සෙනසුරාදත් ගියා, හෙටත් යනවා චරිත්ගෙ සිතුවිලි පොත් ප්‍රදර්ශනේ පටන් ගත්ත දවසෙ උදේ 10 වෙද්දිම ප්‍රදර්ශනය බලන්න ගියත් කිසිම පොතක් ගත්තෙ නම් නෑ. ඒකට හේතුව වුණේ එදා අතේ සල්ලි නොතිබීමත්, හදිස්සියෙම යන්නට සිදු වීමත්. ඉතින් හෙට තමයි පොත් ගන්න යන්න හිතන් ඉන්නෙ.හෙට ගන්න හිතන් ඉන්න පොත් තමයි මේ.උපුල් ශාන්ත සන්නස්ගලගෙ පොත් කීපයක් ගන්න උවමනාවක් තිබ්බත් පොත් ප්‍රදර්ශනයෙන් නම් එයාගෙ පොත් ගන්න එක ලාබ නෑ. එතන ලැබෙන්නෙ 20%ක ...
සයිමන් නවගත්තේගමගෙ පොත්වලට ආස කවුද? චරිත්ගෙ සිතුවිලි සුභ ආරංචියක් කියන්න තියෙනව. කාලයක් හොයා ගන්න බැරුව තිබ්බ සයිමන් නවගත්තේගම මහත්මයගෙ පොත් කීපයක නැවත මුද්‍රණයක් "ෆාස්ට් පබ්ලිෂින්" ආයතනය කරල තියෙන්ව. 25%ක වට්ටමක් පොත් ප්රදර්ෂණයෙ දෙනව. මරදානෙ සුරස පොත් හලෙත් 25%ක වට්ටමක් මේ මාසෙ පුරාම දෙනව. දැනට මුද්‍රණය කරල තියෙන්නෙ "සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා", "දඩයක්කාරයාගේ කතාව" සහ "සුභ සහ යස" කියන පොත් තුන ...
කියවන්න පොත් 8ක් චරිත්ගෙ සිතුවිලි සිංහල නවකතා මාලාවක් විදිහට තියෙන පොත් ගොඩක් අඩුයි. ප්‍රසිද්ධම කතා මාලාව තමයි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ "ගම්පෙරළිය", "යුගාන්තය" හා "කලියුගය" කතා මාලාව. තව ගුණදාස අමරසේකරගෙ "ගමනක මුල" ඉඳල "ගමනක අඟ" කියන පොත් 8ක විතර කතා මාලාවක් තියෙනව.ජයසේන ජයකොඩි මහත්මයා ලියපු රාහුල තෙරණුවන්ගේ කතාව ඇතුළත් කතා මාලාව මේ ඔක්කොටම පොත් වලට වඩා ඉහළ මට්ටමක කතා මාලාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පුළුවන්නම් ...
කතා දෙකක් චරිත්ගෙ සිතුවිලි මේ කියන්න යන්නෙ ඊයෙ දවසෙ මට දකින්න ලැබිච්ච සිද්ධි දෙකක්. කතා දෙකක් කිව්වට මේ සිද්ධි දෙකේ රසවත් දෙයක් ඇත්තෙම නැති තරම්.පළවෙනි සිද්ධිය වුනේ පානදුරෙන් පටන් අරන් මරදාන බලා යන "මුතු කුමාරි" දුම්රියේදී. (දැන් අහන්න එපා හලාවතින් පටන් ගන්න "මුතු කුමාරි" කෝච්චිය පානදුරෙන් පටන් ගන්නෙ කොහොමද කියල. පානදුරේ පැත්තෙන් කෝච්චියෙ යන අය "මුතු කුමාරි" ගැන දන්නව ඇති කියල හිතනව.)උදේ 9.35ට පානදුරෙන් "මුතු ...
සිංහල කතා කරන දෙමළ චරිත චරිත්ගෙ සිතුවිලි චිත්‍රපටියක හෝ ටෙලිනාට්‍යයක දෙමළ පුද්ගලයකුගේ චරිතයක් තියෙන කොට ඒ චරිතය රඟපාන කෙනා බොහෝ වෙලාවට කතා කරන්නෙ දෙමළෙන් බව අපි දැකල තියෙනව. අද එක්තරා ගුවන් විදුලි නාලිකාවක ප්‍රචාරය වෙච්ච දෙමළ චරිත රැගත් කතාවකත් ඔවුන් භාවිතා කළේ සිංහල භාෂාව. ඒ වගේම දැන් තිරගත වන "ඉර හඳ යට" චිත්‍රපටියෙත් ත්‍රස්තාදී නායකයකු වන පෝල් මාස්ටරුත් එක් අවස්ථාවකදී සිංහලෙන් කතා කරනව. කිසිම දිනෙක සිංහල කතා ...
පුංචි කාලෙ අහපු, බලපු සින්දු - 1 චරිත්ගෙ සිතුවිලි අද මම ලියන්නෙ මම පුංචි කාලෙ ආසාවෙන් අහපු, බලපු සින්දු කීපයක් පිළිබඳව. මේ බොහොමයක් සින්දු මට වයස අවුරුදු 5ක් වෙන්න කලින් අහපු ඒවයි. ඒ නිසා ඒ ගොඩක් සින්දු වලට එදා වගේම තාමත් මම ආසයි."මොනවද මුත්තේ" කියන සින්දුව තමයි මට මතක පරණම සින්දුව. මේක ගායනා කරන්නෙ රෝහණ වීරසිංහ මහත්මයත් එක්ක තවත් ළමා ගායකයෙක්. ළමා ගායකයාගෙ නම නම් මම දන්නෙ ...
Put A Chat With auntie netta චරිත්ගෙ සිතුවිලි "Put A Chat With auntie netta" කියන්නෙ ETV රූපවාහිනී සේවයේ විකාශය වන නිම්මි හරස්ගම විසින් ඉදිරිපත් කරන විනෝදාතමක සම්මුඛ සාකච්ඡා වැඩසටහනක්. ගොඩක් අයට මේක ඇල්ලුවෙ නැති වුනත් මට නම් මේ වැඩසටහන ගොඩක් සිංහල වැඩසටහන් වලට වඩා හොඳයි. හරසාර, බරසාර වචන යොදා ගන්නෙ නැතුව කරන මේ වැඩසටහන සිංහල වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ටද බලල ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව. හැබැයි මේ වගේ එකක් සිංහලෙන් ...
යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ? චරිත්ගෙ සිතුවිලි යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ?ගොඩක් අය යොහෝවාගේ සාක්ෂිකරුවෝ කියපු ගමන් බියට පත් වෙනව. ඒ ඔවුන් අන්තවාදී ආගමික කණ්ඩායමක් කියන පිළිගැනීම ඔවුන්ට තිබෙන නිසා. මේ නිසාම ඔවුන් ගැන දැන ගැනීමට ඇති වූ කුහුල නිසා මම ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වන Watchtower වෙත ගොස් ඔවුන්ගේ ධර්මය දැන ගැනීමට කැමති බව දන්වා එහි ඇති පෝරමය පුරවනු ලැබුවා. දවස් දෙක, තුනකට පස්සෙ වත්තල ...
ඇත්තම "මචන්ල" සෙට් එක චරිත්ගෙ සිතුවිලි මම හිතන්නෙ සිංහල බ්ලොග් ලියන, කියවන හැම දෙනෙක්ම වගේ "මචන්" චිත්‍රපටිය එක පාරක්වත් බලල ඇති කියල.මම නම් 4 පාරක්ම බැලුව.ඊට පස්සෙ download කර ගෙනත් කීප වතාවක්ම බැලුව.මේ කියන්න යන්නෙ හැබැයි "මචන්" චිත්‍රපටිය ගැන නෙමෙයි."මචන්" චිත්රපටියෙ කතාවට පසුබිම සපයපු ඇත්තම handball team එකේ වීඩියෝ කීපයක් ගැන.මේ වීඩියෝ ටික බැලුවම තේරෙයි ඇත්තම "මචන්ල" සෙට් එකයි, චිත්රපටියෙ "මචන්ල" සෙට් එකයි සෙල්ලම් කරපු විදිහෙ ...
ජෛනාගම චරිත්ගෙ සිතුවිලි ගොඩක් අය ජෛනාගම ගැන අහල තිබුණට නිඝන්ටයන් දැකල නැතිව ඇතිනෙ. පහල තියෙන වීඩියෝ වල ඉන්නෙ ඒ නිඝන්ටයො. (18+ හොදේ)
කම්මැලිකම චරිත්ගෙ සිතුවිලි බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලෙ මම මාසෙකට බ්ලොග් පෝස්ට් 2, 3ක් වත් දැම්ම. ඒත් දැන් මාසෙකට 1ක් විතර දාන්නෙ. නොදා ඉන්න බැරි නිසයි මේ පෝස්ට් 1 දැම්මෙත්.
රස්සාව චරිත්ගෙ සිතුවිලි topjobs වල කරක් ගහල vacancies ගොඩකට apply කළා.එයින් එකක interview ගිහින් අමාරුවෙන් රස්සාවක් හොයා ගත්තා.Training එකටත් ගියා.Production එකට ගිහින් දවස් තුනකින් නොදන්වාම නිවාඩු 2ක් ගත්තා.ආපහු රස්සාවට යන්නද? එපාද? නැත්නම් දැනටමත් මාව රස්සාවෙන් අයින් කරල ඇද්ද?පළවෙනි රස්සාවෙ මේ වගේ අත්දැකීම් තියෙන අය පොඩි උපදෙසක් දීල යන්න. ...
කවුද කැමති කුං ෆු ආපහු බලන්න? චරිත්ගෙ සිතුවිලි අපි පොඩි කාලෙ රූපවාහිනියෙ ගිය සිංහලෙන් හඬ කවපු වැඩසටහනක් තමයි "කුං ෆු" කියන්නෙ. කුං ෆු රූපවාහිනියෙ පෙන්නන කාලෙදි මට වයස අවුරුදු 5,6ක් වගේ. චීනෙ හාමුදුරුවො වගයක් ගැන කතාවක් වගේ මතක. ඒ චීනා ඇමෙරිකාවටත් ගිහිල්ලා හිටියා වගේ මතකයි. ඒ වගේම අන්ධ චීන හාමුදුරු කෙනෙකුත් හිටියා වගේ මතකයි.මේ කතාව මීට අවුරුදු පහළොවකට විතර කලිනුත් රූපවාහිනියෙ හවස තුනට විතර පෙන්නුවා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම ...
පරණ පොත් කඩයකට ගියෙමි චරිත්ගෙ සිතුවිලි හැමදාම කොළඹ යනකොට මම දැකපු පොත් කඩයක් තමයි වැල්ලවත්තේ සේනානායක පොත් කඩය. පුංචි කාලෙ ඉඳල දැකල තිබුණත් අද තමයි ඔය කඩේට යන්න අවස්ථාව ආවෙ.විනෝදාංශය විදිහට පොත් කියෙව්වත් අළුතෙන් පොතක් මම ගන්නෙ බොහොම කලාතුරකින්. හේතුව පොත් තියාගන්න ඉඩකඩ මදි වීමත්, පොත් ගන්න වියදම් කරන්න මුදල් අඩු වීමත්. කලාතුරකින් හරි පොතක් ගන්න ඕන වුණොත් යන්නෙ මරදානෙ ගාමිණී හෝල් එක ගාව පරණ පොත් ...
මගේ ක්‍රිකට් මතකයෙන් බිඳක් - 2 || එදා මෙදා තුර හොඳම සිංහල ක්‍රිකට් ගීතය චරිත්ගෙ සිතුවිලි මේ දවස්වල ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් තරග වදින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ මොරාල් එක නග්ගන්න එක එක සිංදු රූපවාහිනී නාලිකා වල ප්‍රචාරය වෙනවා. ඇත්තටම ඒ එක සිංදුවක්වත් මිනිසුන් අතර ජනප්‍රිය නැහැ. ජනප්‍රිය කියන එකෙන් මම අදහස් කළේ මිනිස්සුන්ට ඒ එක ගීතයක්වත් කටපාඩම් හිටින්නෙ නැති නිසයි.ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වුනු 1982 කාලයේ ක්ලැරන්ස් විජේවර්ධනයන් ඒ වෙනුවෙන් නිකුත් කළ "Test Cricket Souvenir" නම් ඇල්බමයේ ...
ভাল সম্পন্ন বাংলাদেশ || Well done Bangladesh චරිත්ගෙ සිතුවිලි මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නෙ බංග්ලාදේශය අද ක්‍රිකට් මැච් එකෙන් දිනුව ප්‍රීතිය නිසා. කාලයක් බංග්ලාදේශයෙ හිටපු කෙනෙක් විදිහට ඔවුන්ගෙ ජයග්‍රණයට සුභ පතන්නයි මේ පුංචි සටහන තිබ්බෙ.ඉතිරි මැච් ටිකත් කොහොම හරි අද වගේ දිනාගෙන අවසන් තරගයට ශ්‍රී ලංකාවත් සමග සහභාගි වෙන්න ලැබේවායි කියල බංග්ලාදේශ ක්‍රිකට් පිළට මුළු හදවතින්ම සුභ පතනව.ভাল সম্পন্ন বাংলাদেশ। আল্লাহ কি আশীর্বাদ করতে পারে(මේ තියෙන්නෙ මීට කලින් බංග්ලාදේශ ක්‍රිකට් ...