ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
අනාගතයේ ලෝකපාලන දෙවිවරු තුන්දෙනා….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මිනිසුන් වන අපි බොහොම වෙනස් සත්තු කොට්ඨාසයක්. මොළයක් දියුණු නමුත් ඒ මොළයෙන් සිතන ප්‍රමාණය බොහොම අල්පයි. සමහර මිනිසුන්ගේ සිතීමේ පරාසය සතුන්ටත් වඩා පහත්. සමහරුන්ට සිතන්න හැකියාවක් තිබුණත්, වැල යන අතට මැස්ස ගහලා ජීවත් වෙලා ඔහේ මිය යනවා, ඔවුන්ටත් ලෝකයටත් දෙකටම වැඩක් නැතිව. ගල් යුගයේ මිනිසාට මේ සිතීමේ ඥාණය, තාර්කික හැකියාව, සන්නිවේදනය වැනි දෑ නොතිබුණ නිසාම […] ...
කෑව ගමන් තිබහ හැදෙන, ශරීරයට ඕනම නැති MSG ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary හදිස්සියට නොවුනත් පහසුවට අපේ බොහෝ ගෘහණියන් පාර අයිනෙ තිබෙන කඩයකින් හෝ වෙනත් පිළිගත් ආහාර වෙළඳසැලකින් පවුලටම සරිලන ආහාර වේලක් ගෙදර ගෙන යන්න මැලි වන්නෙ නැහැ. තමන්ට පැය ගණනාවක් කුස්සියේ ගත කරලා පිසින ආහාරයට වඩා කීයක් හෝ වැඩිපුර දීලා ගන්න නොදන්නා කෙනෙකු විසින් නොදන්නා ද්‍රව්‍ය දමා සකසන මේ ආහාරය කෙරෙහි විශ්වාසය නැවත තබා ඇති බවයි පෙනෙන්නේ. […] ...
අපි නොදන්න ඇප් : ක්ෂණිකව පින්තූර එකතු කරන ටෙලිග්‍රෑම් එක – Instagram ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සමහරවිට ඔබට සමාජ මාධ්‍ය කරදරයක් හෝ කාළය කා දමන කටයුත්තක් වන්නට පුළුවනි. නමුත් ඔබට ඔබේ ලබැඳියන් සමඟ ඔබේ ජීවිතයේ විවිධ අවස්ථාවල මතකයන් හුවමාරු කර ගැනීමට හෝ ඔබටම කියා මිතුරු මිතුරියන් සමූහයක් ඇති කර ගැනීමට අවශ්‍ය නම්, සමාජ මාධ්‍ය ජාලයකට සම්බන්ධ වීමට අත්‍යවශ්‍ය නැහැ. මේ අඩුව සපුරා ලන්නට ඔබේ දුරකථනයේ බාගත කරගත හැකි ඉතා පරණ ඇප් […] ...
පිටස්තරයා – 05 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary තමා නැවතී සිටි ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගිය විශ්වට සැහැල්ලුවක් දැණුනි. තමා ජීවිතයේ ඉතා වැදගත් කඩ ඉමක් පසු කළා සේ හැඟුණි. හැකි තරම් හොඳින් සිය සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් බව ඔහු දනී… දුක් වෙන්නට හේතුවක් නැත…. සියල්ල හොඳින් සිදු වේවි…. අතරමඟ හෝටලයකින් මිලදී ගත් තමා කැමති පරිදි සකසා ගත් සලාදය සෙමෙන් අනුභව කරන අතරේ අද […] ...
අළුත් අළුත් දෑ බෙදාගන්න – Pinterest එකේ පින් කරන්න. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපේ ජංගම දුරකථන දැන් ඇමතුම් ලබා ගන්න සීමා වෙලා නැහැ. ඇත්තෙන්ම වෙලඳපොලේ ජංගම දුරකථන වෙළඳ දැන්වීම් සළකා බැලුවොත් ඒවායෙහි දුරකථන ඇමතුම් තත්ත්වය හෝ ඇමතුම් පිළිබඳ කිසිම විස්තරයක් සඳහන් වන්නේවත් නැහැ. එක්කෝ කැමරාවෙහි ඇති ප්‍රබලතාවය නැතිනම් ජංගම දුරකථනයේ අභ්‍යන්තර දත්ත ගබඩාවෙහි ප්‍රමාණය, තිරයෙහි තීවෘතාවය හෝ වර්ණ සංකලණය ආදී විවිධාකාර උපයෝගීතා පිළිබඳව තමයි වැඩිපුරම අවධානය යොමු කරන්නේ. […] ...
පැටලුනොත් ජාලේ සිදුවෙන ජංජාලේ ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සමහර වෙලාවට සුපිරි වෙලඳසැලකදී ඔබට මෙහෙම දෙබසක් ඇහෙන්නට ඇති… මිස් අපේ සාමාජිකයෙක්ද ? ඔව් ටෙලිෆෝන් නම්බර් එක ? 001 234 5678 ඔබ සුපරීක්ෂාකාරී සහ අවස්ථාවාදී නම්, ඒ අංකය ඔබ මතකයේ තබාගනු ඇති… ඔබට ඈ හා සබඳතාවයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය නම්, දුරකථන අංකය මගින් ඇයගේ නම සහ වෙනත් විස්තර සොයා ගතහැකි වනු ඇත. සමහරවිට ෆේස්බුක් ගිණුම පවා […] ...
පිටස්තරයා – 04 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary විශ්ව සමාධි සූර්යබණ්ඩාර…. ඔව්… වයස අවුරුදු 30 යි… හරි…. ඇයි ඔබ හාවඩ් වැනි විශ්ව විද්‍යාලයක තනතුරක් ලැබී තිබියදීත් මේ වගේ තැනකට එන්න බලන්නෙ… ඔබට හාවඩ් විශ්ව විද්‍යාලය කියන්නෙ මීට වඩා යමක් කරන්න පුළුවන් තැනක්.. ඒ වගේම බොහෝ ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන් තැනක්….මහාචාර්ය ලිපර්ඩ් සම්මුඛ පරීක්ෂණය ආරම්භ කරමින්ම විශ්වගෙන් ඇසුවේය. මේ මගේ කැමැත්ත තිබෙන පැත්ත.. හාවඩ් විශ්ව […] ...
ක්ෂණික ආහාර ගිල්වීමෙන් මාරක වන දාරක ස්නේහය…. රිවිර අගෝස්තු 12 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary රටක අනාගතය එහි තරුණ පරපුර සහ ළමා පරපුරයි. නිරෝගී ළමා-තරුණ පරම්පරාවක් නොමැති රටක අනාගතය අඳුරුයි. බොහෝ දියුණු වූ සහ දියුණු වෙමින් පවතින රටවල දූරදර්ශී නායකයින් අන් සියල්ලට වඩා මේ පරම්පරාවේ සුගතිය වෙනුවෙන් තැනක් දෙන්නේ එය අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසා. නිරෝගී පරපුරක් ඇති රටක සෞඛ්‍ය ක්ෂෙත්රය වෙනුවෙන් වියදම් කළ යුතු මුදල අඩු යි. දැනට ගණන් […] ...
පිටස්තරයා – 03 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඔබ ඇන්ඩ්‍රියා ජීන් සමර්ස්… ඔව්… වයස තිස් දෙකයි. ඔව්…. විවාහකද ? නැහැ…. ඇයි ඔබ බර්ක්ලි විශ්ව විද්‍යාලයේම පශ්චාත් උපාධි පර්යේෂණයට යොමු වුනේ. ? ඔබ වැනි කෙනෙකුට ආචාර්ය උපාධියෙන් පසු වෙනත් ඕනම තැනකට යන්න පුළුවන් කම තිබුණා නෙ. ඇත්තෙන්ම මගේ පර්යේෂණයේ තවත් වැදගත් අංගයක් නිම වෙලා තිබුණෙ නැහැ මම ආචාර්ය උපාධිය නිම කරන විට. ඒ නිසා […] ...
අපි නොදන්න APP: නොදන්නා දුරකථන අංක සොයා දෙන Truecaller ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary නොදන්නා දුරකථන අංකයකින් සමහරවිට කිසිවකු ඔබට අනවශ්‍ය ලෙස දුරකථන ඇමතුම් ලබා දෙන අවස්ථා අපමණ සිදුවන්නට ඇති. සමහරවිට එය ඔබට කරදරයක්, නැතහොත් බියජනක සිදුවීමක් වන්නටත් පුළුවන්. ඒ වගේම බොහොම අනතුරුදායක තත්ත්වයකටත් ඔබ පත්වන්නට ඉඩ තිබෙන්නට පුළුවනි. මෙන්න මේ කරදර කාරයන් හඳුනාගන්න, නවත්වන්න සහ ඔබගේ අංකයට නිසි වලංගුභාවයක් ලබා දෙන්නට දැන් ජංගම දුරකථන සඳහා Truecaller නම් ඇප් […] ...
පිටස්තරයා – 02 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary එක්කෝ මේ පුද්ගලයා නුසුදුස්සෙක් විදියට අයින් කරන්න ඕන… නැතිනම් මේ ගැන වැඩිදුර පර්යේෂණ කරන්න පුළුවනි. මොකද අපට මෙයාගෙ රුධිරය ආශ්රයෙන්ම පර්යේෂණ කරලා අපේ කිමිදුම් භටයන්ගේ රුධිරගත හීමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි කිරීම ගැන හොයන්න පුළුවන්… දැනටමත් අපි ඒ කරුණ සම්බන්ධයෙන් පර්යේෂණයක් අරඹලයි තියෙන්නෙ.. ඔබට පිස්සුද ඩෙනිස් ?! අද්මිරාල් වරයා ගුගුලේය… අපි කොහොමද මනුස්සයො මෙයාව නුසුදුස්සෙක් කියලා […] ...
හුරුවෙයන් මචං මෙන්න මේවට………………… ඒක පට්ට ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපි හැමදේම කරන්නෙ ජීවත් වෙන්න… සමහරු බොහොම හොඳට ජීවත් වුනත්, තවත් සමහරු වේලක් ඇර වේලක් කාලයි ජීවත් වෙන්නෙ.. ඇති හැකි අය වගේම නැතිබැරි අයත් මේ සමාජයෙම කොටස් – ජීවිතය දෙවිදියකට සැලකුවත්, අපි හැමෝම උපදින්නෙ නිරුවතින්.. මිය යන්නෙ හිස් අතින්.. ඒ අතරෙ අපි විවිධාකාර ජීවිත රංගනයන් කරනවා. අපි බොහෝ දේ වලට හුරු වෙලා ඉන්නවා… සමහර […] ...
පිටස්තරයා – 01 (නැවත පළ කිරීම) ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………………. පූර්විකාව. මෙය සිදුවීම් පෙළක් පමණි. මා සිදු කරන්නේ ඒ සියළු සිදුවීම් එක්තරා පිළිවෙලකට පෙළගැස්වීම පමණි. මෙය සත්‍ය සිදුවීම් වැලක් ද විය හැක…නමුත්, සියයට සියයක්ම සත්‍ය නොවීමට ද පුළුවන. අතිශයෝක්තීන්ගෙන් බැහැර වූ මේ සිදුවීම් පෙළෙහි අවසානය කුමක් වේදැයි තවමත් මා නොදන්නේ මේ සියල්ල තවමත් ඈ මට පවසමින් සිටින නිසාවෙනි. මෙහි වූ සියළු චරිත සත්‍ය විය හැකි […] ...
කසන, පළු දමන, සමහරු මියයන, ආසාත්මිකතාවලින් මිදෙන මග… Rivira ජූලි 30 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සමහර උදවියට යමක් ආහාරයට ගත් පසු කැසීමක්, පළු දැමීමක් හෝ උගුර හිරවීමක් වැනි රෝග තත්ත්වයක් ඇති වූ විට බොහෝ දෙනා පවසන්නේ ඒ පුද්ගලයාට යමක් ඇලජික් වී ඇති බවයි. සාමාන්‍ය ගැමි වහරේ යෙදෙන මේ ඇලජික් යන්න ඉංගිරිසියේ Allergies යන්න ඍජු පරිවර්තනයට ලක් කිරීමෙන් සාදාගත් ආසාත්මිකතාවය යන තත්ත්වය හැඟවීමට සරළව යොදාගන්නා පදයයි. මේ ආසාත්මිකතාවයන් ඇති වන්නේ […] ...
පිටස්තරයා නැවතත්………….. වෙනස් ආරකින්… වෙනත් තැනකින්…ලබන සතියේ සිට….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඔබට මතක ඇති මේ පිටුවේ පළ වූ පිටස්තරයා විද්‍යා ප්‍රබන්ධය. එය නැවතත් වෙනස් මාධ්‍යයකින් ඔබ අතට පත් වෙනවා… රිවිර ඉරිදා සංග්‍රහයේ රිවිනෙත අතිරේකයෙන් ඔබ වෙතට එන පිටස්තරයා ප්‍රබන්ධය සිතුවම්වලින් හැඩ ගන්වන්නේ කෙසෙල්කොටුවේ චූටි මහත්තයා නොහොත් බුද්ධි ප්‍රසාද්… ලබන සතියේ සිට ඔබ වෙතට… පිටස්තරයා. Tagged: පිටස්තරයා ...
ජීවිතය දිගයි – ඉක්මන් කොටයි……..අවධානයෙන් සිට අවදානම අඩු කරගමු…. මෙවර රිවිර ලිපිය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මිනිස් ජීවිතයක් ලැබීම කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ බව බුදු දහමේ පවා සඳහන්. මිනිස් ජීවිතයක් කියන්නේ ඒ තරම් දුර්ලභ සිදුවීමක්. සරළව සලකා බලනවා නම් කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බැලීමකට කාරණා කිහිපයක් සම්පූර්ණ විය යුතු වෙනවා. මූලිකවම කැස්බෑවා එක් ඇසක් අන්ධ විය යුතුයි, නගුලකින් කැඩී ගිය වියගසක් මුහුදේ පා විය යුතුයි. විය […] ...
ලොකු ලොකු දෑ කළ හැකි පුංචි දෙයක් – නැනෝතාක්ෂණය සරළව – මෙවර රිවිර ලිපිය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (Nanotechnology) පිළිබඳ කතා කරන්න පටන් අරන්. සිංහලෙන් නම් මෙයට කියන්නෙ නිනිති තාක්ෂණය කියලයි. නමුත් බොහෝ දෙනා දන්නෙ එය නැනෝතාක්ෂණය නමින්. නැනෝතාක්ෂණය කියන්නෙ මොකක්ද කියලා නොදැන වුනත් අපි ඒ ගැන කතා කරනවා. ඒ වගේම අපි නොදැනම වුවත් නැනෝතාක්ෂණය පාවිච්චි කරන අවස්ථාද නැතුවා නොවෙයි. සරළව කියනවා නම් අපි දිග මනින්නේ මීටර වලින්. මෙන්න මේ මීටරයේ දිග අපි […] ...
දියුණු වෙවී ආපස්සට යමු…. ජීවිතය ලස්සන වේවි…… මෙවර රිවිර ලිපිය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපේ ගමේ ආච්චිගෙ ගෙදර අවුරුදු තිස්පහකට විතර ඉස්සර හරිම අපූරු තැනක්. ගෙදර එළදෙන්නු හත් අට දෙනෙක් හිටියා. උන්ට කාලෙන් කාලෙට වසුපැටවුන් ලැබෙන නිසා අපට කවදාවත් එලකිරි වලින් අඩුවක් වුනේ නැහැ. හරක් බැඳලා තිබුණේ වත්තේ තිබුණු පොල්ගස් වල. උන්ගේ ගොම පෝර සියල්ලම එකතු වුනේ එක මඩුවකට.. සීයා ඒකෙන් පෝර හදනවා… දැන් අපි ලොකුවට ඕගැනික් පෝර කියන්නෙ […] ...
සෙත් ශාන්ති මොකුත් නැතිව දියුණු වෙන්න සැකක් නැතිව…. රිවිනෙත මෙවර ලිපිය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary බ්ලොග් ලෝකයෙන් පත්තර ලෝකයට තියපු පා සටහන තව දුරටත් ඉදිරියට යනවා. මේ දෙවන පියවරේ ප්‍රතිපලය. මගේ ලිවීම ගොඩක් තාක්ෂණික බව මටම පේනවා. නමුත් ඒක තමයි මගේ ක්‍රමය – ඉට්ටැයිල් එක. සාමාන්‍ය ව්‍යවහාරයට පුළුවන් තරම් ලං වෙන්න ලියන්නයි උත්සාහය… මේකට රිවිරේ රිවිනෙත කතෘතුමා ලොකු උදව්වක් දෙනවා. එතුමටත් සාධාරණයක් කරන අතරේ මමත් දිගටම ලියන්නයි උත්සාහය… ලිපිය කොපි […] ...
අන්තර්ජාලයෙන් පත්තරයකට සංක්‍රමණය.. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ වැඩ අස්සේ ලියන්න වෙලාවක් හොයා ගන්නවා කියන්නෙ යහපාලනයට ඡන්දෙ දීපු කෙනෙක් හොයා ගන්නවටත් වඩා අමාරු වැඩක් (ඒකට මම නම් කරන්නෙ කණ්නාඩිය ඉස්සරහට යන එකයි). ඒ වුනත් කිසියම් මෝටිවේෂන් එකක් තියෙනවා නම් කරන්න බැරි දේකුත් නෑ… හැමදාම ලියන එක කල් දාපු මටත් ඒ වගේම මෝටිවේශන් එකක් ලැබුණා… පසුගිය මාසයක රිවිර පත්තරේ මගේ විස්තරේ ගියාට පස්සෙ […] ...