පැතුමන් මගේ... කතා පොත පැතුමන් මගේ...සෙනෙහස් සුවය උතුරන නුඹේ හද මඬලසොඳුරු බවින් පිරිපුන් නුඹේ මුව කමලසිත සනසමින් මුමුණන නුඹේ වදන් පෙළභවයෙන් භවය පතනෙමි මට හිමි වන්න...සිහිලැල් සුවඳ විහිදෙන නුඹේ වත කමලේහිනැහී දිලෙන තරුකැට වන් නෙතු සඟලේයහනක සුවය දැනෙනා නුඹේ ලය මඬලේවැතීරී මියෙන්නට පතනෙමි හැම භවයේ... ...
නොකරපු වරද..... කතා පොත නොකරපු වරද..... කොච්චර අමතක කළත් ,අමතක කරන්නම බැරි එකම දේ ,මට ආයෙමත් වද දෙනවා... අමතක කළා කියලා හිතාගෙන හිටියට ,එහෙම වෙලා නැහැ කියලා මම අද දැනගත්තා...ඇස් වලට කඳුළු පුරවන්න ,මුළු ඇඟම හිරිවට්ටන්න,තාමත් ඒ වචන වලට පුළුවනි කියලා අද තේරුම්ගත්තා... කොහොම තේරුම් කරන්නද!!! කාට තේරුම් කරන්නද!!! නොකරපු වරදකට,වරදකරුවෙක් කරන්නෙපා කියලා,කාට කෑ ගහන්නද මම??ඔයාට ඇහෙනවනං,ඒ දේ කරන්නෙපා මට,කවමදාවත්....ජීවිතේ කරපු එකම එක ...
අහිමි සෙනෙහසේ PDF එක මෙන්න කතා පොත හුඟාක් අය "අහිමි සෙනෙහස" කියවලා එකේ PDF එකක් ඉල්ලලා තිබුනා.මෙන්න ඒ අයට PDF එක.මේක ලේසියෙන් හදාගන්න හැටි කියලා දුන්නු " පිස්සාට " මගේ ස්තුතිය.එහෙනන් කශ්ටිය මේක බාගෙන කියවලාම බලන්නකෝ!බාගන්න මෙතන කොටන්න නැත්තං මෙතන කොටන්න ...
අහිමි සෙනෙහස - කඳුළු බිඳු 07 - කතා පොත සඳුනියි මායි හුම්මානේ වතුරමල ගාවට යන පාර දිගේ හිමීට ඇවිද්දා.දෙන්නගෙම හිත්වල තිබුණේ හිස්බවක්.සඳුනි කතාකළේවත් මා දිහා බැලුවේවත් නෑ.මගේ හිතේ පිරිල තිබුණේ ප්‍රශ්න පත්තරයක්!මොකක්ද අද වෙන්න යන්නේ කියල මගේ හිත මගෙන් කෑ ගහල අහනවා.ඒත් ඒ ප්‍රශ්නෙට මං ගාව උත්තර තිබුණේ නෑ!"කසුන්.." හැමදාමත් අහන්න ආසා කරපු සඳුනිගේ කටහඬ..."කසුන් ඇයි ඔයා මුකුත් කියන්නැත්තේ?" "මොනවා කියන්නද සඳුනි.ඔයා මාව පඹගාලකනේ පැටලුවේ.ඔයාගේ හිතේ තියෙන හැමදේම කියල ...
විභාග අඳෝනාව !!! කතා පොත විභාග අඳෝනාව !!![ නිමිත්ත : විශ්ව විද්‍යාලයේ Semester 3 අවසන් විභාග කාල සටහන ලැබේ!]කෝස්වර්ක් ගොඩගැහිලා,පාඩම් වැඩ මග ඇරිලා,ඇස් ළඟටම මම එරිලා,සිතෙනවා යන්නට පැනලා...මිඩ් එග්සෑම් ඉවර වූනා,කිවුවට එහෙමම නොවූනා,හයියෝ මට මතක් වුනා,කැල්කියුලස් ඉතුරු වුනා...විෂයන් 11 යි බොලේ,නෝට් ලියමි මෙදා සැරේ,පොත් ගත්තත් බරට බරේ,සතියයි ඒවා කෙරුනේ...සති හයකින් අවසානේ,තියෙනවා තුන් වෙනි සෙමියේ,වැඩ නොකලත් මෙදා සැරේ,කරනවා මම ලබන සැරේ !!!හිතුවත් හැමදා මෙලෙසා,කවදද කෙරුනේ එලෙසා,නිසා ...
අහිමි සෙනෙහස කෙටි නවකතාව , කෙටි චිත්‍රපටයක...... කතා පොත අහිමි සෙනෙහස කෙටි නවකතාව , කෙටි චිත්‍රපටයක...... මගේ බ්ලොග් එකේ මුලින්ම ලියවුනු කෙටි නවකතාව , "අහිමි සෙනෙහස" පදනම කරගෙන මීට අවුරුද්දකට විතර උඩදී , කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්න මමයි , මගේ යාළුවො 4 දෙනෙකුයි එකතුවුනා.කතාව පොඩ්ඩක් වෙනස් කරලා , හිතන්නත් යමක් ඉතුරු කරලා , හැකි පමණින් වැඩේ කළා... කට්ටියටම අද ඒ කෙටි චිත්‍රපටය බලන්න දෙන්නයි මගේ ලෑස්තිය...ඒ විතරක් නෙවෙයි , ...
අහිමි සෙනෙහස - කඳුළු බිඳු 06 - කතා පොත කලින් ලියපු කොටස් ටික මෙතනින් කියවන්න :අහිමි සෙනෙහස - කඳුළු බිඳු 01 -අහිමි සෙනෙහස - කඳුළු බිඳු 02 -අහිමි සෙනෙහස - කඳුළු බිඳු 03 -අහිමි සෙනෙහස - කඳුළු බිඳු 04 -අහිමි සෙනෙහස - කඳුළු බිඳු 05 - -------------------------------------------------------------------------------- මටත් මගේම කියලා සහෝදරයෙක්වත් සහෝදරියක්වත් හිටියේ නෑ.ඉතින් ඒ තනිකමට සඳුනි මගේම සහෝදරියක් වෙලා මගේ තනිකම රැක්කා. ඇත්ත ...
අහිමි සෙනෙහස - කඳුළු බිඳු 05 - කතා පොත එදා ඒ ගමනෙන් පස්සේ සඳුනියි මායි අතර තිබුණු බැඳීම තව තවත් සමීපවුණා.ඒ විතරක් නෙවෙයි , හැමදාම පංති ඉවරවෙලා ගාළුකොටුවට ගිහින් මුහුද දිහා බලාගෙන ටික වෙලාවක් කතා කරන්නත් අපි දෙන්නා පුරුදුවුණා.සඳුනිටවත් , මටවත් කවදාවත් හිතුණේ නැහැ අපි කරන්නේ වරදක් කියලා.මොකද අපි දෙන්නා අතරේ තිබුණේ අයියා කෙනෙකුයි , නංගි කෙනෙකුයි අතරේ තිබුණු සහෝදර බැඳීමක් මිසක් උමතු ආදරයක් නොවෙනවග මම වගේම එයත් ...
ජීවිතේ ජීවත්වෙමු කතා පොත ජීවිතේ....අපි කාටවත් හිතාගන්න බැරි,තේරුම් ගන්න බැරි,අරුම පුදුම ජීවිතේ....වෙලාවකට සොමිබරයි,වෙලාවකට දුක්බරයි.... හුඟාක් අය ජීවිතේ ගැන දන්නෙවත් නෑ,ඔහේ ජීවත් වෙනවා, ජීවත් වෙන්නේ ඇයි,ජීවත් වෙන්නේ කවුරු වෙනුවෙන්ද කියලවත් සමහරු දන්නේ නෑ....හැබැයි,අපි හැමෝම ජීවිතේ ජීවත් වෙනවා... සමහරු පරණ මතක තුරුළු කරං ජීවත් වෙනවා...ඒ මතක බොහෝවිට දුක්,කඳුලු පිරුණු මතක.. තවත් සමහරු අතීතේ වෙච්ච රසවත්,ආදරණීය මතක පොදි බැඳගෙන සතුටින් ජීවත් වෙනවා... ඔය අතරේ බොහෝම සුළු දෙනෙක් අද ...
දෙව්ලොවෙන් ආ සොඳුරු රුවැතිය.. කතා පොත දෙව්ලොවෙන් ආ සොඳුරු රුවැතිය..හිරුත් බැසගොස්අඳුරු වූ හිස්අහස් තලයමඑලි කරන්නටදෙව් ලොවෙන් ආරුවැති කුමරියමගේ ලඟයිඅද මටත් නොදැනිම...දෙව් ලොවේ සහසකුත් සැප විඳකඳුළු නොම දැකඑකදු දිනයෙකපුරුදු දිවි හැරමෙලොව විසුමටසිත්වුනේ ඇයිනොදනිති ඇය...ඇගේ මව් පියසොයුරු පරපුරඇය සොයා විත්රැගෙන යනු ඇතඑවිට ආයෙමලොවම කළුවරවේවි මාගේපෙරම වාගේ...එතෙක් ඒ ගැනනොසිත තුටුවීහිඳිමු ආලෙන් වෙලී එක්වීකුරිරු ලෝකයසිතින් පහකොටමොහොතකට අපලොවේ තනිවී... ...
අහිමි සෙනෙහස - කඳුළු බිඳු 04 - කතා පොත මොහොතකට නිරුත්තරවුණ මම , සඳුනි අහපු ප්‍රශ්ණෙට හිත පතුලෙන්ම ආපු සැබෑ උත්තරේ හිමීට ඒ අහිංසක ඇස් ඉස්සරහා මෙහෙම ගැලපුවා;"ජීවිතේටම සිදු නොවිච්ච තරම්ම මගේ හිතට සමීප වුණේ ඔයා සඳුනි!!!වෙන කෙල්ලෙක් මගේ ජීවිතේට මෙහෙම සමීපවෙලා නෑ.හීනෙකිංවත් නැහැ.හැබැයි මම ඔයාගෙන් ආදරේ ඉල්ලන්නේ නැහැ.මොකද එහෙම දෙයක් ලැබෙනවනම් , ඒක මට ලැබේවි කවදාහරි.ඔයා මට මගේම නංගි කෙනෙක් වගේ.එතනින් එහා ගිය දෙයක් මම ඔයා ගැන ...
මගේ ප්‍රථම කෙටි නවකතාව - අහිමි සෙනෙහස - (කොටස් සියල්ල එකම ලිපියකින්) - කතා පොත ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.මොහොතින් මොහොත වෙනස්වෙන ජීවිතේ හරියට ගලන ගඟක් වගේ.අපිට ජීවිතේදි අත්විඳින්න සිද්ධවෙන දුක,සතුට,වේදනාව .... මේ හැමදේම පුදුම ඉක්මනින් වෙනස් වෙනවා.මේ බව අඳුනගත්තු මිනිස්සු ජීවිත කාලයම සතුටින්,මැදහත් සිතින් විඳිනවා.ඒත් ඒ බව නොදන්න තවත් සමහරු, මුළු ජීවිතේම විඳවනවා. ජීවිතේ විඳිමින් උන්නු මමත් , අද ජීවිතේ විඳවනවා.සතුටින්,සෙනෙහසින්,සිනහවෙන් පිරිලා තිබුණු මගේ ආත්මය අද ...
මොහොතක මතකය..... කතා පොත ~~~ මොහොතක මතකය ~~~සීතලයි ඔය අත්ල,පුදුම සිනිඳුයි,මොහොතකට වුණත්,හිත නතරවුණා...ඇස් දෙක මාව මඟහැරියත්,හිත ගැස්සුනා කියලා,මට දැනුනා...ඇඟිලි තුඩුවලින් මගේ අත,මිරිකගත්තේ ඒ නිසා නේද?නමවත් දන්නේ නෑ,හමුවුණෙත් මොහොතකට,ඒ වුණත්,දැනගෙන හිටියා වගේ,ආත්ම ගානක්.... මමත් ඔයාගේ,අත්පොඩිය තවත් මිරිකගත්තේ,සිනිඳු ඔය අත්ලේ සීතල,හිතට දැනුනු නිසා,ආත්මයට කා වැදුණු නිසා....ඒ අත්ල,සිපගන්න තිබුණානම්,තුරුළුකරගත්තානම්,සුවපත් වෙන්න තිබුණා,මගේ හිත,තවත් ආත්ම ගානකට.... අහිංසකකම පිරිච්ච,ඔය ඇස්,මං දිහා බැලුවා මතකද?දෙතුන් වතාවයි....ඒත් ඇස්
අහන් ඉන්නකෝ...... කතා පොත එන්නකෝ අහගෙන ඉන්නමම කියන්නම් කතාවක්සිනහව පිරුණු ඉතුරුණු කතාවක් සෙනෙහස දෝර ගලනා කතාවක්ආදරෙන් හිත පිරෙන කතාවක් කියන්නද? කෝ නෑනේ තාමත්එනවද? අහන් ඉන්නේ නැද්ද?එහෙනන් අනේ මට බෑ ඕන්න මම ගියා... ...
නවකයින්ව පිලිගැනීම... කතා පොත "ALL ARE WELCOME""පිලිගනිමු සාදරයෙන්"එන්න එන්න,ඇතුලටම එන්න, බයවෙන්න එපා,ඔයාලා අපේම නංගිලා මල්ලිලා,නවක සිත් සෙනෙහසින්, සහෝදර ඇල්මෙන් පිරී ඉතිරී යයි... නවකයින් ඇතුලට යයි ආදරණීය senior අයියා කෙනෙකු පැමිණ,ඇතුලට එන සිසුවෙකු නවතයි."මොකක්ද ඉස්කෝලේ?"[කොලඹ පාසලක නම ඇසේ]ඇයි උඹලට සිංහල බැරිද?කියපල්ලා සිංහලෙන්!නැවත පාසලේ නම සිංහලෙන් ඇසේ,ආන්න හරි,එහෙම තමයි,තොපි කොලඹ උනාට කමක් නෑ,සිංහලෙන් කතා කරපල්ලා![ නමුත් සියළු විෂයන් ඉගැන්වීම සිදුවන්නේ ඉංග්‍රීසියෙන් බව කියැවෙයි ] තොගේ ඔලුව ...
නිමක් නැති කතාවක්... පිටු අංක 03 කතා පොත ~~ නිමක් නැති කතාවක්... පිටු අංක 03 ~~නිමක් නැති කතාවක් - > පිටු අංක 1 මෙතනින් කියවන්න < -නිමක් නැති කතාවක් - > පිටු අංක 2 මෙතනින් කියවන්න < -"3 වසරේ අන්තිම වාරයේ පංතියේ පළවෙනියා..."මම දැනගෙන හිටියා ඒ මම කියලා.මම වැඩට දස්සයි කියලා හැමෝම කියනවා.අපේ අම්මල යන හැමතැනකදිම මගේ දස්සතා ගැන පම්පෝරිය තමයි ඉතින්.මටනං ඉතිං විසේසයක් නෑ,මගේ පාඩුවේ වැඩ ටික ...
නිමක් නැති කතාවක්... පිටු අංක 02 කතා පොත ~~ නිමක් නැති කතාවක්... පිටු අංක 02 ~~ [ නිමක් නැති කතාවක් පිටු අංක 01 මෙතනින් කියවන්න ]"දුවන්න ෂමිරු , දුවන්න..."ඉන්ටවල් එකේ අල්ලන සෙල්ලං කරන එක තරං ජොලි වැඩක් තවත් නෑ.අද කරන්නේ හොරා , පොලිස්.අද පිරිමි ළමයි ටික හොරු , ගෑණු ළමයි ටික පොලිස්.අහුවෙන කට්ටියව කූඩුවට ගිහින් දානවා.කූඩුව කිව්වේ ඉතිං ගහක් වටේට බිම ඇඳපු රවුමක්.එතනට අධි ආරක්ෂාව.කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම මුර ...
පිපාසය .. කතා පොත පිපාසය ..සංසිදුවාලන්නම් මා නුඹව ,මගේම ඛේටයෙන්,ලදොත් විනා නොබොන්නෙමි ,දිය උගුරක් පවසට,නොසංසිදෙන දිය ඌලකින් මිස....- මගේ මිතුරියක විසින් රචනා කරන ලද , ආදරය හා ජීවිතය ගැන සිතන්නට යමක් ඇති නිදහස් පද ගැලපුමක් - ...
නිමක් නැති කතාවක්... පිටු අංක 01 කතා පොත ~~ නිමක් නැති කතාවක්... පිටු අංක 01 ~~ මගේ සිතුවිලි!! ඒවා ඔක්කොම ව්‍යාකුලයි.මම වගේමයි.කරන්න ඕනි මොකක්ද,කරන්න හොඳ නැත්තේ මොකක්ද කියලා මමවත් දන්නේ නෑ.මම ඒ ගැන හිතන්නෙත් නෑ..මට ඒ ගැන හිතෙන්නෙත් නෑ..මම දන්නේ එකම එක දෙයයි.ඒ තමයි මගේ දෛවය මටත් හොරා , මගේ සිතුවිලිත් එක්ක සෙල්ලම් කරන්න පටන් අරගෙන කියන දේ. අද උදේ කැම්පස් යද්දී මට මුනගැහුණු එකම එක චරිතයක් නිසා, ...