ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
2012 පෙබරවාරි 16 : ඇමරිකාවෙන් නොමිලේ දෙන අරාබි වසන්තය අපට අනවශ්‍ය ඇයි.. ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සමා වෙන්න…………………………………. මම හැමදාම කරන්නේ හිතට එන ඔක්කෝම කරුණු ටික ලිපියකට එකතු කරලා පස්සේ එය සංස්කරණය කිරීම. මේ නිසා සමහර විට කාලීන මාතෘකා වලට අදාල ලිපි පළ වන්නේ තරමක් පරක්කු වෙලා… මේ ලිපියත් ලියලා ටික දිනක්… ඒත්, ඊයේ සිදු වුන සිදුවීම් එක්ක බැලුවාම දැන් නම් මගේ හිතේ තියෙන්නේ මීට වෙනස් අදහසක්… ඕන මගුලක් කියලා ලියපු එක දානවා….. නමුත් ඇත්තටම අපට ...
2012 ඔක්තෝබර් 21: සෙක්ස් ගැන ඔබ නොදන්නා දේ………..දෙවනි කොටස………….. 18- ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පසුගිය ලිපියකින් මම අවධාරණය කළේ SEX පිළිබඳව… Sex කියන බල්ලා ගැන කතාවක් ලියන්න ගිහිල්ලා ප්‍රධාන මාතෘකාවෙන් බැහැරට ගිය නිසා කතා කරන්න හිතාගත්ත දේ කියලා ඉවර කරගන්න බැරි වුනානෙ…. ඉතින් මම එදා කිවුවේ SEX කියන දේ විවිධාකාරයෙන් අර්ථකතන දෙන්න පුළුවන් කියලා… ලිපියට ලැබුණ හිට්ස් ප්‍රමාණයෙන්ම හිතාගන්න පුළුවන් සිංහල පාඨකයො කෙතරම් SEX පිළිබඳ කියවන්න ආසද කියලා…. ලිංගිකත්වය කියන්නෙ කාටත් පොදු දෙයක්… ඒ ...
මා සමඟ මෙතෙක් කළක් රැඳී සිටියාට ස්තුතියි…………….! ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ස්තූතියි ඔබ සැමට ජුලි මාසෙ පැවැත්වුන බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට මගේ බ්ලොග් අඩවියත් ඇතුළත් කළේ දහසකුත් එකක් වැඩ රාජකාරි අතරෙයි… ඔබ සැම සියළුම දෙනා දන්නා පරිදි මට අළුතෙන් ජර්මනියෙ රැකියාව ලැබුණෙත් ඒ නිසාම ලංකාවට එන්න තිබුණෙත් මේ බ්ලොග් සම්මාන උළෙලට ලිපි ලියලා පළ කළ යුතු කාලෙමයි.. තරඟ නීති රීති වලට අනුකූලව ලිපි දින පතා පළ කළ යුතු නිසාම, ඒ ...
2012 ඔක්තෝබර් 30 : ලංකාවේ වසරකට ගබ්සා 250,000 ක් !!!! විධිමත් ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාවය අපට දැනෙන්නේ ලංකාවම සමාජ රෝගීන් වූවාට පසුද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ලංකාවට විධිමත් ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාවය පිළිබඳ මම මගේ බ්ලොග් අඩවිය තුළින් කතා කළේ මීට බොහෝ කලකට පෙර. ඒ ලිපියට මෙතැනින් යන්න. අද Daily Mirror පුවත්පතේ තිබූ මේ ප්‍රවෘත්තිය දුටුවාම මට ඇති වුනේ ඇත්තෙන්ම කණගාටුවක්. එයින් කියැවුනේ ලංකාවේ වසරකට ගබ්සා 250,000 ක් සිදු වන බව… මෙය ඇත්තෙන්ම මිනීමැරුම් 250,000 ක් කිරීමක්. එනම් සමූලඝාතනයක්… පුවත්පතට අනුව දිනකට ගබ්සා 700 ක් ලංකාව තුළ ...
2012 ජුලි 02 : පළමුව ආරක්ෂාව…. ඔබේ ජීවිතයේ වගකීම ඇත්තේ කාටද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary දුරදිග නොබලා විනෝදය පිණිසම (සහ ලාභය තකා) පැවැත්වූ රේස් තරඟාවලියක් මරණ දෙකකින් කෙළවර වී තිබේ. ලංකාව අපූරු රටකැයි මා පැවසුවේ වරක් දෙවරක් නොවේ. බොහෝ දෙනා බොහෝ දේ සංවිධානය කරන්නේ එක් පැත්තක් පමණක් බලාගෙනය. ලංකාවේ බොහෝ දේ මෙන්ම නරඹන්නන්ගේ සහ අනෙක් අයගේ ආරක්ෂාවට දෙන්නේ අවම ප්‍රමුඛත්වයකි. සේවා ස්ථානවල නම් දැන් දැන් ආරක්ෂාවට මුල්තැන ලබා දෙමින් (Safety First) ආදී පාඨ පෙරමුණු කරගත් ...
ලිංගිකත්වය පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීමට අප සූදානම් ද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ ලිපිය ලියලා සෑහෙන දවසක් වුනත්, සම්පූර්ණ කරගන්න ටික කලක් ගතවුන නිසා පළ කරන්න බැරි වුනා. මේක බොහොම බැරෑරුම් මාතෘකාවක්, සීමාවේ පිහිටා ලිවීම හරිම අමාරු කටයුත්තක්, එසේම මේ සටහන් ප්‍රසිද්ධ කරන සිංහල සින්ඩි වල සීමා වලටත් අදාලව ලිවිය යුතු නිසා බොහොම පරිස්සමින් තමයි ලිවිය යුත්තේ… ලංකාවෙත් මේ කතා නීතියෙන්ම තහනම් නේ…. ඒ වගේමයි, මේ ලිපිය ඔබට කියවන්න අනවශ්‍යයි කියලා හැඟෙනවා ...
සමුගන්නට අවසරයි……. ටික කලකට…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මැයි මාසෙ කියන්නෙ මගේ ජීවිතයේ වෙනස්කම් ගොඩක් සිදුකළ මාසයක්. මගේ පශ්චාත් උපාධි පර්යේෂක තනතුරේ වැඩ අවසන් වෙන්නට තිබුණේ මැයි 31 වනදින. එදායින් පස්සේ මට රැකියාවක් නැහැ…. ඒ නිසාම ලෝකෙ හතර වටේ තියෙන මට සුදුසු යැයි හැඟුන රැකියා හැම එකකටම අයදුම් කරන්න මම තීරණය කළා. ලංකාවෙන් ඇමරිකාවට ආපු මට වෙනත් රටකට යන්න බැහැ කියන හැඟීම තිබුණෙ නැහැ. මම ලෝකයටම අයිති මිනිහෙක් ...
2012 ජුලි 10 : අවුරුදු අටක් දුකට සැපට ලඟ හිටිය ඔබ…. දාල යන්න දුකයි… (පළමු කොටස……) ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපි නොහිතපු මොහොතක, අපි නොහිතපු දවසක, අපි නොහිතපු වෙලාවක, අපි නොහිතපු විදියකට ඔබ අප අතරට ආවා… ඒ 2004 පෙබරවාරි 02 වෙනිදා….එදා ඉඳලා අපි ඔබට සැලකුවෙ අපේම කෙනෙක් විදියට…. අවශ්‍ය වෙලාවට කන්න නැතත් බොන්න දීලා, නාවලා පිසදාලා… ඉන්න වෙනම තැනක් වෙන් කරලා.. අපේ අවශ්‍යතා වලට ඔබව යොදා ගත්තත්…. ඔබ අපේම කෙනෙක් වුනා…. මුලින් මමයි ඇල්කෙම්ච්චියි එක්ක ගමන් බිමන් ගිය ඔබ අපේ ...
2011 සැප්තැම්බර් 29: අපි දුවමූ….. අපි පනිමූ….. නොහොත් රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව ගානේ ව්‍යායාම කරවීම….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපේ ආණ්ඩුවේ ඉන්න උදවිය ඇල්කෙමියාගේ දිනපොත බලනවද මන්දා…..ඔන්න මම කාළයක් තිස්සේ කිය කිය හිටපු තවත් දෙයක් පළ දරන්න හදනවා…… ඒ තමයි රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව ගානේ ව්‍යායාම කරවීම… ක්රමාණුකූලව ව්‍යායාම් කිරීමේ ආදීනව මම දිනපොතේ සඳහන් කළේ එක දිනක් නෙවෙයි.. බොහෝ සටහන්වල ව්‍යායාම කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන, වාසි ආදිය මම සඳහන් කරලා තියෙනවා. මෙම කාරණය ඇත්තෙන්ම පැසසිය යුතු කටයුත්තක්… රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ...
2012 ඔක්තෝබර් 09 : වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය…….. වැඩුන සෛල බහුවිධ කාර්යයන් සඳහා නැවත පණගැන්වීමට…. තේරෙන්නෙ නැත්නම් කියවලා බලන්න…….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary දැන් ආයෙම නොබෙල් තෑගි දෙන කාළය… ඉතින් කවුරු නැතත් ඇල්කෙමියා මේ ගැන ලොකු අවධානයකිනුයි ඉන්නෙ. දැනටමත් වෛද්‍ය විද්‍යාවට සහ භෞතික විද්‍යාවට නොබෙල් ත්‍යාග පිරිනමා අවසන්. හෙට වෙන විට රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයත් පිරිණමනවා. මෙවර වෛද්‍ය විද්‍යාවට නොබෙල් ත්‍යාගය ලැබී ඇත්තේ කළල සෛල විද්‍යාවට (Stem Cell Research) -හරිද මන්දා සිංහල වචනය- අදාල පර්යේෂණයන් පැවැත්වූ ශ්‍රීමත් ජෝන් බී ගර්ඩන් සහ ශින්යා ...
2012 ඔක්තෝබර් 04: ක්‍රිකට් පිටියේ සොඳුරු ආඥාදායකයාණෙනි…. ඔබට සුබ ගමන්…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary බොහෝ වෙලාවට ක්‍රිකට් කියන්නෙ ක්‍රීඩකයන්ගෙ ක්‍රීඩාවක්…. ඒ වගේමයි අනෙකුත් ක්‍රීඩාත්… ඒ සියල්ල ක්‍රීඩකයන්ට නතු වූ ක්‍රීඩාවන්… එසේ වුනත් ඒ කිසිම ක්‍රීඩාවක් විනිසුරු වරයෙකුගේ පාලනයෙන් තොරව ක්‍රියාවට නැංවෙන්නෙ නැහැ. ඒ නිසාමයි විනිසුරුවන් ක්‍රීඩාවට වැදගත් වෙන්නෙ. මේ විනිසුරුවන් විවිධාකාර පෞරුෂත්වයන් ඇති පුද්ගලයින්. සමහරු දරදඬුයි, සමහරු හරිම නම්‍යශීලීයි, සමහරු ක්‍රීඩකයින් සමඟ බොහෝ හිතවත්, සමහරු බලන්නෙවත් නෑ… තවත් සමහරු වැරදි තීරණ සඳහා බොහෝ ප්‍රසිද්ධයි… ...
2012 ඔක්තෝබර් 07 : අන්න හරි නෝනා… අඹරලා බැරි නං වෙඩි තියලා හරි මරන්න… අතාරින්න එපා ………එහෙම තමයි ඉන්න ඕන…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඉස්කෝලෙ යන කාලෙ කුමක් හෝ අලුගුත්තේරු වැඩක් කාට හරි කළ පසු ලොකු අයියා කෙනෙක් හෝ ප්‍රිෆෙක්ට් අයියා කෙනෙක් මෙහෙම ඇහැවුවොත්, “ඇයි මල්ලි… කැසිල්ලද ? “ දුවන්න පුළුවන් දුරක ඉන්නවා නම් “කහනවා තමයි…. ඇයි කහන්නද ?” කියලා දුවන පුරුද්දක් අපට තිබුණේය.. ඒ අපේ කැසිල්ලටය… පොඩි වුන් වෙච්චි අපි කසනවා කියන්නේ එක් ආකාරයකට පණු අමාරුව වගේ එක තැනක ඉන්න බැරි ලෙඩකටය…. එක්කෝ ...
2011 අගෝස්තු 04 : මිනිස් ජීවිත උකසට තබන මේ අයට දෙන දඬුවම් මොනවාද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අද දිවයින පත්තරේ තිබුණ මේ ප්‍රවෘත්තිය දැක්කාම මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරි වුනා. ඒ තමයි රෝහල් වලට ගෙනාව බාල සේලයින් එක් ලක්ෂ හැට දාහක් රෝහල්වලට බෙදලා කියන පුවත. මේ සේලයින් දෙන්නේ රෝගීන්ට. මේ රෝගීන් කිසිකෙනෙක් මේ පිළිබඳව දන්නෙත් නෑ… රෝහල් බලධාරීන් ඒ ගැන වැඩිදුර අවධානයෙන් සිටියෙ නැතිනම් රෝගීන් කිහිප දෙනෙකු මේ නිසා මිය යන්නත් ඉඩ [...] ...
2011 අගෝස්තු 03 : ගෙදර ළමයින්ට කන්න නැතුව ඉඳිත්දී අහළ පහල ගෑණුන්ට රත්තරං මාල අරන්දීම නොහොත් ඇමරිකාවේ ආර්ථික අර්බුධය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ දිනවල ඇමරිකාවේ ජනමාධ්‍ය වලටත්, දේශපාලනඥයන්ටත් හරිම බිසී ය. ඇමරිකාවේ ණය පලහිලව්ව කෙළවර වෙයිද නැත්ද කිය කියා බලා සිටි ජනමාධ්‍ය ඒක කෙළවර වූ පසු ඉස්සරහට වෙන්නේ මොකද්ද කියා හූල්ලති. මහ ලොකුවට කියෙවුවට අපි වගේම ඇමරිකාවත් ලෝක බැංකුවෙන් ණය ගන්නා රටකි. මේ ණය ගැනිල්ල කොච්චරද කියතොත් දැන් ඩොලර්ම ට්‍රිලියන 15 ක් විතර ණය වෙලා ඇත… ඉතින් [...] ...
2012 දෙසැම්බර් 28 : මගේ නත්තල් තෑග්ග…….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අප බෞද්ධ වුවත්, කුඩා කළ නත්තල් සීයා තෑගි අරන් එනතුරු මඟ බලා සිටියෙමු… 24 වනදා රාත්‍රියේ නිදා ගන්නා අපේ කොට්ටය අසල කිසියම් හෝ සෙල්ලම් බඩුවක් තැබීමට දෙමාපියන් උත්සාහ කළේ ඒ නිසාමය.. අගහිඟ කාලයේ අවම වශයෙන් ටොපියක් හෝ තබා අප සැනසූයේ අප නත්තල් සීයාගෙන් කිසියම් දෙයක් බලාපොරොත්තුවෙන් සිටිනබව අපේ දෙමාපියන් හොඳින්ම දැන සිටි නිසාය… ක්‍රම ක්‍රමයෙන් කල් ගතවෙද්දී නත්තල් සීයා යනු ...
පිටස්තරයා ………………………… එකොළොස්වන දිගහැරුම……………. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. අටවන දිගහැරුම පිටස්තරයා…………. නවවන දිගහැරුම පිටස්තරයා…………. දසවන දිගහැරුම ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: විශ්ව, මට ඔයාව අද හවස හමුවෙන්න ඕන….. හවස ලොකු වැඩක් නෑ නේද ? නැහැ… කීයට විතරද ? හවස වැඩ ඉවර වෙලා
පිටස්තරයා………….. සයවැනි දිගහැරුම…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුම පිටස්තරයා…………. දෙවන දිගහැරුම පිටස්තරයා…………. තෙවන දිගහැරුම පිටස්තරයා…………. සිවුවන දිගහැරුම පිටස්තරයා…………. පස්වන දිගහැරුම ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: හලෝ……… මට පුළුවන්ද OSA එකේ IC, (Intelligent Chief – Of
බාලචන්ද්‍රන්ගේ මරණය තුළින් එළිවන පරමාදර්ශීය ඇල්කෙමියාගේ නිරුවත……….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඇල්කෙමියා පොරවාගෙන සිටි සියළු සළු පිළි උනා දමා නිරුවත් වී තිබේ.. නැත නැත, ඇල්කෙමියාගේ එකම එක ප්‍රතිචාරයකින් ඔහු මෙතෙක් කල් මානුෂිකත්වයේ සළුවෙන් වසාගෙන සිටි මෘගභාවයේ යථාර්තය එළියට පැමිණ තිබේ.. ඇල්කෙමියා අප හිතාගෙන සිටි සංවේදී මානුෂික පුද්ගලයා නොවේ… ඇල්කෙමියාගේ නියම ස්වරූපය එළියට පැමිණ තිබේ…. හුරේ… ඇල්කෙමියා නිරුවත් වී ඇත……. මෙය බ්ලොග් අවකාශයේ ජනප්‍රිය ලොකු පොරවල් දෙතුන් දෙනෙකුට සුවිශාල මාතෘකාවක් වී ඇතිවාක් ...
2012 ඔක්තෝබර් 24 : රජය පෙරළීමේ UNP කුමන්ත්‍රණය සාර්ථක වන ලකුණු………… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ කවුද ? මොනවද කොරාන්නේ ? කාර් එක දෙක සෙමෙන් සෙමෙන් පැමිණේ.. බැලූ බැල්මට සමාජයේ සැළකිය යුතු පුද්ගලයින්ගේ වාහන බවට අනුමාන කළ හැකිය… සියල්ලෝම පැමිණෙන්නේ තමන්ගේම වාහනයෙනි … අවම වශයෙන් රියදුරෙක්වත් නොමැත…… රහස් සාකච්ඡාවක්ම විය යුතුය……. ස්ථානය : කොළඹ නගරයේ රහසිගත ස්ථානයක්… ප්‍රධාන පුද්ගලයා : විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සෙස්සෝ : අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන, උසස් අධ්‍යාපන ඇමති එස් බී ...
2012 නොවැම්බර් 15: ජනාධිපතිතුමාගෙ උම්බලකඩේ…………………….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ජනාධිපති මහින්ද රාජපක්ෂ මාත්තයාට වොෂිංටනයේ කට්ටිය කියන්නේ මාස්ටර් ටැක්ටීෂියන් කියාලා යැයි දිවයින පත්තරේ ආරස්සක කෝලම ලියන කීර්ති වර්ණකුලසූරිය මාත්තයා දවසක් ලියා තිබුණාය. මේ ගැන මමත් සොයා බැලුවෙමිය. ඇත්තෙන්ම බලාගෙන ගිහාම මේ කතාව අමූලික ඇත්තය.. දැන් බලන්නලා… ප්රභාකරන්ට ගුලියක් අඹරලා ඡන්ද ටික දෙමළුන්ට කියාලා වර්ජනේ කොරාගෙන උන්දෑ පලවෙනි වතාවෙ දිනුවාය. දිනලා ඉවර වෙලා අර විශ්‍රාම ගන්න ඔන්න මෙන්න හිටපු සරත් පොන්සේකා ...