ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
පිටස්තරයා………………….. විසි තුන්වන දිගහැරුම…….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. අටවන දිගහැරුමේ සිට දහහතරවන දිගහැරුම දක්වා පිටස්තරයා………….පහලොස්වන දිගහැරුමේ සිට විසිඑක්වන දිගහැරුම දක්වා පිටස්තරයා………….විසිදෙවන දිගහැරුම :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: දැන් කොහොමද කකුල ? වෛද්‍ය ගීතිකා ගුණසේකර විශ්ව සමඟ රෝහල් උද්‍යානයේ සෙමෙන් ඇවිදින අතරතුර ඇසුවාය….. රෝහල් උද
2012 ඔක්තෝබර් 12 : පමා වී හෝ පියවර ගැනීම කෙතරම් යහපතක් ද ? ඊයම් විෂ වීම පිළිබඳ දැනුවත් කිරීම… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ලංකාවේ සාමාන්‍ය ජනතාවට රසායන විද්‍යාව හෝ රසායන ද්‍රව්‍ය පිළිබඳ ඇති දැනීම ඉතාමත්ම අල්පය.. මේ නිසා බොහෝ දෙනා විවිධ ආකාරයෙන් මේ ජනතාව සිය ජාවාරම් වලට හසු කර ගනිති. සමහර වෙලාවට දැනුමැත්තෝම විවිධාකාර දේ කියමින් සිය මතය පතුරවා හැරීමට කිසියම් රසායන ද්‍රව්‍යයක නමක් කියා සිය කටයුත්ත කර ගනිති. ආසනික් ප්රශ්නය සහ මැලික් අම්ලය පිළිබඳ ප්රශ්නය මේවාට හොඳම උදාහරණ වේ. කිසිවෙක් මේ ...
පිටස්තරයා……………… පහලොස්වන දිගහැරුම……………….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. දහතුන්වන දිගහැරුමේ සිට දහහතරවන දිගහැරුම දක්වා ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: තමන්ට සැක කටයුතු පුද්ගලයින් නිරීක්ෂණය කිරීමේදී උසස් තාක්ෂණය යොදා ගැනීම බටහිර රටවල අපරාධ පරීක්ෂණ ආයතනවල සාමාන්‍ය පුරුද්දකි. මෙය නියමිත සාක්ෂි සියල්ල පටිගත වනවා පමණක් නොව වැරදිකරුව
2012 දෙසැම්බර් 25: දෙවසරක ප්‍රගතිය. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ ඇල්කෙමියාගේ දිනපොතේ හීලියම් සංවත්සරයයි. ඇල්කෙමියාගේ රසායනාගාරය පටන් ගත්තේ 2009 අප්‍රේල් 13 වනදාය. ඇල්කෙමියාගේ රසායනාගාරයේ පළ වූයේ වඩාත්ම රසායන විද්‍යාවට බර ලිපි වූ අතර, ඉඳහිට දේශපාලනික යමක් ද ලියැවුණි. අළුත් යමක් පාඨකයාට සැපයීමටත්, රසායන විද්‍යාවෙන් තරමක් ඈත් වූ ලිපි පාඨකයාට යොමු කිරීමටත්, වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවියේ වූ දිනකට එක ලිපියක් ලිවිය හැකිද යන අභියෝගය භාර ගැනීමටත් අදාලව මගේ දෙවන බ්ලොග් ...
2012 සැප්තැම්බර් 16 : ඇල්කෙමියාගේ Epic Journey එක…. තව ඉවර නෑ…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඉතින් ඔන්න ආයෙත් ඔබ අතරට එන්න පුළුවන් වුනා… මොකවත් වෙලා තිබුණෙ නැහැ… පසුගිය මාස එකහමාරෙම හිටියෙ ලංකාවෙ… නිවාඩුවකටත් වඩා අනිවාර්ය නිවාඩු යවලා වගේ හිටියෙ. සමහර විට ඔබට මතක ඇති මට ජර්මනියේ BASF ආයතනයට සම්බන්ධ රසායනාගාරයක රැකියාවක් ලැබුණ බව… ඉතින් මේක ඒ ආයතනයෙම නොවුනත් එයට සම්බන්ධ නිසා මට ඉදිරියේදී ඒ ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාව වැඩියි… ලැබුනොත් ගොඩ… නැත්නම් ඉතිං මඩ තමයි… ...
පිටස්තරයා……………… දහතුන්වන දිගහැරුම…………………… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. අටවන දිගහැරුම පිටස්තරයා…………. නවවන දිගහැරුම පිටස්තරයා…………. දසවන දිගහැරුම පිටස්තරයා…………. එකොළොස්වන දිගහැරුම පිටස්තරයා…………. දොළොස්වන දිගහැරුම :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
2012 පෙබරවාරි 10 : ආගමික අන්තවාදීන්ට වචනයක්….. “බලන් කඩතුරා හැර දෑසේ……….” ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ සම්බන්ධව මේ දිනවල අනන්තවත් ලිපි ලියැවුනා.. මම මේ ලිපිය කෙටුම්පත් කරලා බොහෝ දිනක් ගත වුනත් වැඩ අධික වීම නිසාම නිම කිරීම අතපසු වුනා… කොහොම වුනත් මේ ලිපියත් පළ කරන්න හිතුවේ අනිත් අයගෙ අදහස් එක්ක මගේ අදහස් සැසැඳෙන්නෙ කෙසේද යන්න බලන්නත් එක්කයි. කතාවෙ නිමිත්ත දැන් හැමෝම කතා වෙන ගීතයක් වන ගයාන් පෙරේරා ගායනා කරන ගීතය. ප්‍රශ්නෙ තියෙන්නේ භවතු සබ්බ මංගලම් ...
අළුත් ලෝකයක හමුවෙමු…. එය පැතුමක් පමණක්ම වේද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary හෙට නිමවන පරණ ලෝකය.. අනාවැකි බොහෝය, සම-හරක් හෙට ලෝක විනාශය වන බව පවසති. තවත් සමහරක් එසේ නොවන බව පවසති. අවාසනාවකට මේ පාර්ශව දෙකෙන් එකක් අනිවාර්යයෙන් පරදිනු ඇත. 22 වනදා උදෑසන අවදිවන සියළුම දෙනා නැවතත් පෙර පරිදිම සිය කාර්යයන් කරගෙන යනු ඇත. 22 වනදා වෙනස් දිනයකි. බොහෝ දෙනෙකු රැකියා සඳහා නොයනු ඇත. දරුවන් පාසැල් නොයනු ඇත. ඒ 22 වනදා සෙනසුරාදා දිනයක් නිසාය. නමුත්… ...
2012 ඔක්තෝබර් 06 : ගරු ජනාධිපතිතුමනි…. කියන තැනකට වඳින්නම්, ඉරිදට මැච් එක බලන්න පිට්ටනියට නං යන්න එපා….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ගිය අවුරුද්දේ ඉන්දියානු බලපෑම මත විහින් නැති කරගත් (නොහොත් කණ්ඩායමට පිටතින් සිටි කෙනෙකු පාවාදුන් ) ජාතියේ අභිමානය නැවත වතාවක් අපේ කොල්ලන් විසින් ජනතාව වෙත ලඟා කර වීමට සමත්ව තිබෙනවා. මෙවර අපට ඇති එක් සහනයක් වන්නේ ඉන්දියානු කණ්ඩායම අවසාන මහා තරඟයට සුදුසුකම් නොලැබී සිටීමයි. වැරදිලාවත් එසේ සුදුසුකම් ලැබුවා නම් අපි මැච් එක බලන එක වැඩක් වන්නේ නැත… කාගේ හෝ බලපෑමකට මහේල ...
2012 සැප්තැම්බර් 19 : ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාට නිවන් සුව පතමු……… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා. අපේ රටේ ප්‍රසිද්ධම පුද්ගලයා කවුද ඇහුවොත් කතා දෙකක් නැතිව කියන්න පුළුවන් ප්‍රසිද්ධම පුද්ගලයා ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා කියලා. ඒ මැතිතුමා ප්‍රසිද්ධ වෙන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි ඒ මැතිතුමා යකෙකුටවත් බය නැති වීම… අඩු ගානෙ ජනාධිපතිතුමාටවත් බය නෑනෙ මේ මනුස්සයා… ඉතිං කවර කතාද ? කාලි අම්මටවත් බය නෑනෙ… අර මුන්නේෂ්වරම් දේවාලෙ කාලි අම්මට පූජ කරන්න තිබුණ ...
2011 අප්‍රේල් 01 : සියඹලාණ්ඩුවේ ඉන්නා හරක් වෙත, අපටම වෙන්වූ දවසේ ලියමි. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සියඹලාණ්ඩුවේ හරකුනි… උඹලා දියවන්නාවෙ මඩ වගුරට වෙලා එකාට එකා මඩ ගහගෙන මඩ නාගන්නා හැටි බලාන ඉන්න අපේ හරක් පත්තර කාරයොයි රූපවාහිනී කාරයොයි නිසා උඹලාගේ මැටි මෝල් මූණු සහ විකාර නිතරම පෙනේ… උඹලා අපේ ආධාරයෙන්ම දියවන්නා මඩ වගුරට පැනගත්තත් දැන් උඹලා අපේ පැත්ත බලා ගොම බෙට්ටක් වත් දාන්නේ නැති බව අපට පෙනේ…උඹලා කරන්නේ උඹලාගේ තණකොළ ගොඩ ලොකු කරගෙන උඹලා මඩ වගුර ...
2012 ජුලි 08: සරා සළෙළු දන සතොසේ….. ඕන දෙයක් කරන ලෙසේ…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඉස්සර නං පාරෙ බල්ලෙක් මැරිලා හිටියත් අනේ අපොයි කියපු අපේ ගමේ උන්දලා දැන් නම් මිනී හතක් මැරුවත් හුම් කියලා කටක් ඇරලා කතා කරන්නෙ නැති ගානකට හිත් ගල් වෙලා. ඉස්සර කිවුවෙ අවුරුදු 20 කට 30 කට විතර ඉස්සර… කොටි හපුවා බෝම්බ පුපුරවන්න ඉස්සර.. කොටි හපුවා මහ දවල් තොග ගණනේ මිනී මරනකොට සහ ඒ මිනී රූපවාහිනියෙයි පත්තරෙයි අමු අමුවෙ පෙන්නනකොට අපේ මිනිස්සුන්ගෙ ...
2012 ඔක්තෝබර් 22: දේවෝ මාළු වස්සති අහේතු කාලේන……. අතිරික්තෙට මක්කැයි කොරන්නෙ ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary රට සශ්‍රීක වෙච්චි තරම කොච්චරද කිවුවොත් දැන් ධිවරයෝ මාළු අල්ලන්න මුහුදට යාමට අවශ්‍යම නැත. වෙරළට වී මුහුද දෙස බලා සිටින විටම මාළු ඇවිත් දෙපා මුළ මැරී වැටේ. මේ නිසා ධිවරයන්ට පවු සිදු වීමක් ද නොවේ. ඒ ප්‍රාණඝාතය සඳහා වූ අවශ්‍යතා සම්පූර්ණ නොවීම නිසාය. රටක නායක කාරකාදීන් ධාර්මික වන විට නිසි කළට වැසි ලැබේ. සැප සම්පතින් අනූන වේ. කිසිදු අඩුවක් දක්නට ...
2012 ජුනි 19 : ඩෙඟා නටන ඩෙංගු අතර නිදියන අපේ ලොක්කෝ….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඩෙංගු නැවතත් හිස ඔසවා තිබේ… නිකංම නොව වසංගත තත්ත්වයක් වශයෙනි. අපේ මිනිසුන්ගේ නොසැලකිළිමත්කමට සහ බලධාරීන්ගේ අමනෝඥභාවයට පාඩම් උගන්වමින් බාළ-මහළු, දුප්පත් – පෝසත්, ආදී කිසිදු භේදයකින් තොරව ඩෙංගු වසංගතය විසින් ජනතාව ගොදුරු කරගනිමින් සිටී…. තවමත් මියගොස් නැත්තේ ප්‍රබල දේශපාලනඥයෙකු හෝ ඔවුන්ගේ ඥාතියෙකු පමණි… එය එසේ වනවා නම් ඉතා හොඳය… එවිට වත් මේ නිද්‍රාවෙන් ඇහැ ඇරී ඔවුන් ක්‍රියාත්මක වීමට ඉඩක් ඇත. ඕනෑම ...
2012 සැප්තැම්බර් 06 : අනිද්දා ඔබේ මනාපය කාටද ? මැතිවරණ කෑල්ලට පෙරවදනක්….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary යළිත් මැතිවරණය කෑල්ලක් අපේ ඇඟ උඩ පටවා තිබේ. මෙය අපි කිසිවකුත් බලෙන් ඉල්ලූ මැතිවරණයක් වත්, ආණ්ඩුව පෙරළෙන්නට ගොස් ඇඟ බේරා ගැනීමට කළ මැතිවරණයක්වත් නොව කල් පිරෙන්නට පෙර බබා එළියට ගැනීමකි. ආණ්ඩුවේ නායකයන්ට වියදම් කරන්නට වෙනත් කිසිවක් නැතිකළ ජනතාවගේ සිත් සතන් සනහන්නට අපට ලබා දුන් මැතිවරණයකි. ජයවේවා……. ! අපට දැන් ප්‍රශ්න නැත. සරසවි ආචාර්යරු සතුටිනි. දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට දාසයක් අධ්‍යාපනය ...
2013 මාර්තු 07 : ප්රතිරූප වන්දනාව නිසා බැටකන ලසිත් මාලිංග ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දීමනා ප්‍රශ්නයක් නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට ක්‍රීඩකයෝ 23 දෙනෙකු අකැමැතිවීම පිළිබඳ ආන්දෝලනය අවසාන වූයේ ඔවුන් ඒ සඳහා එකඟ වීමත්, සිදු වූ කිසිවක් මාධ්‍ය හමුවේ නොකිව යුතු බවට එකඟතාවයක් (හෝ තර්ජනයක්) ඇතිකරගැනීමත් සමඟය. නමුත් ඒ ආන්දෝලනය සමනය වන්නට නොදී ලංකාවේ ක්‍රිකට් නැවත වතාවක් ප්‍රධාන මාතෘකාවක් බවට පත් කරගැනීමට අපේ මාධ්‍ය සමත්විය. මිනිසා කවදත් තමන්ට වඩා ...
2012 ජනවාරි 07 : දැන්වත් අපි විනයක් ඇති මිනිසුන් පිරිසක් බවට පත් වෙමු ද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary 2012 ලැබුවාට පසු මම හිතාගත් එක දෙයක් තමයි මගේ පාඨකයන්ට වටිනා යමක්, හිතන්න යමක් ලබා දිය යුතුයි කියලා. දැන් මට ලබන්න අළුත් පාඨක පිරිසක් නැහැ. සමහරු ලිපියක් දෙකක් බලලා තමන්ට ගැලපෙන්නෙ නැති නිසා ඉවත්ව යනවා. සිටින පිරිස හැමදාම ඉන්නවා. ඒ නිසා මට අළුතෙන් ලබන්නවත් නැති වෙන්නවත් දෙයක් නැහැ. ඉන්න අයට ජීවිතයට යමක් අරගන්න මඟ පෙන්වන්න හෝ හිතන්න දෙයක් දෙන එක ...
පිටස්තරයා…………… දහ අටවන දිගහැරුම……………. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. අටවන දිගහැරුමේ සිට දහහතරවන දිගහැරුම දක්වා පිටස්තරයා…………. පහලොස්වන දිගහැරුම පිටස්තරයා…………. දහසයවන දිගහැරුම පිටස්තරයා…………. දහහත්වන දිගහැරුම ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: සුමනසේකර මහත්මයා…. මෙන්න ඔබ දෙපලගෙම වීසා සහතික පත්… ඔබට හෙටම
2012 අප්‍රේල් 18 : හදිසියෙම ලංකාවට ගිහින් ආවා…. කියන්න බැරි වුනා කාටවත්…. මෙන්න විස්තරේ…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපට අවුරුද්ද ලබන්නෙ ලංකාවට ලැබුවට පැය 10.30 කට පස්සෙ.. උදේ පාන්දර තලබනුව නාද වෙනකොට මම නම් හිතුවෙම මොකක් හරි මරාලයක් කියලා. සාමාන්‍යයෙන් අවේලාවේ තලබනුව නාද වෙනකොට හිතට දැනේනෙ සංතෝසයක් නෙවෙන නිසා. හලෝ… මම ඇමතුවා සුබ අළුත් අවුරුද්දක් වේවා පුතා….. කවුද කියලා කියන්නෙත් නැතිව අවුරුද්දට සුභ පැතුවෙ ගැහැණු කටහඬක්… සු.. සුභ අළුත් අවුරුද්දක්.… නිදිමතේම මමත් සුභපැතුවා…. කවුද මේ ? මම ඇහුවෙ ...
කරන්ට් වැදුන ඔබට මෙන්න සහනයක්….. අත්දුටුවයි සත්තයි…. හරි ගියාම විදුලි ගාස්තුව ගෙවන්න… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary කවුරු මොනවා කිවුවත්, මොනවා කරන්න උත්සාහ කළත්, උද්ඝෝෂණ, උපවාස සහ සාකච්ඡා පැවැත්වුවත්, ආණ්ඩුව විදුලි බිල ඉහළ දමා තිබේ. හිටපු ඇමතිතුමා කියන්නේ එය තමා නොකළ බවයි. වර්තමාන ඇමතිතුමිය ඒ ගැන කිසිත් නොදනී. දැනට දන්නා පරිද්දෙන් විදුලි බිල ඉහළ දමා තිබෙන්නේ ආර්ථික ඝාතකයා යැයි විමල් වීරවංශ ඇමතිතුමා විසින් හැඳින්වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාය. ඒ [...] ...