සතුටු සිනා අමනාප නෝක්කඩු සමග දෙවසරක් ගෙවී ගිහින්... චේජනාගේ පිටුව (Chejana's web page) හුරුනැති රටක නෙක විසිතුරු මැද උන්නත්සංවේදනා නොදැනෙන දන නෙත ගැටුණත් කඳුළෙන් සිනාවෙන් විසිතුරු සිත තාමත් සිතක සිතුම් කවිකර ලීවලු මෙහෙමත් සොඳුරුම මිතුදම් ගිලිහී යද්දී නාඳුනනා නිල් අහස යටින් කඳුළට සතුටට එක ලෙස ළංවෙන මිතුදම් අරගෙන ඔබ ඇවිදින් සතුටු සිනා අමනාප නෝක්කඩු සමග දෙවසරක් ගෙවී ගිහින් සකුරා මල් මත සොඳුරු වසන්තය ආයෙම නාවත් කිමද ඉතින් වසන්ත ශිශිරය ගිම්හානය වී කාලය අපි ...
තවත් අළුත් දවසක... චේජනාගේ පිටුව (Chejana's web page) එදා උපරිම නිදහසක් ද ඒ හා සබැඳුනු තනිකම ද හා විවේකය ද විසින් සතියකට වරක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක් සටහනක් තබන්නට ද, දිනපතා බ්ලොග් කියවන්නට ද අවකාශය ලබා දුන්න ද... අද වගකීම් ද නොතනිය ද ඒ ආශාව ද නිදහස ද උදුරාගත්තත් හැකි හැම විටම බ්ලොග් සටහන් කියවන්නටවත් උත්සාහයක් දරමි. එක්තරා දඩයක්කාරයාගේ කතාවත්, සයිබර්යාය ලියන්නට බැරි වුණ හේතුවත්, හිත ...
තරඟ රටා සමීකරණයක රන්දා (Wave breaking) චේජනාගේ පිටුව (Chejana's web page) ඉමක් සොයා නොපෙනෙන නිල් සයුර මතින්ස්වර්ණ රටා ගෙත්තම් කළ නිල් අහසින්ක්ෂිතිජ ඉමේ මිලාන හිරු දකින රිසින්වෙරළ කොණේ පියමං කළ පියසටහන් මදනළ සයුරේ ගෙත්තම් කළ තරඟ රටා පිය සටහන් වැලි මතුයෙන් මකා දමා සමීකරණ අමතක මතකයක දමා රළ මතුයේ රඟයි මගේ සිතම ළමා වැල්ලෙන් තැනු මාලිගාව සෝදා හැර වෙරළින් ඔච්චමට සිනාසේ පෙණ කැටි බිඳෙන්ට කලියෙන් රළ බිඳුම මකාලයි වෙරළේ ඇඳි ...
මගතොට දී... චේජනාගේ පිටුව (Chejana's web page) අප අවට ගැවසෙන්නන් කතා කරන දේ වටහා ගන්නට හැකිනම් ලෝකය කතා තෝතැන්නක් බව අද මට එදාටත් වඩා හොඳින් වැටහේ... ඒ අතරම වසර ගණනාවක් තිස්සේ ගම් රටවල්වල කෙමෙන් සිදුවූ වෙනස්කම් ද එකවර ග්‍රහණය කිරීම හේතුවෙන් විශාල පරිවර්තනයන් ලෙස සමහර සිදුවීම් මා තුළට ඇතුළු වේ. මා අසන දකින දේ මසිත බොහෝ සිතුවිලි ගොනු කරන්නේ එබැවිනි... එදා මා දුටු පාසල් වෑන් රථවල ස්ථානය ...
මහ නුගේ... චේජනාගේ පිටුව (Chejana's web page) "සමන්තා චක්ක වාලේසු අත්රා ගච්ඡන්තු දේවතා" අඳුරු පරිසරය සිසාරා යන ගැඹුරු හඬින් ඒ නාදය නැගී ඒ... විසල් පෙදෙසක් අරා නැගීගත් නුග රුක මහා යෝධයෙක් වැන්න... අතුපතර අතරින් පෙරී එන සඳ දිය රැහැන් තණ ගොල්ල මත සඳ සිතුවම් මවයි... දේවතාරාධනාව අසන දේවතාවෝ අතුපතර අතරින් මිහිමත වඩිනු ඇතැයි සිතන්නට පරිසරය අනුබල දේ... "සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොනේ" පතළ මහා ...
"මට ඉඳුරු දික්පතී - දනෝ සක් දෙවිඳු යයි පවසතී " - Myths of indra and sakra චේජනාගේ පිටුව (Chejana's web page) පුංචි කාලෙ කතන්දර අහන්න තිබ්බ ආසාවෙත්, අම්ම රෑ කෑම හදල ඉවර කරනකං අපිව බලාගන්න තිබ්බ ලේසිම විදිය නිසා රසකර කර කතා කියන්න තාත්තට තිබුන හැකියාවෙත්, කියපු කතා මතක තියාගෙන ඉඳල ඒක දෙසරයක් නං කියන්න නොදීමෙ මගේ හැකියාවෙත්, ඔය ඔක්කොගෙම සංකලනය නිසා අන්තිමට ජාතක කතා පවා තාත්ත කතා විදියට කියල මම ඇහුව. ජාතක කතාවල ගොඩක් වෙලාවට එන සක් දෙවිඳු ජනප්‍රියම ...
ඇසෙන කතා...(පාසල් දැරියෝ) චේජනාගේ පිටුව (Chejana's web page) බටහිර අහස දිලියෙමින් හිරු සයුරේ ගිලෙන්නට තතනයි. දාවල පුරා කරව් කරමින් ගොදුරු සෙවූ කාක්කන් සමුදුරු පියවර අද්දර කොට්ටම්බා ගස් මත රාත්‍රියට ලගුම් සොයයි. ලහි ලහියේ නිවෙස් බලා ඇදෙන අප මෙන්ම ඔවුන් ද රාත්‍රිය පිළිගැනීමට සැරසෙති. රිය තුළ තෙරපෙන පාසල් දැරියන්, මුහුදු සුළඟ සිපගනිමින් සමුදුර අද්දරින් ඇදෙන රිය කවුළුවෙන් එළියට යොමුවුණ නෙතු, බස් රිය තුලට යොමන්නට බලකරයි. උදෑසන පාසල් නිල ඇඳුමෙන්ම ...
සමාස තද්ත ප්‍රත්‍ය ශ්ෂණ චේජනාගේ පිටුව (Chejana's web page) කාලය හා ඒ කාලය තුල කළ යුතු මෙහෙවර විසින් කොතෙක් බෑඳලනු ලෑබුව ද, බොහෝමත්ම දිගු කාලයක් තිස්සේ පෑතූ ආශාවක් ඉටුවීම වෙනුවෙන් සටහනක් තබන්නට ඈති අවශ්‍යතාව ඒ සීමා සියල්ල ඉක්මවා ගිහින්. "සමාස තද්ත ප්‍රත්‍ය ශ්ෂණ සන් සන් භක්ති ක්යාපද න්ද්යා කໟවැ භු ශමතා දාසන් මහසන් ගැමුණු ජයබා" අහම්බෙන් කණට වෑටුන පද පේලි කිහිපයක් පමනක් වූ නමුත් කුමක් හෝ හේතුවකින් ජීවිත ...
පොළවෙන් අහසට... චේජනාගේ පිටුව (Chejana's web page) පොල්කරටිවලට ඉහළින් මහවරුසාව ඇද හැලේ. අතරින් පතර අකුණුසරයක සේයාවක් ඇඳී මැකීයයි. ගහකොළ අඹරවමින් ඇද හැලෙන තද වර්ෂාව නිසා පරිසරය සිසිල්ය. නොතෙමී හිඳ වර්ෂාව නරඹන රිසි නමුදු ඒ වර්ෂාවම එළියට යන්නට හරස් වේ. බොහෝ කලකට පසු මා පුටුවක මේසයක වාඩිවී කොළයක් මත පෑනෙන් සටහනක් තබමින් සිටිමි. නොලියූ සටහන පරිගණක තිරය මතම සටහන් තබන්නට හුරුවී සිටිය ද කෙමෙන් පරිගණකය හා මා අතර ...
බොන්සායි කුරුමිටි ගස් චේජනාගේ පිටුව (Chejana's web page) අවුරුදු දහස් ගාණක ඉතිහාසයක් තියෙන නිර්මාණයක් බොන්සායි, බොන්සායි ගැන කතා කරද්දි මුලින්ම කියවෙන්න ජපානය වුණත් ඒ නිර්මාණයේ ගෞරවය හිමිවෙන්නෙ චිනයටලු... චීනෙ ඉඳලා ආපු බොන්සායි කලාව ජපානයේ සෙන් බුදුදහමේ ආභාශයත් එක්ක දියුණු වෙලා... වියට්නාමයෙත් බොන්සායි කරපු ගස් හදනව කියල කියවෙනව... දැන් නම් බොන්සායි කලාව ලෝකය පුරාම ව්‍යාප්තවුණු එකක්... ඒත් බොන්සායි නිර්මාණයට යොදාගන්නා උපකරණ වැඩිදියුණු වෙලා විකාශය වෙලා තියෙන්නෙ ජපානෙදි... බොන්සායි ගස් නිර්මාණය ...
Saw ASIMO at miraikan - මානව රොබෝවා දුටිමි. චේජනාගේ පිටුව (Chejana's web page) ඉඳහිට රූපවාහිනියේ දකින මානව රොබෝවා "ඇසිමෝ" ජපානයේ "National museum of emerging science" කෙටියෙන් මිරයිකන් කියල හඳුන්වන කෞතුකාගාරෙදි සැබෑවටම දකින්න පුලුවන්. දවසට දෙවතාවක් ඇසිමෝ ක්‍රියාකරවල පෙන්නනව ඒ කෞතුකාගාරෙදි... ඇසිමෝ සෙන්ටිමීටර් 130 ක් උසයි, කිලෝ 54 ක් බරයි... හෙල්මට් එකකින් මූණ වැහුනම වගේ පෙනුමක් තිබුණත් ඔලුවෙ තියෙන කැමරාවලින් මිනිස්සුන්ගේ සහ අනෙක් ද්‍රව්‍යවල චලන හඳුනාගන්නත්, කටහඬ හා අනෙක් ශබ්ද වෙන්කර හඳුනාගන්නත් ඇසිමෝට පුලුවන්... මිනිස් ...
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ... චේජනාගේ පිටුව (Chejana's web page) එළියටවත් යන්න බැරි තරම්ම වැස්ස... හරියට නිරිත දිග මෝසමට අපේ ගෙදර පැත්තට වහිනව වගේ... ඉතිරිල පැතිරිල ගංවතුර ගලල තමයි ඒ වැස්ස ඉවර වෙන්නේ... ගිම්හානය නිමා කරන්න හිතාගෙන වෙන්න ඇති ජපානෙටත් ඒ වගෙම වහිනව අද... ජපන් කාලගුණයෙ තියෙන වෙනස හිටිගමන් වෙනස් වෙන්න පුළුවන්කම. ඊයේ සෙල්සියස් අංශක 37 ඉක්මවල රත්වෙල තිබ්බ ජපානෙ අද සෙල්සියස් අංශක විසිගණන් වෙනකම්ම බහින්න හදන්නෙ. කොහොමත් හවස වෙද්දි ...
ජීවත් වෙන දනන් ඇවිත් පාළු සුසානයෙ සරන්න... චේජනාගේ පිටුව (Chejana's web page) සුවඳ දුමින් සුවඳ කවාඉටි පහනින් එළිදල්වාගඳින් මලින් පිදුම් ලබාජීවත්වන දනන් අතර තව එක දවසක් රැඳෙන්නමළවුන් එන දවස අදයි පාළු සුසානයෙ සරන්න ජීවත්වුණ අතීතයේ සිතින් බැඳුනවුන් බලන්නවැළලී ගිය මතක අතර නිසංසලේ සැරිසරන්නමළවුන්ගේ අවුරුදු දාමළගිය ඇත්තන් වඳින්න ජීවත් වෙන දනන් ඇවිත් පාළු සුසානයෙ සරන්න අඳුරු රැයේ සුසානයේ නිසසල දිනයක් සසලයිජීවත් වෙන දනන් ඇවිත් පාළු සුසානයෙ සරන්න... ...
සොයුරු බැම්මක බැඳී ආ මග... චේජනාගේ පිටුව (Chejana's web page) කුඩාවුන් මල් වැනියයි බොහෝ දෙනා කීවද සමස්තයක් වශයෙන් ගත්කළ මම කිසිවිටක ඔවුනට ප්‍රිය කළේ නැත. ඊට පැහැදිලි හේතුවක් නැත ද, මා ඉතා කුඩා කල සිටම මගේ අම්මා බාලාංශ පන්තියේ නොකඩවා වසර විස්සක් පමණ උගැන්වීම ඊට හේතුව යයි බොහෝවිට මට හැඟේ. ඒ පන්තියේ කුඩාවුන් මට හැමවිටම පෙනුනේ මගේ අම්මා මගෙන් සොරාගන්නා කරදරකාරී සත්ව කොට්ඨාශයක් ලෙසමය. මට වයස දහසයක් පමණ වෙද්දී ද, ...
කබඩ්වල රැකෙන පිඟන් බඩු චේජනාගේ පිටුව (Chejana's web page) බොහෝවිට පිඟන් භාණ්ඩ හා සමීප ම සබඳතාව ඇත්තේ නිවසක ගැහැණියටයි. ගැහැණිය හා රන් භාණ්ඩ අතර සේම ගැහැණිය හා පිඟන් භාණ්ඩ අතර ද ඒ සබඳතාව තිබේ. නිවසක ආහාර පිළියෙළ කිරීමේ සහ පිළිගැන්වීමේ වගකීම ගැහැණියක් අත පවතී. ඒ නිසාම පිඟන් භාණ්ඩ එක් රැස් කිරීමේ ආශාව ද ඈ තුළ නිතැතින්ම ඇතිවනවා විය හැක. එහෙත් මා සිතන අයුරින් නම් රන් භාණ්ඩ ප්‍රවේශමට වඩා ඇතැම් ...
නෝ රැඟුම් චේජනාගේ පිටුව (Chejana's web page) කබුකි සහ නෝ රැඟුම් අතරින් වඩා පැරණි නෝ රැඟුම්,නෝ රැඟුම්වල ඉතිහාසය වර්ෂ 1336 දක්වා දිවෙනව... අශිකග සමුරායිවරුන්ගේ පාලන කාලය තුළ, රාජ්‍ය අනුග්‍රහය සහිත ව ඇරඹුණු නෝ රැඟුමට වසර හයසියයක පමණ ඉතිහාසයක් හිමියි...නෝ රැඟුම්වලත් කාන්තා චරිත පිරිමි අය විසින් රඟන සම්ප්රදාය රැඳෙනව...නෝ රැඟුම්වල විශේෂ්තවයක් විදියට කියවෙන්නෙ සම්ප්‍රදායානුකූලව නෝ රැඟුම් කණ්ඩායම එක්ව පුහුණුවීම් කරන්නෙ රැඟුම් ඉදිරිපත් කිරීමට දින කිහිපයකට පෙර එක් වතාවක් ...
කබුකි රැඟුම් චේජනාගේ පිටුව (Chejana's web page) කබුකි හා නෝ රැඟුම්, ලොව පුරා බොහෝ දෙනෙක් අසා ඇති ජපන් සංස්කෘතික උරුමයන්...කබුකි රැඟුම් කලාවට වසර හාරසියයක පමණ අතීතයක් හිමියි... වර්ෂ 1603-1629 අතර කාලයේ කාන්තාවන් විසින් සියළුම චරිත ඉදිරිපත් කරන නාට්‍ය කලාවක් විදියට කබුකි නිර්මාණය වෙලා තියෙන්නෙ...නමුත් බොහෝසෙයින් ශෘංගාරාත්මක වීම නිසා සහ ඒ හරහා අපචාරයන්ට තුඩුදීම හේතුවෙන කාන්තාවන් හා ළමයින් කබුකි රැඟුම්වලට එක්වීම 1629 දි අධිරාජයා විසින් තහනමට ලක් කරලා...ඉන් ...
ගිම්හානයේ අසිරිය - කණාමැදිරි රාත්‍රිය චේජනාගේ පිටුව (Chejana's web page) ඍතු වෙනසින් යුතු රටවල වෙනස් වෙන උෂ්ණත්වය, වර්ෂාව, ආර්ද්‍රතාවයත් එක්කම ඒ පරිසරයේ ජීවත්වෙන සත්ව විශේෂත් දවසින් දවස වෙනස් වෙනව... ඒ අතරෙ හිරු රශ්මියෙන් දැවුණත් ගිම්හානය වඩාත් සොඳුරු වෙන්නෙ ගිම්හානය පුරාවට ගහකොළත් සත්තුත් හිතට දැනෙන්න ජීවත් වෙන නිසා... ඉපල් විතරක් ඉතිරිවුණ ගස්වලට වඩා ගිම්හානයෙ ගෙඩි, කොළ පිරුනු ගස්වැල් ජීව ගුණයෙන් පිරිලා...ඒ ජීවගුණයෙන් යුත් ගස්වැල් කුරුල්ලන්ට ජීවත් වෙන්න අඬගහනව... ඒ නිසාම කාක්කෙක් ...
හචිකො - දුම්රිය පොළට ආ බල්ලා චේජනාගේ පිටුව (Chejana's web page) සිය ස්වාමියා සොයා දිනපතා දුම්රිය පොළට පැමිණි ජපන් බල්ලා පිළිබඳව ඇත්තේ සුප්‍රසිද්ධ කතාවකි. සම්පූර්ණ කතාව නොවුණ ද ඒ පිළිබඳව යම් කොටසක් මා ජපානයට එන්නට පෙර ද අසා තිබිණ. බල්ලන්ට ඉතාම ප්‍රිය නිසාම ඒ කතාව මගේ මතකයේ රැඳිණ. හචිකෝ 1923 අකිටා ප්‍රදේශයේ උපන්, අකිටා ඉනු වර්ගයට අයත් බල්ලෙකි. (අකිටා ඉනු තරමක් විශාල ලස්සන ජපන් බල්ලන් වර්ගයකි.) ටෝක්යො විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම අංශයේ මහාචාර්යවරයෙක් ...
සත්‍යය පරිකල්පනයෙන් ඔපවත්ව...The man in the iron mask චේජනාගේ පිටුව (Chejana's web page) වර්ෂ 1669 ජුලි මාසයේ අග භාගය ගෙවී යයි. දහහතර වන ලුවී රජුගේ අමාත්‍ය මාර්ක්වීස් ඩි ලුවිස් වෙතින් පිග්නෙරොල් බන්ධනාගාර ප්‍රධානියා සේන්ට් මාර්ස් වෙත ලැබුණ ලිපියකි. එස්ටාච් ඩෞගර් නම් වූ සිරකරුවෙක් ඊළඟ මාසයේ බන්ධනාගාරය වෙත ළඟාවීමට නියමිත බව හේ දන්වා එවා ඇත. බන්ධනාගාරයකට එය අමුත්තක් නොවන නමුත් ඒ සමග ඇති අනිකුත් නියෝග ඔහු තුළ තරමක විශ්මයක් ඇති කිරීමට සමත් ය. ළඟාවීමට නියමිත ...