චාච්චා! කවි සෙවනැල්ල වැඩි හැඩක් නැති අකුරකටවැඩිය නොඇහෙන හඬකටකොයි තරම් පුළුවන් දආදරය කැඳවන්නවැඩි රහක් නැති අකුරකටකවිවල වැඩිය නැති හඬකටකොයි තරම් පුළුවන් දමේ ජීවිතය යැයි අඟවන්නඅදත් මහ උදයෙම නැගීවිත් දුරකථනෙන්දැනුණා මහරු හැගුමක්හදවත පුරන සතුටක්‘ච‘ඒක තනි අකුරක්නෑ කිසිම හැඩයක්‘චව් චව්‘ ගාල කනකොට‘චැහ් චැහ්‘ ගානකොටවිතරක් නැගුණු සද්දක්ඒත්... අද!ච එක්ක අල් අකුරක්එක්ක ඇලපිල්ලක්එකතු වී හැදිලාචාච්චා කියල සද්දක්ඒක ලොකු සද්දක්හුරු බුහුටියට කදිමෙට‘තාත්තා‘ නොකිව්වටශබ්ද හැඩ විමසන පුතු මුවින් ආ ...
"සිත් මවමු" කවි සෙවනැල්ල සිත්මවමු - අපට ඉහළින් දෙව්ලොවක් නැත්නම්පහසුයි මවන්නට අපට අවැසිම නම්පොළොව පතුලෙහි තැනෙක අපායක් නැත්නම්ඉහළින්... ඔව්... ඒ අහස් කුස පමණයි...සිත් මවමු සියලු මිනිසුන්මේ අද දිනය තුළ දිවිගෙවයි නම්...සිත් මවමු - රටවල්ය කිසිවක් දකින්නට නැත්නම්පහසුයි මවන්නට අපට අවැසිම නම්නසන්නට හෝ නැසෙන්නට කිසිවක්ම නැත්නම්ආගමක් ලෙස ගැනෙන දෙයක් ලොව නැත්නම්ඉහළින්.. ඔව්.... ඒ අහස් කුස පමණයි...සිත් මවමු සියලු මිනිසුන්සිය දිවිය සාමයෙන් ගෙවයි නම්සිත් මවන්නෙක් පමණි ...
තාත්තේ එන්න! කවි සෙවනැල්ල (කුලියාපිටියේ පාසැලක මාපිය කැළක් එක්ව පන්නා දැමුණු කුඩා පුතු, මපුතු මුහුණින් එබී කී කවකි!) තාත්තේ...ඊයෙ මුළු රෑමත්- මම බලන් හිටියාඅම්මා ඉකි බිඳින හඬ - මට හෙමින් ඇහුණාකොයියම්ම මොහොතක - හීනෙක කෙළවරකවත්නුඹ ඇවිත් හිටියා නම්දුව එන්න තිබුණාළැම හිස හොවාගෙනවැළපෙන්න තිබුණා...තාත්තේ...ඊයෙත් කවුරුවත් නං - පන්තියේ හිටියේ නෑමේ ඉස්කෝලෙ කවුරුත් - මාව අඳුනන් නෑමට තවත් තැනකට - අලුත් ඉස්කෝලයකටයන්න වෙන විත්තිය - අම්මා ...
දුරු රටෙක ශීත සමයෙක... කවි සෙවනැල්ල කුටියෙහි කවුළු පොඩියෙන්නෙත යොමමි පිටතටඅඳුරු කළු මැදියමනිහඬ ය... හිස් ය... නිසල ය...මෙදුරු රට ශීතය - ගත පෙළන රිදුමකිමෙදුරු රට තනිකම - සිත පෙළන විඳුමකිඑබී තනි කවුළුවෙන්තව තවත් සොයමි මමනිහඬ හිස් ගඟනතඅඳුරු කළු මැදියමඑකම එක ලකුණක්වත්කොහිද මේ සඳවත?ඈත ඉම් පෙදෙසින්සඳවත සෙමෙන් නැග එයිඅඳුරු බිම් යට කරසඳ සරින් නහවයිඅඳුරු කළු මැදියමපරදා නුබ කුසට විත්සෙමින් මා සවනටලං ලංව කොඳුරයි“දුරු රටෙහි ශීතයසිත පෙළන තනිකමනුඹ ...
බාලගිරි අද නෙවෙයි එනවාද හෙට? කවි සෙවනැල්ල බාලගිරි අද නෙවෙයි එනවාද හෙටඋදේ බැරි නම් වරෙන් නගේ හවසටයන්න තව තැන් නුඹට බොහොම තිබුණටහැම තැනම රැවටිල්ල වරෙන් අපෙ ගෙටගිරි ලෙනක නුඹ තනිව හිටියෙ කොහොම ද?නුඹ නැතිව මාපියන් කඳුළු බිව්ව ද?එකුස උන් සොයුරු කළ හදිය ඇත්ත ද?මේ සියලු දුක් කන්ද වින්දෙ කොහොම ද?බාලගිරි පුතුට නුඹ වින කරනු ඇතිහිතන අපෙ ගෙදර අය නුඹ දැකල නැතිහෙට ඇවිත් නුඹේ වත කිව්වොතින් ඇතිසියුමැලිය මගෙ ...
මගේ පුතා හෙට එනවලු! කවි සෙවනැල්ල වැරදීමකින්වත්ඇවිදිනව හෙම නෙවෙයි උඹඉපදුණු ගමන් නම්කෙහෙම්මලක් උඩින්වත්මේ කාලෙ හරිම පුදුමයිබුදු බණත් හරිම ලාභයිසේනාවෙ කට්ටිය උඹව උදුරං යයිවැරදීමකින්වත්කතා කරනව හෙම නෙවෙයි උඹඉපදුණු ගමන් නම්මොනවා හිතට ආවත්මේ කාලෙ හරිම පුදුමයිවචනත් හරිම ලාභයිහිටපු රජෙකුට වුණත් උඹව ඕනෑ වෙයිවැරදීමකින්වත් ඉපදෙනව නෙවෙයි උඹහෙට දවාලේ මිස රාත්තිරියක නම්මේ කාලෙ හරිම පුදුමයිතරුත් සැක නොකර බෑමයිගව ලෙනක හැඩ නිසා වාට්ටුවඋඹ අපිට නැති වෙයිකිසිම සද්දක් නැතිවමඋඹ හෙමිහිට වරෙන්ඇවිත් ...
කාමරයක හැටි! කවි සෙවනැල්ල බලහල්ලකො මේ කාමරයක හැටිකාගෙ වුණත් ලජ්ජාවක් නැති හැටියට කලිසම අර රැඳිල ලාම්පුවෙකමිසය තියෙන්නෙ මේස ලාච්චුවෙලාච්චුවෙ තිබුණු බඩු ඉස්ටෝරුවපුටුවට ඇවිදින් තියෙන අපූරුවසරම ගැලවිලා බිම මත රවුමකිඒ මැද්දෑවේ බැනියං ගුලියකිලියන පොතක් ඇත ජනේල පඩියේපෑන පෙනෙයි කුණු කූඩය අඩියේඇඳ මත බුදියන කණාටු බල්ලාලඟම තියෙන හැටි කලිසම එල්ලාපරණ රේඩියෝ එක උඩ කදිමෙටමේස් දෙකක් ඇත එල්ලී පහළටබලහල්ලකො මේ කාමරයක හැටිකාගෙ වුණත් ලජ්ජාවක් නැති හැටිකාගෙද මන්දා ...
නිහඬවම... කවි සෙවනැල්ල කොතරම් නිහඬව මිය ගොසින් ද ඔවුන්මේ අඳුරු, කළුවර අගාධය තුළගුලි ගැසී සිය සිරුරු තුළටම!කිසිදු සුසුමක්, එකම එක ඉකි බිඳුමක්හැල හොල්මනක්, කිසිත් නැතුවම.කොතරම් නිහඬව මිය ගොසින් ද ඔවුන්වළදැමීමේ කරදරයත්අනෙකා වෙත නොදමාම!සෙවණැල්ල - Gulzar - ගුල්සාර්ගේ කවියකින්... ...
සමුගනිමු කියන්නට - ඔව් දැන්...අවැසි නැත! කවි සෙවනැල්ල පෙර දිනෙක ඒ හැඟුමකි පසුව නැග ආ පැතුමකි නිහඬ සිතුවිල්ලක් ලෙස නැගීහඬ නැගී හද ගැබ බිඳඇසුණු අරුතැති වදනකිමහ යුද නිම වන තුරුමදැනුණු සුන්දර හැඟුමකිඔබ අමතන සැනින්මම යළිත් දිව එමිසමුගනිමු කියන්නට ඔව් දැන්...අවැසි නැත! පෙරළෙන බව කියන මුත්නිරතුරුව ලෝ වෙසඑවදනින්ම කියවෙත් දමෙලෙස නොපැවති බවඑය පෙර දිනෙක කිසි?යුද බිමෙන් හිස හරවත්ම මෙපමණි ඔබට කළ හැකි මිතුරන් කවුරුන්ද හඳුනා ගැනුම පමණකිඅනන්තය කළු ...
වම් ඉවුර සිහි කරමි කවි සෙවනැල්ල වම් ඉවුර සොඳුරුයබොහෝ කලකට පෙර, මා එහි ඉම් පෙදෙස් හොඳින් දැන සිටියෙමිහිරු නැගෙද්දීගංතෙර මල් නැගීරත් පැහැය ගෙන දිලිනගිනි ලෑ විලස දිදුලමිනවසන්තයේ දීගං දිය රැළී නැගීනිල් පැහැ ගෙන දිලිනසුපැහැදිලි ලෙස දිදුලමිනමා කෙසේ නම් ඒ මතක නසමි දවම් ඉවුර සොඳුරුයබොහෝ කලකට පෙර, මා එහි ඉම් පෙදෙස් හොඳින් දැන සිටියෙමිසෙවණැල්ල - බායි ජුයිගේ කවියකිනි ...
කාලයට මම අකමැතියි... කවි සෙවනැල්ල දුවන්නට හැකි වෙතොත්කාලයේ පසුපසටමම දුවමි හරියටම වසරකුත් සතියක් මුලටහරියටම හරි දිනටනුඹේ අවසන් කථන ඇමතුමටමම කියමි රෝහලටදැන්ම යන්නැයි කියානුඹ පෙළන බඩ රිදුමපුංචි නොවෙතැයි කියාකාලය තරම් බිහිසුණුකිසිත් මම නොදනිමියන්න අවසර නැති කරුණු මම විමසමි...අවසර තිබිණි නම්තාත්ති නුඹ තවම මෙහිසමුගෙන වසරකුත් නොවසමුගන්න තව කල් ඇති...(අපේ තාත්ති අපෙන් සමුගෙන අදට වසරකි!) ...
නිශ්ශබ්දතාව කවි සෙවනැල්ල නුඹ වෙතින් නැගිනිහඬකම දැකවිඳගතිමි මමසියලු හැඩ රූඅසන්නට පෙරඑකම වදනක්අවැසි නැති දැන්කිසිත් හඬ මටසියලු හැඩ දැනහැඳින අවසන්නුඹ වෙතින් ආනිහඬකම විඳසෙවණැල්ල - ලෝන්ග්ස්ටන් හියුජ්ස් - Silence ...
සිංහයා මිය ගිය වග කවි සෙවනැල්ල සිංහයා මිය ගිය වගඅසා යළි ගල් දොර හැරසිහබා කුමරු තෙමදෙන අසබඩට පැමිණෙයිමහළු සුප්පාදේවියකම්පිතව වැළපෙයිසිහසීවලී කුමරියකඳුළු කැට වගුරයිවැදි රජු අතැර ගියවන බිම තනිව හමුවුණුමනමෙ කුමරිය සිහබාඇඹේනිය වී ඇතවියපත් සිංහ පියතුමදෙණ දෙස සොවින් නෙත් දීසිහබා කුමරු තෙමයළි ගල් ලෙනට පිවිසෙයිදහස් නාටකවලවැදි රජු අතැරි කුමරියසිහබා සමග යළි ගොස්ගල් ලෙනට වැද සැඟවෙයිමහළු සුප්පාදේවිය දෙන ළඟ සොවින් වැළපෙයිසිහබා කුමරු තෙමගල් දොර වසා සැඟවෙයිඇට තුළට ...
ආකාසේ සිදුරු ගොඩක් කවි සෙවනැල්ල මහගොඩක් සිදුරු නොවැආකාසෙ පුරාවටවැහි බින්දු වෑහෙන්නෙඒ නිසයි හැබෑවටඒ වුණත් ඒ සිදුරුහරිම පුංචියි හැබැයිවැහි බිංදු ඔය තරංචූට්ටං ඒ නිසයිසෙවණැල්ල - There Are Holes In The Sky - ස්පයික් මිලිගන් ...
සුනිලෙ කවි සෙවනැල්ල සුනිලේඔව්... ඒ මගේ යාළුවාඋන්නෙ මගෙ පන්තියේගේ තිවුණෙ අපෙ ගමේඕ ලෙවල් පේල් වෙලාඑකට යුද්දෙට ගියේහිටියෙ එක බැරැක්කේඑකම රෙජිමන්ට් එකේෆ්ර න්ට් එකට යවන කොටඑකටමයි අපි ගියේයුද්දෙ සැරටම ගියාසුනිලෙ ඉස්සර වුණාකැප්ටන්ල කියනකොටෆයර් කරගෙන ගියාකතා වෙල උන්නාටඑකට ඉමු බං කියලසුනිලෙ දාල තිබුණකිලිනොච්චි දිහාවටනිවුස් එක ලැබෙනකොටමං හිටියෙ මෙස් එකේපිළිගන්න බැහැ කියලමමයි කලබල කළේකඳුළු වාවන් නැතිවමං එදා අඬන කොටකැප්ටන්ල මට බැන්නයුද්දෙ එහෙමයි කියලඔව්, සුනිලෙ මගේ යාළුවාඋන්නෙ ...
නිහඬව හිස නමමු කවි සෙවනැල්ල නිවැරදි සහ වෙසෙසිබොහෝ පියවරයන් තැබුපියවරු සියක් දහසින්මොලොව කල'රින්නට ඇතිබිය බියට පත් කළකටොළු පරදා ජය දුටුදුකට පිරිපත පෙන්වූපියවරු බොහෝ වන්නැතිමෙ සැම පිය අතරෙහිඅප දනිමු එක මිනිසෙක්විසූ බව නිවසෙහිමවිහිදුණු බිත්ති අතරෙහිනොකළේය ඔහු විරුකම්සුවිසෙස් ධීර නද ලැබුකළේ පමණකි නිවරදඒ නිවරද ම වූයෙන්ඔහුට අනවැසි සුරුවම්විරුවන්ට දෙන අභිමන්කළේ පමණකි යහපතඒ යහපතම වූයෙන්ජන මන නොදුටුවේ මුත්ඔහු ගුණ අපි දුටිමුවිරු සමරු නොලබන මනුසත් සුවය වින්දෙමුමහා මිනිසත් ...
අඳුරු ඉරුදිනය කවි සෙවනැල්ල මේ ඉරු දිනය අඳුරුයනිදි නොමැති හෝරා අතර මම හිඳිමිදයාබරිත සෙවණැල්ල අසන්නකිසිවකුත් නොමැති තැන මම හිඳිමිසුමුදු සුදුවන් කුසුමකිසිවිට නැගෙනු නැතඅඳුරු කළ පිළියෙන් වැසුණුදුක් සුසුම් හෝ පැමිණ නුඹ කැටුව නොයනු ඇතයළි හැරී ඔබ වෙතට එන සිතක්සුරඟනන් වෙතට යළි නොඑනු ඇතඔබ වෙතට මා පැමිණි පමණින්මඔවුන් සැම උරණ වූවාවත් ද?ඉරු දිනය අඳුරු ය,සෙවණැල්ල සමගින්ම රැඳෙන්නටසිතමි මමමගේ හද පමණක්ම මා සමග තබාගෙනඅවසාන පැය තෙක්ම මෙහි ...
මම තවම නැගෙමි කවි සෙවනැල්ල නුඹගේම කුරිරු සහ තිත්ත බොරුවෙන් ලියාඉතිහාස පිටු අතර නුඹ මාව රඳවාවි අඳුරු කළුවර තැනක යදම් බැඳ සඟවාවිඑහෙත් දැනගත යුතුයදුහුවිල්ල ලෙසට මා නැගෙන බව යළි යළිත්මා වෙතැති දිරිය දැක ඔබ තදින් සැලුණේ ද?මා දකින විට මුවෙහිඅඳුර නැග එනු මන් ද?ඔව් ඉතින්... මා ඇවිද ගියේ හිස නොබා පෙරටම දිගටමගේ ගෙයි හරි මැදින් නිධන් ලැබුණෙකු ලෙසින්සඳ ගෙනෙන හිරු ගෙනෙනලොව නගන කිරණක්වසයුර වෙරළට ...
මා දයාබරිත සඳ කවි සෙවනැල්ල යතුරු ලා හිමිදිරිය ළිං පතුලකට ලන්නහරි හෙමින් බැස යන්න, මා දයාබරිත සඳහරි හෙමින්...අමතකව ගියා දෙන් හිරුට අද නැග එන්න හරි හෙමින් බැස යන්න, මා දයාබරිත සඳහරි හෙමින්...(ඇෆ්ගනිස්ථාන විවාහ මංගලෝත්සවවලදී ගැයෙන ගීයක ඡායානුවාදයකි) ...
කූඩු කුරුල්ලාගේ කූජනය කවි සෙවනැල්ල විදාහල පියාපත් සළා ගගනතට වැදනැගී යයි ඒ නිදහස් සියොත්යළි වැරෙන්, මහ සැරෙන්මිහිකත දෙසට බා විත්රිදී හිරු රැස් පහස වෙතයළි යළිත් පියඹයිඑනමුත් මේ කූඩුවේ කුරුල්ලාබැඳී පා, එතී පත් ගැට ගැසීහෙමි හෙමින්,මැදිරි දොරගුලු තුළින්ලොව දෙසට නෙත දීකූජනය අරඹයිමේ කූඩුවේ කුරුල්ලාසැලෙන කම්පිත නදින්ගයයි යම් අරුමැති දෙයක්වැද සැරෙන්, නද නැගෙත්දුරු බිම කිඳ හා වනබිම සිසාරාඒ නිදහසේ ගීයයිනිදහසින් පියා විදි කුරුලු තෙමනෙත යොමන්, විමසමින්ලේ ...