[ඇනෝනිමස්] ක්‍රෙඩිට් එක යන්න ඕනැ ඥානසාර උන්නාන්සෙට විතරද පින්වතුනි? ඇනෝනිමස් ආතල් භාග්‍යවත් පින්වතුනි, පෙරේදා අපේ වීරෝධාර සිංහලබෞද්ධ උපාසක ඇත්තන්ගේ ක්‍රියාකලාපය නිසා හම්බයො දෙන්නෙක් මළා. අසූවක් රෝහල් ගත වුණා. හම්බ කඩ විස්සක්ම ෆ්ලැට්. (මේ ඇත්තො පන්සිල් හෙම අරගෙන බොහෝම සංවරශීලී විදිහට මේ මහා පුණ්‍ය ක්‍රියාවට සහභාගි වෙච්චි හැටි දැක්කම මගේ ඇඟේ මයිල් කෙළින් උණා හසන්ත...) දැන් ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්න, මේක නේද ආශ්චර්යය කියන්නෙ? ඔය ඇත්තන්නම හිතලා බලන්න 1990 ගණන් ...
[ඇනෝනිමස්] අළුත්ගම වලිය දෙව්ලොවටත් පැතිරේ; නාථ හා විපස්සක දෙවිවරු අල්ලාහ් ගේ භවනට ගිනි තියලා ඇනෝනිමස් ආතල් දිව්‍යලෝක විශේෂ වාර්තාකරු ඩී. බී. ධනපාලගෙනිඅළුත්ගම ප්‍රදේශයේ සති අන්තයේ ඇතිවූ බෞද්ධ-මුස්ලිම් ගැටුම් මේ වන විට දිව්‍යලෝකය දක්වාද වර්ධනය වෙමින් ඇති බව පැවසේ. ප්‍රියන්ති සේනානායක මහත්මිය හරහා අපට වාර්තා වන ආකාරයට අල්ලාහ් දෙවියන් වහන්සේ ස්වකීය දූතයන් ලවා සම්‍යක් දෘෂ්ටික නාථ හා විපස්සක දෙවිවරුන්ගේ රැස්වීමකට ගල් ගසා තිබේ. එයින් කුපිත වූ නාථ හා විපස්සක දෙවිවරුන් අල්ලාහ් දෙවියන් වහන්සේගේ වාස භවනයට ගිනි ...
[ඇනෝනිමස්] අයියයි මල්ලියි ඇනෝනිමස් ආතල් අයියෙ..... හ්හ්හ්ම්ම්ම්....අයියෙ..... මොකෑ බොල...?තරා නෑ නේද....?
[ඇනෝනිමස්] ලක්බිම කර්තෲ දණ නමා වැඳ බැගෑපත් ලෙස ඉන්දික උපශාන්තගෙන් සමාව අයදියි ඇනෝනිමස් ආතල් තමන් නොදැන කළ වරද සම්බන්ධයෙන් ගැත්තාට අනුකම්පා කරන ලෙස අයදිමින් ඉතාම බැගෑපත් ලෙස ලක්බිම කර්තෲ අනුර හොරේෂෂ් මහතා ඉන්දික උපශාන්ත මහාතාගෙන් සමාව අයැද තිබේ. ඒ පිළිබඳ ඉහත නිවේදනය අද ලක්බිම පුවත්පත සමඟ නිකුත්වන රිද්ම අතිරේකයේ පළ කොට ඇත.ඉන්දික උපශාන්ත මහතා මෙම මස 15 වැනිදා ලංකාව බලා යාමට නියමිතව ඇති අතර මේ ගමනේදී ඔහු දැනට වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ...
[ඇනෝනිමස්] හිටියා නම් අද අහුබුදු පප්පා - මෙහෙමයි ලියන්නේ දෑ බැති උළුප්පා ඇනෝනිමස් ආතල් බලි තරු රාවණ මිහිඳු ගොළු අබා විරුවන් ලද ලංකාපුලතිසි ජීඇල් පීබී කබරල පඬුවන් ලද ලංකාවිදු සක්විති මහ ජැක්සොන් කිවියුරු කිවියන් ලද ලංකාඔබ රැකුණොත් ලෝ කුඹුවද අපහට සීත ගඟුලි ලංකා ...
[ඇනෝනිමස්] ජන මාධ්‍යයේ නපුංසක බව බ්ලොග් වලටත් ආදේශ වෙලාද? ඇනෝනිමස් ආතල් පසුගිය සතියේ සිදුවූ අතිශයින් වැදගත් සිදුවීමක් නම් ශ්‍රී ලංකා රජය ඍජුවත් ශ්‍රී ලංකා ජනතාව වක්රවත් මුහුණ දෙන දැවැන්තම ප්‍රශ්නයක් වන යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදය තුළ සිදු වූ මානව හිමිකම් බිඳීම් වලට ඍජුව සම්බන්ධ, අදාළ කතිකාව මුළුමනින්ම වෙනස් කළ හැකි ආකාරයක වැදගත්කමක් ඇති ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වීමය. පුදුමයකට මෙන් ලංකාවේ ජනමාධ්‍ය කිසිවක් මෙවන් ඡායාරූප ගැන නොදනිති. කලකට ඉහත ප්රභාකරන්ගේ ...
[ඇනෝනිමස්] සිංහ රෙජිමේන්තුවේ විශ්‍රාමික - මෙයාලු අපේ බ්ලොග් ලියනා විචාරක ඇනෝනිමස් ආතල් සයිබර් සිහින උළෙලේදී කවුදෝ කිව්වා මේ තමයි අසමි-දකිමි-සොයමි බ්ලොග් එක ලියන විචාරකතුමා කියලා. අර අපි හරි සිංහලෙන් ලිව්වෙ නැතුවාම ටිකක් මළ පනින්නෙ. අන්න එයා. මම නම් දන්නෙ නෑ. දන්න කෙනෙක් ගෙන් හරියටම අහ ගන්න එකයි ඇත්තෙ. ...
[ඇනෝනිමස්] ගහෙන් වැටුණු ඉන්දික උපශාන්තට ලක්බිම ගොනා අනියි! ඇනෝනිමස් ආතල් ලෝකය කා වතුර බොන ජාතියේ, තෙම්පරාදු වූ හොරෙකුටණය දී තවම එය ලබා ගැනීමට නොහැකිව ලත වෙන ඉන්දික උපශාන්තට 'ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක්' වැනි ලෙඩක් වැටී තිබේ. ඒ ඔහු ජිප්සීස් සුනිල් පෙරේරා ගැන ලියූ සුනිල් පෙරේරාගේ දුන්තෙල්බත් දන්සැල.... gypsies vsGypsies ලිපිය ගෙඩි පිටින් උපුටා ගන්නා ලක්බිම පුවත්පත එය වෙනත් කෙනෙකුගේ නමෙන් පළ කිරීම නිසාය. තමන්ගේ පෝස්ට් එකකට බ්ලොග් ලෝකයෙන් ...
[ඇනෝනිමස්] 'අභීත චින්තන' වැඩ පිළිවෙළ යටතේ දිළිඳු බ්ලොග්කරුවන්ට රැකියා ඇනෝනිමස් ආතල් 'අභීත චින්තන' ණය සහනාධාර ක්‍රමය යටතේ ප්රතිලාභ ලැබූ ඔබා මාමා එම සංකල්පයේ නිර්මාතෲ සත්ගුණවත් අභීත එදිරිසිංහ මැතිතුමා හා තවත් ප්‍රතිලාභීන් කිහිපදෙනකු සමඟ(නෝමෑන්වර්ණකුලසූරිය හා පචකීර්ති පලිහවඩන විසිනි)'අභීත චින්තන' නව රැකියා ප්‍රවර්ධන වැඩ පිළිවෙළ යටතේ දිළිඳු බ්ලොග්කරුවන් රාශියකට අළුතින් රැකියා අවස්ථා උදාවේ යැයි වාර්තාවේ. විශේෂයෙන්ම බුදු වන්නට හෝ සක්විති රජ වන්නට උපන් එහෙත් සමාජ ආසාධාරණය හමුවේ ඒ අවස්ථාව නොලැබී ගිය බ්ලොග්කරුවන්ට ...
[ඇනෝනිමස්] කතන්දරකාරයා අරුණි ශපීරෝගේ බ්ලොග් පෝස්ට් එකක් තීන්ත වේලෙන්නත් කලින් කොපිකර ලියා හසුවේ! (පහත බලන්න.) ඇනෝනිමස් ආතල් ටික කාලෙකට කලින් මං සන්ලයිට් සබන් ජිංගල්දෙකක් ගැන ලිව්වා මතකයි නේද?මේ තියෙන්නෙ ජිංගල් එකක් නොවුනට කතන්දරකුමාර හතේ පන්තියෙදි ඉසිපතනයට නම වැටුණු හැටි මතකයේ නොරැඳීම නිසා බුද්ධාගම උගන්නපුනන්ද හාමුදුරුවන්ගෙන් අපහාස විඳින්න වෙච්චි කාලෙ වගේ නිතර රේඩියෝ එකේ ගිය ඇඩ් එකක කොටසක්.“අපේ ළමයි නිතර ලෙඩ වෙනවා ඇයි අපේ ළමයි දුර්වල ද? නැහැ නැහැ ළමයි දුර්වල නිසා නෙමෙයි, දැන් විෂබීජ වැඩිවෙලා ඒ ...
[ඇනෝනිමස්] වර්තමාන ලාංකීය පුවත්පත් පිළිබඳව ස්වාධීන විචාරයක් ඇනෝනිමස් ආතල් අද ලංකාවේ පළවන පුවත්පත් අතුරින් ඉංග්‍රීසි පුවත්පත් සිංහල හා දෙමළ පුවත්පත් වලට වඩා හොඳයි කිව හැකිය. ඒවායින්ද විශේෂයෙන් ඉරිදා පළවන පුවත්පත් කැපී පෙනේ. විජය පුවත්පත් සමාගම විසින් පළ කරන සන්ඩේ ටයිම්ස් වැනි පුවත්පතක එහි ‘හිට් ඇඩ්’ අතිරේකයත් සමඟ ගත් කළ ලොකු වටිනාකමක් තිබේ. මේ පුවත්පතම ග්‍රෑම් 500ක් වත් බරයි. වැරදිලාවත් කකුල උඩ වැටුණොත් හෙම කකුල ඇමැට්ටි විය හැකිය. බෝතල් ...
[ඇනොනිමස්] "මම පුක හෝදන්නෙත් pH 4.25 විනාකිරි වලින්. කිසි අවුලක් නෑ." - දිවයින කර්තෘ P.H. ගාමිනී සුමනසේකර ඇනෝනිමස් ආතල් තමන් උපන් දා සිට පුක හෝදන්නේ pH අගය 4.25 සිට 5.0 දක්වා වූ විනාකිරි වලින් බවත්, එයින් කිසිම ප්‍රශ්නයක් ඇති නොවූ බවත් දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ P. H. ගාමිනී සුමනසේකර මහතා පවසයි. "ඉස්සර නම් දැවිල්ලක් තිබුණා; දැන් නම් පුකට දැනෙන්නේ වත් නැහැ" ඔහු කියා සිටියේය. තමන්ට පුක හෝදන්න pH අගය 4-5 පමණ වන විනාකිරි භාවිතා කරන්නට හැකි නම් ...
[ඇනෝනිමස්] හන්තානට පායන සඳ - රිවර්ස් ඇක්ෂන් කේස් එකක් :: A loser with a big L...! ඇනෝනිමස් ආතල් ආදරය කියූ පමණින් ස්වභාවයෙන් වෙනස් වූවක් යැයි බිය උපදවන අදහස් පැතිර යන ලෝකයක ජීවත්වෙන අනුවණ මිනිසා තම ජීවිතය ආරක්ෂා වී, දීර්ඝ වී සහ ඵලදායක වී තිබෙන්නේ සැබෑ ආදරය හඳුනාගන්නට මිනිසා සමත් වීම නිසා බව නොදනියි.සිත් ගන්නා වූවක් පමණින් යමක් ආදරය නොවේ!!!!!!!!!!!!!!!!!එසේ යැයි පෙනී යන පමණින්ද යමක් ආදරය නොවේ!!!!!!!!!!!!!!.නිදහස් යයි නම් කළත් නිදහස්ද නොවන නොමිළේ යැයි නම් කළත් නොමිළේද නොවන ...
[ඇනෝනිමස්] ෆොන්ටෙරා කිරි බී සුදු වන්නට ගිය කල්ලීගේ කතාව ඇනෝනිමස් ආතල් එකමත් එක රටක, කාලයකට ඉහත අමනදාස අමනකේසර නමින් මිනිහෙක් සිටියේය. මේ අමනදාසයාගේ රස්සාව වූයේ මොළ හෝදන එකය. තමන්ටවත් නොතේරෙන බර බර වචන දමමින් කිසිම විෂය පථයකට අයත් නැති නමුත් ආකර්ෂණීය දේවල් ගැන අමනදාසයා පොත් ලිව්වේය. දේශන පැවැත්වූයේය. අන්ධයින්ගේ රටේ එකැස් කණාත් පොරක් වන බව ඔප්පු කරමින් එමඟින් හොඳ ආදායමක් උපයා ගන්නටද සමත් විය.අනුන්ට සාර්ථක මිනිසකු වන්නට කියා දුන් නමුත් ...
[ඇනෝනිමස්] වැලි-විරු උපහාර ගීතය ඇනෝනිමස් ආතල් ඔළුව දෙබෑ කරනලුහුබැඳ වෙඩි තියනකුණුහරුපද කියනරටටම වින කරනවෙඩි තැබුමකි - දරු මරණෙකිමුළු රටේම පර සතුරෙකිඅපෙන් එකෙකි මියගිය සකිමේ හරකට පව් දහසකියෞවනයේ මේ පරයාඅපට නොහැකි දේ කරනාඅපෙන් එකෙකි මේ හරකාමේ හරකා...මී හරකා ඔළුව දෙබෑ කරන.... ...
[ඇනෝනිමස්] වැලිවේරියේ සිද්ධිය පිළිබඳව මාරයාගේ අම්මා කළ විශේෂ ප්‍රකාශය ඇනෝනිමස් ආතල් වැලිවේරියේ රතුපස්වල පසුගියදා ජල ප්‍රශ්නයක් නිසා ඇති වූ මරණ තුන සම්බන්ධයෙන්, බ්ලොග්කරුවන්ගේ දැඩි ඉල්ලීම පරිදි මාරයාගෙන් ප්‍රකාශයක් ගැනීම පිණිස ඇනෝනිමසයා දැඩි උත්සාහයක් ගත් නමුත් මාරයා මොනම අවස්ථාවකවත් දුරකථනයට පිළිතුරු නොදී සිටීම නිසා එය කළ නොහැකි විය. ඒ වෙනුවට මාරයාගේ අම්මා ඇනෝනිමසයාට කළ පහත ප්‍රකාශය මෙසේ පළ කරමු. අනේ මහත්තේලා … [හච්ච්ං! හච්චිං!] ඔය වැලිවේරියේ… මොකද්ද මන්දා හුටපටයක් [හච්ච්ං! හච්චිං!] ...
[ඇනෝනිමස්] අ. ආ. ලියන්නාගේ බ්ලොග් එකේ කුණුහරුප ලිවීම පිළිබඳ නඩුව ඇනෝනිමස් ආතල් සියළු දෙනාගේ දැන ගැනීම පිණිසයි.අ. ආ. ලියන්නා(අවජාතක ආරච්චිලාගේ ලියන්නා) තමන්ගේ බ්ලොග් එකේ නොදන්නා පිරිසක් විසින් කුණුහරුප කමෙන්ට් ලියන බවද, ඒ බ්ලොග් එකට ගොඩ වදින, කවදාවත් කුණුහරුපයක් අසා නැති වැදගත් මහත්වරුන්ට හා නෝනා මහත්වරුන්ට ඒ නිසා දරුණු සිත් තැවුලක් ඇති වී ඇති බවද, ඒ නිසාම ඒ වැදගත් මහත්වරුන් හා නෝනා මහත්වරුන් තමන්ගේ බ්ලොග් එකට නොපිවිසීමට ඉඩ ඇති නිසා කොහොමටත් වැඩි ...
[ඇනෝනිමස්] ඉළන්දාරියාට දුකේදී උදව් කළේ බ්ලොග් මාෆියාවද? ඇනෝනිමසයන්ද? ඇනෝනිමස් ආතල් ඇනෝ කමෙන්ට්කරුවන් ගැන පළවන ලිපි බ්ලොග් අවකාශයේ දුලබ නොවේ. කතන්දර සූරීහු ඇනෝලා ගැන නිතර ලියති. මේ ඉන් කිහිපයකි. මෝඩ ආතල් ඇනෝලා, මන්ද බුද්ධික ඇනෝලා සහ මානසික රෝගී ඇනෝලා - Sub-categories of Naughty Anonymous Bastards හිත් පිත් නැති බොට් ඇනෝනිමස් කමෙන්ට්කාරයින්ගෙන් බ්ලොග් ලෝකය ගලවා ගත යුතුය! - Bot Hit, Ouch, Ouch! කතන්දර බ්ලොගයට ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු ලියූ තේමා ගීතය - A theme ...
[ඇනෝනිමස්] ඔබ ඇදුරුතුමාගේ නයා දුටුවාද? ඇනෝනිමස් ආතල් ලංකාවේ ප්රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක සේවය කරන, බොදු ගොවි, රුපියල් මිලියනයකට වඩා මාසික ආදායමක් ඇති, යාම ඒම පිණිස ඉතාම නවීන පන්නයේ වාහන තුනක් ඇති ගොඩින් හා මඩින් අක්කර සියයක ඉඩකඩම් හිමි, ජර්මනියේ හා කැනඩාවේ අධ්‍යාපනය ලබා ඇති, නිතරම කාම්බෝජය, වියට්නාමය හා බැංකොක් වැනි රටවල සංචාරය කරන, මෑතකදී ආණ්ඩුවෙන් වැඩි කරන ලද පඩියකට හිමිකම් කියන ඇදුරුතුමෙකුගේ, සති කිහිපයක පටන් ආගිය අතක් ...