල්කාපාතයක්...ඉන්ද්‍රචාපගෙ අලුත් සින්දුව කන ගාව දෙදරනවා. මම කන්නාඩිය ඉස්සරාට ගියා. මගේ බෙල්ලේ දකුණු පැත්තෙ ජපන් අකුරක පච්චයක්. දකුණු ඇහි බැම හිල් කරගෙන ගිය අශ්ව ලාඩමක හැඩේ කරාබුවක්. හෙට ගැන නිශ්චිත බළාපොරොත්තුවක් හිතේ තියෙද්දිත් මට මේ මගුල් කරගන්න හිත ඉඩ දුන්නේ ඇයි කියන එක මම තාමත් හිතනවා. ඇඟ පුරාම දාඩිය. මම ඒ දාඩිය සුවඳ අස්සේ තිබ්බ ...
මගේ මරණය ටොපිය **********************************************2010 නොවැම්බර් 18බස් රියක් තුල/ කොළඹඋදෑසනඌ මා පසුපසින් එලවා එමින් සිටියේය. මා තවමත් පෙර නැග්ග බසයේ එල්ලීගෙන උගෙන් පැන යන අතරතුරය. ත්‍රී රෝද රථයට සියල්ල යොදවා අත ඉතිරි කරගත්තේ රුපියල් 50ක් පමණි. එය මා හට බසයට ප්රවේෂ පතක්ද ගෙන සාමකාමී මරණයක් ලඟා කරගැනීමටද ප්රමාණවත්ය. අවසන් වරට උගේ බිරිඳ පැවසූ දෙය තවමත් මගේ දෙසවනේ රැව්දෙයි. "උඹ පර බල්ලෙක්.. උඹලා දෙන්නම එකයි.." ...
රතු ලේ පාරක්! ටොපිය සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ගවුමටත් පාර වැදිලා ඇද්ද? තව කවුරුවත් දකින්නැද්ද? නිසලිගේ හිත ඇතුලේ තිබිච්ච ප්‍රශ්න වුනා. රෑට කෑම කනකනුත් ඇයට කල්පනා කරන්න ඒ ප්රශ්නය ප්‍රමානවත් වුනා. සායෙන් ලේ පාර හේදිලා ගියත්, ලේ පාර නිසලිගේ හිතෙන් හේදිලා ගියේ නෑ. ඒ ...
අමරණීයත්වය නිශ්ප්‍රභා වීමට පෙර... ටොපිය ආදම් සපමින් සිටි ඇපලය අතට ගෙන බැලීය. හේ ඊඩ්න් උයණේ පණුවන් කෙරෙහි උපන් කුසගිනි ශෝකයෙන් එය බිම දැමීය. එහෙත් ඒ වන විට ඒ ඇපල් ගෙඩියේ වූ දත් පහරවල් වලින් කැපුනු ඇපල්, තවමත් ආදම්ගේ දත් අතර සිරව තිබූ අතර ඉතිරිය හේ ආමාශයේ තැම්පත්ව තිබිණි. පණුවන් වූ කලී ආදම් ඇපල් ගෙඩියේ රස බැලූ බවට සර්ව බලධාරී දෙවියනට සපථ කිරීමට සිටි සපථ කරුවන්ය. ...