මා ආ ගිය පුස්ථකාල චරිත්ගෙ සිතුවිලි මගෙ දැන් තියෙන ලොකුම විනෝදාංශය තමයි පොත් කියවන එක. ඉස්සර නම් පොත් ගත්තා. ඒත් දැන් නම් පොත් ගන්න එක නතර කරල, පුස්ථකාලවලින් පොත් අරගෙන කියවන එක තමයි කියන්නෙ.මට පුස්ථකාල කිහිපයක්ම පරිහරණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒවා තමයි,1. පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ පුස්ථකාලය.2. කොළඹ රාජකීය විද්‍යාලයීය පුස්ථකාලය.3. පාණදුර නගර සභා පුස්ථකාලය.4. බ්‍රිතාන්‍ය කවුන්සිල පුස්ථකාලය.5. කොළඹ ජාතික පුස්ථකාලය.6. කොළඹ මහජන පුස්ථකාලය.ඉතින් මම ...
'ජයවිලාල් විලේගොඩ ගේ සිනමා විචාර' චරිත්ගෙ සිතුවිලි 'ජයවිලාල් විලේගොඩ ගේ සිනමා විචාර' මේ තමයි මම අන්තිමට මේ මාසෙ කියවපු පොත. පොත සංස්කරණය කරල තියෙන්නෙ සුනිල් මිහිඳුකුල.මේ පොතේ තියෙනව ජයවිලාල් විලේගොඩ (ඔහුගේ සැබෑ නම ජයරත්න විලේගොඩය.) විසින් කරනු ලැබූ චිත්‍රපටි විවේචන 50ක්. මේවායින් බොහොමයක් චිත්‍රපටි ජයවිලාල් විසින් හඳුන්වා තිබෙන්නේ ඉන්දියානු චිත්‍රපටි කොපි කිරීම් ලෙසයි. ටිකක් හරි හොඳ විවේචනයක් ලැබිල තියෙන්නෙ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'සංදේශය', ...
රෝස කටු - බෞද්ධ නවකතා ලියූ ලේඛයකුගේ ජීවිත කතාව චරිත්ගෙ සිතුවිලි ජයසේන ජයකොඩි කියන්නෙ බෞද්ධ ධර්මයෙහි ඇතුළත් කරුණු මුල් කරගෙන නවකතාකරණයෙහි යෙදිච්ච ලේඛකයෙක්. බුදුන් වහන්සේගේ ජීවිත කතාව "අමාවැස්ස" හා "ගෝතම ගීතය" යන පොත් දෙකෙහි එතුමා ඉතා අලංකාරව නවකතාවකට ගැළපෙන අයුරින් සකස් කර තිබෙනවා. ඒ වගේම තමයි එතුමා විසින් ලියපු රාහුල තෙරණුවන්ගේ කතාව ඇතුළත් පිච්චමල නවකතා මාලව. එහි නවකතා පොත් 8ක් ඇතුළත් වෙනවා. මෙම රාහුල තෙරුන් ජීවත් වූ ප්‍රදේශය ලෙසට යොදා ගෙන ...
පුංචි කාලෙ බලපු කාටූන් චරිත්ගෙ සිතුවිලි පල්ලෙහා දාල තියෙන්නෙ මම පුංචි කාලෙ ආසාවෙන් බලපු කාටුන් කීපයක්. "දොස්තර හොඳ හිත", "පිස්සු පූසා", "හා හා හරි හාවා", "ගලිවරයන්ගේ සුවිසැරිය" වගේ මම තවමත් ප්‍රිය කරන කාටූන් කීපයක වීඩියෝ කීපයක්. මේවා බලද්දි ආපහු පුංචි කාලෙට යන්න හිතෙනව.මේවයින් දැන් ඉදල හිටල හරි පෙන්නන්නෙ "පිස්සු පූස" විතරයි. ඒකත් දැන් ගොඩක් කාලෙකින් පෙන්නුවෙ නෑ. දැන් ඉන්න ළමයින්ට මේ වගේ කාටූන් එකක් රස විදින්නත් ...
යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ? චරිත්ගෙ සිතුවිලි යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ?ගොඩක් අය යොහෝවාගේ සාක්ෂිකරුවෝ කියපු ගමන් බියට පත් වෙනව. ඒ ඔවුන් අන්තවාදී ආගමික කණ්ඩායමක් කියන පිළිගැනීම ඔවුන්ට තිබෙන නිසා. මේ නිසාම ඔවුන් ගැන දැන ගැනීමට ඇති වූ කුහුල නිසා මම ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වන Watchtower වෙත ගොස් ඔවුන්ගේ ධර්මය දැන ගැනීමට කැමති බව දන්වා එහි ඇති පෝරමය පුරවනු ලැබුවා. දවස් දෙක, තුනකට පස්සෙ වත්තල ...
පරිවර්තනය vs අනුවාදය - 2 චරිත්ගෙ සිතුවිලි පළමු කොටස මෙතනින් බලන්න.(එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.)අනෙක් අතට1. අනුවාදනයේ දී, මුල් කෘතිය සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට නැඟීම අවශ්‍ය නැත.2. අනුවාදනයේ දී, අනුවාදකයාට අභිමත පරිදි, මුල් කෘතියේ කොටසක් හෝ කොටස් ගණනාවක් හෝ සිංහල අනුවාදයෙන් ඉවත් කළ හැකි ...
පොඩි ගාණක් හදා ගන්න උදව්වක් දෙන්න චරිත්ගෙ සිතුවිලි මේ ගාණ විවෘත විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු විභාගයකදී අහපු mcq ප්‍රශ්නයක්. උත්තරය හරියටම ගන්න විදිහ මට තේරෙන්නෙ නෑ. ප්රශ්නය පහතින් සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම දාල තියෙනව. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් හදන ක්‍රමෙත් එක්කම උත්තරේ කියල යන්න.ඝනයක පැත්තක දිග තත්පරයට සෙ. මී. 4ක සීඝ්‍රතාවයකින් වැඩි වෙමින් පවතී. පැත්තක දිග සෙ. මී. 3ක් වන විට ඝනකයේ පරිමාව වැඩි වීමේ සීඝ්‍රතාවය cm^3/sec ...
නීතියක් නැති රටක සිට ලියමි චරිත්ගෙ සිතුවිලි දැන් රටේම මාතෘකාව වී ඇත්තේ සිංහල - මුස්ලිම් ප්රශ්නය ගැනය. මේ ඒ ගැන මට හිතෙන විදියය.නීතියක් නැති රටක් කීවාට මා දන්නා තරමින් අපේ රටේ නීති 5ක් ඇත. වෙනත් රටවලත් මේ වගේ මහ ජාතීන්ට වෙනම නීතියකුත්, සුළු ජාතීන්ට වෙනම නීතියකුත් තියෙනවාදැයි නොදනිමි. මොන නීති තිබ්බත් ඒ නීතිය ලොකු ලොකු මෝරුන්ට හා තල්මසුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැත. මොන නීතියත් ඇත්තේ හාල්මැස්සන්ටය.බේරුවල, අලුත්ගම ඇවිලුණු ...
Bombay Meri Hai චරිත්ගෙ සිතුවිලි නීල් විජේරත්නගෙ "කේරළ නළඟන" පොත කියවන කොට මතක් වෙච්ච සිංදුවක් තමා මේ දාලා තියෙන්නෙ.මේ ගීතය මුලින්ම පටිගත කරල තියෙන්නෙ 1696 වසරේදී. ගීතය මුලින්ම ගායනා කරල තියෙන්නෙ ඌශා උතුප් විසින්. සංගීතය සපයල තියෙන්නෙ මීනා කාවා විසින්. ද්විභාෂික පදමාලාව රචනා කරල තියෙන්නෙ නජු කාවා විසින්.VerseCome from England, come from Scotland, come from IrelandCome from Holland, come from Poland, come from any land,If ...
කියවන්න පොත් 8ක් චරිත්ගෙ සිතුවිලි සිංහල නවකතා මාලාවක් විදිහට තියෙන පොත් ගොඩක් අඩුයි. ප්‍රසිද්ධම කතා මාලාව තමයි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ "ගම්පෙරළිය", "යුගාන්තය" හා "කලියුගය" කතා මාලාව. තව ගුණදාස අමරසේකරගෙ "ගමනක මුල" ඉඳල "ගමනක අඟ" කියන පොත් 8ක විතර කතා මාලාවක් තියෙනව.ජයසේන ජයකොඩි මහත්මයා ලියපු රාහුල තෙරණුවන්ගේ කතාව ඇතුළත් කතා මාලාව මේ ඔක්කොටම පොත් වලට වඩා ඉහළ මට්ටමක කතා මාලාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පුළුවන්නම් ...
දේව පාමුල චරිත්ගෙ සිතුවිලි ඔබටත් වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කර ගත නොහැකි රෝගයක් වැළඳී තිබෙනවාද?පිළිකා, ඇස් නොපෙනීම, කන් නොඇසීම, ගොළු බව, කොර වීම වැනි රෝගාබාධයන් තිබෙනවාද?මෙන්න එහෙනම් එම රෝගාබාධයන් සුව කර ගැනීමට හැකි එකම මග.අද දින (මාර්තු 13) සවස 5ට පමණ ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන "දේව පාමුල" යාඥාවට සහභාගි වන්න. ඔබට ඇති සියළුම කායික, මානසික දුර්වලතා මග හරවා ගත හැක.හැබැයි බැරිවෙලාවත් ඔබේ ආත්මය ශුද්ධාත්මයාණන් ...
මගේ ක්‍රිකට් මතකයෙන් බිඳක් - 1 චරිත්ගෙ සිතුවිලි මම මුලින්ම ක්‍රිකට් බලන්න ඇබ්බැහි වුනේ 1996 ලෝක කුසලාන තරගාවලියත් එක්කයි. ඊට පස්සෙ 2003 විතර වෙනකම්ම වගේ මේ ඇබ්බැහි වීම මට තිබුණා. දැන් නම් ඒක අඩු වුනත් ආපහු ක්‍රිකට් උණ වැළඳිලයි තියෙන්නෙ.මුලින්ම ක්‍රිකට් මතකයෙන් බිඳක් යටතේ මම කියන්න යන්නෙ 1996ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මතකයන් ගැන.මට මතක විදිහට 96 ලෝක කුසලානෙ ලංකාව ගහපු පළමුවැනි මැච් එක ගැහුවෙ සිම්බාබ්වේ ටීම් එකත් ...
බතුයි, සම්බෝලයි, මාළුයි චරිත්ගෙ සිතුවිලි නිකන් දුන්නත්මාළු කෑල්ලක් කන්නෙනැති මම,අදතනියෙන්ම උයාගෙනපරා මාළුත් එක්කසම්බෝලයි බතුයිකෑවෙමිපිංතූරෙ ගත්තෙ මෙතනින්.
ඔබත් සුරතල් මසුන් ඇති කරනවාද? එසේ නම් සුදු තිත් රෝගය (White spot disease) ගැන දැනුවත් වන්න. චරිත්ගෙ සිතුවිලි මගේ එක විනෝදාංශයක් තමයි විවිධ වර්ගයේ සුරතල් මසුන් ඇති කිරීම. විවිධ වර්ගයේ කිව්වට වැඩිපුර ඇති කරල තියෙන්නෙ කාර්ෆ් හා ගෝල්ඩ් ෆිශ් මසුන් වර්ග තමයි. ඒ ඇරෙන්න විවිධ ගුරාමි වර්ගත්, ගප්පි වර්ගත් ඇති කරල තියෙනව. එකම එක වතාවක් ඔස්කා මසුන් ජෝඩුවකුත් ඇති කළා. මාළු ලොකු වුනාට පස්සෙ ආපහු ගත්තු තැනටම විකුණල දැම්මා.මේ කොයි මාළු ඇති කළත්, මාළුන්ට බහුලව ඇති වන රෝගයක් ...
ටියුෂන් හා ටියුෂන් ගුරුවරු හා රාජකීය විද්‍යාලයේ ගුරුවරු චරිත්ගෙ සිතුවිලි 2011 ජනවාරි පළවැනිදාම 2013 අවුරුද්දෙ උසස් පෙළ කරන අයට ටියුෂන් පන්ති පටන් අරන් තියෙනව. මේ ලියන්නෙ මගේ ටියුෂන් අත්දැකීම් කීපයක්.මුලින්ම මම උසස් පෙළ ටියුෂන් පන්තියකට කියල ගියෙ ප්‍රසන්න බද්දෙවිතාන සර්ගෙ රසායන විද්‍යාව පන්තියට. පන්ති ගියෙ පාණදුරේ අබාන්ස් එක ගාව තිබ්බ New Academy එකට. මේක group class එකක්. ඒ කාලෙ නම් රුපියල් පන්සීයක් ගත්තා. දැන් නම් කීයක් ගන්නවද දන්නෙ නෑ. A/L ...
එකම ගීතය භාෂා තුනකින් ("මගෙ සුදු මාමේ", "Chinna Maamiye", "My Fair Uncle") චරිත්ගෙ සිතුවිලි පහත දක්වල තියෙන්නෙ සී.ටී. ෆර්නෑන්ඩු ගායනා කරන "මගෙ සුදු මාමේ" කියන ගීතය භාෂා තුනකින් ගායනා කරල තියෙන ආකාරයයි. මේකෙ ඉංග්‍රීසි ගීතය යම් තරමක් සිංහල අය අතර ජනප්‍රිය වුවත් දෙමළ ගීතය නම් ගොඩක් අය අහල නැතුව ඇති. සිංහල අය අතර මේ දෙමළ ගීතය ජනප්‍රිය නැති වුවත් දෙමළ ගුවන් විදුලි නාලිකාවලින් නම් සමහර වෙලාවට මේ ගීතය ප්‍රචාරය වෙනව අහන්න පුළුවන්."මගෙ සුදු මාමේ" ...
"සරා" සහ "සුබා" චරිත්ගෙ සිතුවිලි මේ දවස්වල තිරගත වන චිත්‍රපට දෙකක් තමයි "සරා" සහ "සුබා". එම චිත්‍රපටි දෙකේ කතාවත් මේ දෙක අතරෙ තියෙන වෙනස්කම් ගැනත් තමයි මේ කියන්න යන්නෙ.මුලින්ම "සරා" ගැන කියල ඉන්නම්. මේක "දෙරණ" රූපවාහිනී නාලිකාවේ ගිය "සරා" ටෙලිනාට්‍යය short & sweet කරල හදපු චිත්‍රපටියක්. කතාවෙ සාරාංශ මේකයි. සරා කියන්නෙ නාගරික මන්ත්‍රීවරියක්. ඇය ජීවත් වෙන්නෙ අඩු ආදායම් ලාභීන් ජීවත් වෙන ප්‍රදේශයක. සරා ජීවත් වෙන ...
Mega Star හි මෙගා ගුටි කෙළිය චරිත්ගෙ සිතුවිලි ඊයෙ පැවත්වෙච්ච ස්වර්ණවාහිණියෙ මෙගා ස්ටාර් තරගයෙ අවසන් ප්‍රතිඵලය අද අළුයම 12.30 ට විතර කමල් අද්දරාරච්චි විසින් ප්‍රකාශ කරනු ලැබුව. මෙගාර් ස්ටාර් වුනේ අජිත් වීරසිංහ. දෙවනිය වුනේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා.ඉතින් තරග ප්‍රතිඵල කියල ඉවර වුනාම තැගි දෙන්න සෝමා එදිරිසිංහයි, ස්වර්ණවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂක බුද්ධිකයි වේදිකාවට ආව. දයාසිරිටත් තරගයේ දෙවෙනියට හිමි තෑගි ලබා දුන්නා.ඒත් තරගයෙන් දිනුව අජිත්ට තෑගි දෙන්න කලින් වේදිකාව උඩ රණ්ඩුවක් ...
විශේෂඥයන්ගේ අනාවැකි || Expert opinions චරිත්ගෙ සිතුවිලි "මං හිතන්නෙ නෑ කිසි කෙනෙකුට ඕන වෙයි කියලා ගෙදර පරිඝනකයක් තියා ගන්න." විඩිටල් ඉක්විප්මන්ට් සමාගමේ සභාපති කේන් ඔල්සන් 1977 දී. "පරමාණුවෙහි ශක්තිය ප්‍රයෝජනයට ගැනීමට මිනිසා කිසි දිනෙක සමත් නොවනු ඇත."භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් රොබට් මිලිකෑන් 1923 දී. "අනාගතයේදී පරිඝනකය ටොන් එකහමාරකට වඩා බරින් වැඩි නොවනු ඇත." විද්‍යාවේ අනාගත වර්ධනයන් පිළිබඳ අනාවැකි පළ කරමින් Popular Mechanism සඟරාව 1944 දී."ගුවන් යානා ...