ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
2012 ඔක්තෝබර් 19 : ඇමතිවරු බදු ගහන්නෙ මෙන්න මෙහෙමයි……. මාරයි ඈ….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary බදු ගැසීම හරිම ආතල් දෙයකි. ගසන්නට ගසන්නට ආතල් ඒ….. බදු ගැසීමෙන් ලැබෙන ප්‍රතිඵල දුටුවිට ආතල් දෙගුණ තෙගුණ වේ… බදු ගසා ඉවර වෙන විට බදු ගසන්නාට ඇතිවන ප්‍රීතිය කියා නිම කළ නොහැක… බදු ගහන විට බද්ද වදින්නේ මල්ලිලාට වුනත් ඒ බද්ද ගහනකොට ආතල් එක වැඩි අයියලාටය.. ඒ නිසා අයියලා බදු හොය හොයා ගසති. ඒ බදු ගැසිල්ලේ හැටිය. හැබැයි බදු ගසද්දී හොඳ ...
2011 ඔක්තෝබර් 06 : කුමට නැටුම් කෙළි කවට සිනා දා….. මරුට නොමැත කිසිවිටකදි බාධා…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඊයෙ රෑ Group Meeting එක අවසාන වෙලා රසායනාගාරයට ආපු මට දැකගන්නට ලැබුනෙ බොහොම කණගාටුදායක ප්‍රවෘත්තියක්.. ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මිය ගිය බව.. මම ඇපල් පාරිභෝගිකයෙක් නෙවෙයි.. ඒත් මම ඇපල් පරිඝනක ඇති තරම් භාවිතා කර තිබෙනවා… මේ නිසාම මම ඇපල් උපකරණ සහ සේවා වල තත්ත්වය හොඳින් දන්නවා… ඔහුගේ දැක්ම අවුරුදු කිහිපයක්
2012 ඔක්තෝබර් 14: පිරිමින්ගේ අවයවයේ දිග ලිංගික සුවයට බලපාන අයුරු…… ලිංගික අධ්‍යාපනික පර්යේෂණයක්… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ ප්රශ්නය හැමෝටම තියෙන ප්‍රශ්නයක්… Does the size matter ? පිරිමි ගැහැණු දෙගොල්ලන්ටම තියෙන පොදු ප්‍රශ්නයක්… නැහැ කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නම් දැන්ම කියවන එක නවත්වන්න… මොකද ඒ ගොල්ලන්ට මේ පර්යේෂණය අදාල වන්නෙ නැති නිසා… නිදි යහනේ සහනය කොතැනද ? ලිංගිකත්වය හරිම පෞද්ගලික දෙයක්.. බටහිර රටවල නම් තරමක් හෝ එළිපිට කතා කෙරුණත්, පෙරදිග රටවල කතා කෙරෙන්නෙම නැති තරම් – අවම වශයෙන් ...
2012 පෙබරවාරි 18 : මේ දිනවල ලංකාවේ බලවත්ම පුද්ගලයා කවුද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පහුගිය දවස්වල වෙච්චි සිදුවීම් දිහා බැලුවාම මට හරි ප්‍රශ්නයක් ආවා… මේ දිනවල ලංකාවෙ බලවත්ම පුද්ගලයා කවුද කියලා… මට හරියට උත්තරයක් හොයාගන්න බැරි නිසා මම ලැයිස්තුවක් පළ කරනවා…. ඔබේ ඡන්දය ලබා දී ලංකාවේ බලවත්ම පුද්ගලයා කවුදැයි සොයා ගැනීමට උදවු වී ඉරාණයෙන් ආනයනය කළ ඉස්තරම්ම ලාම්පුතෙල් බෝතලයක් තෑගි වශයෙන් ලබා ගන්න. ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ...
හිරුණිකා පළිගනී……. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary දුමින්ද ආශ්චර්යයකින් සුව වී ගෙදර පැමිණි දිනයේ දත කට පූට්ටු වී සිටි හිරුණිකා සිය විශ්වාසවන්තම ආධාරකරුවන් පස්දෙනා නිවසට කැඳවූවාය.. දැන් ඉතිං අපට කරන්න දෙයක් නැද්ද ? අනේ මන්දා මිස්… දැන් නම් ඉතිං මොනවා කරන්නද මන්දා.. හැම Option එකම වැහුන නේ… නෑ නෑ… තව එක තුරුම්පුවක් තියෙනවා…. ඒ මොකද්ද ඒ ? පස් දෙනාම ඇරපු කටවල් වසා [...] ...
2012 අප්‍රේල් 19: කෙට්ටු ගෑණු ඉන්න පවුල්වල විවාහ ජීවිතේ සැප වැඩියි ලු………. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පසුගිය සතියක කතන්දර කාරයා කියලා තිබුණේ කාන්තාවන් ව්‍යායාම කළාම සුරාන්තය ලබනවා කියලා.. ඒකෙ ඉංගිරිසි ප්‍රවෘත්තිය මෙතැනින් බලන්න. දැන් ලංකාවෙ කට්ටිය ගෙදර වැඩත් බලන්නෙ නැතුව ව්‍යායාම් කරනවා කියලා පත්තරවල තිබුණා… මේ තියෙන්නේ ඒකට තවත් බෝනස් එකක් එන ප්‍රවෘත්තියක්… ඒ වගේම ගෑණු කට්ටියට කෙට්ටු වෙන්න තවත් හේතුවක්… මම නෙවෙයි කියන්නෙ… ඩිස්කවරි ප්රවෘත්ති වල… ටෙනිසී සරසවියේ පර්යේශකයන් පිරිසක් විසින් අළුතින් විවාහ වූ පවුල් ...
2012 ඔක්තෝබර් 13 : ඔබ මේ විනාශ කරන්නේ ඔබේ පුතාගේ – දුවගේ ජීවිතයයි…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary රටක අනාගතය එහි තරුණ පරපුර සහ ළමා පරපුරයි. නිරෝගී ළමා-තරුණ පරම්පරාවක් නොමැති රටක අනාගතය අඳුරුය. බොහෝ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල දූරදර්ශී නායකයින් අන් සියල්ලට වඩා මේ පරම්පරාවේ සුගතිය වෙනුවෙන් තැනක් දෙන්නේ එය අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසාවෙනි. නිරෝගී පරපුරක් ඇති රටක සෞඛ්‍ය ක්ෂෙත්රය වෙනුවෙන් වියදම් කළ යුතු මුදල අඩු වේ. දැනට ගණන් බලා ඇති පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ ...
2013 ජනවාරි 10 : රිෂානාගේ මරණය සහ ෂරියා නීතිය : බුදුන් වහන්සේ, ක්‍රිස්තූන් සහ අල්ලා දෙවියෝ………… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary රිෂානා මියගොසිනි. ඇයව අඩු වයසින් අරාබියේ රැකියාවට යැවීමට සිදු වූ ඇගේ දෙමාපියන්වත්, ඈට හොර උප්පැන්න සහතික, හොර පාස්පෝට් තනා ඇයව අරාබියට යැවූ ඒජන්තවරයාවත්, ඇයවත් නොසිතූ අන්දමට ඇය මෙළොව හැර ගියේ ඈ නොකළ වරදකටය. වරද කොතැනදැයි සෙවීම අදාල අංශ වලට භාර කරමු… අද මා කතා කරන්නේ නොකළ වරදකට හෝ සිදු වූ අතපසුවීමකට ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද යන කාරණය පිළිබඳවයි. මේ ලිපිය ...
පිටස්තරයා……………. දහසය වන දිගහැරුම…………….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. දහතුන්වන දිගහැරුමේ සිට දහහතරවන දිගහැරුම දක්වා පිටස්තරයා…………. පහලොස්වන දිගහැරුම ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: මොකද සුමනෙ අපි කරන්නෙ ? සුමනසේකර මහත්මිය ඇගේ සැමියාගෙන් ඇසුවාය. මොනවා කරන්නද ? අපි සුදුපුතා බලන්න යන්න ලෑස්ති වෙමු. මමත් හිතුවෙ ඒකම තමයි… කෝකටත් අපි ලොකු හාමුදුරුවොන්ට කතා ක
ජින්ජර් බියර් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි…. පොලීසියට අහු වෙන්න එපා….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිංවත්නි… අද මේ වප් පුන් පොහෝදා ඔබ සියළුම දෙනාට වැදගත් වෙන මට අප්‍රමාණ පින් කන්දරාවක් සිදු වෙන කාරණයක් එළි දක්වන්නයි යන්නෙ. මේ ගැම මුලින්ම බස් රේඩියෝවෙදි කියැවුනත්, මේ පිළිබඳ වඩාත්ම උනන්දු වුනේ බස් එකේ රසික මල්ලි… ඉතිං මේ රෙසිපිය ෆාලෝ කරලා ජින්ජර් බියර් හදාගෙන සෞඛ්යාරක්ෂිත විදියට මජ්ජපමා දට්ඨානා වෙන්න කියන එක තමයි මේ උතුම් වප් […] ...
2013 පෙබරවාරි 06 : ඩෙංගු මර්ධන BTI බැක්ටීරියාව ගැන ඔබේ දැනුම කොපමණද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary වසරේ කලින් කලට – විශේෂයෙන්ම වැසි කාලයකට පසු හිස ඔසවන වඩාත්ම දරුණුතම ප්රශ්නය නම් ඩෙංගු මදුරුවන් බෝ වීමේ ප්රශ්නයයි. ආණ්ඩුව කට කැඩෙන කල් කිවුවත්, අපේ මහජනතාව තමා අවට පරිසරය පිරිසිදු කර ගන්නේ එක්කෝ ආණ්ඩුවෙන් දඩ ගසන බවට නීතියක් පැණවූවොත් හෝ අහල පහල එකෙකු දෙන්නෙකු ඩෙංගු වලින් මිය පරලොව ගියහොත් පමණකි. ඒ අපේ කට්ටියගේ හැටිය. අපේ කට්ටියගේ හැටි දන්නා ආණ්ඩුව ද, ...
2012 දෙසැම්බර් 17 : ලොකු හාමුදුරුවෝ දියවැඩියා…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary නිධාන කතාව: අළුත මහණ වුන පුංචි හාමුදුරුනම පන්සලේදි වුනත් තවමත් කතා කරන්නෙ ගෙදර කතා කරනවා වගේ… පොඩිනම… මෙහාට ආවනං…. ලොකු හාමුදුරුවො පොඩිනමට කතා කරනවා…. එනවෝ……. කියාගෙන කාර් එකකුත් පැදගෙන පොඩිනම දුවගෙන වඩිනවා… පොඩිනම, දැන් ඉතිං පොඩිනම ගෙදර කතා කරනවා වගේ පන්සලේ කතා කරලා බැහැ… එනවෝ කියලා දුවන්න බැහැ පන්සලේ… කනවාට කියන්නෙ වළඳනවා කියලා… එනවා- යනවා කියනවට කියන්නෙ වඩිනවා කියලා…කියනවට කියන්නෙ ...
2012 ජුලි 19 : ටොරිංටන් චතුරස්රයේ වට කිහිපයක්… ගෝඨභය රාජපක්ෂට මල් මිටක්…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඉතිං ටික කළකින් හමු වෙන පොරොන්දුව අමතක කර ඔබ වෙත එන්න නැවතත් අවකාශ ලැබුණා. අද උදෑසන හතරට පමණ අප තිදෙනා ලංකාවට ගොඩ බැස්සා… සුපුරුදු පරිදි ආගමන – විගමන වැඩකටයුතු, බඩු ගොඩ බෑම් ආදී කටයුතු වලින් පසුව උදෑසන හය වගේ වනවිට අපි ගෙදරට ලඟා වුනා…. තරමක විඩා නිවීමක් – පිරිසිදු වීමකට පසු, උදෑසන අප වෙනුවෙන්ම සකසා තිබූ ඉඳිආප්ප 25 කට පමණ ...
2012 ජුලි 05 : මදුරුවන් දණගස්සවන්න පුළුවන් මර්වින් සිල්වා ඇමතිතුමාට විතරද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඩෙංගු රෝගය රටේ බොහෝ දිස්ත්‍රික්ක ආක්‍රමණය කර ඇති නිසාම සහ එහි භයානක කම නිසාම අද බොහෝ දෙනා මදුරුවන්ට දක්වන්නේ දැඩි ගෞරවයකි. පසුගිය දිනෙක ඩෙංගු රෝගය වැලඳුන මර්වින් සිල්වා මැතිතුමා නම් මදුරුවන් එතුමා ඉදිරියේ දණගස්වා ඒ රෝගයෙන් සුව වීම ලංකාවේ අති මහත් බහුතරයකගේ දැඩි සංතෝෂයට පත් වූ කාරණයකි. ඩෙංගු රෝගීකාරක වෛරසය රැගෙන යන්නේ මදුරුවෙකි. මේ මදුරුවා බොහෝ විට මිනිසුන්ට දෂ්ඨ කරන්නේ ...
2012 අගෝස්තු 11: මේක ඇවිල්ලා ත්‍රිත්ව කෝටිකයක්….වැස්සොත් SLPL නසී… නොවැස්සොත් ලංවිබ නසී… මොක වුනත් අපි නසී…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary වර්තමානයේ වෙනස්වන කාළගුණ රටාව සමග ශ්‍රී ලාංකික ජනතාව මුහුණපා සිටින්නේ උභතෝකෝටිකයකට වඩා එකක් වැඩි චතුස්කෝටිකයකට වඩා එකක් අඩු ත්‍රිත්ව කෝටිකයකටය… ලංකාවේ දිස්ත්‍රික්ක 14 කටම බල පවත්වන නියඟය නිසා ජනතාවට මුහුණපාන්නට සිදුව ඇති අකරතැබ්බ බොහොමයකි. වගාවන්ට ජලය නොමැති වීම මූලිකවම ජනතාවට දැනෙන ප්‍රශ්නයක් වුවත් රජයට දැනෙන ප්‍රශ්න දෙකක් වන විදුලිබල නිශ්පාදනයට ජලය නොමැති වීම සහ පානීය ජලය හිඟ වීමද අනියමාර්ථයෙන් දැනෙන්නේ ...
2012 අප්‍රේල් 24 : ඇමරිකන් කෙල්ලො දෙන්නෙක් එක්ක නිරුවත් කොළණියක මිහිකත දිනේ සැමරූ හැටි…. දහ අට ප්ලස් අයට පමණයි…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ජගත් මිහිකත දිනය වුනේ අප්‍රේල් 22 වනදා… ලෝකෙ එක එක සංවිධාන එක එක විදියට මේ මිහිකත දිනය සමරනවා… සමහරු සරළව අර්ථාන්විතව සැමරුවත් සමහරු අන්තයටම යන අවස්ථාවලුත් තියෙනවා. ඒක ඉතිං හැම අවස්ථාවකම දකින්න පුළුවන් නේ…. අපිත් මිහිකත දිනේ සැමරුවා… අපි කියන්නෙ මම කිවුවොත් හරියටම හරි…. පාවෙන ඇඳක්... ඉතින් මමත් දන්න කියන කට්ටියක් මිහිකත දිනේ සමරන්න ලක ලෑස්ති වුනේ අමුතුම අන්දමකට… පරිසරයට ...
ප්ලාස්ටික් බෝතලේ සැඟව එන බිස්ෆිනෝල් ඒ, Bisphenol A (BPA) ඇත්තටම මාරාන්තිකද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary වාසනාවකට (හෝ අවාසනාවකට) සාමාන්‍ය ලාංකිකයා රසායන ද්‍රව්‍ය පිළිබඳ දක්වන අවධානය ඉතාම අල්පය. මූලික වශයෙන්ම සාමාන්‍ය ජනතාවට රසායන විද්‍යාව පිළිබඳ ඇති දැනුම අවම නිසා සහ මාධ්‍ය මඟින් වුවද රසායනික ද්‍රව්‍ය පිළිබඳව නිවැරදි ආකල්පයක් ජනතාව වෙත නිසි සංනිවේදනයක් නොවන නිසාම සාමාන්‍ය ජනතාවගේ අවබෝධය අවම මට්ටමක පවතී. මේ නිසාම කිසියම් පුද්ගලයෙකු රසායන ද්‍රව්‍යයක් පිළිබඳ යමක් කී පමණින් ජනතාව කළබල වීම හෝ වැරදි ආකල්ප ...
2013 පෙබරවාරි 10: මෙන්න තවත් ලෝක වාර්තාවක්…. හිතේ අමාරුවට නොලියා ඉන්න බැරි වූ කතාවක්…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ලංකාවේ ආණ්ඩුවේ ඇමති තනතුරු සංඛ්‍යාව ශතකය ඉක්මවූයේ මෑතකදීය… ඒ බූරුවන් කූට්ටමේ වෙනස් වූ කොළ අතර ඛණිජ තෙල් ඇමති ධුරයද විය. ඛණිජතෙල් නීතිගත සංස්ථාව එසේ නැතහොත් සිපෙට්කෝ ආයතනය සැමදාම පාඩු ලැබූ ආයතනයකි. එය පාඩු ලබනවා පමණක් නොව විදුලිබල මණ්ඩලය වැනි ආයතනවලටද පාඩු සිදු කරන බව හිටපු විදුලිබල ඇමති පාඨලී චම්පික රණවක පවසා තිබුණි. මෙසේ පාඩු ලබන මේ ආයතනය පසුගිය වසරක සිදු ...
2012 ජුනි 27 : අද විශේෂ…. ජාතික අධ්‍යාපනය….. අතුරුපසට උසස් පෙළ…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary 2012 ජුලි මාසය වන විට ඇස්තමේන්තු කරන ලද ශ්‍රී ලාංකික ජනගහනය 21,481,334 කි. එයින් 225 දෙනෙකු මේ මිලියන 21 පාලනය කිරීම සඳහා ඡන්ද දායකයින් යැයි කියාගන්නා අප විසින්ම පත් කරගනු ලැබූ අය වෙති. මේ 225 ට අමතරව තවත් හැට හුටහමාරක් දේශපාලනඥයින් යැයි කියාගන්නා පිරිසක් විවිධාකාරයෙන් අපව පාලනය කිරීමට සැදී පැහැදී සිටිති. ඒ අනුව ගත් කළ රටෙන් බාගයක් පමණ ඉතිරි බාගය ...
2012 සැප්තැම්බර් 17 : රසායනික ද්‍රව්‍ය කම්හලක් විසින් වෙලාගත් නගරයක්…. Ludwigshafen. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ලෝකෙ විවිධ නගර විවිධාකාර දේ වලට ප්‍රසිද්ධයි. පැරීසිය කෞතුකාගාර වලට, රෝමය පැරණි නටබුන් වලට, ලාස් වේගාස් විනෝදයට, නිව්යෝක් විශාලත්වය සහ ප්‍රසිද්ධියට….Delaware ප්‍රාන්තය ප්‍රසිද්ධ Dupont කර්මාන්තශාලාව නිසා ආදී වශයෙන් විවිධ නගරවලට ආවේනික ප්‍රසිද්ධීන් තිබෙනවා… නමුත් කවුරු හරි අහලා තියෙනවාද රසායන ද්‍රව්‍ය කම්හලක් නිසා තැනුන නගරයක් ගැන ? ඉතින් අන්න ඒ නගරයට මම අද උදෙන්ම ගියා. ඒ නගරයේ නම තමයි Ludwigshafen. ඒක ...