අනාගතය දැකීමේ තැත සහ Marriage Simulator චේජනාගේ පිටුව (Chejana's web page) මිනිසා වන අපට අනාගතයට කර පොවා බලන්නට වරම් නැත. එතකුදු අනාගතයට කර පොවා බැලීමේ නොතිත් ආශාවෙන් පෙළෙන මිනිසා ඒ සඳහා නානාවිධ උපක්‍රම සොයා යයි. අතීතයේදී ද එය එසේම විය. වර්තමානයේ ද එය එසේමය. අනාගතයේ ද එය එසේම වනු ඇතැයි සිතේ. අනාගතය දැකීමේ හැකියාව මිනිසාගෙන් වසං කර ඇත්තේ ඒ දැක එය විඳ දරාගැනීමට හැකියාවක් මිනිසාට නැති බැවිනැයි මා වරක් කියවා ඇත. අනාගතය ...
සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වතී... චේජනාගේ පිටුව (Chejana's web page) පෙම් සබඳතා බිඳී ගිහින්, දෙදෙනා දෙපසට ගියත් පෙම නොමියෙයි... පෙම්වතුන් ද නොමියේ... ඔවුන් තවත් කෙනෙක් හා පෙමින් බැඳී නව දිවි අරඹයි... කාලයේ වැලිතලාවේ සැඟව ගිය පෙම තනිවුණ සංසුන් නිමේෂයක මිහිරි සුවඳක්ව සිත තුළ සුවඳ දේ... අම්මා කෙනෙක්, බිරිඳක් වෙලා ලොව කාට හෝ නුඹ උරුමැතී සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වතී මමද සැමියෙකි ඇයට අවනත ...
ඇගේ මළගම නොදුටු මා සිත... චේජනාගේ පිටුව (Chejana's web page) එවක නව යොවුන් වියේ සිටිය ද මිතුරු මිතුරියන් හා ගත කිරීමට වඩා ඈ හා දොඩමළුව සිටිම මට ප්‍රිය විය. ඉතා රසවත්ව කෑම පිසින ඈ මා ප්‍රිය කරන කෑමක් සාදාදෙන්නට උත්සුක වූයේ මගේ ම අම්මා මෙනි. ඒ වනවිට මගේ අම්මාගේ අසීමිත ප්‍රවේශම් කිරීමෙන් හෙම්බත්ව සිටි මට ඇගේ ළඟ ජීවත් වීම සතුටක් විය. ඈ උණ හෙම්බිරිස්සාවකට බෙහෙත් අහුරු ගණන් ගිලින්නට සිදුකළේ ...
අඩසියවසක නිහැඬියාවකින් පසු...(චිලි ගිනිකඳු පිපිරුම) චේජනාගේ පිටුව (Chejana's web page) අඩසියවසක් නිහඬව හුන් චිලි රටේ Puyehue-Cordón Caulle ගිනිකඳු පන්තිය නැවත වරක් ක්‍රියාත්මක වෙලා, ජුනි හතර වෙනිදා... උදේ වරුවේ සිදුවුණ අනතුරු හඟවන භූ කම්පා රැසකින් පස්සෙ...හවස්වරුවෙ ගිනිකන්ද පුපුරලා...රික්ටර් මාපාංක 4.0 ට වැඩි භූකම්පන 12කුත් ඇතුළුව භූ කම්පන 230 ක් විතර සිදු වුණාලු...ගිනි කඳු පිපිරුමත් සමගින් 3000 ක් පමණ දෙනා ප්‍රදේශයෙන් ඉවත් කරගන්න චිලි රජයට සිදු වුණාලු... ගිනිකඳු පිපිරුමෙන් නිකුත්වුණ අළුවලින් සමහර ගංගා, ...
අරාබි නිසොල්ලාසය හෙවත් එක්දහස් එක් රැය (Arabian nights) චේජනාගේ පිටුව (Chejana's web page) මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්‍රපට, ගීත සේම වීඩියෝ ක්‍රීඩා ආදී බොහෝ දෑ නිර්මාණය කළ අරාබි නිසොල්ලාසය සිය ජීවිතය බේරාගන්න එක් යුවතියක් එක්දස් එක් රැයක් තිස්සෙ කිවූ අපූරු කතාමාලාවක්... Illustration by H.J. Ford (1898) මේ කතාමාලාව පර්සියන් රජකුමරෙකුට ඔහු විවාහකරගත් බිරිඳ විසින් එක්දහස් එක් රැයක් තිස්සේ කියල තියනව... මේ කතාමාලාව ...
TEDDY BEARS...ටෙඩි බෙයාවෝ... චේජනාගේ පිටුව (Chejana's web page) ටෙඩිබෙයාවො...කියන ඕනෙම දෙයක් හරස් ප්‍රශ්න අහන්නෙ නැතිව සාවදානව අහගෙන ඉන්න, දුක හිතිල අඬද්දි සද්ද නැතිව ළඟට වෙලා ඉන්න, තනියි කියල හිතිල ඉන්න වෙලාවට තනියට ඉන්න ටෙඩිබෙයාවො... බබාලගෙ වගෙම බොහොමයක් ගෑණුළමයින්ගෙත් අවදානය තදින්ම යොමුවෙන, ආදරේ උදුරගන්න ටෙඩිබෙයාවො... මේ ගොල්ලො ලෝකෙට එකතුවෙලා තියෙන්නෙත් හරිම අපූරු විදියකට... ඒ ගොල්ලො මේ ලෝකෙට මුලින්ම එකතුවෙලා තියෙන්නෙ 1902. එයාලට මේ නම ලැබිල තියෙන්නෙ හිටපු ඇමරිකානු ජනපතිවරයෙක් වන තියඩොර් ...
කඳුමුදුනට නැග සඳ මඬලේවත් ලියාතියන්න ද මගේ කවී... චේජනාගේ පිටුව (Chejana's web page) මේඝ වළාවක ලියා එවනු බෑඔබෙ සෙනෙහස ගැන කියන කවිමගෙ සෙනෙහස ගෙන සිව් සිය ගව් දුරමේඝ වළාවට යන්න බැරීෆුජි සිඹින හිරු මඬලෙ ලියනු බෑඔබෙ සෙනෙහස ගැන කියන කවීමා අමතක කර, ෆූජිට ඒ කවිහිරු කොඳුරනු මට අසනු බැරීඅඳුරු නිශාවේ ඔබ මා දෙදෙනගෙනෙත විසිතුර වී නැගෙනු රිසීසඳ මඬලේවත් කඳුමුදුනට නැගලියාතියන්න ද මගේ කවී ...
ඔබට කෙටි සසර චාරිකාවක් වේවා...! චේජනාගේ පිටුව (Chejana's web page) නුදුටු ඔබ වෙනුවෙන් දෙනයනනලියනා කඳුලක් කැටිකොටපතන්නම් මෙලෙසින් ඔබ වෙතඔබට කෙටි සසර චාරිකාවක් වේවා...!
මටත් හිතක් පහළ වුණා අමතක වී දුප්පත්කම්... චේජනාගේ පිටුව (Chejana's web page) තිස්ස වැව්දියට රාස්සිගෙ අව්ව වැටිල...රත්තරන් පාටයි...දිලිසෙනව... රංචු පිටින් පීනගෙන යන කොරළි පැටව්... දැල එලන්න යන්න වෙලාව... වැවෙන් නාල යන්න නැවතුන වන්දනා නඩ එකින් එක වාහනවලට ගොඩ වෙනව... ඉර වැටෙන්න කලියෙන් යන්න වෙන්න ඇති... ඒත් ඒ ඇහෙන හිනාහඬ... තිස්ස වැවේ ඉවුර ළඟට සිදාදියෙන් සඳක් ඇවිත්...උකුළු මුකුළු සිනාහඬින් වැව්දියවර පිනා ගිහින්..කවදාවත් නෙත නොගැටුණ සිදාදියේ අරුම සඳක්මටත් හිතක් පහළ වුණා අමතක වී දුප්පත්කම්... හිස තැවරූ ...
මා දුටු ජපානයෙන්... අසිරිමත් පුරවර... චේජනාගේ පිටුව (Chejana's web page) ජපන් භූකම්පනය හා බැඳුනු සිදුවීම් අවට ලෝකය කොයිතරම් කම්පනයට පත් කළත් නියොන් එළියෙන් දිදුලන මේ අසිරිමත් පුරවරය, ටෝක්යෝව එදා වගෙමයි... සතිය පුරාම සිය ජීවන අරගලයේ යෙදිලා සතිඅන්තය බොහෝවිට අවන්හලකින් යමක් කා බී සතුටුවන ටෝක්යෝ වැසියන්ගෙ ජන ජීවිතයත් එහෙම්මයි... භූ කම්පනයට සාර්තකව මුහුණ දෙමින් ලොව උසම කුළුණත් ටෝක්යෝවේ උසම ඉදිකිරීමත් වන ස්කයි ට්‍රී එහි මුළු උස ලබාගෙන..., මාර්තු 18 වෙනිදා...මීටර් 634 ...
අනන්ත දසුනක් සැඟවී ගිය සඳ... චේජනාගේ පිටුව (Chejana's web page) බිඳ බිඳ දියවෙන මේඝ වළාවකරන් හිරුකිරණක උණුසුම් පහසකඑක්වී කැළතී වෙන්වී යන සඳඉඳුදුනු මතුවිය පෙරඹර අහසකතුරුහිස ගැයෙනා විහඟ ගීතයකබිඳ බිඳ සැලෙනා ලතා මඩුල්ලකසුගායනය රිද්මය මුසුවූ සඳරොන්සුණු තැවරිණ මඳනල රැල්ලකවසන්ත අහසේ ඇඳෙන රටාවකසුදු මුදු සුසිනිඳු මිහිදුම් සළුවකඅනන්ත දසුනක් සැඟවී ගිය සඳදෙතොලග තැවරිණ මිහිරි සිනාවක ...
මා දුටු ජපානයෙන්... ඕසකාවේ දවසක්... චේජනාගේ පිටුව (Chejana's web page) පහුවුණ සතිය ජපානෙ ලැබෙන දිගම නිවාඩුව. Golden week... ටොක්යෝවට පහළින් පිහිටි කන්සායි ප්‍රදේශය බලාගන්න ඒ නිවාඩුව ගත කළා අපි... ඕසකා ප්‍රාන්තයෙ අගනුවර, ඕසකා නගරය වගෙම එක රාජ්‍ය පාලන යුගයක ජපානයෙ අගනුවර වුණු ක්යෝතොවත් එක්කම... ඕසකා හරිම නිස්කලංක වෙරළබඩ නගරයක්... ගොඩක් කාර්යබහුල වුණත් ටෝක්යෝවෙ අයට තියන කලබල ගතිය ඕසකාවේ දි අඩුයි වගේ... ඒගොල්ලො කෙනෙක්ට උදව් කරන්න ටිකක් වෙලාවක් ගත කරන්න අකමැත්තක් නෑ... සාමාන්‍ය ...
වසන්තය ඇවිත්... චේජනාගේ පිටුව (Chejana's web page) හැන්දෑවෙ වේලාසනින් නිදාගන්න හැමදවසකම වගෙම අදත් යාන්තම් පාන්දර පහට වෙනකොට ඇහැරිල... වසන්තයට හිමි දිග දවස් ගතවෙන වෙන නිසා ඒ වෙනකොටත් බිම්කරුවල මැකිල...සිරිපොද වැස්ස වැටෙනව... වසන්තය ඇවිත්... සකුරා මල් පිපුනට වසන්තය නොඒවි කියල හිතුව ජපානෙට වසන්තය ඇවිත්... උණුසුමත් එක්ක ම සැනසුමත් අරන්... සකුරා මල් පියවිලි පොද වැස්සට හේදිල යද්දි දුක් දොම්නස් හේදිලා යන්න ඇති... ඍතු වෙනස හිමි රටකට ලැබෙන අපූර්වත්වය ඒ... එයිනුත් ...
අතීතය නැවතත් ජීවමානවනු දකිමින්... චේජනාගේ පිටුව (Chejana's web page) බොහෝ හැලහැප්පීම් මැද ලංකාවට ළඟාවීමට තරම් වාසනාවන්ත වීමි...කිසිවක් කිරීමට සිත එකඟ කර ගත නොහැකි වූ නමුත් තවත් අයෙකුට මසිත තෙරපුන දුක් කරදර කීමෙන් ද කරදරයක් කිරීමටද නොසිතුන නිසා ලියා තැබූ සටහන් දෙකක් මේ... භූ කම්පනයක සේයාවකුදු අපට නොදැනුන ද, එක්වරම සමුදුර බිහිසුණුව ගොඩබිමට ඇදෙමින් සිදුකළ මහා විනාශයක මතක තවමත් මසිතේ හොඳින්ම සටහන්ව ඇත. වාසනාවකට එදින නිවාඩු දිනක් වූයෙන් පුරුදු පරිදි ...
බිහිසුණු ජපන් භූමිකම්පාව අත් වින්දෙමි... චේජනාගේ පිටුව (Chejana's web page) ජපානයේ වාර්තාගත් ඉහළම විශාලත්වයෙන් යුතු භූමි කම්පාව අද ජපානය අත්වින්දා... රික්ටර් මාපාංක 8.9 ක (වසර 140 කට පෙර වාර්තා තැබීම ඇරඹුමෙන් පසු...) ජපානෙ වෙලාවෙන් හවස 2.46 ට, ටෝක්යෝවට කිලෝමීටර් 230 ක් දුරින් මුහුදේ... අතිවිශාල සුනාමියක් ජපානෙ නැගෙනහිර වෙරළේ ඇතිවෙලා... තවත් දවසක් ජීවත් වීමේ ආශාවෙන් පිරුණු මිනිස්සු කීදෙනෙක් බිලිගන්න ඇති ද? මම ඉන්නෙ තට්ටු 10 ක ගොඩනැගිල්ලක 9 වෙනි තට්ටුවෙ... නිතරම පොඩි ...
ජපන් කෑම...(Sushi, Sashimi and Seafood) චේජනාගේ පිටුව (Chejana's web page) අමුවෙන් මාළු ආහාරයට ගැනීම ගැන ජපානෙට තියෙන්නෙ ලොකු ප්‍රසිද්ධියක්... අමුවෙන් මාළු ආහාරයට ගැනීමට පිළියෙල කරන විදි දෙකක් තමා සුශි, සශිමි කියන්නෙ... උයපු බත් උඩින් මාළු තියල හරි, මාළු මැදිකරල රෝල්ස් වගෙ ඔතල හරි තමා සුෂි පිළියෙළ කරන්නෙ...අමුවෙන් තුනීවට කපපු අලුත් මාළු පෙති බත් ගුලියක් උඩින් තිබ්බ වගෙ තමා මේක... මාළු බිත්තර ටිකක් බත්වලට උඩින් තියල නොරි කොළේක ඔතල හදපු සුෂි තමා ...