කියවන්න පොත් 8ක් චරිත්ගෙ සිතුවිලි සිංහල නවකතා මාලාවක් විදිහට තියෙන පොත් ගොඩක් අඩුයි. ප්‍රසිද්ධම කතා මාලාව තමයි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ "ගම්පෙරළිය", "යුගාන්තය" හා "කලියුගය" කතා මාලාව. තව ගුණදාස අමරසේකරගෙ "ගමනක මුල" ඉඳල "ගමනක අඟ" කියන පොත් 8ක විතර කතා මාලාවක් තියෙනව.ජයසේන ජයකොඩි මහත්මයා ලියපු රාහුල තෙරණුවන්ගේ කතාව ඇතුළත් කතා මාලාව මේ ඔක්කොටම පොත් වලට වඩා ඉහළ මට්ටමක කතා මාලාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පුළුවන්නම් ...
කඩවුණු පොරොන්දුව චරිත්ගෙ සිතුවිලි මට ළගඳි ආසාවක් ආවා ලංකාවේ තිරගත වෙච්ච පළමු කථානාද චිත්‍රපටිය වෙච්ච "කඩවුණු පොරොන්දුව" බලන්න. ඒත් අවාසනාවට ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගන්න බැරි වුණා. ඒත් පොඩිම පොඩි වීඩියෝ එකක් විතරක් බලා ගන්න පුළුවන් වුණා.ගිය සතියේ දෙරණ චැනලයේ ගියා"කඩවුණු පොරොන්දුව" චිත්‍රපටියේ නව නිෂ්පාදනය. ඒකෙන් යම්තාක් දුරකට මගෙ ආසාව සපුරා ගන්න පුළුවන් වුණා."කඩවුණු පොරොන්දුව" චිත්‍රපටියේ තිබෙන මං ආසාම ගීත දෙක තමයි එඩී ජයමාන්න ...
ජෛනාගම චරිත්ගෙ සිතුවිලි ගොඩක් අය ජෛනාගම ගැන අහල තිබුණට නිඝන්ටයන් දැකල නැතිව ඇතිනෙ. පහල තියෙන වීඩියෝ වල ඉන්නෙ ඒ නිඝන්ටයො. (18+ හොදේ)
යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ? චරිත්ගෙ සිතුවිලි යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ?ගොඩක් අය යොහෝවාගේ සාක්ෂිකරුවෝ කියපු ගමන් බියට පත් වෙනව. ඒ ඔවුන් අන්තවාදී ආගමික කණ්ඩායමක් කියන පිළිගැනීම ඔවුන්ට තිබෙන නිසා. මේ නිසාම ඔවුන් ගැන දැන ගැනීමට ඇති වූ කුහුල නිසා මම ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වන Watchtower වෙත ගොස් ඔවුන්ගේ ධර්මය දැන ගැනීමට කැමති බව දන්වා එහි ඇති පෝරමය පුරවනු ලැබුවා. දවස් දෙක, තුනකට පස්සෙ වත්තල ...
O/L, A/L ICT ටියුෂන් චරිත්ගෙ සිතුවිලි දැන් ඉතින් SLIIT එකේ ඉගෙන ගෙන ඉවර නිසාත්, කර කර හිටපු රස්සාවෙන් අයින් වුණු නිසාත් අලුතෙන් මොකක් හරි කරන්න හිතුවා. අන්තිම අවුරුද්දෙ "Entrepreneurship" කියන විෂය ඉගෙන ගත්තු නිසා මමම බොස් වෙලා මොකක් හරි පටන් ගන්නයි ආසාව වුණේ.ඉතින් ඒ අනුව මම හිතුව ටියුෂන් කරන්න පටන් ගන්න. කරන විෂය තමයි O/L සහ A/L ICT. හිතුව විතරක් නෙමෙයි, දැනටමත් පටන් අරන් තියෙන්නෙ. කලින් ...
යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ? චරිත්ගෙ සිතුවිලි යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ?ගොඩක් අය යොහෝවාගේ සාක්ෂිකරුවෝ කියපු ගමන් බියට පත් වෙනව. ඒ ඔවුන් අන්තවාදී ආගමික කණ්ඩායමක් කියන පිළිගැනීම ඔවුන්ට තිබෙන නිසා. මේ නිසාම ඔවුන් ගැන දැන ගැනීමට ඇති වූ කුහුල නිසා මම ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වන Watchtower වෙත ගොස් ඔවුන්ගේ ධර්මය දැන ගැනීමට කැමති බව දන්වා එහි ඇති පෝරමය පුරවනු ලැබුවා. දවස් දෙක, තුනකට පස්සෙ වත්තල ...
පරිවර්තනය vs අනුවාදය - 1 චරිත්ගෙ සිතුවිලි (එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.)මගේ දයා බර පාඨකයන්ට තව ද එක් වැදගත් කරුණක් පැහැදිලි කර දීමට මම මෙහි දී අදහස් කරමි. එ නම්, පරිවර්තනය හා අනුවර්තනය හෙවත් අනුවාදනය අතර ඇති ඉමහත් වෙනස යි. අනුවර්තනය කීව ද අනුවාදය කීව ද ...
ෆ්ලෝටින් මාර්කට් ගියෙමි චරිත්ගෙ සිතුවිලි නිකන් ඉන්න බැරි කමට අද පිටකොටුවෙ අළුතින් ඉදිකරපු ෆ්ලෝටින් මාර්කට් එක බලන්න ගියා. ගියාට අමුතුවෙන් දෙයක් ගන්නවත්, කන්න බොන්න තැනක්වත් නෑ. Bake House එක තිබ්බත් ඒකෙත් වාඩි වෙලා කන්න ඉඩක් තිබ්බෙ නෑ. ඉස්සර පිටකොටුවෙ කඩම තමයි. වෙනස තියෙන්නෙ පිරිසිදුකම විතරයි. ඒකත් තව කොච්චර කල් තියෙයිද දන්නෙ නෑ.බුලත්, පුවක්, දුම්කොළ විකුණන කාන්තාවකුත් හිටියා. ඒ මිනිස්සුත් තමන්ගෙ රස්සාව කරන්න ඕනෙ කමට ඉන්නව ...
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2014 - Colombo International Book Fair 2014 චරිත්ගෙ සිතුවිලි September 10අද ගත්ත පොත්මුල්ම දවසෙම ප්‍රදර්ශනේට ගියා. පොත් 5යි ගත්තෙ. වෙනද නම් අතින් කටින් එල්ලන් එන්නෙ. පොත් වලට ගිය මුළු වියදම රුපියල් 1840. කෑම, බීම, ටිකට් එකට, බස් ගාස්තු එකතු වුණාම සම්පූර්ණ වියදම වුණේ රුපියල් 2033.https://www.facebook.com/groups/134123179997191/permalink/706758049400365/September 10අද මුල්ම දවසෙම පොත් ප්‍රදර්ශනේට ගියා. ගත්ත පොත් ගැන විස්තරයක් පින්තූරත් එක්කම දැන්ම. ලේඛකයො කීප දෙනෙක්මත් හම්බ වුණා. මුලින්ම මුණ ගැහුනෙ සේනාරත්න වීරසිංහ මහත්මයව. ...
ජෛනාගම චරිත්ගෙ සිතුවිලි ගොඩක් අය ජෛනාගම ගැන අහල තිබුණට නිඝන්ටයන් දැකල නැතිව ඇතිනෙ. පහල තියෙන වීඩියෝ වල ඉන්නෙ ඒ නිඝන්ටයො. (18+ හොදේ)
ජෛනාගම චරිත්ගෙ සිතුවිලි ගොඩක් අය ජෛනාගම ගැන අහල තිබුණට නිඝන්ටයන් දැකල නැතිව ඇතිනෙ. පහල තියෙන වීඩියෝ වල ඉන්නෙ ඒ නිඝන්ටයො. (18+ හොදේ)
'ජයවිලාල් විලේගොඩ ගේ සිනමා විචාර' චරිත්ගෙ සිතුවිලි 'ජයවිලාල් විලේගොඩ ගේ සිනමා විචාර' මේ තමයි මම අන්තිමට මේ මාසෙ කියවපු පොත. පොත සංස්කරණය කරල තියෙන්නෙ සුනිල් මිහිඳුකුල.මේ පොතේ තියෙනව ජයවිලාල් විලේගොඩ (ඔහුගේ සැබෑ නම ජයරත්න විලේගොඩය.) විසින් කරනු ලැබූ චිත්‍රපටි විවේචන 50ක්. මේවායින් බොහොමයක් චිත්‍රපටි ජයවිලාල් විසින් හඳුන්වා තිබෙන්නේ ඉන්දියානු චිත්‍රපටි කොපි කිරීම් ලෙසයි. ටිකක් හරි හොඳ විවේචනයක් ලැබිල තියෙන්නෙ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'සංදේශය', ...
P.S. I Love You || ප.ලි. මම ඔයාට ආදරෙයි චරිත්ගෙ සිතුවිලි තමන්ට ආදරය කරන කෙනෙක් මිය ගිහිල්ලත් ඔහුගෙන් ආදරය ප්‍රකාශ වන ලිපියක් හැම මාසෙකම ලැබුණොත් ඒ මුලින් තිබ්බ ආදරයේ අඩුවක් දැනෙන්න පුළුවන්ද? මේ විදිහේ කතාවක් රැගත් පොතක් තමයි "P.S. I Love You" කියන්නෙ.Gerry හා Holly කියන්නෙ ආදරයෙන් එකට ජීවත් වන යුවලක්. ඒත් Gerry තරුණ කාලෙදිම අසනීප වෙලා මිය යනවා. Holly කියන්නෙ තමන්ගෙ වැඩක් තනියම කර ගන්නවත්, එක දිගට එකම රස්සාවකට යන්නවත් ...
පරණ පොත් කඩයකට ගියෙමි චරිත්ගෙ සිතුවිලි හැමදාම කොළඹ යනකොට මම දැකපු පොත් කඩයක් තමයි වැල්ලවත්තේ සේනානායක පොත් කඩය. පුංචි කාලෙ ඉඳල දැකල තිබුණත් අද තමයි ඔය කඩේට යන්න අවස්ථාව ආවෙ.විනෝදාංශය විදිහට පොත් කියෙව්වත් අළුතෙන් පොතක් මම ගන්නෙ බොහොම කලාතුරකින්. හේතුව පොත් තියාගන්න ඉඩකඩ මදි වීමත්, පොත් ගන්න වියදම් කරන්න මුදල් අඩු වීමත්. කලාතුරකින් හරි පොතක් ගන්න ඕන වුණොත් යන්නෙ මරදානෙ ගාමිණී හෝල් එක ගාව පරණ පොත් ...
පොතක් ගැන යමක් චරිත්ගෙ සිතුවිලි "පොතක් ගැන යමක්" කියන්නෙ මම කරන තවත් බ්ලොග් එකක්. ඒකෙ තියෙන්නෙ මම කියවන පොත් ගැන පොඩි විස්තරයක්. කාලෙකින් ඒ බ්ලොග් එකේ මොකුත් ලියවුනේ නෑ. ඒ නිසා ලබන මාසෙ ඉඳල ආපහු ඒ බ්ලොග් එක පටන් ගන්නවා. ඉතින් හැමෝම ඇවිත් බ්ලොග් එක බලල යන්න එන්න කියල ඉල්ලා හිටිනව. ...
මා ආ ගිය පුස්ථකාල චරිත්ගෙ සිතුවිලි මගෙ දැන් තියෙන ලොකුම විනෝදාංශය තමයි පොත් කියවන එක. ඉස්සර නම් පොත් ගත්තා. ඒත් දැන් නම් පොත් ගන්න එක නතර කරල, පුස්ථකාලවලින් පොත් අරගෙන කියවන එක තමයි කියන්නෙ.මට පුස්ථකාල කිහිපයක්ම පරිහරණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒවා තමයි,1. පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ පුස්ථකාලය.2. කොළඹ රාජකීය විද්‍යාලයීය පුස්ථකාලය.3. පාණදුර නගර සභා පුස්ථකාලය.4. බ්‍රිතාන්‍ය කවුන්සිල පුස්ථකාලය.5. කොළඹ ජාතික පුස්ථකාලය.6. කොළඹ මහජන පුස්ථකාලය.ඉතින් මම ...