අපරාධය කවි සෙවනැල්ල සියල්ල නිශ්චිතව අවසන් ව පැවතිණසුපුරුදු ලෙසම බිත්ති නිසසල වියඇසින් දුටු හූනා වෙනත් සිවිලිමක විය කිළිටි වු කවුළු තිර මොබ මදුරු ගුමුවක් පමණිදුහුවිලි පිරි ගෙබිම මතඑක් පැල්ලමක් පමණිමළ කැරපොතු සිරුරපසෙක වියමිය යනු දුටු දෙනෙත දක්නට නොමැති වියඅනතුරුව ආ එකම නාශක දියරයකි!බිඳු කිහිපයකිතනි විදුමකිකිසිත් නොකියන බිත්ති මතයළිත් ආ හූනා ද නිහඬ යමදුරු කැළ අහරට ගොසිනිකවුළු තිර යළි නිසල යදුහුවිලි ද සුළඟට ගොස්අලුත් ...
පිටස්තරයෝ කවි සෙවනැල්ල වදන් යනු හැඟවුම් ද අසම්පූර්ණව සැදුණු,පූර්ණ ද හැඟවුමෙන් නිසි අරුත් ගොනු කෙරුණු..?නොදන්නෙමි තවම මමමමත් මගෙ බසත් දෙකලෝක දෙකකැයි සිතෙයි...එහෙයින්ම මම වදන් නොපවසමි, නිහඬ වෙමිඅරුත් නිසි නොම දෙවනමගේ බස, හද බසටපාලමක් නොම තනන නිසාවෙන් නිසි ලෙසටවදනකුදු නොදොඩන්නඔබ වැරදියැයි කියනු ඇත එවිටනැගෙන නද තත් සරින්මියුරු යැයි කියති උන්මත භේද, විතර්කන මට අවැසි නැත කිසිත්ඔබෙ වදන් ඔබ ගන්නමගෙ වදන් මම ගනිමිඉදින් කල‘රිමු යෙහෙන්පිටස්තරයෝ ...
මෙකව සෙවනැල්ලක් නොව.... කවි සෙවනැල්ල පියවරුන් ගැන ලියැවුණුබොහෝ පදවැල් දුටුවෙමිඑකව් සෙවනැලි තුළනුඹ සුවඳ නොදිටිමිසහස් ගව් දුර සිටමා පෙළන දොම්නස්විමසූ නුඹ වෙතින්දුකක්දැයි අසනු බැරි විය...මා තුරුණු විය මුත්නුඹ මා සුවය සෙවු මුත් වියපත් නුඹ ගතෙහිරෝ දුක් දකිනු බැරි විය....මම මහල්ලෙක් වී නුඹ තුරුණු සමතෙක්වුණු අපූරුව දැකසැමවිටම උන්නෙමිසිත් තුරුණු නුඹ ගතවියපත්ව යනු නොදිටිමිනුඹ නික්ම ගිය බවපිළිගන්න මම මැලි වෙමිකිසිවක් ම නැති තරමටහඬක් නොඇසෙන තරමටශුන්ය පරිසරයක නුඹේ ...
සින්ඩරෙල්ලා කවි සෙවනැල්ල සින්ඩරෙල්ලා...ඒ මගේ නම හෙම වුණා නම්ඔබට කුමරා වෙන්න තිබුණාරනින් ගෙත්තම් ඇඳුම් ලාගෙනමැදුරු දොරටුව දුටුව පමණින්දෙනෙත් හමුවුණු අසුරු සැණකින්පෙමින් මුසපත් වෙන්න තිබුණාසින්ඩරෙල්ලා...ඒ මගේ නම හෙම වුණා නම්එක්ව මියුරැති ගීත ගයමින්රිදී සඳ දිය දහර අභියසඅපට රැඟුමක් රඟනු තිබුණාඔබ දෑත් මත රැඳී සතුටින්රැඟුමතර ඉගිලෙන්න තිබුණාසින්ඩරෙල්ලා...ඒ මගේ නම හෙම වුණා නම්දිදුල රන් හා වජ්ර රථ ගෙනසුරඟ වත දිනු කුමරු ලෙස විත්නුඹට මා ජයගන්න ...
නිහඬ විලාපය කවි සෙවනැල්ල සැමවිටම නැග එයිමතුළින්ම කටහඬක්විලාපයක්ව....මා නම කියා අඬගසනකටහඬ කියයි මට සැමවිටමමා වරද කර ඇතිබවඑහෙත්,මා පමණක්ද වැරදිකරු?වසන්නට තැත් දරමිකටහඬ මතුළ වනමෙසියල් විලාප හඬමා වෙතට කැන්දනනමුත් හඬ නිතර මා වෙත යසිහින තුළ වුව සුලභ යමතුළ වන හඬ රහසෙකිකිසිවිට නොම පෙනෙනඑහෙත් රහසින්ම මවිමසයිඅගාධයෙකින් මෙන් නැගෙයිසෙවණැල්ල: ටෝරි වේ - A Silenced Scream ...
යුද්ධෙ වැඩ කෙරුවොත්? කවි සෙවනැල්ල යුද්දෙ මොන තරං නං අරුම පුදුම ද?මොන තරං අපූරු දඵලදායකද ඇත්තට?මහ බර පාන්දරසයිරන් සද්දෙ ඇවිදින්රට හතර පැත්තටගිලන්රථ පිට වෙන එකසෙල්ලං කෙලියක් ය?වෙඩි වැදිල මළ උන්ටපෙට්ටි හම්බෙන්නෙත්කකුල් නැති වුණු උන්ටකිහිලි කරු එන්නෙත්යුද්දෙ වැඩ කෙරුවොත්!පුංචි දරු පැටවු ටිකකම්මැලි වෙන්නෙ නෑඋන් උණත් හිතනව ප්‍රශ්න මහ පෙළක් නෙ!කඳුළු නම් වැඩියක් යැමොකෝ මේ මහ පොළව උතුරන්න අඬන්ට දනියං කාලෙකට නං ඒක මොන සතුටද්ද?කොටිම්ම කිව්වොතිංදෙයියොත් ...
දිවිනසා ගැනීම කවි සෙවනැල්ල ඕනෑම මොහොතක මට පිටව යා හැකඕනෑම දෙසකට, කැමති අන්තයකට දිලෙන තරු කැටයක්ව ගගනතගුරුත්වයෙන් වුව මිදී යා හැක එහෙත් කිම පිටවන්න කාරණ? පැමිණියෙද මා නොදැනමය මෙහි බැවින් මා කල් දමමි පිටවුමහැකිය තව සඳ එළිය විඳුමටඅවැසි මය තරු දෙස බලන්නට කාලයේ කුළු අතර සරමින්තුරු ලතා වන වදුළු දකිමින්සියුම් හසරැල්, වේදනා නෙකපිරුණු මිනිසුන් මුහුණු දකිනෙමිසැම විටම පිරිපත නොඑනු ඇතඑහි ඉමෙහි සතුටද රැඳෙනු ...
බල්ලා මළා නෙව! කවි සෙවනැල්ල මගෙ බල්ලා මළාවත්ත කොණ වැටබොඩ මම ඌව වැළලුවාතවත් ටික දොහකින්එතනටම පස් වෙන්ටහිතානයි උන්නෙ මංඒත් මට කලියෙන් ලොම් ඇඳුං ඇඳගෙනඌ යන්ට ගිහින් නෙවලොම් ඇඳුම නං මදිය?මහ කැත පුරුදු ටිකතෙත කළු හොම්බ එක්කයිඌ යන්ට ගිහිං ඇත්තෙමම ලොකු භෞතිකවාදියාදිව්ය ලෝකයක් ගැන නංහිතන්නෙම නෑ කොහොමත්අහස උඩ ඇති කියලකිසිම මිනිහෙක් එනකංමග බලාගෙන එක දිගටඒත් මට නං සැක නෑමහ බලු දිව්‍ය ලෝකයක් ඇති!මම එනකං වලිගෙ වන ...
එකා කවි සෙවනැල්ල මම පමණිනොහැක කිසිවකුට තනන්නටදෙවැන්නාඡායස්ථ පිටපතකින් මෙන්...නැත මා ඇඟිලි මුද්රාවනැත මා හඬන මගෙ කඳුළුහෝ මා නඟන සිනහවමා සිහින... මා තුළම නැඟෙන මියෙනඑනමුදුහැකිය නළුවකුවමා නැටුම නටන්නටමා ගැයුම ගයන්නටමා සෙමින් මුමුණනමා තනුව නඟන්නටහැකිය කැඩපතටමා ඉදිරිපස හිඳප්රතිරූප නඟන්නටයළි යළිත්කහ පැහැති ගුරු පැහැතිමා ඇඳුම් සමග ගෙනඑහෙත්කිසිවෙකුට නොහැකඇතුළු වී මා වතටමා ම වන්නටමා හැඟුම හඟින්නටමා දිවුම දුවන්නටමා අසන මියැසි නද අසන්නට...මා මම ම පමණිඇවෑමෙන්මා නඟන හඬ ...
ප්‍රොජෙක්ටර ක්‍රියාකරවන්නා දුටු සිහිනය කවි සෙවනැල්ල කුරුලකු පිය සළා විත්ශාලාව ඇතුළටප්රොජෙක්ටර ආලෝකය දැකඒ දිග පියෑඹුව...තිරය මත මල් උයන...පෙම් යුවල සතුටින...අසබඩ විසල් රුකසොඳුරු විය නුබ කුස...ඒ දුටු කුරුලු තෙම...වේගයෙන් ඒ වෙතවැද තදින් තිරය මතමහ ලේ විලකි... සැබෑ ලේ...විලාපය ප්‍රේක්ෂක මුව...“මෙය නම් බිහිසුණු ය...අප දකිනු රිසි මේ නොවේ....”සෙවණැල්ල: බ්‍රයන් පැටන් - The Projectionist’s nightmare ...
මෙම කවිය බිහිසුණු ය... කවි සෙවනැල්ල මෙම කවිය බිහිසුණු යඑය තැබිය යුතු නැතදරුවන් අත පොවන මානයවැඩිහිටියකුට වුව නුසුදුසු ය... බිහිසුණු ය...යමෙකු ගිල දැමුවොත් මුළුමනින්අතුරු ආබාධ එනු ඇත නොනැවතීනන්නාඳුනන බිහිසුණු කවියහමුවුවද මහ මගපොදු ජන අවකාශයකනොපිළිගන්න... නොකියවන්න... උත්සාහ නොකරන්න...බිහිසුණු කවිය ගෙනමුද්රා තබා කවරයක සුරැකිවළඟම තක්සලාව වෙත යවන්නඑවිට උගතුන් ලිහනු ඇතකරදර නොවන ලෙසඑම කවිය බිහිසුණු ය...අති සරල කවියක් වුවදිය කරනු ඇත ඔබේ හදවතමිනිස් සිතිවිලි පොදි ගෙනහද සසල ...
විරහ ගීයක් කවි සෙවනැල්ල ඔරලෝසු නද නවතන්න දුරකතන සිඳලන්නබුරන බලු නවතන්න මස් කටුවක් දෙන්නබෙර පද පන්සලෙහිපියානා නද මැදුරෙහිනවතන්න නවතන්නමිනී පෙට්ටිය රැගෙන වැළපෙන්නන් කැඳවන්නගුවන් නියමුවනි යානය පදවන්නඔහු මිය ගිය බව ගගනත ලියවන්නසැම දනන් දොර දොර සුදු කොඩි රඳවන්නජාතික ධජය ගෙන අඩ කුඹු කරලන්නමාගේ උතුරද, මාගේ දකුණ ද නැගෙනහිර බටහිරදමාගේ දහවල ද මැදියම දකතාව ද ගීතයදවිය ඔහු මසිතූයෙමි මම ඔහු පෙමසදාකාලිකයැයිවැරදියි මමඅවැසි නැත කිසිත් ...
එන්න මා වෙත කවි සෙවනැල්ල ඇස්ටන් මාටින්, බෙන්ස් සහ වොල්වෝදිවෙති අධි වේග මග මතයන අත නිසි නොදැන වුවඩන්හිල්, බෙන්සන් ඇන් හෙජස්උරන තරුණන්ය තැන තැනදල්වා උ මුව රැන්ඳුවඇතැමෙක් වෙලති සිය දිවිකොක්ටේල බෝතල වටප්රියය නුඹ?දෙනෙත් කරකනු මන් දමග හසර නොදනිත් දඑන්න මා පහස ලැබගන්නමගේ ඩාලිං වෙන්නනොමැතියි හෙටක් යැයි දවසක්වත්දෙසති සකල පූජක පෙළකදිමයි, තව තිබෙයි සතියක් දෙකක්!ඇතැමෙක් කියති තුටු වීපත්තර පිටු පිරී යෙතිබිහිසුණු රුදුරු කරුණින්ප්රියය නුඹ?දෙනෙත් ...
මෙපමණකි... කවි සෙවනැල්ල අයිස් පෙට්ටියේ නුඹ තැබූඉදුණු පල ගෙන කෑවෙමිබොහෝ විටඒ නුඹේ පාතාරසය විය හැකසමාවුව මැනඒ බොහෝ රස වියමිහිරැති වියශීත වියසෙවණැල්ල: විලියම් කාර්ලොස් විලියම්ස් - This is just to say ...
දත් කවි සෙවනැල්ල සිංහල දත්.. සිංහල දත්...ඉර එළියෙ දිලිසෙනඅපේකම උතුරනහෙළ ලකුණ රැක දෙනසිංහල දත්... ‘සතුටු’ දත්..නිතරෝම හිනැහෙනසොසේජස් නොහපනකැවුම් විතරක් කනසිංහල දත්... ‘වීර’ දත්..ගී පද ම සුගයනදත් මිටි කිසි නොකනකිසිවකුත් නොසපන!ඉතින් අපි ගයමු ගීයක්කොතරම් හැඩදදෙමළ දත්මුස්ලිම් දත්...?සෙවණැල්ල: ස්පයික් මිලිගන් - Teeth ...
රජකම කවි සෙවනැල්ල මට ඕන රජ වෙන්නමට ඕන රජ වෙන්නමට පුළුවනි ද රජ වෙන්න?මට? පුළුවන්?සහතිකෙන්ම? සත්තටම?හුරේ....ජයවේවා...මමයි මහ රජමමයි මහ රජහරි.. අපි දැන් මොකද කරන්නෙ??සෙවණැල්ල: රොජර් මැක්ගූච් - The Leader ...
මම අපේ අම්මා ය! කවි සෙවනැල්ල ඇඟිලි තුඩු අග ළූණු සුවඳැතිතලෙළුවන් ගැහැණීඅප ගැනම සිත දුන්ලිප මුල මාළිගා සැදුඈ අපේ අම්මාදිවි ගලා යද්දීමහ ගඟක් වාගේමම අපේ අම්මානෙතු කඳුළු පිස දුන්බොර පැහැ චීත්තය ඇඳිඈ අපේ අම්මාදිවි ගලා යද්දීමහ ගඟක් වාගේමම අපේ අම්මාමම වෙමින් හෙමි හෙමින්ඇඟිලි තුඩු අග ළූණු සුවඳැතිතලෙළුවන් ගැහැණීසෙවනැල්ල: ලෝරා ගුඩ්සන් - I am becoming my mother ...
මම කවියෙක් මි! කවි සෙවනැල්ල මම කවියෙක්මි.කෙසෙල් ගෙඩි වලට බොහෝ කැමතිමම වෙමි කෙසෙල් ගෙඩි කවියන්ට බොහෝ කැමතිමම කෙසෙල් ගෙඩි කවියා යමම බොහෝ කැමති යකැමති කවියා ය ‘මම, මම’බොහෝ කෙසෙල් ගෙඩි යකැමති ‘මම කෙසෙල් ගෙඩි ද?’‘මම ද?’, බොහෝ කවියා කවියාගේ කෙසෙල් ගෙඩි!මම ද කැමති? මම ද බොහෝ?කවි කෙසෙල් ගෙඩි! මමමම කැමති ය, ‘බොහෝ’මම බොහෝ කැමති කෙසෙල් ගෙඩිමම කවියෙක් ද?සෙවනැල්ල: වෙන්ඩි කෝප් - The uncertainty ...
සැමවිටම... කවි සෙවනැල්ල ඊර්ෂ්‍යා නොකරමිමට පෙර කවුරුන් පැමිණිය දඔබේ කර මතමිනිසෙකු තබාගෙන එන්නඔබේ හිස මතසියක් මිනිසුන් ගෙන එන්නළය අතර, පා අතරදහසක් කැටුව එන්නගිලුණු මිනිසුන් රැගෙනචණ්ඩ මුහුදට දිවෙනගඟක් ලෙස පැමිණෙන්නඔවුන් සැම දෙන සමගමා වෙතම පැමිණෙන්නඔබ එතැයි මා හිඳිමිඅප තනිව උන් තැනමඅප දෙදෙන පමණක් වඋන් තැනමඅප දිවිය අරඹන්න!සෙවණැල්ල: පැබ්ලෝ නෙරුඩා - Always ...
සිහින කවි සෙවනැල්ල මෙන්න අපි!මෙලොව තුළදිවා කාලය තුළපැන ගොස් රැඳෙතිවෙන්ව රෑ කලවිවිධ ලෝ තුළසිහින තුළසෙවනැල්ල: රොබට් හෙරික් - Dreams