ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
පිටස්තරයා – 15 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පසුදා සවස්වනතුරු මොලීට තිබුණේ කණස්සල්ල මුසු නොයිවසිල්ලකි….. තමා සිහිනෙකින්වත් නොපැතූ අභව්‍ය සිදුවීම් වැලක් තම දෑස් ඉදිරිපිට දිගහැරෙමින් පවතින බව පමණක් ඇයට හැඟී ගොස් තිබුණි. තම රැකියාවේ හැටියට බොහෝ පිරිමින් ආශ්‍රය කර තිබුණද, මීට වඩා හැඟුම්බර අවස්ථාවලට මුහුණ දී තිබුණද, මේ සිදුවීම් ගොන්න තම ජීවිතයේ ලැබූ අත්දැකීම් සියල්ලට වඩා වෙනස් බව ඇයට හැඟෙමින් පැවතුනි. සේවා ස්ථානයද […] ...
පිටස්තරයා – 14 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සුමනසේකර මහත්මයා…. මෙන්න ඔබ දෙපලගෙම වීසා සහතික පත්… ඔබට හෙටම ඇමරිකාව බලා යන්න පුළුවනි. අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරී රොනල්ඩ් මැන්කැඩ් පෞද්ගලිකවම මැදිහත් වී සුමනසේකර යුවලගේ ඇමරිකානු වීසා සහතිකපත් සඳුදා දිනම ඔවුනට සකස් කර දුන්නේ විශ්වගේ සැපදුක් බලා ගැනීමේ අපේක්ෂාව ඉක්මනින්ම මල්පල ගැන්වීමටය. සෙනසුරාදා සාකච්ඡා කරගත් පරිදි ඔවුන් දෙපළ ඇමරිකාව බලා යාමට ගුවන් ටිකට්පත් එදිනම වෙන්කරවා […] ...
ඇස්බැස්ටස් දෙස ඇස් ඇරලා බලන්න ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary රජය විසින් මෑතකදී ඇස්බැස්ටෝස් තහනම් කරන්නට යෙදුනා. මේ නිසා එය පාවිච්චි කරන මහජනතාව වගේම ඇස්බැස්ටෝස් ආශ්රිත නිෂ්පාදන ආනයනය කරන සහ වෙලඳාම් කරන අයට මහත් අපහසුතාවයකට මුහුණ පාන්නට සිදු වෙනවා. කෙසේ වුවත් මේ තහනමට සමගාමීව වෙනත් ආදේශකයක් නිර්ණය වී නැහැ. ඇත්තෙන්ම ඇස්බැස්ටෝස් අනතුරුදායකද ? එසේ අනතුරුදායකනම් එය සිදු වන්නේ කෙසේද ? අපට එය වලක්වා ගන්නට නොහැකිද ? ඇස්බැස්ටෝස් […] ...
නුදුරු දිනෙක ලොව හොල්ලන කෘත්‍රිම බුද්ධිය – Artificial Intelligence ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මිනිසා තරම් බුද්ධිමත් සත්ත්ව කොට්ඨාසයක් තවමත් මිහිපිට සොයා නොගත්තත්, සමහර මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් දෙස බැලීමේදී මේ මිනිසාගේ හිස තුළ මොළයක් ඇත්දැයි සිතෙන තරමට මන්ද බුද්ධික සිදුවීම් ද සිදු වෙනවා. විශේෂයෙන් දිනපතා ප්රවෘත්ති විකාශනයන්හි වැඩි ඉඩක් ගන්නා දේශපාලන කණ්ඩායම්, එතැනට යද්දී මොළය ගෙදර තබාගොස් ඇති දැයි නොසිතෙනවා ද නොවේ. ලංකාවේ දුක්ඛිත තත්ත්වය එසේ වුවත්, පසුගිය සතියේ ලොව පුරා […] ...
පිටස්තරයා – 13 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සත්තකින්ම….ඔබමයි කිවුවෙ අපි පිරිත් කියන්නට පෙර තිබුණ මොළයේ සංඥා සටහන් පිරිත් කියනවිට ක්රමාණුකූල වුනා කියලා.. එහෙනම් අපට පිළිගන්නට වෙනවා මේ පිරිත් සජ්ඣායනය නිසා තමයි මේ වෙනස සිදු වුනේ කියලා… දැන් බලන්න ඒ සංඥා සටහන් පෙර පරිදිම ක්රමාණුකූලද නැතිනම් වෙනස් ද කියලා.. එයින්ම ඔබට තහවුරු කරගන්නට පුළුවන් මම කියන සංසිද්ධිය. විශ්වගේ ඇඳ අසල සවි කර තිබූ […] ...
පණ දාගෙන Touch කලාට Touch Screen වැඩකරන්නෙ කොහොමද කියලා දැනගෙන හිටියෙ නෑ නේද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඈත අතීතයේ මෙන්ම අද පවා බොහොමයක් පරිඝණක වලට දත්ත එකතු කිරීම සහ එම උපාංග භාවිතයට ගැනීමට පරිඝණක මවුසය, යතුරු පුවරුව, මයික්‍රෆෝනය ආදී අමතර කොටස් නැතුවම බැහැ. ඒ අතරට නවතම නිපැයුමක් ලෙස ස්පර්ශ සංවේදී තිර භාවිතයට පැමිණ ඇත්තේ ස්මාට් ජංගම දුරකථන සහ සමහර පරිඝණකවල මානව – යන්ත්‍ර අන්තර් සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමේ මෙවලමක් ලෙසින්. අද ලෝකයේ පාවිච්චි […] ...
පිටස්තරයා – 12 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මොකද විශ්වට වෙලා තියෙන්නෙ ? සුමනසේකර මහත්මිය නැවතත් නොයිවසිල්ලෙන් ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියාගෙන් විමසුවාය.. නීලා… පොඩ්ඩක් ඉවසන්න… ඒ මනුස්සයට විස්තර කරන්න ඉඩ දීලා…. කවදත් නිවුනු ගති පැවතුම් ඇති සුමනසේකර මහතා කිසි දිනක කිසිදු හේතුවක් නිසා හෝ කළබල වන්නකු නොවේ… මේකයි සුමනසේකර මහත්මයා.. අද විශ්ව රැකියා ස්ථානයෙන් පිටවෙන වෙලාවෙ බීමතින් රිය පදවාගෙන ආපු කෙනෙක් පදවපු ට්‍රක් […] ...
මේක හරි යන්නෙ නෑ…. අපි ගුවන්ගත වෙනවා…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සමාජය එන්න එන්න යන්නෙ ආපස්සට. විද්‍යාව කොපමණ දියුණු වුනත්, හැම දෙනාම නොපෙනෙන බලවේද පස්සෙ දුවනවා. ෆෙංෂුයි, ගණ දෙයියෝ, කතරගම දෙයියො, පස්සෙ දුවන අපේ මහාචාර්යවරුත් නාථ දෙයියො පස්සෙ දිවුවා.. වෙනකක් තියා ක්‍රිකට් කණ්ඩායමත් දැන් බෝලෙ පස්සෙ දුවන එක නවත්තලා ගංගා මෑණි පස්සෙ දුවනවා…. ලොක්කො ටිකත් එකාට එකා හොරෙන් තිරුපති ගිහින් නලළේ අළු ගාගෙන එනවා…. අහෝ රටකට […] ...
ජීවිතය ගැටගහගන්න – රට හැර යන්න වෙයිද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary දැන් දැන් අපේ පරිසරය අපට දැනෙන පරිදිම සෑහෙන වෙනස් වෙලා. ඉස්සර තිබූ වැසි රටාව නොවෙයි දැන් තියෙන්නෙ… වහින්න ගියාම එක පාරටම අහස කඩා වැටිලා වගේ නොනවත්වා වැහැලා ගංවතුර ගලනවා. නාය යනවා. පායන්න ගත්තාම ඉන්න බැරිවෙන්න පායනවා. මේක ලංකාවට පමණක් නොවෙයි, ලෝකයටම බලපාන අයුරුක් තමයි පෙනෙන්නේ. ලෝකයේම කාලගුණ රටා වෙනසක් පසුගිය දශකය ඇතුලත සිදු වෙලා. ඇමරිකාවේ කුණාටු […] ...
පිටස්තරයා – 11 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ සිදුවීම නාවික පර්යේෂණ ආයතනයේ සිටි සියල්ලන් ඉතාම කලබලයට පත් කළ සිදුවීමක්. සිදුවූයේ කුමක්ද කියා හරිහැටි නොදැන සිටියත්, ඉහළම පාලනාධිකාරියේ සිට පර්යේෂණායතනයේ සෑම දෙනාම දක්වාම නොයිවසිල්ලෙන් බලා සිටින්නේ කුමක් හෝ සුබදායක තොරතුරක් ලැබේවි යන බලාපොරොත්තුවෙන්. දැන් මොකද කරන්නෙ ? මොනවා කරන්නද ? වෙන දෙයක් වෙනකල් බලාගෙන ඉඳිමු…. නීල් මොකද කිවුවෙ ? නීල් කිවුවලු දැන්මම එන්නම් […] ...
මරණයේ වෙළෙන්දාගෙන් උපන් නොබෙල් ත්‍යාගය. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ලෝකයට, රටට, හෝ සමාජයට වටිනා සේවයක් කළ උදවියට කෘතගුණ සැළකීමක් විදියට බොහෝ ත්‍යාග සහ සම්මාන පිරිනැමීම ආදි කාළයේ සිටම පැවත එන සිරිතක්. සුදුසු වුවත්, නැති වුවත්, රජවරුන්ට බැල මෙහෙවර කළ අයට ගම්වර සහ නොයෙකුත් පදවි තානාන්තර දීම රජකාළයේ තිබුණත්, ඒ පුරුද්ද වර්තමාන දේශපාලනයෙත් අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. නමුත් සමහර සම්මාන ඉතාමත් සූක්ෂම ලෙස සළකා […] ...
පිටස්තරයා – 10 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ආරම්භය කෙසේ වුවත් විස්තරයේ මැද භාගයට යනවිට මේ පර්යේෂණයේ බැරෑරුම් බව තිදෙනාටම හොඳින් අවබෝධ වී තිබුණි. ඩොලර් මිලියන ගණනාවක පිරිවැයක් වෙන්කර ඇති මේ පර්යේෂණයේ වැදගත්කම අමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘතියට පමණක් නොව මුළු ලෝකයටම බලපාන්නක් බව විශ්වට අවබෝධ විය… තමා මෙතෙක් කල් කළ පර්යේෂණවල අග්‍රඵලය ලබා ගැනීමට මේ ව්‍යාපෘතිය හොඳම මාර්ගය බව කෙමෙන් විශ්වට වැටහෙන්නට විය….. […] ...
ජාන වෙනස්කළ ආහාර බිල්ලෙක්ද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අතීතයේ අපේ ගොවි මහතුන් සිය වගා කටයුතු කළේ ඊලඟ කන්නය පිළිබඳ හොඳ මිම්මක් හිතේ දරාගෙනයි. මේ කන්නයේ වැවෙන අස්වැන්නෙන් හොඳම කොටසක් ඊලඟ කන්නයේ වගා කිරීම සඳහා බීජ ලෙස වෙන්කර, ඒවා වෙනම සකසාගෙන, නැවත වගාව සඳහා භාවිතා කිරීම ඔවුන්ගේ අරමුණ වුනා. මේ අනුව වී වර්ග බිත්තර වී ලෙස හඳුන්වා, ඒවා ගොවිපොළේ කොණක වගාකර ඉතා උවමනාවෙන් සකසාගෙන […] ...
පිටස්තරයා 09 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මොලී මොකාටද එන්න හදන්නෙ ? ඇවිල්ලා දවස් කීපයයි ගියේ විශ්වට බැල්ම දාන්න අරගෙන වගේ…… මෙගන් සිමෝනාට පැවසූවේ අමනාපයෙනි… ඔයා විශ්වට කැමතිද ? පොඩි කැමැත්තක් තියෙනවා… මම පොඩ්ඩක් විස්තර හොයලා බැලුවා… තවම ගෑණු ළමයෙක්වත් නැහැ… පිරිමි ළමයෙක් ඉන්නවද දන්නෙ නෑ…… කැලිෆෝනියාවෙ ඉඳලනෙ ආවෙ…..පිටුපසින් සිට බිල් මහ හඬින් සිනාසෙමින් කතාවට එක් වූයේ තරුණියන් දෙදෙනාම පුදුමයට පත් කරවමිනි.. […] ...
අනාගත ලෝකයේ බල-පුළුවන්කාරයා – Tesla Motors අධිපති ඉලොන් මස්ක් ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary බලය ලැබෙනවා නම් ඕනෑම දෙයක් කරන්නට අපේ රටේ සමහරක් මෙන්ම සම-හරක් දේශපාලනඥයින්ද රැසක් සිටින බව ඔබට දැන් හොඳින්ම අවබෝධව තිබෙනවා වන්නට පුළුවන්. එසේ නොමැතිනම් එක්කෝ ඔබේ දේශපාලන බුද්ධිය ළදරු අවදියේ හෝ ඔබ යම් පක්ෂයකට හෝ කණ්ඩායමකට අන්ධ භක්තියෙන් යුතුව අදහන පුද්ගලයෙක් හෝ විය හැකියි. බලය යනු දේශපාලන බලයම පමණක් නොවෙයි. එය විවිධාකාරයි. සමහරවිට මුදල් බලය, […] ...
අන්තර්ජාල වෙළඳපොලේ නිර්දය දඩයක්කාරයා.. – Amazon අධිපති ජෙෆ් බෙසෝස්. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අවුරුදු 25 කට පෙර ලංකාවේ විසූ කෙනෙකුට යමක් අවශ්‍ය නම් කළ යුතුව තිබුණේ අසළ වූ කඩයට ගොස් එය මිලදී ගැනීමයි. එය එතැන නොතිබුණි නම් සිදාදියට එසේත් නැතිනම් නගරයට ගොස් මිලදී ගත යුතුව තිබුණා. සමහරවිට තොරොම්බල් කරන්තයක් රැගෙන එන තම්බි නානාගෙන් වුවත් යමක් මිලදී ගත හැකිව තිබුණා. ඒ එකළ තිබූ සරළ වෙළඳ රටාවයි. කෙමෙන් කෙමෙන් ලෝකය ඉදිරියට යද්දී, නගරයේ තිබූ භාණ්ඩ ගමට […] ...
පිටස්තරයා – 08 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඉතින් චාලි අපි මොකද මේ ගැන කරන්න ඕන ? අද්මිරාල් රිචර්ඩ් බවර් සිය මිතුරු ජනරාල් චාල්ස් වෙලිංටන්ගෙන් බොහොම බැරෑරුම්ව ඇසුවේ මදුවිතක් වත්කරගන්නා අතරතුරේදී ….. අපි කෝකටත් මේ පුද්ගලයාව තව තවත් පරීක්ෂා කරලා බලමු…. ඒජන්තයෝ දෙන්නෙක් මේකට දැම්මා කියලා අපට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ… මේක ඇත්තෙන්ම බොහොම වැදගත් මාතෘකාවක්… සමහර විට අපි නොදන්න බොහෝ දේවල් මෙයාගෙන් […] ...
අනාගතයේ දත්ත ලෝකය පාලනය කරන දෙවියා….. Facebook නිර්මාතෘ Mark Zuckerberg ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ ලිපිය කියවන ඔබ සියවසේ පරපුරට අයත් නම් අනිවාර්යයෙන්ම Facebook සාමාජිකයෙක් වන්නට පුළුවනි. එසේ නොමැති අයෙක් සොයාගැනීම තරමක් අසීරු කාර්යයක්. Facebook සාමාජිකත්වය නොලබා සිටින්නකු එසේ නොවන්නේ යැයි ඉතා දැඩි ස්ථාවරයක සිටින අයෙක් හෝ, ස්මාට් ජංගම දුරකථනයක හිමිකරුවකු හෝ නොවිය හැකි අයෙකුයි. තවත් සමහරවිට ඒ පුද්ගලයා සමාජය සමග සබඳතා අනවශ්‍ය යැයි සිතන පුද්ගලයෙකු විය හැකියි. ඒ […] ...
පිටස්තරයා – 07 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary කොහොමද වොෂිංටන් නගරය ඔබට ? ආයතනය වටා රැාගන යන අතරතුරදී ස්ටෙෆනී විශ්වගෙන් විමසුවාය.. නරකම නෑ… මම මීට ඉස්සෙල්ලත් මෙහාට ඇවිත් තිබෙනවා… උසස් පාසලේ ඉන්න කාලෙ ඉස්කෝලෙ විනෝද චාරිකාවකට එක්කගෙන ආවා… ඊට පස්සෙ සම්මුඛ පරීක්ෂණයටත් ආවානෙ…. නමුත් ඒ කාලෙ ඉඳලා දැන් වෙනකොට නම් සෑහෙන වෙනස් වෙලා… ඒත් පැරණි ගතිය නම් එහෙමමයි. ඇවිදින්න ගියේ නැද්ද කොහෙවත්,….. තවම […] ...
පිටස්තරයා 06 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් මහතාණෙනි, ඔබ විසින් පිරිණමා ඇති අමෙරිකානු නාවික පර්යේෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තනතුර භාර ගැනීමේ යෝජනාව මම ඉතා ගෞරවයෙන් මෙන්ම සතුටින් භාර ගනිමි. ඒ අනුව ඔබ ආයතනයේ කොන්දේසි වලට එකඟව මගේ සේවය නාවික පර්යේෂණ ආයතනයටත් අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවටත් ලබා දීමට මම එක සිතින් කැමැත්ත දක්වන බව මෙයින් දැනුම් දෙමි. මේ සම්බන්ධයෙන් ඔබතුමාට […] ...